වැදගත් ලිපි

වැදගත් ලිපි සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් පල වූ වැදගත් පුවත්පත් ලිපි
(1)

09/14/2026
නිල්  පැහැති දෑස් ඇය වසාගත්තාය... මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්ථන ආචාර්යවරියක වූ ප්...
09/14/2026

නිල් පැහැති දෑස් ඇය වසාගත්තාය...

මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්ථන ආචාර්යවරියක වූ ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 91 වැනි වියේ පසුවූ ඒ මහත්මිය, කළුබෝවිල පිහිටි සිය නිවසේදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක නර්තන ආචාර්යවරියක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ දයා නෙල්ලම්පිටිය මහත්මිය, දහස් සංඛ්‍යාත දූදරුවන්ට උඩරට නර්තන සම්ප්‍රදාය කියාදුන් විශිෂ්ට ගුරුවරියක ද වූවාය.

එමෙන්ම ප්‍රවීණ විරිදු ගායන ශිල්පී සේන ෆොන්සේකා මහතාගේ බිරිඳ වූ ඇය වර්තමානයේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ කලාකරුවන් රැසකගේම මුල් ගුරුවරිය ද වූවාය.

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ජනකලාව, ජනගී සහ නර්තන කලාව සුරක්ෂිත කරමින් අනාගත පරපුරට දායාද කිරීම උදෙසා ඇයගෙන් ඉටුවූ මෙහෙය අනුපමේය වේ.

ඒ මහත්මියගේ අවසන් කටයුතු හෙට (15) සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.

-රනිල් මුදුන්කොටුව

හේනේගම අප්පුහාමි ඔහුගේ මිතුරෙකු සමග රුවන්වැලි සෑ මළුවේ සිටින විට ළමා සාරි ඇඳගත් දැරියන් කිහිපදෙනෙකු ඔවුන් හමුවට පැමිණියා...
09/14/2026

හේනේගම අප්පුහාමි ඔහුගේ මිතුරෙකු සමග රුවන්වැලි සෑ මළුවේ සිටින විට ළමා සාරි ඇඳගත් දැරියන් කිහිපදෙනෙකු ඔවුන් හමුවට පැමිණියා. එහි සිටි වැඩිමහල් දැරියක් හේනේගම අප්පුහාමි දෙසට හැරී, “සීයේ රුවන්වැලිසෑය ඉදිකිරීමේ කටුතුවලට ආධාරයක් කරනවාදැ යි?” විමසා සිටියා. එවිට හේනේගම අප්පුහාමි, “එහෙනම් ලියාගනිල්ලකො මගෙනුත් ලක්ෂ දෙකහමාරක්” යනුවෙන් සිනාමුසු මුහුණින් පවසා සිටියා. හේනේගම අප්පුහාමිගේ වචන ඇසීමත් සමගම දැරියන් කිහිපදෙනා සිනාමුසු මුහුණින් එතනින් ඉවත්ව ගියේ දුප්පත් ගැමියෙකු ඔවුන්ට විහිළුවක් කළ බව සිතාගෙන යි. පසුව
හේනේගම අප්පුහාමි සිය චෙක්පොත ගෙන එහි රුපියල් දෙලක්ෂ පනස්දහසක් ලෙසින් සටහන් කර ආධාර එකතු කරන කමිටුව වෙත ලබාදුන්නා. එහි සිටි ප්‍රභූවරුන් පිරිස අතරින් එකම එක ප්‍රභූවරයෙකු පමණක් රුපියල් පන්දාහක් ආධාරකර තිබුණත් අනිත් ප්‍රභූවරුන් ලබා දී තිබුණේ රුපියල් 1000, 2000 වැනි ආධාරයන් පමණ යි. හේනේගම අප්පුහාමි නම් මහා දානපතියා රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් පරිත්‍යාග කිරීමේ සිද්ධිය ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පසුදින වන තුරු ප්‍රචාරය කළා. කම්කරුවෙකුගේ දිනක වැටුප ශත 5ක්ව තිබුණු එම යුගයේ හේනේගම අප්පුහාමි රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලක්ෂ දෙකහමාරක මුදලක් පරිත්‍යාග කිරීම ඉතා විශේෂ ක්‍රියාවක් බවට පත්වුණා. අදටත් රුවන්වැලිසෑය ගැන සිහිපත් කරන විට මෙම අපූරු මිනිසා ද සිහිපත් විය යුත්තේ එනිසා යි.
(1912 ජූනි 3 වැනිදා, පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ මේ ආධාරය ලබා දි තිබේ ) *උපුටනයකි

- චතුර පමුණුව

Address

402, Knowles Avenue
Santa Clara, CA
95050

Telephone

+94759906065

Website

Alerts

Be the first to know and let us send you an email when වැදගත් ලිපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to වැදගත් ලිපි:

Shortcuts

Share