21/04/2026
කටුවන, ඌරුබොකුඔය ශුද්ධ කිරීම හා ඉවුරු ඛාදන පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ඇරඹීම..👇
කටුවන ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් වූ දීර්ඝ කාලයක් තිස්සේ පැවති කටුවන ඌරුබොකු ඔය ආශ්රිත ගංවතුර තත්වයට බලපාන ඔය තුල පිහිටි බාධක ඉවත්කිරීම හා ඔය ඉවුරු පුනරුත්ථාපනය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින්
කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් ඉදිරිපත් කර ඇත.
ඒ යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය කටුවන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමාගේ මැඳිහත්වීමෙන් සිදුකරන අතර එහි මුල් අදියර යටතේ ඔයෙහි ජල ප්රවාහයට පවතින බාධක ඉවත්කිරීම සිදුකරයි. ඒ සඳහා රු. මිලියන 2.5ක පමණ මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර මේ වනවිට මුලික ප්‍රතිපාදන වෙන්කරනු ලැබ තිබේ.
එම කෙටිකාලීන විසඳුම් යටතේ ඔය ශුද්ධ කිරීමේ කටයුතු අප්‍රේල් 21 (අද) දින පෙ.ව 9.30ට කටුවන පාලම අසලදී නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.
මෙම ව්‍යාපෘතියේ කටයුතු වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මඟින් වාරිමාර්ග දෙපාර්තමේන්තු සෘජු ශ්‍රමය යටතේ යටතේ සිදුකරනු ලබයි.
ව්‍යපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමා, කටුවන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආනන්ද කුලසුන්දර මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය නියෝජනය කරන මහජන නියෝජිතයින්, හම්බන්තොට වාරිමාර්ග අධ්යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු, වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු, කටුවන ප්‍රාදේශීය ලේකම්, කටුවන පොලිස් ස්ථානාධිපති ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහ වෙළඳ සංගමයේ ගරු සභාපතිතුමා ඇතුළු සාමාජිකයින් මෙන්ම ප්‍රතිලාභී ප්‍රදේශවාසීන් සහභාගී විය.
දිඟුකාලීන විසඳුම් යටතේ ඛාදනය වී ඇති ඉවුරු පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භකිරීමට කටයුතු සිදුකෙරේ.
කටුවන වෙළඳ සංගමය හා ප්‍රදේශවාසීන් එක්ව ව්‍යාපෘති සමාරම්භය වෙනුවෙන් චාම් උත්සවයක් සංවිධානය කර තිබුණි.
ඒ වෙනුවෙන් මැදිහත් වූ කැපවූ සියලුදෙනාට අපගේ ප්‍රණාමය පුදකරමු..🙏
මෙම ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක ලෙස අවසන් කර ගැනීමට අදාළ සියලුම පාර්ශවයන්ගේ සහයෝගය මැදිහත් වීම අපේක්ෂා කෙරේ..👍