23/09/2020
#හොයන්නෙ_හිතට_නිවනක්ද? එහෙනම් ඇවිත් කියවපං........
එක්ටැඹක හිරකරපු
උන්මාද චිත්‍රාත් ගැබ් ගත්තනම්
කොහොමද බං
සීමා මායිම් ඇතුළෙ කෙනෙක් හිර කරන්නෙ
ආදරේ ඇතුළෙ,
හැමදේම කැපකරපු කෝවලනුත් කන්නඟී ළඟ නතර වුණානම්
කොහෙමද බං කැපකිරීම් ළඟ
ආදරේ පරිස්සම් වෙන්නෙ,
කවි ලියලා කවියෙන්ම
පෙම් කරපු දස්කොන්ටත් බැරි වුණානම් රහස් රකින්න
කොහොමද බං ආදරයක් ඇතුළෙ තව කෙනෙක් රකින්න තරමට හදවතක් පෝසත් වෙන්නෙ,
අත් පැටලිච්ච පමණින්
හිත්වල ඇතිවෙනවනම් ආදරේ
ඇයි බං මේච්චර දික්කසාද පෝළිම්වල ඉන්නෙ අම්මලා දරුවොත් වඩාගෙන,
ගැළපෙන කේන්දර දෙකකට පුළුවන්නම් හැම නොගැළපීමක්ම
හරි ගස්සන්න
ඇයි බං මෙච්චර සුළු වරදකින් වෙන්වෙච්ච අය මංගල කිංකිණි පිටුවල ඉන්නෙ,
ඇඳුම පැළදුම, ගමන බිමන, කෑම බීම කොටින්ම ඒකිගෙ/ ඒකගේ ජීවිතේ හැමදේම
පාලනෙ අතට අරගෙන ආදරයක් රැක ගන්න පුළුවන්නම් ඇයි බං හොර රහසෙ ගෑණු /පිරිමි වෙන අය ළඟ සැනසීම හොයන්නෙ,
හුස්ම ගන්න විතරක් තනි අයිතිය දීලා සුසුමක් හෙලන අයිතියත් උදුරගෙන පුළුවන්නම් හිත් පරිස්සම් කරන්න
ඇයි බං ගෑණු වෙන පිරමින්ගෙ උරේට හේත්තු වෙලා අඬන්නේ,
උපරිමෙන්ම සෙක්ස් කරලා ළඟ තියා ගන්න පුළුවන්නම් ඇයි බං මිනිස්සු වෙනසකට කිය කිය ස්පා අස්සෙ රිංගන්නෙ,
දැක්ක බං හූල්ලන ගොඩාාක් මිනිස්සු මූණු පොතේ විතරක් නෙමෙයි සැබෑ ජීවිතෙත් ඉහේ කෙස් ගානට ,
සමහරක්විට මේක උඹ කියවද්දි
උඹ බැඳලා විඳවන එකෙක් වෙන්නත් පුළුවන්
සමහරවිට කාත් කවුරුවත් නැතුව අසරණ වෙච්ච එකෙක් වෙන්නත් පුළුවන් ,
එහෙමත් නැත්තං ආදරේ කරලා විඳවන එකෙක් වෙන්නත් පුළුවන් ,
එහෙම නැත්තං අවුරුදු හතක් අටක් ලවු කරලා ඒ ආදරෙ අස්සෙ හිරවෙලා අයිති කර ගන්න බැරිව දුක් විඳිනවා වෙන්නත් පුළුවන් ,
නිකං හිතපං ඔය අවුරුදු හත අටට උඹ ඔච්චර විඳවනවානම්
සමාජෙට බයේ කසාද බැඳලා ඉතුරු ජීවිත කාලෙම කොච්චර විඳවන්න දේවල් ඉතුරු වෙනවද කියලා,
ජීවිතේ කියන්නෙම රිස්ක් එකක්,
ගනින් ඒ රිස්ක් එක බය නැතුව, තියපං අඩියක් ඉස්සරහට,
හිතපං සොබා දහමට අවනත දෙයක්,
පලයන් ජීවන ගමන උඹේම පාරක,
කාටත් ම කරදරයක් නොවී වැඳ නොවැටී කාගෙවත් ළඟ,
සමාජෙට බම්බු ගහ ගන්න කියලා මේ ලැබුණු මනුස්ස ආත්මෙ විඳපන් පට්ටෙට, මතක තියා ගනින් අද කාලේ හොයන්න බෑ රෝමියෝ ජුලියට්ලා,වීර් සාර්ලා,
ජැක් රෝස්ලා,
සාලිය අශෝකමාලලා,
ලියපං උඹේ කතාව උඹම, කාගෙවත් කතාවක චරිතයක් නොවී, මතක තියාගනින් මේක, 👍කරපන් කූඹියෙකුටවත් කරදරයක් නොවෙන විධියට, බොන්න හිතෙනවානම් බීපන්, කන්න හිතෙනවනම් කාපන්,ක්ලබ් යන්න ඕනනම් පලයන්, ටැටූ එකක් ගහන්න හිතෙනවා නම් ගහපන්,
ට්‍රැවල් කරන්න ඕනනම් ට්‍රැවල් කරපන්,ඕන එකෙක් ආස්‍රය කරපන් එ ඒ තාලෙට ඒ ඒ විධියට, සලකපන් අම්මට තාත්තාට ,තමන්ට උගන්නපු ගුරුවරුන්ට, නැති බැරි මිනිස්සුන්ට, උදවු කරපු හැම එකාටම,
කෙලින්ම කියනවනම් විඳපන් උඹගෙ තාලෙට උඹගෙ ජීවිතේ . මතක තියාගනින් මේක උඹට ලැබුණු ජීවිතේ මිසක් මෙ ලියන මගෙන්වත් අහල පහල ඉන්න එකෙක්ගෙන්වත් උඹේ යාලුවෙක්ගෙන්වත් ණයට ගත්තු එකක් නෙමෙයි,❤️
අමතක කරන්න එපා උඹ, මම වගේම උඹත් දවසක මැරෙන වග, 😌
අදහන ආගම, අදහන දෙවිවරු, විශ්වාස කරපන්🙏හැබැයි මතක තියා ගනින්, මේ කතාවෙ රචකයා උඹමයි කියලා, නැතිවුණ දේවල් නෙමෙයි, නොලැබුණ දෙවල් නෙමෙයි,තමන්ට තියෙන දේ ගැන සතුටු වෙයන්☺️. උඹ කිසිම දෙයක් නැති එකෙක් නම් මේ ලෝකෙ ගොඩාාක් මිනිස්සුන්ට නැති හදිසියෙන් එකෙක් ළඟ තියෙන උඹේ හදවත ගැන හිතලා සතුටු වෙයන් . දාහකගෙ අනුකම්පාව ගන්න නෙමෙයි එකෙක් හරි ඉරිසියා කරනවානම් ඒ ගැන හිතලා සතුටු වෙයන්💪🏿අන්තිමට ම මේ ටිකත් මතක තියා ගනින්, නෙළුම් මල පිපෙන්නෙ මඩේ කියලා👌. (මටත් කියාදුන්නෙ කෙල්ලෙක් බං) ගෙයක් දොරක් නෙමෙයි ලොකු වාහනයක් නෙමෙයි ලොකු ලොකු උපාධි නෙමෙයි,ලොකු ලොකු රස්සාවල් නෙමෙයි , උඹ උඹේ තරමට උඹට ගැළපෙන විධියට ජීවිතේ විඳපන්.
ඉන්නේ පොඩි කාලයයි.විදපන් ජිවිතේ විද වන්නේ නැතුව උබට ඔනී විදියට..හොයා ගනින් උබේ සැන සීම උබම🙏🙏
23/09/2020
✍️හැරී.......