Pradeshiya Sabha- Uhana

Pradeshiya Sabha- Uhana උහන ප්‍රාදේශීය සභාව

උහන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් "සභාව ගමට" යන තේමාව යටතේ උහන ප්‍රාදේශිය සභාව මඟින් වැඩසටහන් දියත් කර ...
13/03/2026

උහන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් "සභාව ගමට" යන තේමාව යටතේ උහන ප්‍රාදේශිය සභාව මඟින් වැඩසටහන් දියත් කර ඇත. එහි ආරම්භක වැඩසටහන වළගම්පුර ග්‍රාම සේවා වසහ කේන්ද්‍ර කර ගනිමින් 2026.03.12 වන දින පෙ.ව. 9.00 ශ්‍රී ⁣නිකේත ජිනචක්‍ර විහාරස්ථානයේදී පවත්වනු ලැබිය. ඒ සඳහා දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් කමිටු සභාපති ගරු ප්‍රියන්ත විජේරත්න මැතිතුමා, අම්පාර මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, උහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය, උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිවරුන්, ගරු සභාපතිතුමා ඇතුලු මන්ත්‍රී මණ්ඩලය හා ⁣ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය මේ සඳහා සහභාගි විය.

එදින සිදු කරන ලද වැඩසටහන්,

1. සෞඛ්‍ය වැඩසටහන්

බෝ නොවන රෝග පිලිබද වැඩසටහන
සුවනාරි වැඩසටහන
පවුල් සංවිධාන සම්බන්ධ වැඩසටහන
දන්ත සායනය

2. වලගම්පුර ග්‍රාමයේ ඉඩම් ගැටළු හදුනාගෙන විසදුම් ලබා දීම
3. වලගම්පුර විද්‍යාලයේ දරු දැරියන් සඳහා දන්ත සායනයක් පැවැත්විම
4. වලගම්පුර විද්‍යාලයේ දරු දැරියන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීම.

උහන ප්‍රාදේශීය සභාවේ මුලිකත්වයෙන් උහන කොට්ඨාසයේ රජයේ ආයතන සියලු ආරක්ෂක අංශ හා පෞද්ගලික ආයතන මෙන්ම වෙළඳ සංගමය ද ඒකාබද්ධ ක...
12/03/2026

උහන ප්‍රාදේශීය සභාවේ මුලිකත්වයෙන් උහන කොට්ඨාසයේ රජයේ ආයතන සියලු ආරක්ෂක අංශ හා පෞද්ගලික ආයතන මෙන්ම වෙළඳ සංගමය ද ඒකාබද්ධ කර ගනිමින් කරනු ලබන 2026 වර්ෂයේ අවුරුදු උත්සවය හා වෙසක් උත්සවය පැවැත්වීමේ ප්‍රථම සාකච්ඡාව 2026.02.27 වන දින උහන ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදි පවැත්වීය.

10/03/2026

උහන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් "සභාව ගමට" යන තේමාව යටතේ උහන ප්‍රාදේශිය සභාව මඟින් වැඩසටහන් දියත් කර ඇත. එහි ආරම්භක වැඩසටහන වළගම්පුර ග්‍රාම සේවා වසහ කේන්ද්‍ර කර ගනිමින් 2026.03.12 වන දින පෙ.ව. 9.00 ට ආරම්භ කරනු ඇත.

එදින වැඩසටහන් ලෙස,

1. සෞඛ්‍ය වැඩසටහන්

බෝ නොවන රෝග පිලිබද වැඩසටහන
සුවනාරි වැඩසටහන
පවුල් සංවිධාන සම්බන්ධ වැඩසටහන
දන්ත සායනය

2. වලගම්පුර ග්‍රාමයේ ඉඩම් ගැටළු හදුනාගෙන විසදුම් ලබා දීම
3. වලගම්පුර විද්‍යාලයේ දරු දැරියන් සඳහා දන්ත සායනයක් පැවැත්විම
4. වලගම්පුර විද්‍යාලයේ දරු දැරියන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීම.

උහන ප්‍රාදේශීය සභාවට අයත් උහන පොදු වෙළඳ සංකීර්ණයේ කඩ කාමර අංක 04, 09, 10, 11  සඳහා ටෙන්ඩර්පත් කැඳවනු ලැබේ.
10/02/2026

උහන ප්‍රාදේශීය සභාවට අයත් උහන පොදු වෙළඳ සංකීර්ණයේ කඩ කාමර අංක 04, 09, 10, 11 සඳහා ටෙන්ඩර්පත් කැඳවනු ලැබේ.

උහන ප්‍රාදේශීය සභාවට අයත් වෑරැන්කැටගොඩ කඩ කාමර අංක 12 ටෙන්ඩර් පත් කැඳවනු ලැබේ.
10/02/2026

උහන ප්‍රාදේශීය සභාවට අයත් වෑරැන්කැටගොඩ කඩ කාමර අංක 12 ටෙන්ඩර් පත් කැඳවනු ලැබේ.

"නිකසල පුරයක් සුවබර දිවියක්" පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදින වැඩසටහන යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආවරණය 2026.01.0...
09/01/2026

"නිකසල පුරයක් සුවබර දිවියක්" පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදින වැඩසටහන යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආවරණය 2026.01.09 වන දින උහන පොලිස් ස්ථානයේ නිලධාරින් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් උහන නගරය ආවරණය වන පරිදි සිදු කිරීම.

"නිකසල පුරයක් සුවබර දිනයක්" පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහනට සමගාමීව 2026.01.08 වන දින අධ්‍යාපන ආය...
08/01/2026

"නිකසල පුරයක් සුවබර දිනයක්" පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහනට සමගාමීව 2026.01.08 වන දින අධ්‍යාපන ආයතන ආවරණය කරමින් ඩෙංගු මර්දන වැඩසටහන අම්/උහන ජාතික පාසල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනි. ඒ සඳහා සම්බන්ධ වු උහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුමා ඇතුලු කාර්ය මණ්ඩලයත් ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුලු කාර්ය මණඩලයත් අම්/උහන ජාතික පාසලේ විදුහල්පතිතුමා, ගුරු භවතුන් ඇතුලු දරු දැරියන්ටත් ස්තූතියි.

07/01/2026
"නිකසල පුරයක් සුවබර දිවියක්"  පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහනට සමගාමීව උහන ප්‍රාදේශීය සභාව මඟින් ප...
07/01/2026

"නිකසල පුරයක් සුවබර දිවියක්" පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහනට සමගාමීව උහන ප්‍රාදේශීය සභාව මඟින් ප්‍රජා මට්ටමේ ඩෙංගු මර්දන වැඩසටහන 2026.01.07 වන දින උහන පොලිසිය හා උහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් සමඟ උහන නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි.

උහන ප්‍රාදේශීය සභාවේ 2026 නව වර්ෂයේ රාජකාරි ඇරඹීම.
01/01/2026

උහන ප්‍රාදේශීය සභාවේ 2026 නව වර්ෂයේ රාජකාරි ඇරඹීම.

පළාත් පාලන ආයතන වල ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා කාර්යය සාධනය මත පදනම් වු ප්‍රාග්ධන ප්‍රදාන ලබා දීම 2025 වර්ෂයට අදාලව  (...
09/12/2025

පළාත් පාලන ආයතන වල ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා කාර්යය සාධනය මත පදනම් වු ප්‍රාග්ධන ප්‍රදාන ලබා දීම 2025 වර්ෂයට අදාලව (Generating incone through creating a market for local producut) "දේශීය නිෂ්පාදන සදහා වෙළඳපොලක් නිර්මාණය කිරිම තුලින් ආදායම් උත්පාදනය කිරිම" (මිලියන 15) ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියන්ත විජේරත්න මැතිතුමා, වෙළඳ සංගමයේ සභාපතිතුමා ඇතුලු පිරිස මෙන්ම ගරු සභාපතිතුමා ඇතුලු මන්ත්‍රි මණ්ඩලය සහ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය මේ සඳහා සම්බන්ධ විය.

ජාතික කියවීමේ මාසය 2025 වැඩසටහනට සමගාමීව "පුනරුදයක් සඳහා කියවමු" යන තේමාව යටතේ උහන ප්‍රාදේශීය සභාව මඟින් උහන සරණ ළමා නිව...
07/11/2025

ජාතික කියවීමේ මාසය 2025 වැඩසටහනට සමගාමීව "පුනරුදයක් සඳහා කියවමු" යන තේමාව යටතේ උහන ප්‍රාදේශීය සභාව මඟින් උහන සරණ ළමා නිවාසයේ දරු දැරියන් සඳහා පවත්වන ලද වැඩසටහන.

මේ සඳහා දායක වු හා සම්බන්ධ වු උහන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ස්තුතියි.

Address

Uhana Town, Ampara
Uhana
32060

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15
Saturday 08:30 - 12:30

Telephone

+94632250355

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeshiya Sabha- Uhana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pradeshiya Sabha- Uhana:

Share