October 26 Movement

October 26 Movement Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from October 26 Movement, Political organisation, Sri Jayewardenepura, Sri Jayewardanepura Kotte.

06/11/2022
ප්‍රතිපදා දේශපාලනයක විශ්වසනීය නියමුවන්
22/10/2022

ප්‍රතිපදා දේශපාලනයක විශ්වසනීය නියමුවන්

තරුණ දේශපාලන නායකයකු වශයෙන් මනුෂ නානායක්කාර සෑම විට ම පරිණත, නිවැරදි සහ ඍජු දේශපාලන තීන්දු තීරණ ගන්නා බව පැහැදිලි ය. පක්...
18/10/2022

තරුණ දේශපාලන නායකයකු වශයෙන් මනුෂ නානායක්කාර සෑම විට ම පරිණත, නිවැරදි සහ ඍජු දේශපාලන තීන්දු තීරණ ගන්නා බව පැහැදිලි ය. පක්ෂයකට නොව රටට දේශපාලන නායකත්වයක් අවශ්‍යව තිබූ සෑම අවස්ථාවක දී ම මනුෂගේ මෙම ඍජු පරිණතභාවය මැනවින් ඉස්මතු විය. රටට දේශපාලන වෙනසක් අවශ්‍යව තිබූ සෑම මොහොතක ම ඔහු සිය පෞද්ගලික දේශපාලනය පසෙක දමා රටේ දේශපාලනය වෙනුවෙන් නිවැරදි ම ආස්ථානයේ පෙනී සිටින්නට වැනි වැනී සිටියේ නැත.

12/10/2022

විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් රටට අහිමි වුනේ වැරදි ආර්ථික තීරණ නිසා

ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගත්තේ ඇමරිකාවේ කොංග‍්‍රස් ගොඩනැගිල්ල මුදාගත් ආකාරයටමද?ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් ජනාධිපති ලේක...
24/07/2022

ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගත්තේ ඇමරිකාවේ කොංග‍්‍රස් ගොඩනැගිල්ල මුදාගත් ආකාරයටමද?

ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මුදා ගැනීමත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඇමරිකානු තානාපතිනි, ජුලී චැන්ට දුන් උත්තරයත් පරණ ප‍්‍රවෘත්තියකි. ජනාධිපතිවරයා පවසා තිබුණේ ඇමරිකාවේ කොංග‍්‍රස් ගොඩනැගිල්ල ට‍්‍රම්ප් හිතවාදී කැරලිකරුවන්ගෙන් මුදාගත් ආකාරයට ජනාධිපති ලේකම් කාර්යාලයද මුදාගත් බවයි.

ඇමරිකාවේ කොංග‍්‍රස් ගොඩනැල්ල බේරාගත් කතාව රට්ටුන්ට දැන් අමතකය.
2021 ජනවාරි මාසයේදී පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල ජනවාරි 6 වැනිදා වන විට නිකුත් වෙමින් තිබුණි. ඒ වන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පරාජය පෙනි පෙනී තිබුණි. ජෝ බයිඩන්ගේ ජයග‍්‍රහණය තහවුරුවත්ම ට‍්‍රම්ප්, තමන්ගේ පරාජය පිළි ගැනීමට අදි මදි කළේය. ජෝ බයිඩන් ජනාධිපතිවරණයෙන් ජයගෙන ඇති බව පිළිගනිමින් ප‍්‍රකාශයක් කිරීම ප‍්‍රමාද වන විට ට‍්‍රම්ගේ ආධාරකරුවන් කොංග‍්‍රස් ගොඩනැගිල්ල තුළට කඩා වැදුනේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට කඩා වැදුන ආකාරයටමය.

විනාඩි කිහිපයක් තුළ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ගොඩනැගිල්ල අත්පත් කරගනු ලැබුවේ ගොඩනැගිල්ලටද බරපතල හානි සිදුකරමිනි.

පස්වරු එකට පමණ විරෝධතාකරුවන් කොංග‍්‍රස් ගොඩනැගිල්ල අල්ලා ගනු ලැබූ අතර පස්වරු හය වන විට වොෂිිංටනයේ නගරාධිපතිවරයා ඇදිරිනීතිය පනවනු ලැබුවේය. ඒ අනුව කිසිදු වීදියක, පොදු ස්ථානයක එක් රැුස්වීම, ගමන් කිරිම හෝ රංචු ගැසීම සම්පූර්ණයෙන්ම තහනම් විය. ඇදිරිනීතිය නොතකරමින් කොංග‍්‍රස් ගොඩනැගිල්ල තුළ රැුදී සිටි විරෝධතාකරුවන් ඒ වන විට ගොඩනැගිල්ලට නොයෙක් අලාභ හානි කර තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයට කඩා වැදුන ආකාරයටමය.

ඇදිිරිනීතිය පැනවු වහාම ඇමරිකාවේ ප‍්‍රධානම පරිපාලන ගොඩනැගිල්ල වන කොංග‍්‍රස් ගොඩනැගිල්ල මුදා ගැනීමේ මෙහෙයුම් ආරක්ෂක අංශ විසින් ආරම්භ කළේය. ඒ අතරම එෆ්.බී.අයි. විශේෂ පුහුණුව ලැබූ භටයින් හා කොංග‍්‍රස් මණ්ඩලයේ ආරක්ෂාව භාරව සිටින විශේෂ අනුඛණ්ඩය හා ස්විෆ්ට් භටයින් රාත‍්‍රියේ අදුර උපයෝගී කරගනිමින් ගොඩනැගිිල්ල මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේය.

ඇමරිකානු ආරක්ෂක භටයින් මුලින්ම උත්සාහ කළේ සාමකාමී ලෙස විරෝධතාකරුවන් පලවා හැරීමටය. සමාකමී ලෙස එම ස්ථානයෙන් පිටත්ව යන ලෙසට කළ ඉල්ලීම්වලට විරෝධතාකරුවන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබණේ නැත. විවිධ හේතු ඉදිරිපත් කරමින් තවදුරටත් ගොඩනැගිල්ල තමන් භාරයේ තබා ගැනීමට විරෝධතාකරුවෝ උත්සාහ ගත්හ.

සාමාකාමී උත්සාහයන් වැරදුන තැන ආරක්ෂක අංශ සිය බලය යෙදීම ආරම්භ කළේය. කලහකාරීන් වෙත ප‍්‍රහාර එල්ල කිරීම ඇරඹිණි. ඒ අතර 13 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර තවදුරටත් ඉවත් නොවී සිටි අයට දැඩි ප‍්‍රහාර එල්ල කර පැය කිහිපයක මෙහෙයුමකින් ආරක්ෂක අංශ කොංග‍්‍රස් ගොඩනැගිල්ල මුදා ගැනීමට පියවර ගත්තේය.

ඇමරිකානු හමුදා භට පිරිස් කොංග‍්‍රස් ගොඩනැගිල්ල මුදා ගෙන අවසන් වන විට පුද්ගලයින් හතර දෙනෙක් මිය ගොස් තිබූ බව වාර්තා කළේ ඇමරිකානු හිතවාදී සී.එන්.එන්. පුවත් සේවයමයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ලේකම් කාර්යාලය මුදා ගැනීමෙන් පසුව ඇමරිකානු තානාපති ජුලී චැන්ට සිහිපත් කර තිබුණේ මේ මුදා ගැනීමේ මෙහෙයුමය. එහෙත් ඇමරිකාවේ කොංග‍්‍රස් ගොඩනැගිල්ල මුදා ගන්නා විට අරගලකරුවන් හතර දෙනෙක් මිය ගොස් තිබූ බවත්, කිසිදු ජීවිතයකට හානිවීමට ඉඩ නොදී ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මුදා ගත් බවත් ජුලී චැන්ට ජනාධිපතිවරයා සිහිපත් කළාදැයි දන්නේ නැත.

21/05/2022

පෝලිම්වල මිනිස්සු ගහ මරා ගන්න යුගයකට අපි යමින් ඉන්නේ. මේ පෝලිම්වල මිනිස්සු ගහ ගහන්න හැටි. දැන් දේශපාලඥයින්ගේ වගකීම වෙන්නේ මේ ගහ මරාගන්න මිනිස්සු ගැන හිතන එකද? නැතිනම් ඒ අය හෙට දවසේ තවත් අවුරුදු පහකට පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද කියලා හිතන එකද?

18/05/2022

හුදු ජනප්‍රිය නොවන තීන්දු ගැනීමද නිවැරදි තැන සිටගැනීමද සැමදා ඔහු සිරිතය.

09/12/2020

◼️අලි සබ්‍රිගේ කට වැහුන, ආණ්ඩුවේ රෙදි ගැලවුන සම්පූර්ණ පාර්ලිමේන්තු කතාව

03/11/2020

◼️ ආරක්ශක ලේකම් ගෝඨාභයයි, ජනාධිපති ගෝඨාභයයි කියන්නේ දෙන්නෙක් ද?

Address

Sri Jayewardenepura
Sri Jayewardanepura Kotte
10100

Website

Alerts

Be the first to know and let us send you an email when October 26 Movement posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share