03/03/2023
ඔයාලා ශ්රවණාධාරකයක් එහෙමත් නැත්නම් Hearing aid කියන්නේ මොකක්ද කියලා සමහර විට දන්නෙ නැති වෙන්නත් පුළුවන්. මේවා දාන්නෙ ඇහෙනවා අඩු වුනාම. හිතන්නකො ඇහෙනවා අඩු වුනාම සන්නිවේදනය කරගන්න හරි අපහසු වෙනවා. නිතරම ආයෙ ආයෙ අහන්න ඕනෙ. ගෙදර ටීවී එක දැම්මත් හරි සද්දෙන් දාන්න ඕනෙ ඇහෙන්න නම්. ඉතින් මේ ශ්රවණාධාරකයක් දැම්මම ගොඩක් දුරට සාමාන්‍ය කෙනෙක් විදියටම ඉන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි, දරුවන් ඉපදෙනකොටමත් මෙහෙම ශ්‍රවණ දුර්වලතා ඇතිවෙන්න පුළුවන්. එතකොට එයාලට කතා කරන්නත් අපහසු වෙනවා. ඉතින් කුඩා කලදිම නිසි පිළියම් යෙදුවෙ නැත්නම් ජීවිත කාලෙම අපහසුවෙන් ජීවත් වෙන්න වෙනවා.
ඉතින් රත්මලාන ඕඩියෝලොජි ශ්‍රවණ අත්වැල හරහා අපි සූදානම් ශ්‍රවණ උපකරණ කිහිපයක් ලබාදෙන්න. දරුවන්ට හෝ වැඩිහිටියන්ටත් අපිට ලබාදෙන්න පුළුවන්. නමුත් වයස අනුව අප විශේෂ සැලකිල්ලක් දක්වනවා.
මේ සඳහා ඔයා අඩු අදායම් ලාභී කෙනෙක් නම් තමයි අපි ලබාදෙන්නෙ. ඒ වගේම ඔයාගෙ දුර්වලතාවය 90% කට වඩා වැඩි වෙන්නත් බැහැ.
ශ්‍රවණ ඌණතා නිසා දුක් විදින වැඩිහිටියන් මෙන්ම තරුණ අයත් ඉන්නවා. ඔයාට පුළුවන් ඒ අය වෙනුවෙන් මේක ශෙයා කරන්න.
කතා කරන්න අපිට වැඩි විස්තර දැනගන්න.
011 7 307 308
076 80 50 600