NPP TEXAS

NPP TEXAS “Let the Real People Win”

05/21/2026
05/13/2026
05/13/2026

මෙරට හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026 වර්ෂය තුළ දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන රෝහල් රැසක අති නවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර (Cath Lab) 16ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

රුපියල් මිලියන 3,103ක දැවැන්ත පිරිවැයක් දරමින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ, මහනුවර සහ ගාල්ල යන ජාතික රෝහල් ත්‍රිත්වයේ මෙන්ම මඩකළපුව, රත්නපුර, බදුල්ල, යාපනය, කලුබෝවිල, අනුරාධපුර, කුරුණෑගල යන ශික්ෂණ රෝහල්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ද මෙම යන්ත්‍ර ස්ථාපිත කෙරෙනු ඇත.

​මෙම ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදනවලට අමතරව ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජයිකා (JICA) ආයතනයේ සහයෝගය ද හිමිව තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 715ක් ද, ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 1,188ක් ද, ජයිකා ආධාර යටතේ රුපියල් මිලියන 1,200ක් ද ලෙස මෙම ආයෝජනය සිදු කෙරේ.

දැනට රෝහල් පද්ධතියේ ක්‍රියාත්මක යන්ත්‍රවලට අමතරව මෙම නව යන්ත්‍ර 16 ස්ථාපිත කිරීමත් සමඟ රජයේ රෝහල් සතු මුළු හෘද කැතීටකරණ යන්ත්‍ර සංඛ්‍යාව 26 දක්වා ඉහළ යනු ඇත.

​මෙම තාක්ෂණික දියුණුවත් සමඟ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ, ස්ටෙන්ට් (Stent) ඇතුළත් කිරීම සහ පේස්මේකර් (Pacemaker) බද්ධ කිරීම වැනි අත්‍යවශ්‍ය හෘද රෝග ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව වත්මන් මට්ටමට වඩා දෙගුණයකටත් වඩා වැඩි කිරීමට අපේක්ෂිතය.

இலங்கையின் இதய நோய் சிகிச்சைத் துறையில் ஒரு விசேட மைல்கல்லைக் குறிக்கும் வகையில், 2026 ஆம் ஆண்டிற்குள் நாடு முழுவதையும் உள்ளடக்கும் வகையில் பிரதான வைத்தியசாலைகளில் அதிநவீன கத்தீட்டரைசேஷன் ஆய்வக இயந்திரங்கள் (Cath Lab) 16 ஐ நிறுவுவதற்கு சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சு நடவடிக்கை எடுத்துள்ளது.

சுமார் 3,103 மில்லியன் ரூபாய் பாரிய செலவில் முன்னெடுக்கப்படும் இந்தத் திட்டத்தின் கீழ், கொழும்பு, கண்டி மற்றும் காலி ஆகிய மூன்று தேசிய வைத்தியசாலைகளிலும், மட்டக்களப்பு, இரத்தினபுரி, பதுளை, யாழ்ப்பாணம், களுபோவில, அனுராதபுரம், குருநாகல் ஆகிய போதனா வைத்தியசாலைகளிலும், திருகோணமலை மாவட்ட பொது வைத்தியசாலையிலும் இந்த இயந்திரங்கள் நிறுவப்படவுள்ளன.

இந்தத் திட்டத்திற்காக சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சின் நிதி ஒதுக்கீடுகளுக்கு மேலதிகமாக, ஆசிய அபிவிருத்தி வங்கி (ADB) மற்றும் ஜைக்கா (JICA) நிறுவனங்களின் ஒத்துழைப்பும் கிடைத்துள்ளது. இதற்கமைய, சுகாதார அமைச்சினால் 715 மில்லியன் ரூபாயும், ஆசிய அபிவிருத்தி வங்கியின் சுகாதார அமைப்பு மேம்பாட்டுத் திட்டத்தின் கீழ் 1,188 மில்லியன் ரூபாயும், ஜைக்கா (JICA) நிதியுதவியின் கீழ் 1,200 மில்லியன் ரூபாயும் என மொத்தம் 3,103 மில்லியன் ரூபாய் முதலீடு இத்திட்டத்திற்காக மேற்கொள்ளப்படவுள்ளது.

தற்போது வைத்தியசாலை கட்டமைப்பில் செயல்படும் இயந்திரங்களுக்கு மேலதிகமாக, இந்த 16 புதிய இயந்திரங்கள் நிறுவப்படுவதன் மூலம், அரசாங்க வைத்தியசாலைகளில் உள்ள மொத்த கத்தீட்டரைசேஷன் ஆய்வக இயந்திரங்களின் எண்ணிக்கை 26 ஆக உயர்வடையும்.

இந்தத் தொழில்நுட்ப முன்னேற்றத்தின் மூலம், அஞ்ஜியோகிராம் (Angiogram) பரிசோதனைகள், ஸ்டென்ட் (Stent) பொருத்துதல் மற்றும் பேஸ்மேக்கர் (Pacemaker) பொருத்துதல் போன்ற அத்தியாவசிய இதய நோய் சிகிச்சை சேவைகளின் திறன் தற்போதைய நிலையை விட இரண்டு மடங்கிற்கும் மேலாக அதிகரிக்கப்படும் என எதிர்பார்க்கப்படுகிறது.

05/12/2026

🎓 මගෙන් මහපොළට - මහපොළෙන් දරුවන්ට 🎓

✅මහපොළ ආදි ශිෂ්‍ය ජාලය නිල වශයෙන් ආරම්භ කිරීම...

🟨 දිනය සහ අනුග්‍රහය: 2026 මැයි 12 වන දින ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිල වෙබ් ද්වාරය (Web Portal) විවෘත කිරීමට නියමිතයි.

🟨 අරමුණ: මහපොළ ශිෂ්‍යත්වලාභීන් සහ විශ්වවිද්‍යාල උපාධිධාරීන් අතර වෘත්තීය සබඳතා ශක්තිමත් කිරීම, උපදේශකත්වය (Mentorship) ලබාදීම සහ අනාගත දරු පරපුර වෙනුවෙන් දායකත්වය ලබාදීම සඳහා වේදිකාවක් සැකසීම.

🟨 සාමාජිකත්වය: මෙය ප්‍රධාන කාණ්ඩ තුනකින් සමන්විත වේ:

🔹 සාමාන්‍ය සාමාජිකයන්: මහපොළ ශිෂ්‍යත්වය ලැබූවන්.

🔹 අනුබද්ධ සාමාජිකයන්: ශිෂ්‍යත්වය නොලැබූ නමුත් දේශීය විශ්වවිද්‍යාල උපාධිධාරීන්.

🔹 ගෞරව සාමාජිකයන්: උසස් අධ්‍යාපනයට හෝ ජාතික සංවර්ධනයට විශිෂ්ට සේවාවක් කළ පුද්ගලයන්.

✅ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MHESTF)

🟨 ආරම්භය: දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පයකට අනුව 1981 අංක 66 දරන පනත මගින් පිහිටුවන ලදී.

🟨 ප්‍රතිලාභීන්: 1981 සිට 2025 දක්වා සිසුන් 450,000 කට අධික පිරිසකට ශිෂ්‍යත්ව ලබා දී ඇති අතර, දැනට 80,000 කට ආසන්න පිරිසක් මාසික ශිෂ්‍යත්ව දීමනා ලබති.

🟨 පාලන ව්‍යුහය: විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වේ.

✅ වර්තමානයේ ලංකාවේ පවතින ශිෂ්‍යාධාර ලබා දෙනු ලබන විශාලතම භාර අරමුදල වේ.

🟨 විශ්වවිද්‍යාල සහ ආයතන: කොළඹ, පේරාදෙණිය ඇතුළු සියළුම රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් තාක්ෂණික ආයතන ද මෙයට ඇතුළත් වේ.

🟨 විශ්ව විද්‍යාල සිසුන් හට මසකට රු. 10,000 ද උසස් තාක්ෂණික ආයතන සිසුන් හට රුපියල් 5,000 බැගින් ශිෂ්‍යාධාර ලබා දේ.

🟨 ශිෂ්‍යාධාර ලබන වෙනත් ආයතන: ශ්‍රී ලංකා නීති විද්‍යාලය, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය, ජාතික සමාජ සංවර්ධන ආයතනය සහ විවෘත විශ්ව විද්‍යාලය

Dear Friends,We sincerely appreciate your participation in the DFW Sri Lankan Community Event. Your involvement and supp...
05/05/2026

Dear Friends,

We sincerely appreciate your participation in the DFW Sri Lankan Community Event. Your involvement and support helped make the gathering both productive and memorable.

Thank you for being part of this important conversation. We look forward to staying connected and working together for our community and Sri Lanka.

04/28/2026

📌 Entrusted with Sacred Treasures from the President of Sri Lanka

Today, on Day 8 (April 28, 2026), marks the final day of our week-long Walk for Peace journey through this beautiful island. This afternoon (local Sri Lanka time), we were deeply honored to participate in the Closing Ceremony at Independence Square in Colombo.

During this historic event, Venerable Bhikkhu Paññākāra was formally entrusted with the Sacred Relics of the Buddha and a sacred sapling from the Jaya Sri Maha Bodhi, presented by the Honorable President of Sri Lanka, Anura Kumara Dissanayake.

These sacred treasures are powerful symbols of peace, mindfulness, loving-kindness, harmony, and wisdom—the very same values that inspired the Walk for Peace across both the United States and Sri Lanka.

This is a profoundly significant moment, sharing Sri Lanka's precious Buddhist heritage with the international community. These sacred items will travel with us to Fort Worth, Texas, where they will be available for veneration and exhibition at Huong Dao Temple during our Vesak celebration from May 2–10, 2026.

We are profoundly grateful to the President, the Government of Sri Lanka, the venerable monks of the Sri Lankan Sangha, and the warm-hearted people of this nation for this immense honor and trust. The love and devotion we have witnessed here will remain in our hearts forever.

May these sacred blessings help spread the seeds of peace across the world.

May you and all beings be well, happy and at peace. 🙏✨
Photo credit: Prabath Manjula Gunasekara

Address

Houston, TX

Website

Alerts

Be the first to know and let us send you an email when NPP TEXAS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share