Lunugamvehera National Park

Lunugamvehera National Park The national park is an important habitat for water birds and elephants.

Lunugamvehera National Park in Sri Lanka was declared in 1995, with the intention of protecting the catchment area of the Lunugamvehera reservoir and wildlife of the area.

01/08/2021

World Ranger Day 2021
යාල විවෘත කළ දිනම
මේතරම් වනසතුන් දුටුවේ ඇයි?

අද ජුලි 31 වැනිදා ය.නැතිනම් ලෝක වන අඩවි ආරක්ෂකවරැන්ගේ දිනයයි.(World Ranger Day)
වනජීවීයේ ද විරැවෝ සිටිති.ඔව්හූ වනසතුන් රැකීමට දිවා රෑ වෙහෙසෙති.සිය ජීවිතවලින් ද වන්දි ගෙවති.මේ ඔවුන්ට පුංචි මල් මිටක් දෙන එහෙත් විසල් අරැතක් තිබෙන කතාවකි.

යාල ජාතික වනෝද්‍යානයේ පසුගිය දා දේශීය සංචාරකයන්ට විවෘත කෙරිණී.එලෙස නිල වශයෙන් විවෘත වූ පළමු දිනම පූදූමය දනවන ආකාරයේ සතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් ඡායාරෑපයට නැගීමට දේශිය සංචාරකයන්ට හැකියාව ලැබිණී
එදින වනෝද්‍යානය තුළට ගිය ඇතැම් සෆාරි ජිප් රථ රියැදුරන් මේ ලියුම්කරැට කියා සිටියේ කොටි පහක් හෝරා කිහිපයක් තුළ දැක්ක බවකි.සමහරැන්ගේ එම සංඛ්‍යාව සයකි.තවත් සමහරැ කියා සිටියේ කොටි කිඹූල් ගැටුම පිළිබඳ ය.තවත් සමහරැ කීවේ අප්‍රකට මගක කොටි මවක හා පැටවූන් දුටු බවකි.
එම පුදුමය දනවන සත්ත්ව පින්තුර එදිනම මුහුණූ පොතේ ද පළව තිබූ බව ඔබට ද මතක ඇතැයි සිතමි.

"යාල එහෙම තමයි...."
බොහෝ අය එහෙම සිතු බවද රහසක් නොවේ.
"මාර සයිටින්ස් නේද අද යන් ද ගිහින් එන්න." සමහරැ ලියුම්කරැගෙන් ද විමසා සිටියහ.

එහෙත් එලෙස වන සතුන් විවෘත වූ පළමූ දිනම සුලබව දැකීම පවසන්නේ වෙනම කතාවකි.
එය වැටහෙන අය වනජීවී ක්ශත්‍රයේ ද ඉතාම විරල බව ද කිව යුතුව තිබේ.සාමාන්‍යයෙන් වනාන්තරවල වන සතුන් පවසන කතාවක් ඇත.වනාන්තරවල නිබඳව සවිඤාණිකව ගමන් ගන්නා අය මෙය දනිති.
වනාන්තරයක් තුළ දඩයම් හෝ වෙනත් අනවසර
ක්‍රියා තදින් සිදුවෙන බව දැන ගැනීමට දඩයක්කරැවන් දැකීම හෝ වෙඩි ශබ්ද ඇසීම අවශ්‍ය නොවේ.එහි සරන සතුන්ගෙන් ද එය දක්ෂයකුට දැන ගත හැකි කරැණකි.
එනම් වෙනදා දකින වනසතුන් දකින්නට නැත්නම් හෝ ඔවුන් සංචාරකයන් දුටු විගස වේගයෙන් දිව යන්නේ නම් ඉන් ගම්‍යවන්නේ වන උයන තුළ අනවසර මානව ක්‍රියාකාරකමක් සිදු වෙන බවකි.දිවා කාලයට අමතරව රාත්‍රී කාලයෙත් වන සතුන් සංචාරකයන් ගමන් කරන මාර්ගවල ඇවිදිම සිදු වී නැත්නම් ඉන් ගම්‍යවන්නේ අනවසර මානව ක්‍රියාකාරකම් වනෝද්‍යානය තුළ ඉතාම ඉහළ මට්ටමක පවතින බවකි.
සාමාන්‍යයෙන් බොහෝ වනෝද්‍යාන තුළ මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් පවති.සමහර වනෝද්‍යාන තුළ සම්පුර්ණයෙන්ම දක්නට ඇත්තේ මෙවැනි තත්ත්ව බව අකමැත්තෙන් වුව කිව යුතු දේයකි.
විල්පත්තු ජාතික වනෝද්‍යානය විවෘත කළ මුල් දිනයේ ලියුම්කරැගේ රිය ගමන් ගත්තේ එවකට වනජීවී ඇමති රැක්මන් සේනානායකගේ රිය පිටුපසිනි.හෝරා දෙක තුනක් ගමන් කළ ද අඩු තරමින් මුවෙකුවත් අපි නොදුටුවෙමු.

"තාම වාහනවලට සත්තු හුරැ නැහැ."බොහෝ දෙනා කීවේ එවැනි කතාවකි.එහෙත් ඇත්තටම සිදුව තිබුනේ එහි දඩයම් ඇතුළු අනවසර මානව ක්‍රියාකාරකම් උග්‍ර තලයක පැවතීම ය.විල්පත්තුවේ වනජීවී පරිපාලනය නැවත ස්ථාපිත වු පසු වන සතුන් දැකීම ද සුලබ විය.ඇතැම් ප්‍රදේශවල වනසතුන් බහුල දුටු අතර කොක්මොටේ පලුගහතුරේ වැනි ස්ථාන පෙර පරිදිම වන සතුන් හිඟ ප්‍රදේශ ලෙස දිස් විය.ඒ එම ඉසව්වල අනවසර මානව හැසිරීම් හිඟ නොවු නිසා ය.
යාල ද මෙවැනි ප්‍රදේශ කලක් පැවතිණී.ආකාශ චෛත්‍ය පාර,පෙම්දාස් මඟ හා බන්දු වැව වැනි ප්‍රදේශවල සතුන් වාර්තා වුයේ ඉතාම අඩු වශයෙනි.ඉදහිට මේ ආශ්‍රීතව ඇතෙකු දෙන්නෙකු වාර්තා වූව ද කොටි මුවන් වැනි සතුන් ඒ ප්‍රදේශවල එකල විරල විය.
කෙසේ වූවද සාමාන්‍යයෙන් යාල වසා තබන ලද බොහෝ අවස්ථාවල එය විවෘත වූ විගස වනසතුන්ගේ හැසිරීම්වල අඩුවක් මුල් සති කිහිපය තුළ තිබිණී.ඇතැම් අවස්ථාවල කොටි පැටවූන් පවා වසා තිබු කාලවල අතුරැදහන්ව තිබිණී.නැවත එම පැටවුන් කිසිදිනෙක හමු නොවු අතර ඇතැම් අවස්ථාවල හමු වුයේ එම අතුරැදහන් පැටවූන්ගේ වේලන ලද හම් පමණී.
නමුත් මෙවර එවැන්නක් වාර්තා නොවීම මගින් පෙන්වන්නේ යාල වසා තිබු කාලපරාසය තුළ කදිමට වනජීවී මුර සංචාර සිදු වූ බවකි.ඒ සඳහා ප්‍රමුඛත්වය දුන් තිදෙනෙකි.ඉන් පළමු වැන්නා වන්නේ යාල උද්‍යාන භාරකරැවන මනෝජ් විද්‍යාරත්න ය.දෙවැන්නා එම කලාපය භාර සහකාර අධ්‍යක්ෂක උපූල් ඉන්ද්‍රජිත් මහතා ය.තෙවැන්නාවන්නේ කටගමු භාරකරැ කේ. සුජීව ය.මේ තිදෙනාම මුල්ව වනජීවී මුර සංචාර සිදු කළහ.
මෙලෙස සංචාරකයන්ට සතුන්ව සුලබව දැක ගැනීමට ඉවහල් වුයේ එකි පසුබිම ය.
ඒනිසාම නැවතත් ඔවුන්ටත් ඒ සඳහා එක් වූ වනජීවී නිලධාරින්ටත් ස්තුතිය පළ කළ යුතුය.මේ ලිපිය ලියා තැබිමෙන් පසු අපි මේ පිළිබඳ සොයා බැලූවෙමු.යාල උද්‍යානභාරකාර මනෝජ් විද්‍යාරත්න මහතා දෛයිනිකව මුර සංචාර මෙහෙවා තිබෙන බව ලියුම්කරැ දැන ගත්තේ එහිදී ය.එලෙසම සහකාර අධ්‍යක්ෂ කාර්යාලයෙන් හා කටගමුවෙන් වෙන වෙනම හා ඒකාබද්ධව මුර සංචාර සිදු කර ඇත.ඊට අමතරව
ගල්ඔයෙන් ද වනජීවී කාර්ය මණ්ඩලය ගෙන්වා මෙම මුර සංචාරවලට සම්බණ්ධ කර තිබේ.
ඊට අමතරව මාර්ග පිළිසකර කටයුතු ද අරඹා ඇත.විශේෂයෙන්ම ගල්අමුණට කතරගම සිට නව මාවතක් සකස් කර තිබේ.ඒ හරහා දඩයක්කරැවන් මර වෙන සුවිශේෂී ප්‍රදේශයක මුර සංචාර කිරීම පහසු වේ.
ඔබ යාල අතුළු වූ විගසම මේතරම් සතුන් දුටුවේ මේ සියල්ලෙම ප්‍රතිඵලයක් වශයෙනි.

නයනක රන්වැල්ල

 ...
23/06/2020

...

Our deepest sympathy officer...
23/04/2020

Our deepest sympathy officer...

අපගේ උත්තමාචාරය !

19/09/2017
2017 MAB YOUTH FORUM committed to Sustainable Development... people who are interested please apply before 17th of July ...
05/07/2017

2017 MAB YOUTH FORUM committed to Sustainable Development... people who are interested please apply before 17th of July 2017 using below link...

Young people are the future of Biosphere reserves and must be given a voice in shaping their territory and defining their engagement in the Man and the Biosphere (MAB) Programme of UNESCO.

Bird-of-paradise
26/06/2017

Bird-of-paradise

11/06/2017

The biggest star tortoise found so far in Sri Lanka has been reported from Lunugamvehera national park. Also, there are no records elsewhere in the world about such a big star tortoise, says wildlife veterinary surgeons’ association president, Dr. Vijitha Perera.

Beauty of the Lunugamvehera National Park
08/05/2017

Beauty of the Lunugamvehera National Park

08/05/2017

Address

Lunugamvehera National Park
Tanamalwila
91300

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:00
Sunday 06:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Lunugamvehera National Park posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share