පුරවැසියා The Citizen

පුරවැසියා The Citizen To build up responsible individuals for the betterment of the motherland

කසාදෙන් පස්සේ පිරිමියා, පවුල නඩත්තු කරන මැෂිමක් විතරද?හැම කොල්ලෙක්ම කසාද බඳින්නේ ලස්සනම හීනයක් එක්ක. තමන්ගේම කියලා ආදරණී...
19/10/2025

කසාදෙන් පස්සේ පිරිමියා, පවුල නඩත්තු කරන මැෂිමක් විතරද?

හැම කොල්ලෙක්ම කසාද බඳින්නේ ලස්සනම හීනයක් එක්ක. තමන්ගේම කියලා ආදරණීය ලෝකයක් හදාගෙන, ඒ ලෝකේ රජා වගේ ජීවත් වෙන්න. ඒත් ඇත්තටම කසාදෙන් පස්සේ බහුතරයක් පිරිමින්ට වෙන්නේ ඒ හීන දැකපු කොල්ලව හිතේ කොනක හංගලා, පවුල නඩත්තු කරන මැෂිමක් වෙන්න. ආදර කතාව ඉවර වෙලා, වගකීම් කියන පොතේ පිටු පෙරළෙන්න පටන් ගන්නේ එතැන ඉඳන්.

කසාදෙට කලින් යාළුවොත් එක්ක රස්තියාදු ගහපු, තමන් ආසම දේ වෙනුවෙන් කාලය හොයාගත්තු, හිතේ හැටියට හිනා වෙච්ච එකා, කසාදෙන් පස්සෙ උදේ ඉඳන් රෑ වෙනකල් දුවන දුවවිල්ලක හිර වෙනවා. එයාගේ හීන මල්ල පැත්තකින් තියලා, බිරිඳගේ අවශ්‍යතා, දරුවන්ගේ අධ්‍යාපනය, ගෙදර වියදම් කියන බර මල්ල කරට ගන්නවා. ලෝකේ දිනන්න හිතාගෙන හිටපු එකා, මාසේ බිල් ටික ගෙවාගන්න කරන සටන ඇතුළේ අතරමං වෙනවා.

ගෙදර හැමෝගෙම සතුට හොයන මේ පිරිමියාගෙන් කවුරුහරි ඇත්තටම අහනවද "ඔයා සතුටින්ද?" කියලා? දවසම ඔෆිස් එකේ ප්‍රධානීන් එක්ක, වැඩ එක්ක ඔට්ටු වෙලා, හිතේ තියෙන පීඩනය හංගගෙන ගෙදර එනකොට, එයා බලාපොරොත්තු වෙන්නේ ආදරණීය වචනයක්, හිතට නිදහසක්. ඒත් ගොඩක් වෙලාවට එයාට අහන්න ලැබෙන්නේ ගෙදර අඩුපාඩු, කරන්න තියෙන වැඩ ලැයිස්තුවක්. තමන්ගේ ප්‍රශ්න, තමන්ගේ හිතේ තෙහෙට්ටුව කාටවත් කියන්න බැරුව, "පිරිමියෙක් නේද, ඕව දරාගන්න ඕන" කියන සමාජ සම්මතය ඇතුළේ එයා තනියම හිර වෙනවා.

දරුවෙකුට සෙල්ලම් බඩුවක් අරන් දුන්නම, බිරිඳට ලස්සන ඇඳුමක් අරන් දුන්නම ඒ මුහුණුවල තියෙන සතුට දිහා බලලා එයා තාවකාලික සතුටක් ලබනවා. ඒත් ඒ සතුට වෙනුවෙන් එයා කොච්චර දේවල් කැප කළාද, කොච්චර මහන්සි වුණාද කියලා ඒ අයට තේරෙනවද? ගහේ ගෙඩි කන අයට ගහ වවපු එකාගේ දාඩිය පේන්නෙ නෑ වගේ, එයාගේ මහන්සියෙන් ලැබෙන දේවල් හැමෝම භුක්ති විඳිද්දී, ඒ මහන්සිය පිටුපස ඉන්න මනුස්සයව ගොඩක් අයට අමතක වෙනවා.

අන්තිමේදී, එයා හැමෝගෙම අවශ්‍යතා ඉටුකරන, සල්ලි හොයන යන්ත්‍රයක් බවට පත් වෙනවා. එයාගේම ආශාවන්, එයාගේම සතුට ගැන හිතන්න වෙලාවක් නැති වෙනවා. තමන්ගේ ජීවිතේ අනුන්ගේ සතුට වෙනුවෙන්ම කැප කරලා, දවසක හැරිලා බලනකොට එයාට පේන්නේ තමන් කියලා කෙනෙක් ජීවත් වෙලා නෑ, තමන් කියන චරිතය අනුන් වෙනුවෙන් රඟපාලා විතරයි කියලා.

මේක තමයි බහුතරයක් පිරිමින්ගේ නොකියන කතාව. එයාලා හැමෝම සතුටු කරවන්න ගිහින්, තමන් සතුටු වෙන්න අමතක වෙනවා. තමන්ම ගොඩනගපු ලස්සන පවුල කියන මාලිගාව ඇතුළේ, එයා තමන්ගේම ජීවිතයේ සිරකරුවෙක් වෙලා ඉවරයි. අන්තිමට ඉතුරු වෙන්නේ තමන් ලියපු කතාවේ, තමන්ටම අමතක වුණු වීරයා විතරයි.
ලියන්නේ-විමා

ගුරුවරුන්ට පාඩමක්..
06/03/2025

ගුරුවරුන්ට පාඩමක්..

මොනරාගලින් දියවන්නාවට බුද්ධිමතුන්ගේ තේරීම.!!
01/11/2024

මොනරාගලින් දියවන්නාවට බුද්ධිමතුන්ගේ තේරීම.!!

22/09/2024

මහ පොළොවේ මිනිසුන් විසින් යක්ෂයින්ගේ සාදය නිළ වශයෙන් පෙරලා
දැමුනු බවයි.!!

මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම...
02/08/2024

මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම්භ කළ සී. ඒ. හරිස්චන්ද්‍ර මහතාගේ බොහෝ දෙනා නොදත් ජීවිත කතාවෙන් බිදක්.

සී. ඒ. හරිස්චන්ද්ර දරුවා ඉපදුණේ "මාතර සිටුවරයා ලෙස එකල හැඳින්වුණු ඕදිරිස් සිල්වාගේ හතර වැනි පුත්රයා විදියට. කර්නල් සී. ඒ. ධර්මපාල මේ හරිස්වන්ද්රගේ තවත් සහෝදරයෙක්.

සිටුවර තාත්තා හරිස්චන්ද්‍ර දරුවා ඉගැනුමට යැව්වේ මාතර ශාන්ත තෝමස් විද්යාලයට. ඉන් පස්සේ හරිස්චන්ද්‍ර ධර්මපාල සහෝදරයන් දෙදෙනා ම කොළඹ නාලන්දා විද්යාලයට ඇතුළු කළා.

හරිස්චන්ද්ර දරුවා තුළ ව්යාපාරියකු වීමේ කිසි ම ලකුණක් තිබුණේ නැහැ. ඔහු පොත් කියවීමට දැඩි සේ නැඹුරු වුණු නිහඩ ළමයෙක්. ඇත්තටම අග හිඟකම් දුක් වේදනා හරිස්චන්ද්ර ශිෂ්යයාගේ ළමා වියට කිසිදු සම්බන්ධකමක් නෑ.

හරිස්චන්ද්ර ශිෂ්‍යයා නාලන්දෙන් කොළඹ යුනිවසිටි කොලීජියට ඇතුළු වුණා. පොත පතේම ගැලී සිටි ශිෂ්යයා යුනිවසිටි කොලීජියට තේරීම පුදුමයක් නෙමෙයි. ඔහු ඉගෙන ගත්තේ ආර්ථික විද්යාව. දාස් ගුප්ත නැමැති ඉන්දියන් ගුරුවරයා මේ ශිෂ්යයාට දවසක් මෙහෙම කිව්වා.

" හරිස්චන්ද්ර..... මෙහෙන් පිට වෙලා ගිහින් අනිත් අය වගේ රස්සාවකට යන්න එපා. ඔයාට හරියන්නෙ ව්යාපාර ලෝකය. ඒ අඩි පාරේ යන්න."

හරිශ්චන්ද්ර ශිෂ්යයාට මේ වචන හරි ම ප්රහේළිකාවක්. තාත්තා විශාල ව්යාපාරිකයෙක් වුණත් වෙළෙඳාම ගැන මේ තරුණයා තුළ කිසිම අදහසක් ආසාවක් තිබුණේ නෑ. නමුත් දාස් ගුප්ත ආචාර්යවරයාගේ වචන කීපය හරිස්චන්ද්ර තරුණයාගේ ජීවිතය වෙනස් කළා. 1938දි යුනිවසිටි කොලීජියේ ඉගෙනුම අවසන් කළ හරිස්චන්ද්ර තරුණයා ආපහු මාතර මහගෙදරට ආවා. ඒ වෙළෙදාම් කරන්න හිතාගෙන.

ඒ වන විට මාතර බ්රෝඩ්වේ සිනමාහලත් එහිම තිබු පොත්හලත් අයිතිව තිබුණේ හරිස්චන්ද්‍රගේ තාත්තට. පොත පතේම ගැලී සිටි පුතාට සිනමාහලත් පොත් සාප්පුවත් භාරදීම සුදුසුම දෙය බැව් තාත්තා කල්පනා කළා.

දැන් සී. ඒ. හරිස්චන්ද්ර,සිනමා හලේ සහ පොත් සාප්පුවේ කළමනාකරු. පරණ පුරුද්ද අත් හැරුණෙ නෑ. හරින්ද්ර සාප්පුවේ තියෙන පොත් කියවන්න පටන් ගත්තා.

එක දවසක් සාරියකින් හැඩ වැඩ වුණ මනා පෙනුමැති යුවතියක් පොත් සාප්පුවට ගොඩ වුණා. මේ තරුණිය හරිස්චන්ද්ර තරුණයාගේ සිත විදුලියක් වගෙ සසල කළා. මේ විදියට දෙතුන් විටක් ම පොත් ගන්න ආපු මේ යුවතියත් හරිස්චන්ද්රත් අතර ආධ්යාත්මික සබඳතාවක් ගොඩනැගෙන්න පටන් ගත්තා.

ඇය ගුරුවරියක්. නම කොන්දේර්ලියා හාන්ති. මේ සබඳතාව හරිස්චන්ද්ර පවුල් ඒකකය තුළ විශාල අර්බුදයක් මතු කළා.

"ඔය කසාදෙට ඉඩ දෙන්න බෑ."

සිටුවර තාත්තත් සහෝදර සහෝදරියනුත් හරිශ්චන්ද්රට විරුද්ධ වුණා.

"කමක් නෑ.. මං මේ යුවතිය කසාද බදිනවා."

හරිස්චන්ද්ර තරුණයාගේ ඉරණමේ පළමු කොටස තීන්දු කළේ දාස් ගුප්ත ගුරුවරයා. ඔහුගේ ඉරණම දෙවන වරට වෙනස් කළේ පොත් සාප්පුවේ දී මුණ ගැසුණු මේ පාසල් ගුරුතුමිය විසිනුයි. හරිස්චන්ද්ර තනි තීන්දුවෙන් ගුරුවරිය කසාද බැන්දා. සිටුවර පියාගෙන් හා මහගෙදරින් ලැබිය යුතු ධනස්කන්ධය අත් හැරල දැම්මා.

ඔහුගේ විවාහ ජීවිතය ඇරඹුණේ කිසි දු වත්කමක් නැති හිස් පසුම්බියකින්. මේ ඉඩම් ඔප්පුව තියලා සල්ලි අරං ඔයා මොනව හරි දෙයක් පටන් ගන්න."

දස අතේ කල්පනා කරමින් සිටි සැමියා අතට හාන්ති බිරිද තමන් සතු ඉඩම් ඔප්පුව දුන්නා. ඒ ඔප්පුව හරිස්චන්ද්ර රු. 500කට උගස් කළා. ඔහු ජීවිතය නැවත පටන් ගත්තේ රුපියල් පන්සීයෙන්. කුඩා වී අඹරන යන්ත්රයක් මිලට ගත් හරි මාතර නගරයේ දෙමළ කඩයක් පිටුපස කුඩා තැනක වී මෝලක් පටන් ගත්තා. වී බුසලක් කොටන්න ඔහු අය කළේ ශත දෙකයි. ව්යාපාරය නරක නෑ. මේ අතර තවත් අයෙක් වී මෝලක් පටන් ගත්තා. එතන වී බුසලක් කොටන අය කළේ ශතය යි. හරිස්චන්ද්ර වී මෝල බලා ඉඳිද්දී වැටෙන්න පටන් ගත්තා.

"නමුත් මම ශතේට වී කොටන්නෙ නෑ. මගේ ගාන ශත දෙක ම තමයි."

මෙන්න මේ කාලෙදි තමයි දෙවන ලෝක යුද්ධය පටන් ගත්තේ. යුද්දේ නිසා හාල්වලට ලොකු ඉල්ලුමක් ආවා. ආණ්ඩුව හාල් මෝලින් මිල ගණන් කැඳෙව්වා. ටෙන්ඩර් කතා කළේ සුද්දෙක්. අනෙක් හාල් මෝල් හිමියන් බොහෝ දෙනකුට නැති සුදුසුකමක් හරිස්චන්ද්රට තිබුණා. ඒ තමයි ඉංග්රීසි දැනුම. හරිස්චන්ද්ර සුදු නිලධාරියත් එක්ක කතා කළා. සුද්ද ඇවිත් හරිස්චන්ද්රගෙ වී මෝලෙන් වී කොටවල අල්ලට අරං පරිකෂා කළා. ටෙන්ඩරේ හම්බ වුණේ හරිස්චන්ද්රට. එතැන් සිට ආණ්ඩුවට හාල් සපයන දකුණේ ප්රධාන කොන්ත්රාත්කරු වුණේ හරිස්චන්ද්ර. කොළඹ හාල් වෙළෙඳ පොළේ නො.1ට වැටුණේ හරිස්චන්ද්ර හාල්. ඒ එක්ක ම ආණ්ඩුවට අවශ්ය දැව කොන්ත්රාත්තුවකුත් ලැබුණේ හරිස්චන්ද්රටමයි.

දැන් ව්යාපාරය ලොකුයි. මාතර බංගලාවත්ත අයිති ව තිබුණේ තමන්ගේ සහෝදරයා වන කර්නල් සී. ඒ. ධර්මපාලට. හරිශ්චන්ද්ර සිය සහෝදරයාගෙන් ඉඩම මුදල් දී අරගත්තා. අදත් හරිස්චන්ද්ර කර්මාන්තායතනය තියෙන්නේ ඒ ඉඩමෙ.

අලුත් දේවල් සොයා යාමේ ආශාවක් හරිශ්චන්ද්ර මහත්මයාගේ හිත තුළ තිබුණා. ඒකට හුඟක් ම බලපෑවේ පොතපත කියවීම. ටයිම්ස්, නිවිස්වීක් වගේ සඟරා තැපෑලෙන් ගෙන්වාගෙන කියවීමේ පුරුද්දක් ඔහු තුළ තිබුණා. ලෝකයේ කාර්මීකරණය, යන්ත්ර සූත්ර දියුණුව කෙතරම් දැයි මේ ඉංග්රීසි දොර කවුළු අතරින් ඔහුට පෙනුණා.

කුරක්කන් පිටි හෝර්ලික්ස් බෝතල්වල බහා විකිණිම ඔහු ආරම්භ කළේ 1953 දී. නමුත් කුරක්කන්වල වැලි සහමුලින් ම ඉවත් කිරිම අමාරු දෙයක් වුණා. මේ අතරේ කොළඹ ජපන් වෙළඳ භාණ්ඩ ප්රදර්ශනයක් පැවැත්වුණා. හරිශ්චන්ද්ර මහත්තයා ඒ ප්රදර්ශනයෙන් පෙනේරයක් මිලට ගත්තා. පෙනේරයක් කිව්වට ඒක වැලි හලන රැයිසියක් වගේ එකක්. කෙටූ කුරක්කන් පිටි මේ රැයිසිය වගේ යන්ත්රයෙන් හැලුව. එක වැලි කැටයක් නැති ව හොද පිටි ඉතිරි වුණා.

මේ විදියට කුරක්කන්, උඳු, මිරිස්, කෝපි, ගම්මිරිස් වගේ කුඩු කරපු ද්රව්ය හරිස්චන්ද්ර නමින් වෙළඳපොලට එන්න පටන් ගත්තා. සතුන්ගේ ඇටකටු කොටා ඒ පොහොර ගොවීන් කීප දෙනකුට දීලා හරිශ්චන්ද්ර මහත්තය අස්වැන්නේ වෙනස බැලුවා. ගෙරිකටු පොහොර හරිශ්චන්ද්ර නමින් වෙළෙඳ පොළට ගියේ ඉන් පස්සේ. හරිස්චන්ද්ර තවත් අහදාබැලීම් කළා. සිප්පි කටු කුඩු කරලා කුකුළු කෑම හැදුවා. තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය මේ කුකුළු කෑම මිලට ගත්තා. ඒ පාර කොප්පරා මෝලක් දැම්මා. දවසට පොල් තෙල් බවුසර් හතරක් කොළඹ වරායට යවන තරමට කොප්පරා මෝල දියුණු වුණා.

මේ වන විට ලංකාවේ සබන් වෙළෙඳාම තිබුණෙත් විදේශීය කොම්පනියක් අතේ. හරිශ්චන්ද්ර මහත්තයා කොප්පරා මෝලෙන් ඉතුරු වෙන තෙල් වලින් සබන් හදන්න පටන් ගත්තා. ඒ 1962 අවුරුද්දේ. සල්බාර් සබන් තාමත් මිනිස්සුන්ට මතක යි. කුමාරි, සමන්, නාමල් ආදී සුවඳ සබන් ඒ ඔක්කොම හරිශ්චන්ද්ර සබන්.

එච්. ආර්. ජෝතිපාල මේ වන විට තරමක ජනප්රිය ගායකයෙක්. හරිශ්චන්ද්ර මහත්තයා ජෝතිපාල තමන් අතට ගත්තා. පඩිය රු.800 යි. ජෝතිපාලට තිබුණේ හරිශ්චන්ද්ර වෑන් එකේ නැගල ගිහින් තැනින් තැනදි ලවුඩ්ස්පිකරයෙන් සිංදු කියන එක විතරයි. තරුණ ගෑනු ළමයි වෑන් එක වටේ පිරෙන්න පටන් ගත්තා. හරිශ්චන්ද්ර සුවද සබන් රට පුරා ගියේ ඒ විදියටයි.

ඔබට මතක ද එක කාලයක් තිබුණා ගස් යට වැටෙන රබර් ඇට ගෝනි ගණනින් මිලට ගත්තු යුගයක්. එදා රබර් ඇට මිලට ගත්තේ හරිස්චන්ද්ර මහත්තයා. රබර් ඇට මදේ හින්දවල තෙල් ගත්තා. ඒවා සායම් වර්ග හදන පිටරට කොම්පැනියකට යැව්වා. ඉතිරි වන මද කුකුළු කෑම බවට පත් කරලා මේ රටේ බෙදා හැරියා. ඔහු හැම විට ම කලේ ඒ වගේ දේවල්.

"කිසිම දෙයක් නාස්ති කරන්න එපා."

ඔහුගේ ව්යාපාරික ලෝකයේ එක් ආදර්ශ පාඨයක් වුයේ එය යි.

ගමන් යන අතරෙ දී ආනමාළු කෙසෙල් ගෙඩි කෑම ඔහුගේ පුරුද්දක්. ඉතිරි වන ලෙලි ඔහු පාරට විසි කළේ නැහැ. ඒවා වාහනයේ පැත්තකින් තබාගත්තා. අතරමග දී හරකෙක් දුටු විට වාහනය නවතා ආනමාළු කෙසෙල් ලෙලි ඔකොම හරකට දෙනවා. ඒක ඔහු කිසිවක් නාස්ති කරන්න එපා කියන ආදර්ශ පාඨය අනුව කළ දෙයක්.

දස දිසාවගෙන් ගලා එන උල්පත්වලින් පොකුණක් පිරෙන්න වගේ හරිශ්චන්ද්ර සමාගමට ආදායම් ගලා එන්න පටන් ගත්තා. දවසක් හරිශ්චන්ද්ර මහත්තයා තමන්ගේ පැරණිම සේවකයකු වු පීරිස්ට කතා කලා.

''පීරිස්.. දැන් අපිට සල්ලි වැඩි යි.''

පීරිස් විස්මිත වුණා, සල්ලි වැඩියි කියන ව්යාපාරිකයෙක් කොහෙද ඉන්නේ.

"පීරිස් අපි අපේ සේවකයන්ට බෝනස් දෙකක් දෙමු."

වැඩි සල්ලි තමන්ගේ මඩියේ තර කරගන්නවා වෙනුවට හරිශ්චන්ද්ර මහත්තයා 750ක් වූ තම සේවකයන්ට අවුරුද්දකට බෝනස් හතර දක්වා වැඩි කළා. මේ සා විශාල ආයතනයක් වුවත් පිළිගත් විශ්වවිද්යාලයකින් උපාධිය ලැබු එකම ඉංජිනේරුවෙක්වත් ඔහු ළඟ සේවයට ගෙන තිබුණේ නෑ. හරිශ්චන්ද්ර මහත්තයගේ එකම ඉංජිනේරුවා වුයේ ඉස්කෝලේ පහට වත් නොගිය කොණ්ඩ බැදපු උදේනිස්. උන්නැහේට යන්ත්ර සූත්ර විෂයෙහි අසාමාන්ය දැනුමක් තිබුණා.

උදේනිස් වයසට ගියෙත් මිය ගියෙත් හරිශ්චන්ද්ර එකේදිම යි. අතපය බැරි වෙන කොට හරිශ්චන්ද්ර මහත්තයා තම ඉංජිනේරුවාට ආයතනය ඇතුළේ කාමරයක් දුන්නා.

"උදේනිස් වැඩ කරන්න ඕන නෑ. විවේකෙන් ඉන්න." උදේනිස්ට මැරෙන තුරුම පඩිය ලැබුණා.

සේවක අර්ථ සාධක ක්රමය රජය විසින් හදුන්වා දුන්නේ 1958 දී. නමුත් හරිශ්චන්ද්ර මහත්තයා තමන්ගේ සේවකයන්ට අර්ථ සාධක දෙන්න පටන් ගත්තේ 1953 දී.

උපරිම පඩි ගෙවන්න. උපරිම විදියට වැඩ කරන්න.

ඒ හරිශ්චන්ද්ර මහත්තයගේ දෙවන තුන් වන ආදර්ශ පාඨ දෙක. ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ විදියට ලැබුණු වැටුප පමණයි ඔහු අතට ගත්තෙ. පඩි ගන්න ශත 10 මුද්දරේටත් ඔහුගේ වැටුපෙන් ශත දහයක් අඩු කරන්නැයි ඔහු උපදෙස් දීලා තිබුණා.

එස්. කේ. වික්රමසිංහ, පිලිප් ගුණවර්ධන, එන්. එම්. පෙරේරා, බර්නාඩ් සොයිසා වැනි දේශපාලන කෘතහස්තයන් ඔහුගේ මිතුරන් වුණා. ලංකා බැංකුවේ අධ්යක්ෂ ධුරය ලංගම අධ්යක්ෂ ධුරය තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ සභාපතිකම වැනි තනතුරු ඔහු වෙත ගලා ආවා.

එලෙස ව්යාපාරික ලෝකයේ මුදුන් තැනක සිටිය ද තනතුරු කොතෙක් ලැබුණ ද මිල මුදල් කෙතරම් තිබුණ ද යස ඉසුරු භුක්ති විදීමේ අශාවක් ඔහු තුළ තිබුණෙ නෑ.

ඔහුට තිබුණේ සුදු අත් කොට කමිස 4 ක් සුදු ඩ්රිල් කලිසම් 4 ක් පමණ යි. ඔහුගේ ජීවිතය කෙතරම් සරල දැයි දැනගන්නට එය හොද උදාහරණයක්.

ජීවිතයේ අවසාන භාගයේ ඔහු ඔත්පලව ඇඳට වැටුණා. කෑම රුචිය වඩවනු පිනිස බ්රැන්ඩි හැන්දක් දෙකක් දෙන්නැයි දොස්තර උපදෙස් ලැබුණා.

" ජීවිත කාලයේ ම අරන් ආපු ප්රතිපත්තියක් මරණයට බයේ කඩන්නෙ මොකටෙයි, මට බ්රැන්ඩි හැන්දක්වත් එපා." 1985දි මේ අල්පේච්ඡතාවෙන් යුත් සිටුවරයා ජයවර්ධනපුර රෝහලේ දී අවසන් හුස්ම හෙලුවා.

බැංකු කටයුතු, චෙක්පත් අත්සන් කිරිම් ලියකියවිලි, මුණ ගැසෙන්නට එන අමුත්තන් ආදී දහසක් කටයුතු අතරේ ඔහු අත් නොහළ එක් දෙයක් තිබුණා. ඒ තමයි පොත් කියවීම.

ඔහුට සිටියේ දූවරුන් ම හතර දෙනෙක් පමණ යි. කමලා, විත්රා, පද්මිණි, සහ මාලනී පද්ම ප්රභා. ඔහු මේ දූවරුන් හතරදෙනාගෙ කාමර හතර පිරෙව්වේ ඇස කණ පිනවන විච්චූරණ භාණ්ඩවලින් හෝ රත්තරන් බඩුවලින් හරි නෙමෙයි. පොත්වලින්. කාමර හතරට ම පොත් රාක්ක හතරක් පිර වු මේ තාත්තගෙන් දූවරු හතර දෙනාට ලැබුණු ලොකු ම දායාදය වුයේ උගත්කම නැමැති මිල කළ නොහැකි දායාදය යි.

ඔහුගේ ජීවිත කතාවෙන් ගත හැකි ආදර්ශ මිල කල නොහැකිය.නැවත නැවත කියවා අවධාරණය කර ගත යුතු කරුනු මතක තබා ගනිමින් ඒවා ඔබේ සාර්ථකත්වයට උපයෝගී කර ගැනීම වටී.

උපුටා ගැනීම : දුක දිනා ජය ගත් මිනිස්සු
චන්ද්රසිරි දොඩන්ගොඩ
දිවයින කර්තෘ මණ්ඩලය

30/09/2023

පෑයුවත් නැතත් ඉර
හෙටත් නුඹ දකිනවා..
එක හිතින් මුළු රෑම
සුවෙන් මම නිදනවා..
පාට පාටින් උදේ
මලක් හද සිඹිනවා..
සුබ මොහොත විඳගන්න
නුඹත් මග බලනවා..

දිනක් දෙදොහක් නොවේ
සති ගනන් ගතවෙලා..
සියොළඟ නිවා නුඹ
සිහිල් සුලඟක් වෙලා..
විඳින්නට බදා නුඹ
හිතක් මග බලනවා..
සඳුදා වෙනකල් නුඹත්
පැය ගනන් කරනවා..

උන් හිටිගමන් දිනෙක
නිල් මැණික් රතුවෙලා..
කොළ හැලෙන්නත් කලින්..
වසන්තය ගෙන ගියා..
හෙටත් ආයෙම වරක්
කොරිඩෝවෙ නැවතිලා..
උස තීරු කවුළුවෙන්
තවම නුඹ සොයනවා..

ඇහැට නුඹ නොලැබුනත්
හිතට නුඹ ඉන්නවා..
ගෙවෙන හැම මොහොතකම
ඔයා මට දැනෙනවා..
කල් ගතවුනත් දිනෙක
මගෙ සවන් සනසලා..
මාත් එනකං ඉන්න
කියයි මට හිතෙනවා..

බෙදාගත් පුංචි ඉඩ
ආදරේ අතුරලා..
හැඟුම් නවතමි කෙලෙස
අයිතියෙන් ඉරි ගසා..
මියැදෙමින් ඉන්න හිත
පෙර දමනු වලළලා..
හොඳින් දැයි අසන් මැණික..
මට ආයෙ අමතලා..

ගිය වසරේ ඔබ සාර්ථක වුණාද ?උපාධියක් ගත්තද ?රැකියාවක් තියනවද ?පඩිය කීයද ?ලෝකය ඔබව දන්නවද ?මේ අද ලෝකය ඔබව මනින නිර්ණායක කීප...
01/01/2023

ගිය වසරේ ඔබ සාර්ථක වුණාද ?

උපාධියක් ගත්තද ?
රැකියාවක් තියනවද ?
පඩිය කීයද ?
ලෝකය ඔබව දන්නවද ?

මේ අද ලෝකය ඔබව මනින නිර්ණායක කීපයක්..

ගිය අවුරුද්දේ,
කෝටි ගණන් සල්ලි හොයපු,
උපාධි පිට උපාධි ගත්ත,
Social media වල followers ලා මිලියන ගණන් හිටපු සමහරුත් සියදිවි නසාගත්තා..

ඒත් කුඹුරු අක්කර ගණන් පාළු වුණ,
එදා වේල කාගන්නවත් බැරි වුණ,
අට වසරෙන් එහාට ඉගෙන නොගත්ත,
ෆෝන් එකක් අල්ලලාවත් නැති,
සමහර මිනිස්සු තාමත් ජීවිතේ එක්ක හරි හරියට ඔට්ටු වෙනවා..

ලෝකෙම ප්‍රසිද්ධ මහා චරිත පොඩි දේටත් කඩා වැටෙද්දි,
කවුරුවත් නොදන්න ඈත ගම්වල මිනිස්සු ජීවිතේ තේරුම් අරන් තාමත් හුස්ම ගන්නවා..

ඉතින් හැමෝම වගේ මං ඔබට කිරියෙන්, පැණියෙන් ඉතිරෙන්න කියලා පතන්නේ නෑ..

මං ඔබට පතන්නේ ලෝකයේ නිර්ණායක වලට කොටු නොවී, ජීවිතය ඔබේම විදිහට දිනන්න ලැබෙන්න කියලයි..

ලෝකයම තරඟෙට දුවද්දි,
නැවතිලා ඉන්න තරම් හයිය ලැබෙන්න කියලයි..

වැටෙන හැම සැරේකම ආයෙමත් නැගිටින්න ලැබෙන්න කියලයි..

මිනිස්සු දාලා යද්දි,
නොසැලී ඉන්න තරම් ශක්තියක් ලැබෙන්න කියලයි..

උපාධි, රැකියා, ප්‍රසිද්ධිය යනු සාර්ථකත්වය මනින නිර්ණායක නොවන බව තේරුම් ගන්න ලැබෙන්න කියලයි..

මේ කොයි පැතුමත් ඉෂ්ට නොවී ජීවිතය අන්තෙටම කඩා වැටුනොත් එදාට,

මේ පින්තූරයේ වගේ කඩා වැටුන ජීවිතය මත ඉඳන් වුණත්,

සින්දුවක් අහමින්, දුමක් දාන්න තරම් හයිය හිතක් අළුත් අවුරුද්දේ ඔබට ලැබෙන්න කියලයි..!

ප.ලි. - මේ, ජීවිතය කඩා වැටුන බොහෝ අවස්ථාවල මා නැගිට්ටවූ ඡායාරූපය යි. සිරියාවේ යුධ වාර්තාකරුවෙකු අතින් ඡායාරූපයට නැගුණු මේ මහළු මිනිසා සිටින්නේ තමන්ගේ නිවසේ සුන්බුන් ⁣මතයි. එතැන සිට ග්‍රැමෆෝන් එකකින් ගීතයක් අසමින්, පයිප්පයකින් දුම් බොමින් සිටීමට තරම් ජීවිතය ගැන ⁣ඔහුට තිබූ අවබෝධයට සහ නොසැලෙන හයිය හිතට මම අතිශයින්ම ලෝබ වෙමි..!

- ඉෂාන් ජනිත් දිසානායක -

 #හකුරු_හදන්නාගේ_කථාව(වත්මන් ගුරු භූමිකාව)එකෝමත් එක රටක හකුරු හදන්නෙක් හිටියා. රජතුමා දවසක් මේ හකුරු හදන්නාගේ හකුරු කාලා...
08/12/2022

#හකුරු_හදන්නාගේ_කථාව
(වත්මන් ගුරු භූමිකාව)
එකෝමත් එක රටක හකුරු හදන්නෙක් හිටියා. රජතුමා දවසක් මේ හකුරු හදන්නාගේ හකුරු කාලා බොහොම සතුටට පත් උනා. මේ තරම් රසට කොහොමද හකුරු හදන්නේ? රජතුමා හකුරු හදන්නා ගෙන්වා ඇහැව්වා. _"උඩට උඩුවියන්-පයට පාවඩ දාලා බොහොම පිරිසිදුවයි මේ හකුරු හදන්නේ"_ පිලිතුර දුන්නේ හකුරු හදන්නා. දිනක් රජතුමා හොරරහසේම ගියා හකුරු හදන විධිය බලන්න. දහධිය, දැලිකුණු පෙරාගෙන ඔහු හකුරු හදන විධිය දැක්ක රජතුමා විමසුවා _"මෙහෙමද හකුරු හදන්නේ කියලා?"_ ඔහු කීවා _"කරන කොට මෙහෙමයි කියන කොට එහෙමයි රජතුමනි"_ කියලා . ඒ අපි කවුරුත් දන්න පරණ Version එක.

අලුත් Version එකේදී හකුරු කාපු රජතුමා මහ ඇමතිට පවරනවා ඒ හකුරු හදන විධිය හොයා බලා වාර්තාවක් දෙන්න කියලා, මහ ඇමති ඒ කාර්යය පවරනවා ප්‍රාදේශීය පාලකවරයාට. ඔහු ඒ කාර්යය පවරනවා ගම්ප්‍රධානියාට. ගම්ප්‍රධානියා ඒ කාර්යය තවත් නියෝජිතයකුට පවරනවා. ඒ නියෝජිතයා හකුරු හදන්නා කැදවනවා. හකුරු හදන විධිය ගැන වාර්තාවක් වහාම හදලා දෙන්න. මේක රාජ අණ, ඔහු අණ දෙනවා. හකුරු හදන්නා සියළු වැඩ නවතා වාර්තාවක් හදලා දෙනවා. නියෝජිත ඒ වාර්තාව තමන්ගෙ විධියට වෙනස් කරලා ගම්ප්‍රධානියාට දෙනවා. ගම්ප්‍රධානියා එය තමන් හැදූ විධියට වෙනස් කරලා ප්‍රාදේශීය පාලකට දෙනවා. ප්‍රාදේශීය පාලක ඒ වාර්තාව වෙනස් කරලා මහ ඇමතිට දෙනවා. මහ ඇමති තමන් හැදූ විධියට වෙනස් කරලා රජතුමාට දෙනවා. රජතුමා බොහෝ සතුටු වී තවත් වරප්‍රසාද ලබා දී කියනවා _" හකුරු නිශ්පාදනය වැඩි කරන්නේ කොහොමද කියලා හොයලා බලලා වාර්තාවක් දෙන්න"_ කියලා. නැවතත් පෙර ක්‍රියාදාමය සිදු වෙනවා. හකුරු හදන්නාගේ වැඩ තවත් වැඩි වෙනවා. හකුරු නිශ්පාදනය වැඩි කිරීමේ ක්‍රමවේද පිළිබඳ හොඳ වාර්තාවක් රජතුමාට ලැබෙනවා. රජතුමා තවත් සතුටු වෙනවා. ඔහුට අවශ්‍ය සියළු ප්‍රතිපාදන ලබා දෙනවා. හකුරු නිශ්පාදනය වැඩි උනාම ඒවා විදේශ රටවලට අලවි කිරීමට හැකි වේවි. ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්න. රජතුමා නැවත මහ ඇමතිට පවරනවා. ලැබුනු ප්‍රතිපාදන වලින් ඉතා සුළු ප්‍රමාණයක් ප්‍රාදේශීය පාලකට ලබා දී ඔහු ඒ කාර්යය පෙර පරිදි ප්‍රාදේශීය පාලකයාටත් අනුපිළිවෙලින් ගම්ප්‍රධානියාටත්, නියෝජිතයාටත් අවසානයේ එය සැදීමේ වගකීම හකුරු හදන්නාටත් පැවරෙනවා. හකුරු හදන්නා හකුරු සැදීම සම්පූර්ණයෙන් නවතා වාර්තා සෑදීම කරනවා. අවසානයේ රටේ හකුරු හිගයක් ඇති වෙනවා. හකුරු නිශ්පාදනය අඩාල වීමට හේතු සොයා බලා වාර්තාවක් කැදවන්න, නැවත රජතුමා පවරනවා. තාමත් හකුරු හදන්නා හකුරු හදන්නෙ නැතුව විවිධ වාර්තා හදනවා. මහ ඇමතිගේ සිට සියළු නිලධාරීන් වාර්තා වලින් ලාබ ලබනවා.

ලංකාවේ අධයාපන ක්‍රියාවලියත් මේ වගේ. අතීතයේ ගුරුවරුන්ට තිබුනේ තමන්ගෙ ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම් කරගෙන උගන්වන්න විතරයි. ඔවුන් ඒ කාර්යය ඉතා හොඳන් ඉටු කරා. ඒ විතරක් නෙවෙයි අමතර කාලය අරගෙන සිසුන්ට ගුණධර්ම, විනයගරැක බව වටහා දුන්නා. සදාචාරසම්පන්න ගුණගරුක පිරිසක් රටට දායාද කරා. හරියට හකුරු හදන්නා හදපු රස හකුරු වගේ. විවිධ වාර්තා, තොරතුරු, ප්‍රමිති, තක්සේරු කිරීම්, ඇගයීම් වාර්තා, ව්‍යාපෘති, මේ වගේ තවත් බොහොමයක් වැඩ පැවරීම් නිසා ඉගැන්වීම් ක්‍රියාවලිය නතර කරලා වාර්තා පිළියෙල කරන්න මේ වෙද්දී ගුරුවරුන්ට සිදුවෙලා. හකුරු සෑදීම නතර උනා වගේ පාසැල් වල ඉගැන්වීම් කටයුතු අඩාල උනා, ප්‍රතිථලය සිසුන් පෞද්ගලික පංති වලින් අධ්‍යාපනය ලැබීමට පෙළබීම. මොකුත් වාර්තා තැබීම් නැතිව ඉගැන්වීම් පමණක් සිදු කරන නිසා පාසැල් ගුරුවරුන් පවා පෞද්ගලික පංති වල *"හොදට"* උගන්වනවා. හේතුව අනවශ්‍ය බාධා කිරීම් නැහැ. නමුත් මේ කිසිවක් වටහා නොගත් අධ්‍යාපන බළධාරීන් තව තවත් වාර්තා, තොරතුරු ලබා දීමට ගුරුවරුන්ට අණ කරනවා. උසස් පෙළ සිසුන් පාසැල් ගමන *"නතර කලා"* ⁣මෙන් සාමාන්‍ය පෙළ සිසුන් ද පාසැල් ගමන නතර කරනු ඇත. එවිට සාමාන්‍ය පෙළ සිසුන් පාසැල් නොපැමිණීමට හේතු සොයා බලා වාර්තාවක් ලබා දීමට අධ්‍යාපන බළධාරීන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරනු ඇත. ඔවුන් එය විදුහල්පතිවරුන්ට පවරනු ඇත. විදුහල්පතිවරුන් එය වහා සිදු කරන්න යැයි ගුරුවරුන්ට පවරනු ඇත. ලංකාවේ අධ්‍යාපනය මුළුමනින්ම බිද වැටී ගියද ගුරුවරුන්ට දිගින් දිගටම වාර්තා පිළියෙල කිරීමට සිදුවනු ඇත. එපමණක් නොව *"පාසැලේ උගන්වන්නේ නැත"* යන සමාජ අපවාදයටද ලක්වනු ඇත.

කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න පලමු පොයින්ට් 30ට  රු 8.00 බැගින් මුලික ගාස්තුව රු 120 ඒකට එකතුවෙනවා. ඒ කීවෙ පොයින්ට් එකය...
02/12/2022

කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න පලමු පොයින්ට් 30ට රු 8.00 බැගින් මුලික ගාස්තුව රු 120 ඒකට එකතුවෙනවා. ඒ කීවෙ පොයින්ට් එකයි නම් පවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි. පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි, පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි නමුත් 60 පැන්නොත් ගාන සැරයි . පොයින්ට් එකක් 16යි මූලික ගාන 360යි එනිසා අපි බලමු පොයින්ට් 60කට ගාන 240+(8×30)+(10×30)= රු 780 යි. 60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු, 360+(61×16)=360+976=රු1336 යි දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි පලමු 30ට 8ගානෙ දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි. එනිසා 60න් පාත බිල තියාගන්න උත්සහ කරන්න 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ. 91සිට 180 දක්වා එක පොයින්ට් එකකට 50 අයකෙරේ ස්තාවර ගාස්තුව රු 960 ක්වෙ.
අපි පොයින්ට් 150 කදි බිල බලමු එවිට 90 දක්වා පොයින්ට් එකකට් 16 ගානෙ අයකෙරේ 61 සිට 90 දක්වා තිබු ස්තාවර ගාස්තුව 360 වෙනුවට 90 න් පසු 180 දක්වා සතාවර ගාස්තුව වන 960 එකතුවේ පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි point150=(90×16)+(60×50)+960 ලෙස වේ. 90 පැන්නම 91 සිට ස්තාවර ගාස්තුව රු 960යි පොයින්ට් 180 සිට ඉදිරියට ස්තාවර ගාස්තුව රු 1500යි එක පොයින්ට් එකකට 75යි උදාහරනයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත් 90 දක්වා රු 16 ගානෙ 180 දක්වා රු 50 ගානෙ 180න් පසු ඉතිරි 20ට 75 ගනනෙ අයකරනවා බාවිතා කර ඇති පොයින්ට් ගානනට අදාල ස්තාවර ගාස්තුව එකතු වෙනවා
1500+(90x16)+(90x50)+(20x75) =8940

එමනිසා වොට් ගාන වැඩි උපකරන බාවිතය අඩු කරන්න
මේ පෝස්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුනා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා විදුලිය මනින්නෙ volt, Amp,wots කියනඒවගෙන් වෝල්ට්×ඇම්පියර් =වොට්ස් වෙනවා එවිට අපි බාවිත කරන උපකරනවල wots ගාන සදහන් කරලා තියෙනවා උදාහරනයකට 100w බල්බ් එකක් ගමු මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා එවිට 1000wh වෙනවා ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ඒකට තමයි පොයින්ට් එකක් කියන්නෙ එවිට ඔබට තේ රෙනවා 1000w හීටර්,අයන් වගේ ඒවා පැයක් බාවිත කලාම පොයින්ට් එකක් යනවා 10w LED බල්බ් එකක් පාවිච්චි කලොත් කිලෝ වොට් පැය එකක් වෙන්න පැය 100 ක් යන්න ඕනෙ එනිසා වොට් අගය වැඩි උපකරන බාවිත කරනවිට ටිකක් කල්පනාවෙන් බාවිතා කරන්න

Copied

26/05/2022

බොරු කීම නිසා උපදින ගැහැණු ?
=====================

🔹ස්ත්‍රීයක්ව හෝ පුරුෂයෙක්ව ඉපදීම (මනුෂ්‍යාත්මභාවයක්) ලැබීම අතිශය දුර්ලභ කාරණයකි. ධම්ම පදයේ බුද්ධ වග්ගයේ 4 වැනි ගාථාවෙ " කිච්ඡො මනුස්ස පටිලාභො " යනුවෙන් එය දක්වා ඇත. පැරණි සංස්කෘත කාව්‍යයක එය සඳහන්ව ඇත්තේ "නරත්වං දුර්ලභං ලෝකේ " යනුවෙනි.

🔹 ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන්නේ සත්වයකුගේ උපතේ මුල් ම අවස්ථාවේදී ය. ස්ත්‍රී පුරුෂ එක්වීමකින් මාතෘ ගර්භයක කලලයක් හටගනී. ඒ කලලයට ගන්ධබ්බයෙක් එළඹෙයි. මේ කරුණු තුන සම්පූර්ණ වූ විට මවුකුසක දරුවකු පිළිසිඳ ගනී. ඒ ඒ අවස්ථාවේදී ම කාය | භාව | වස්තු දශක තුන ඇතිවෙයි. කාය යනු ශරීරය යි. භාව යනු ස්ත්‍රී භාවය හෝ පුරුෂභාවය හෝ පිහිටීම යි. වස්තු නම් හදය වස්තුව යි.

🔹ස්ත්‍රියක ගේ හෝ පුරුෂයෙකු ගේ උස් පහත් බව මැනීමට නිර්ණායකයක් බුදුදහමේ ඉදිරිපත් කොට නැත. මිනිසුන් උස් පහත් වන්නේ ක්‍රියාවෙන් මිස ලිංග බේදය අනුව නොවේ.

🔹ස්ත්‍රීන් පහත් ලෙස සැලකූවේ බමුණු දහමෙහි ය. ඔවුන් කාන්තාවන් හැඳින්වූයේ ද්වංගුලපඤ්ඤා ( අඟල් දෙකේ නුවණ) යනුවෙනි.

🔹 ඇතැම් ස්ත්‍රියක් පුරුෂයකුට වඩා ශ්‍රේෂ්ඨ විය හැකි බව බුදු දහමේ සඳහන් වේ. (කෝසල සංයුත්තය - ධීතු සූත්‍රය)

🔹 සෑම විටකදීම පුරුෂයාම පණ්ඩිත නොවන බවත්. විචක්ෂණ බුද්ධියෙන් යුක්ත අවස්ථාවෝචිතව ක්‍රියා කරන කාන්තාවන් ද පණ්ඩිත බවත් සඳහන් වේ.

නසෝ සබ්බේසු ඨානෙසු - පුරිසො හෝති පණ්ඩිතා
ඉත්තිපි පණ්ඩිතා හොන්ති - තක්ඛ තක්ඛ විචක්ඛණා

🔹පුරුෂයන්ට නැති ස්ත්‍රීන්ට පමණක් ආවේණික ආර්තවය, ගැබ් ගැනීම ආදී වූ දුක් ඇත. ( අංගුත්තර නිකාය | ආවේණික දුක්ඛ සුත්‍රය ) එසේ වීමට පුරාණ කර්ම හේතු සාධක විය හැකිය.

🔹 පරමාර්ථ වශයෙන් බලන කල සත්වයා යනු සංස්කාර පුඤ්ජයන් ය. එහි ස්ත්‍රී පුරුෂත්වයක් නැත. සිත සමාධිගතව සතිය පවතින කල්හි ධර්මය අවබෝධ කරගත් තැනැත්තාට ස්ත්‍රී පූරුෂ භාවයෙන් පලක් නැත. ( සංයුක්ත නිකාය - සෝමා සූත්‍රය )

🔹 බ්‍රහ්ම ලෝකයන්හි පුරුෂ නිමිත්ත හෝ ස්ත්‍රී නිමිත්ත හෝ නැත. එහෙත් බ්‍රහ්මත්වය පුරුෂාර්ථ වාචීව ව්‍යවහාර කෙරේ. බ්‍රහ්ම ලෝකයක ඉපදීමට ස්ත්‍රීත්වය බාධාවක් ද නො වේ. කාන්තාවක් වුව ද ධ්‍යාන උපදවාගෙන ධ්‍යානය නො පිරිහී මරණයට පත්වුවහොත් ඊළඟට උපදින්නේ ලබාගත් ධ්‍යානයට අනුකූලව බ්‍රහ්ම ලෝකයක ය.

🔹බුදුන් වහන්සේ සියල්ල සිදුවන්නේ කර්මය නිසා යැයි කොතනකවත් දේශනා කොට නොමැත. උන්වහන්සේ පුබ්බේකත හේතුවාදය (සියල්ල කර්මයෙන් සිදුවේය යන අදහස) ප්‍රතික්ෂේප කළා පමණක් නොව පුබ්බේකත හේතුවාදය, මිථ්‍යා දෘෂ්ටියක් බව දේශනා කොට ඇත. ( අංගුත්තර නිකාය - මහා තිත්ථායතන සූත්‍රය)

🔹ජිවිත කාලෙයෙහිම අකුසල් කරමින් ජීවත් වන්නෙකු සුගතිගාමී විය හැකි සේම ජීවිත කාලයේම කුසල් වැඩූවෙකු අපායගාමී විය හැකි බව තම නුවණින් දකිනා බව බුදුන් වහන්සේ දේශනා කොට ඇත. ( මජ්ඣිම නිකාය - මහා කම්මවිභං සූත්‍රය )

🔹 කර්මය යනු බුදුවරුන්ට පමණක් පරිපූර්ණ වශයෙන් ගෝචර වන, පෘතග්ජනයන්ට සිතා කෙළවර කළ නොහැකි අචින්ත්‍ය විෂයයකි. එම නිසා මෙසේ කිරීමෙන් මෙසේ වේ යැයි නිෂ්චිතව කිව හැක්කේ බුදුන් වහන්සේ නමකට පමණි.

බොරු කියනා පුද්ගලයන්ට ලැබෙන්නේ ගැහැණු දරුවන් නම් කර්මය නියති වාදයක් විය යුතුය. නියති වාදය බුදු දහමේ ප්‍රතික්ෂේප වන්නකි. බුදු දහම හේතුඵල දහමකි. එබැවින් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු ය.

===============
සොනාල ගුණවර්ධන

 #මැයි_06_වෙනිදා_හර්තාලය+++++++++++++++++++++++හර්තාලයක් යනු කුමක්ද? ඒ සදහා පොදු නිර්ණායක තිබේ දැයි දන්නේ නැත. නමුත් එය ...
04/05/2022

#මැයි_06_වෙනිදා_හර්තාලය
+++++++++++++++++++++++
හර්තාලයක් යනු කුමක්ද? ඒ සදහා පොදු නිර්ණායක තිබේ දැයි දන්නේ නැත. නමුත් එය වෘත්තීය සමිතිවලින් ඔබ්බට ගිය දේශපාලනික ක්‍රියාවලියක් බව පැහැදිලිය. ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුව විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයකට එරෙහිව මහජනයා පාරට බැස විරෝධය පළ කිරීමක් ලෙස දැක්විය හැක. 1953 හර්තාලයේ දී එහි ස්වභාවය කොල්වින් ආර්. ද සිල්වා ප්‍රකාශ කර තිබුනේ සිංහල – දෙමළ අලුත් අවුරුදු උත්සවය තුළ ඇති නොනගත කාල සීමාව අනුගමනය කිරීමට සමාන විය යුතු බවය. එනම් එය සියලු වැඩ අත්හැර නිවෙස්වලට වී කාලය ගත කිරීමක් විය යුතු බවය. එනම් ඉතාමත්ම සන්සුන් සහ ප්‍රචණ්ඩකාරී නොවන විරෝධය දැක්වීමේ ක්‍රමය විය. නමුත් බොහෝ පැවති හා ඉදිරියට පවත්වනු ලබන හර්තාල ද එසේ වන්නේ නැත.
'හර්තාලයක්' යනු මහජන විරෝධයන් ඒකරාශී කිරීමකි. ආණ්ඩුව විසින් යමක් ක්‍රියාත්මක කරන මට්ටමට ගෙන ඒම, ආණ්ඩුවේ තීරණයක් වෙනස් කිරීම මතු නොව ආණ්ඩුවක් මුළුමනින්ම වෙනස් කිරීම පවා එකට එක්වූ ජන ව්‍යාපාරයකට කළ හැකි බව පෙන්වීමට මෙය ජනතාවට අවස්ථාවකි. මෙම ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍යයෙන්ම විරෝධය පෑමකි. වැඩබිම්, කාර්යාල, වෙළඳ සැල්, උසාවි හා ප්‍රවාහනය යනාදිය පූර්ණ වශයෙන්ම අකර්මණ්‍ය කිරීමකි.
රටපුරා විවිධ අවස්ථාවල හර්තාල් ඇති වී ඇති අතර මෑත කාලයේ උතුරු නැගෙනහිර පලාත්වල යාපනය විශ්ව විද්‍යාලයේ විරු ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව පැවති හර්තාලය හා පුත්තලමේ කසල අංගනය ඉදිකිරීමට එරෙහිව පැවති හර්තාලය හදුනාගත හැක. හර්තාලයක් පැහැදිලිවම වැඩවර්ජනයෙන් ඔබ්බට යන අතර වැඩවර්ජනය හර්තාලයක එක් කොටසක් පමණකි. වැඩවර්ජනයක් සදහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශය වැනි නිශ්චිත සේවාවන්ට අයත් පුද්ගල කණ්ඩායම් සහභාගී වන අතර හර්තාලයක ඊට වඩා බොහෝ පුලුල් ජන සහභාගිත්වයක් සහිත රට පුරා ව්‍යාප්ත වූ ව්‍යාපාරයක් විය යුතුය. මේ සදහා වෘත්තීය සමිතිවලට වඩා බොහෝ හැකියාවක් දේශපාලන පක්ෂවලට ඇත. මනා ලෙස කළමණාකරනය කර ගන්නේ නම් රට තුළ මේවන විට ඇති වී ඇති තත්වය හර්තාලයක් සදහා සුදුසු පසු බිමකි. විදේශ විනිමය සංචිත හිගය, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගය, අධික බඩු මිල, ප්‍රවාහන ගාස්තු ඉහළයාම හා රාජ්‍ය දූෂණය හා භීෂණය සමස්ත ජනයා හර්තාලයක් කරා යොමු කර ඇත. එබැවින් හර්තාලය දැනෙන සුළු ව්‍යාපාරයකි. එය ලංකාව කෙරෙහි දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට යොමු කිරීමට සමත් ව්‍යාපාරයකි.
අප්‍රියෙල් 28 පැවති සංකේත වැඩවර්ජනය ඉතා සාර්ථක එකකි. හර්තාලයක් සිදු කිරීමට පෙර දින 3ක වැඩවර්ජනයක් සංවිධානය කළේ නම් මැනවැයි මට පුද්ගලික ව සිතේ. මන්ද එක් දින හර්තාලයක් කිසිසේත් ප්‍රායෝගික නොවන අතර හර්තාලයක් කිසිවකුගේ පාලනයකින් තොර දින ගණනක් ඇදී යා හැකි සංකීර්ණ හා අවධානම් සහගත විරෝධතාවයකි. 28 වෙනිදා වැඩවර්ජනය වැඩවර්ජනයකින් ඔබ්බට ගොස් තිබූ අතර බොහෝ නගරවල ජනතාව කඩ සාප්පු වසමින් වර්ජනයට සහාය දක්වා තිබිණ.
හර්තාලයක් සදහා කම්කරුවන්, ලිපිකරුවන්, ගුරුවරුන්, ගොවින්, සිසුන්, නිලධාරින්, කාන්තාවන්, ආගමික නායකයන් කිසිදු භේදයකින් තොරව එක්විය යුතුය. කම්හලේ, ගොවිබිමේ, වැඩපොළේ, පාසැල්, සරසවිය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි පිරිස් අතර සැලසුම් සහගත ලෙසින් විරෝධතා ව්‍යාපාර පැන නැඟිය යුතුය. මහා මාර්ග හා දුම්රිය මාර්ග වසා දැමීම, නගර සම්පූර්ණයෙන් ම වසා දැමීම, වර්ජන, පෙළපාළි, සත්‍යග්‍රහ, උද්ඝෝෂණ, උපවාස ඇරඹිම සිදු විය යුතුය. කෙටියෙන් ම අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම සේවාවන් ඇණහිටිය යුතුය.
හර්තාලයක් දැළි පිහියෙන් කිරි කෑමකි. රැස්වීමේ හා අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති අතර වැඩවර්ජනය කිරීමේඅයිතිය 1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත මගින් තහවුරු කර ඇත. එසේම වැඩවර්ජනය සිවිල් වගකීම් වලින් බැහැර කර ඇත. නමුත් හර්තාලයක් සදහා අයිතිවාසිකම් ලැබෙන නීතියක් ඇති දැයි නොදනිමි. මන්ද හර්තාලයක් නිසැකවම සිවිල් නීති කඩකිරීමෙන් ඔබ්බට යන්නකි. දැනටමත් ජනතාව මහා මාර්ග අවහිර කිරීම, පොදු හා පෞද්ගලික දේපලවලට පහරදීම, ගිනි තැබීම ප්‍රාදේශීයව හා අසංවිධානාත්මකව සිදු කරයි. මේවා අපරාධමය ස්වරූපයේ වැරදිය. හර්තාලය මින් පෙර පැවති විරෝධතාවලටත් වඩා ප්‍රචණ්ඩකාරී විරෝධතාවයක් බවට පත්වේ. මහා මාර්ග අවහිර කිරීම, දුම්රිය මාර්ග ගැලවීම, වසා නොදමන ලද ආයතනවලට පහරදීම, රථ වාහන වලට පහරදීම, පොදු දේපල විනාශ කිරීම වැනි විනාශකාරී පියවර සදහා නායකත්වයක මෙහෙයවීම රහිත ජනතාව යොමු විය හැකිය. හර්තාලය කිසි විටෙක එක් දිනයයකින් අවසන් වන්නේ ද නැත. හර්තාලය ප්‍රකාශ කරන තරම් පහසුවෙන් හර්තාලය අවසන් කිරීමට හැකි වන්නේ නැත. එසේම ජනතාව මර්ධනය කිරීමේ අරමුණින්ම ජනයා ප්‍රකෝප කිරීමටත්, ප්‍රචන්ඩත්වයට යොමු කිරීමටත් රජය විසින්ම උත්සාහ කිරීමට ඉඩ ඇත. හර්තාලය දික් ගැස්සෙන විට ජනතාව අතරත් ජනතාව හා ආරක්ෂක අංශ අතරත් ගැටුම් ඇතිවීම හා මර්ධනය සිදුවීම අනිවාර්යය. වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන සිදු වනු ඇත. හදිසි නීතිය හා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව රජයට ලැබෙනු ඇත. රජයට ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මර්ධනයට ද මෙය අවස්ථාවකි. අනිවර්යයෙන්ම විපක්ෂ දේශපාලඥයන් හා වෘත්තීය සමිති නායකයන් මර්ධනය කිරීමට ඔවුන් අත්වඩංගුවට ගෙන දීර්ඝකාලීනව රදවා තැබීමට, ඔවුන්ට එරෙහිව අපරාධ නඩු ගොණු කිරීමට ද මෙය අවස්ථාවක් කර ගැනීමට ඉඩ ඇත. මෙය දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති තහනම් කිරීම දක්වා වුව ව්‍යාප්ත විය හැක. එබැවින් හැකි තරම් දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගැනීමටත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ උපදෙස් ලබා ගැනීමටත් වෘත්තීය සමිති නායකයන් උනන්දු විය යුතුය. අරගලය සාර්ථක වුවහොත් මෙම පාලාකයන් ගෙදර යැවීමට මෙම හර්තාලය ම ප්‍රමානවත්ය එසේ නොමැති උවහොත් හර්තාලය මෙම අරගලයේ තීරණාත්මක අවසානය වනු ඇත. එබැවින් හර්තාලය ඉතා සාමකාමීව පැවැත්වීමට සියළුම නායකයන් වගබලාගත යුතුය.
====මංගල සුභසිංහ===

Address

Monaragala Road
Wellawaya Town
91200

Website

Alerts

Be the first to know and let us send you an email when පුරවැසියා The Citizen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share