12/09/2024
⛔ අරගලයෙන් රනිල් වික්‍රමසිංහට ස්වර්ණමය අවස්ථාවක් උදාවිය. ඒ ඔහුගේ දේශපාලන දිවියට සාර්ථක අවසානයක් මෙන්ම 1994 සිට අයාලේ යන මෙරට දේශපාලන දේහය සාර්ථක දිශානතියකට යොමු කරන්නටය.
විශේෂයෙන් "සුනාමි හොරා" ලෙස විරුදාවලිය ලත් මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය මේ රට සූරාකා ආර්ථිකමය, සමාජිය වගේම දේශපාලන අතින් රටට කල විනාසය පිළිසකර කරන්නටය.
වැරදිකරුවන් හා හොරාකෑ දෑ ගැන නන්දොඩනවා වෙනුවට වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ මොහොතේ සිට ඉන් ඔබ්බට වංචා හා දුශණ වලින් තොර අවම සදාචාරයක් හා වගවීමක් වත් පවතින රාජ්‍යයක් අපිට අත් දකින්න ලැබේවී යැයි අපි බලාපොරොත්තු තියා ගතිමු.
පාර්ලිමේන්තු බහුතරය හා ආණ්ඩුපක්ෂය හිමි කණ්ඩයම සමග රාජ්‍යය මෙහයවන්න යෑමේදී අවබෝධයෙන් කටයුතු කරන්න සිදුවීම ප්‍රායෝගික කාරනාවක් වූවත් තව දුරටත් ඒ කණ්ඩායමෙන් සිදුවන වැරදි වලදී වගකීම් විරහිතව හැසිරීමක් අපි වික්‍රමසිංහ ජනාධිපති වරයාගෙන් බලාපොරොත්තු වූවේ නැත.
රටේ වගකීම වෙනුවට තම ඊලඟ මැතිවරණය ඉලක්ක කරගෙන තමන්ට සහය දැක්වූවන්ගෙ අනාගතය සුරක්ෂිත කිරීම තම ප්‍රමුඛ වගකීම කරගෙන හැසිරුනු රනිල් වික්‍රමසිංහ මහතා රට වටෙන් බාල විස සහිත බෙහෙත් ගැන තොරතුරු වාර්ථාවෙන විට පුරවැසියන් මිය යන සදාකාලික අන්ඳබාවයට පත්වන විට සිටියේ නෑසූ කන් වය.
සමගි ජන බලවේගය විසින් ශාක්ෂි සහිතව වින්දිතයන්ද කැටුව නීති මගින් කටයුතු කර කෙහෙළිය රඹුක්වැල්ල ව සිපිරිගෙයට දක්වන්නට කටයුතුකරනතාක් වික්‍රමසිංහ මහතා සිටියේ ඔහුව රකින උවමනාවෙන්ය. ඉන් ඔබ්බට ගිහින් කෙහෙළිට ගෙනා විශ්වාසභංඝයේදී රනිල් වික්‍රමසිංහ මහතා තම මුළු ශක්තියෙන් ඔහුව ආරක්ෂා කරන ලදි..
මීට අමතරව කප්පන් ගත් බවට උසාවියෙන් වැරදි කරුවෙකු වූ ප්‍රසන්න රණතුංග ව අමාත්‍යධූරයකින් අභිසෙස් ගැන්වූ වික්‍රමසිංහ මහතා, මුලු රටක්ම විශේෂයෙන් කතොලික සභාව එපා කී සුද්ධාලේප තෙන්නකෝන් ව පොලිස්පති ලෙස පත්කරන ලදී.
මෙරට දිශානතිය යලිත් වරක් නිසිමං ගන්වන්නට තමන් ලද ඒ ස්වර්ණමය අවස්ථාව පුද්ගලික බල තංහාව නිසාම විනාශ කර දැමූ වික්‍රමසිංහ මහතා දැන් ක්‍රියාකරන්නේ තමන්ගේ අදූරදර්ශි නායකත්වය නිසාම දිගින් දිගටම පරාජයට පත්වුන තම උපන් දේශපාලන කඳවුර ට බලය හිමිවීම වලක්වාලීමටය.
රටේ අභිවෘද්ධිය ට වඩා තමන්ට මියයනතුරු සිය පැවත්ම ආරක්ෂා කරගන්න පක්ෂයේ යාවජීව නායකයා වීමට පක්ෂයේ අයෙකුට ඉහලට යාමට ඉඩ නොදිය යුතුයි සිතා දැඩි කු හ ක කමකින් දේශපාලන ඊර්ශ්‍යාවකින් ක්‍රියාකරන වික්‍රමසිංහ මහතා සතුරන් අතට ආයුධ සපයා තම පැවත්ම රැකගන්නා දේශපාලන ඩීල් එකක ක්‍රියාකරමින් පවතී.
සමාජයෙන් ප්‍රතික්ෂේපිත පොහොට්ටු කඳවුරට නව පෙනුමකින් ජනගතවීමට අවශ්‍යය අතරමැඳි කඳවුරක් ලෙස තමන්ගේ පරාජිත ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය අවස්ථාවක් කරගනට ඉඩ දී එමගින් රටේ මධ්‍යය දක්ෂිණාංශික එක්සත් ලිබරල් දේශපාලන කණ්ඩායම එක්තැන්ව ඇති එදා ඒජාපයේ සියළුම දෙනා අද නියෝජනය කරන සමගි ජන බලවේගය බලයට පත්විම වැලක්වීම හරහා ඒජාප බෝඩ් එකේ නායකත්වය රැකගැනීම ඔහුගේ එකම අරමුණ වී ඇත.
එදා 1994 සිට ඒජාපය පරාජය කරන්න විවිධ අයුරින් සංධානගතව ක්‍රියාකල රාජපක්ෂ ජවිපේ ඇතුළු කණ්ඩායම අද වෙන්වෙන්ව නමුත් ඒජාපය පරාජය කිරීමේ අරමුණින්ම ක්‍රියාකරමින් සිටින අතර වෙනසකට ඇත්‍තේ එදා ඒජාප පරාජයට සෘජුව හේතුවූ වික්‍රමසිංහ මහතා අද ඒජාපයට විරුද්ධ කඳවුරේ ඉත්තෙකු වී සීටීම හා ඒජාපයේ බෝඩ් ලෑල්ල බලහත්කාරයෙන් ඔහු සතුව තබා ගැනීම පමණී.
එනිසා ජවිපයට බලය යන්න ඉඩ දී, එමගින් සමස්ථයක් ලෙස රට අත්කරගන්නා අසාර්ථකත්වය හමුවේ නැවත නාමල් රාජපක්ෂ ඇතුළු කන්ඩායමට බලය ගන්න අවශ්‍යය වටපිටාව නිර්මාණය කරගන්න නියත පරාජයක් උරුන ඡන්දයකට බොරුවට ඉදිරිපත් වී ඇති රනිල් රාජපක්ෂ කණ්ඩායම තීරණය කර ඇති බව ඔවුන්ගේ මතිවරණ හැසිරීමේදී ඉතා පැහදිලිව පිළිඹුඹු වේ.
පක්ෂයේ සියළු නායකයන් ජනතා විමුක්ති පෙරමුණ, LTTE ය හා අදිසි හස්ථයන් අතින් ඝාතනය වූ අවෑමෙන් පක්ෂ නායකත්වය බන්දේසියක තබා සියතට ගත් වික්‍රමසිංහ එද සිට අද දක්වා ක්‍රියාකලේ අනිත් ප්‍රතිවාදියා සමග කළු කෝපී බී, දේශපාලන ඩීල් එකක් දාගෙනය. ඒ අතර තුර බලය ගත්තානම් ඒ 2001 දී ගාමිණී අතුකෝරාළ මහතාගේ දැඩි උත්සහය නිසාම හා 2015 දී ප්‍රොඩාවක් මගිනී. එහිදීත් රාජපක්ෂ වරුන් ගේ ආරක්ෂකයා ලෙස ක්‍රියාකල වික්‍රමසිංහ සමහර අවස්ථාවල තම පක්ෂයේ මන්ත්‍රීවරුන් රාජපක්ෂ වරුන්ට එරෙහි අදහස් දක්වන අවස්ථාවලදී පවා වැලක්වු අවස්ථා එමටය.
පාක්ෂිකයන් සිරිකොත වටලන්න එන විට රාජ්‍යය මැදහත් කමින් පාරවල් වසා දමාගැනීමට තරම් ප්‍රධාන සතුරා සමග ඩීල් එකක සිටි වික්‍රමසිංහ දැන් එලිපිටම ඒජාපයට, පාක්ෂිකයාට හා රටට කලන ද්‍රෝහී කම මෙදා පොටේ එලිපිටම පෙනෙන්නට ලැබීම ඔහු කෙරෙහි මේ මෑතක් වන තුරුම අන්ද විශ්වාසයෙන් ක්‍රියාකල අපට නිවැරදි වෙන්න ලැබුන ස්වර්ණමය අවස්ථාවක් විය.
ඒනිසා සියල්ලට පෙර රටේ සියළු දෙනා එක්ව මේ නොම්බර එකේ ද්‍රෝහීයාව හා ඔහුගේ අපේක්ෂාවන් පරාජය කල යුතුය.
ස්තූතියි ‼️
Yohan Fernando