Divisional Secretariat Siyambalanduwa

Divisional Secretariat Siyambalanduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat Siyambalanduwa, Government Organization, Divisional Secretariat Siyambalanduwa, Siyambalanduwa.

2022 / 2023 මහ කන්නයේ වී මිලදී ගැනීම. රජයේ සහතික මිල යටතේ වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඔබගේ වී අස්ව...
14/03/2023

2022 / 2023 මහ කන්නයේ වී මිලදී ගැනීම. රජයේ සහතික මිල යටතේ වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඔබගේ වී අස්වනු විකිණීමේ කටයුතු දැන් සිදු කල හැක. වැඩි විස්තර සඳහා මෙහි නම් සඳහන් නිලධාරීන් හමුවන්න.

29/06/2022
පවතින අසීරු ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් 800ක් සඳහා රුපියල් 7000කට වඩා වටිනාකමකින් යුත් ව...
24/06/2022

පවතින අසීරු ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් 800ක් සඳහා රුපියල් 7000කට වඩා වටිනාකමකින් යුත් වියළි ආහාර මලු බෙදා දීම සාර්ථකව සිදු කිරීමට හැකි විය. මේ සඳහා පූර්ණ අනුග්‍රහය Islamic Relief රාජ්‍ය නොවන සංවිධානය මඟින් ලබා දුන් අතර ප්‍රාදේශීය ලේකම් තුමාගේ මඟ පෙන්වීම මත ඉතා සාර්ථකව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකි විය. මෙම සමාජ සත්කාර්යය සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් සියලු නිලධාරින් හටත් අනෙකුත් සියලු දෙනාහටත් අපගේ ස්තූතිය පුද කරමු.

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද "ලේ දන් දීමේ වැඩසටහන" සාර්ථකව සිදු කර ගැනීමට හැකිවිය. මෙම වැ...
30/05/2022

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද "ලේ දන් දීමේ වැඩසටහන" සාර්ථකව සිදු කර ගැනීමට හැකිවිය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟ පෙන්වීම යටතේ අප හා සම්බන්ධ වූ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්යමණ්ඩලයට මෙන්ම ලේ දන් දීම සඳහා පැමිණි ඔබ සැමට අපගේ ස්තූතිය පුද කරමු.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ අසරණ වී සිටින අඩු ආදායම්ලාභී පවුල් 200ක් සඳහා  "මනුදම් මෙහෙවර" වැඩසටහන ඔස්සේ වියළි ආහාර ද්‍රව...
28/05/2022

පවතින ආර්ථික තත්ත්වය හමුවේ අසරණ වී සිටින අඩු ආදායම්ලාභී පවුල් 200ක් සඳහා "මනුදම් මෙහෙවර" වැඩසටහන ඔස්සේ වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ සත්කාර්ය සිදු කෙරිණ. මේ සඳහා Sarvodaya, Dialog, MAS, Hemas, CBL යන ආයතන පහේ අනුග්‍රහය ලබා දුන් අතර එම ආයතන වෙත අපගේ හදපිරි ස්තූතිය පුද කරන අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදුන් ප්‍රාදේශීය ලේකම් තුමාටත්, සහයෝගය ලබාදුන් ග්‍රාම නිලධාරීන් වෙතත් ස්තූතිය පුද කරමු.

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරි ගමන වඩා අර්ථවත් කිරීම සඳහා මෙන්ම කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් ඉහළ සේවාවක් ලබා ද...
25/02/2022

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරි ගමන වඩා අර්ථවත් කිරීම සඳහා මෙන්ම කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් ඉහළ සේවාවක් ලබා දීම යථාර්ථයක් බවට පත් කිරීමට සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක් ලෙස සේවය ආරම්භ කළ තනූජා හේරත් මහත්මිය වෙත අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු.

ප්‍රාදේශීය ලේකම් තුමණි, ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා!
25/02/2022

ප්‍රාදේශීය ලේකම් තුමණි, ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා!

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට මහඟු සේවයක් ඉටු කර අප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් නික්ම යන සහකාර ප්‍රාදේශ...
21/02/2022

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට මහඟු සේවයක් ඉටු කර අප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් නික්ම යන සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියන් දෙපල වන පුෂ්පමාලි මහත්මිය සහ අමානි සුදුසිංහ මෙනෙවිය වෙත අපගේ හදපිරි ස්තූතිය පුද කරමු. කොට්ඨාසයේ මහජනතාවගේ සේවයට ඇප කැප වූ නිලධාරිණියන් දෙපලක් වශයෙන් විශාල සේවයක් ඉටු කර අප කොට්ඨායෙන් නික්ම යාම සියලු දෙනාහටම අමතක නොවනු ඇත. වර්තමානය වන විට පුෂ්පමාලි මහත්මිය සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන් බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන අතර එතුමියට අප කොට්ඨාසය වෙනුවෙන් කළ සේවය උදේසා අපගේ හදපිරි ස්තූතිය නැවතත් පුද කරන අතර එතුමියට පරිපාලන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට අපගේ සුභාශිංසන පුද කරන්නෙමු.
එමෙන්ම අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගිය සතිය දක්වා සේවය කරමින් කොට්ඨාසයේ වැඩසටහන් රාශියක් ඉටු කිරීමත්, මහඟු සේවයක් ඉටු කිරීමත්, විශේෂයෙන්ම කොවිඩ් පාලන කටයුතු හා එන්නත්කරණය සම්බන්ධ කටයුතු වලදී කොට්ඨාසයට විශේෂ සේවයක් ඉටු කරමින් කළ සේවයට අමානි සුදුසිංහ මෙනෙවියට ද අපගේ හදපිරි ස්තූතිය පුද කරන්නෙමු. එමෙන් එතුමියගේ නව සේවා ස්ථානය වන බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද දින (2022.02.21) වැඩ භාර ගනිමින් ආරම්භ කළ සේවා කටයුතු ඉතා යහපත් අයරින් ඉටුකරගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය ලැබේවා යන ප්‍රාර්ථනයෙන් යුතුව ඇයට සුබ පතන්නෙමු. එමෙන් පරිපාලන සේවයේ දිගු ගමනක් යාමට හැකියාව ලැබේවායි එකසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

74 වන ජාතික නිදහස් දින සැමරුම උත්කර්ෂවත් අන්දමින් අද දින සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් විණ. එමෙන්ම ඊට...
04/02/2022

74 වන ජාතික නිදහස් දින සැමරුම උත්කර්ෂවත් අන්දමින් අද දින සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් විණ. එමෙන්ම ඊට සමගාමීව රුක් රෝපණ වැඩසටහන් කිහිපයක්ම කොට්ඨාසය පුරා පැවැත් වීය. එමෙන්ම ජාතික ව්‍යවසනයක්ව පවතින ⁣කොරෝනා රෝගය මර්ඳනය කිරීම වෙනුවෙන් ඇප කැප වී සේවය කළ සියලුම නිලධාරීන් ඇගයීම වෙනුවෙන් ප්‍රශංසා ලිපි ප්‍රධානය කිරීම ද අද දින ප්‍රදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීය. මේ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර සැලසුම් අධ්‍යක්ෂ තුමිය ඇතුලු නිලධාරීන් රැසක් අද දින සහභාගී විය.

ජාතික ව්‍යසනයක් වී පවතින කොරෝනා රෝගය මැඩලීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී ජීවිත ආරක්ෂා කිරීමට වෙර දරන අපේම මිනිසුන්...
29/01/2022

ජාතික ව්‍යසනයක් වී පවතින කොරෝනා රෝගය මැඩලීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී ජීවිත ආරක්ෂා කිරීමට වෙර දරන අපේම මිනිසුන්ය යන හැඟීමෙන් වැඩ කරන්නා වූ නිලධාරීන් ඇගයීම කාලෝචිතය. මන්ද ඔවුන් කරනා සේවය සියලු දෙනා හට සුභධායක වන හෙයිනි. එබැවින් කොරෝනා වසංගතය මැඩපවත්වමින් ඉතා විශිෂ්ට සේවයක් කරන නිලධාරීන් ඇගයීම වෙනුවෙන් අද දින සියඹලාණ්ඩුව පුාදේශීය ලේකම් කාර්යාලයේදී උත්සවයක් පැවැත් වූ අතර සියලු නිලධාරීන් හට අපගේ උත්තමාචාරය පුද කරන්නෙමු.

2022 නව වසරේ රාජකාරී ආරම්භය. ලැබුවා වූ නව වසර සැමට සුබ නව වසරක් වේවා!
03/01/2022

2022 නව වසරේ රාජකාරී ආරම්භය. ලැබුවා වූ නව වසර සැමට සුබ නව වසරක් වේවා!

Address

Divisional Secretariat Siyambalanduwa
Siyambalanduwa
91030

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Siyambalanduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Siyambalanduwa:

Share