02/10/2025
ශ්‍රී ලංකාවේ පළමු වතාවට අවපැහැයට පත් වුන පිළිම වහන්සේලා තැන්පත් කිරිමේ ස්ථාන 52ක් වැලිගමින්....
🗓️ ඔක්තොම්බර් 06 වන පෝය දින
🕓 පස්වරු 04 ට
📍ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේදී
අප ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි...
අප නොදැන මෙතුවක් කාලයක්ම අප විසින් වැලිගම පුරවරයේ දී අවතැන් කරවු, අවපැහැයට පත් වුන කැඩුණු බිදුණු බුදුපිළිම වහන්සේලා වැලිගම ගස් මුල් යටින් ඉවත්කර,වැලිගම සමස්ත නිවස් වලින් හා ව්‍යාපාර ස්ථානවලින් ද එම පිළිම වහන්සේලා එකතුකර, නිසි ගෞරවයක් ගෙන දෙන පරිදි එම පිළිම වහන්සේලා ආදාහනය සිදු කිරීමට සුදනම්ව පවතී.
එමෙන්ම වැලිගම සමස්ථ භූමියෙන්ම දැනට දමා ඇති අවපැහැයට පත් වුණ කැඩුණු බිදුණු පිළිම වහන්සේලා වැලිගම භූමියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමද සිදු කරනු ඇත.
ඔබත් එදිනට ඔබට නිවසේ ඇති අව පැහැයට පත්වුණු කැඩුණු බිඳුනු පිළිම වහන්සේලා රැගෙන වරදින් නිවරදි වන්නට,මෙම උතුම් කාර්‍යය සඳහා බැති සිතින් සහභාගී වන්න