United National Party - Ratnapura District

United National Party - Ratnapura District රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික නිළ Facebook පිටුවට පාක්ෂික ඔබ ආදරයෙන් පිළිගනිමු...!!!

30/03/2023

මේ දර්ශකය මතකද..?

මේකේ අපේ මේ පුංචි රට තිබුණු තැන මතකද..??

අලුත්ම වාර්තාව අනුව හෑන්ක්ගේ උද්ධමන දර්ශකයේ ඉහළම උද්ධමනය සහිත රටවල් වලින් අපි ඉවත් වෙලා.

රට ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය තත්වයට පත් වෙනවා දකින්න අකමැති අරාජිකවාදී කල්ලි වලට මේවා දකිනකොට ඇස් වල කටු අනිනවා වේදනාවක් දැනෙනවා ඇති.

ආණ්ඩු බලය ලබා ගැනීමේ එකම සිහිනය වෙනුවෙන් රට අරාජික වෙලා, ආර්ථිකය සහ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටිලා රටම එක තැන නතර වෙනකන් බලන් හිටපු සියළුම දෙනාගේ සිහින දවසින් දවස ඇස් ඉදිරිපිටම බිඳ වැටෙමින් තිබීමේ වේදනාව බොහෝ දෙනෙක්ගෙන් දැක ගත හැකිය.

ශ්‍රී ලාංකා රාජ්‍යය පූර්ණ විනාශයෙන් ගලවාගත් ඓතිහාසික වික්‍රමය කළ රනිල් වික්‍රමසිංහ ජාතික නායකයාණෙනි,

ප්‍රමාද වී හෝ රටට හරි නායකයා ලැබීම ගැන මාතෲභූමිය අප්‍රමාණ ලෙස සතුටු වෙනවා.

භාරගත්ත වැඩේ කරලා පෙන්නපු ඔබට ස්තූතියි..!!!

- President Ranil For 2024

24/03/2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදට අවුරුදු 74යි..!!!

ඔහුගේ මාමා ජේ ආර් ජයවර්ධනයන්ට රටේ සුක්කානම ලැබෙන්නෙ ඔහුට අවුරුදු 71 දි.

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති වුණ දවසේ එතුමා ඔහුගේ දිනපොතේ ලියලා තියෙනවා "අවසානයේ මම ලිස්සන ගහේ මුදුනටම නැග්ගා" කියලා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට එන්න නියමිතව තිබුණේ 2005 ජනාධිපතිවරණයෙදි. එතකොට ඔහුට අවුරුදු 55 යි.

හැබැයි ඔහුගේ, රටේ සහ අපේ ඉරණම ලියවිලා තිබුණේ ඊට වඩා වෙනස් විදියකට.

ජේ ආර් ජයවර්ධනයන්ට වගේම රනිල් වික්‍රමසිංහටත් තමන්ගේ මන්ත්‍රී අසුන පවා අහිමි වෙනවා.

අපේ රට මුහුණ දීපු ඓතිහාසිකම ආර්ථික අර්බුදය මෝදු වෙමින් තියෙන වෙලාවක ඔහු ආයෙ පාර්ලිමේන්තුවට එනවා.

එදා ඔහු තනි මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුවට එනකොට සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙනකොට ඇති නොවිය යුතු මට්ටමේ විශාල කතාබහක් ඇති වෙනවා. හේතුව කවුරු කවුරුත් හිත යටින් දැනන් හිටියා මේ යකා මේ ආයෙ පාර්ලිමේන්තු එන්නෙ නම් මන්ත්‍රීවරයෙක් විදියට තව අවුරුදු 4ක් පාර්ලිමේන්තුවෙ ඉඳලා ගෙදර යන්න නම් නෙවෙයි කියලා.

හැබැයි ඔහුට නැවත රටේ බලය ලබා ගත හැකි සෘජු මාර්ගයක් කාටවත් පෙනුනෙ නැහැ.

හැබැයි අවසානයේ රට ඉදිරියේ තිබුණ පූරණ ව්‍යවසනයේ, ඉමක් කොණක් නොපෙනෙන ආර්ථික කුණාටුවේ, හෙට දවසේ මොකක් වෙනවද කියලා හිතාගන්න බැරි අවිනිශ්චිතභාවයේ ඓතිහාසික මොහොතේ ඔහු නැවේ සුක්කානම තමන්ගෙ අතට ගන්නවා.

එදා ඉඳන් මේ වෙනකන් සියල්ල සමහරුන්ට අමතක වුණාට ඉතිහාසයේ ලියවිලා තියෙනවා.

2024 දි මේ රටේ මිනිස්සු මොන තීරණයක් ගන්නවද කියන එක ඔවුන්ගෙ තීරණයක්. සර්ව ජන ඡන්ද බලය ක්‍රියාත්මක රටක බහුතරයේ අමනොඥ තීරණ වල ප්‍රථිඵල ඡන්දය දුන් නොදුන් හැමෝටම මුහුණ දෙන්නසිදු වෙන එක නොවැළැක්විය හැකි දෙයක්.

ඒ නිසා යන්න තියෙන එකම මාර්ගය වෙච්ච මේ යන නිශ්චිත මාර්ගයේ ගිහින් අර්බුදය අවසන් කරගන්නවද නැත්තන් තාම අපි නොදැකපු හිතාගන්න වත් බැරි වේදනාකාරී ආගාධයක පතුලටම යනවද නැද්ද කියන එක මිනිස්සු තීරණය කරයි.

2019 දි ගත්ත තීරණයේ ප්‍රතිවිපාක අවුරුදු 2න් භුක්ති වින්ඳා වගේම 2024 ගන්න තීරණයේ ප්‍රතිවිපාකත් 2026 වෙනකොට රටේ මිනිස්සු භුක්ති විඳියි. හැබැයි එතකොට ආයෙ මේකට කරගහන්න ඉන්නෙ 2022 මේකට කරගහන්න බය වෙච්ච අය විතරයි. එදාට මිනිස්සු පරාද කරපු නාකි මිනිහෙක් නෑ මේකට කරගහන්න.

ශාරුක්ගෙ Pathaan කියන චිත්‍රපටයේ අවසාන දර්ශනය මතක් කරලා සටහන ඉවර කරන්නම්.

ශාරුක් සහ සල්මන් පාලම උඩ වාඩි වෙලා දෙන්නට දෙන්නගෙන් අහනවා "අවුරුදු 30ක් තිස්සෙ මේක කරලා මහන්සියි දැන් අපෙන් පස්සෙ කවුද මේක භාරගන්නෙ" කියලා.

එක එක්කෙනාගෙ නම් මතක් කර කර ඉඳලා අන්තිමට "නැහැ ඔවුන් හරියන්නෙ නැහැ. අපිටම තව කාලයක් මේක කරන් යන්න වෙනවා" කියලා දණහිස් දෙකත් අල්ලන් එකිනෙකාගෙ වාරුවෙන් අමාරුවෙන් නැගිටලා ‍යන්න යනවා.

අත් හදා නොබලපු ඊළඟ නායක පරම්පරාවට මේ අසීරු අවදානම් වගකීම භාර දෙන්න කලින් තමන්ගෙන් පස්සෙ කවුරු Seat එකට ආවත් Autopilot දාල වුණත් යන්න පුළුවන් මට්ටමට මේක ස්ථාවර කරලා යන්න කාලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

කොන්ද කෙළින් තියන් "කළ යුත්ත" නොබියව කළොත් හැම වෙලේම සද්ද බද්ද නොදාන මේ රටේ නිහඬ බහුතරය විසින් ඒ කාලය ලබා දෙන්නත් ඉඩ තියෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි,

ඔබට සුබ උපන්දිනයක්...!!! 💚

- Pramith Ganearachchi

08/03/2023

එක වෙලාවකට ඡන්දෙ තියන්නෑ ඒකාධිපතියෙක් කියනවා.

පහුගිය ටිකේ අහස උසට ඉහළ ගියපු බඩු මිල අඩු වෙනකොට ඡන්ද නෑ කියලා බනින කටවල් වලින්ම ඡන්දෙ නිසා බඩු මිල අඩු කරනවලු.

කට්ටිය කතාවෙලා එකක් කියනවකො..!!! 🤣

ඓතිහාසික ආර්ථික අර්බුදය හමුවේ විනාශ වී යාමට තිබූ ශ්‍රී ලංකා ජනරජය රැකගත් ජාතික නායකයා..!!!
07/03/2023

ඓතිහාසික ආර්ථික අර්බුදය හමුවේ විනාශ වී යාමට තිබූ ශ්‍රී ලංකා ජනරජය රැකගත් ජාතික නායකයා..!!!

මෑත කාලීන ඉතිහාසයේ අන්ත අසාර්ථක වැඩවර්ජනය එසේ නිමා විය...!!!
01/03/2023

මෑත කාලීන ඉතිහාසයේ අන්ත අසාර්ථක වැඩවර්ජනය එසේ නිමා විය...!!!

මුළු රටක අවාසනාවන්ත ඉරණමක් ආපස්සට හරවපු තනි මිනිහෙක්..!!! 🔥United National Party - Ratnapura District
16/02/2023

මුළු රටක අවාසනාවන්ත ඉරණමක් ආපස්සට හරවපු තනි මිනිහෙක්..!!! 🔥

United National Party - Ratnapura District

ඉතිහාසය විසින් තමන් වෙත පවරන ලද භාරදූර ඓතිහාසික කාර්යභාරය කෙමෙන් කෙමෙන් ඉටු කරමින් කුණාටු සාගරය මැදින් ශ්‍රී ලාංකේය නෞකා...
09/02/2023

ඉතිහාසය විසින් තමන් වෙත පවරන ලද භාරදූර ඓතිහාසික කාර්යභාරය කෙමෙන් කෙමෙන් ඉටු කරමින් කුණාටු සාගරය මැදින් ශ්‍රී ලාංකේය නෞකාව යාත්‍රා කරවන අද්විතීය නායක පරමාදර්ශය, රනිල් වික්‍රමසිංහ..!!! 💚

United National Party - Ratnapura District

රනිල් වික්‍රමසිංහයන්‍ ජනාධිපති ධූරයේ වැඩ භාරගන්නා මොහොත වන විට මේ රටේ තිබුණු ව්‍යවසනයන් ගණන මේ මොහොතේ මිනිස්සුන්ට මතක නැ...
08/02/2023

රනිල් වික්‍රමසිංහයන්‍ ජනාධිපති ධූරයේ වැඩ භාරගන්නා මොහොත වන විට මේ රටේ තිබුණු ව්‍යවසනයන් ගණන මේ මොහොතේ මිනිස්සුන්ට මතක නැති වන තරමටම ඔහු මේ රටේ තිබුණු අර්බුදය කළමනාකරණය කර අවසන්.

කයිවාරුකාරයන් ජනප්‍රිය ය.

හැබැයි වැඩකාරයා නිහඬවම වැඩේ ගොඩදාල දුන්නා..!!!

- United National Party - Ratnapura District

රනිල් ට හැමදාම හම්බුණේ විනාශ වෙච්ච රටක්.අවුරුද්දක් දෙකක් ඇතුළත රනිල් වැටුණු රට ආයෙ හරි පාරට ගන්නවා.ඔන්න එතකොට මේ රටේ අකෘ...
07/02/2023

රනිල් ට හැමදාම හම්බුණේ විනාශ වෙච්ච රටක්.
අවුරුද්දක් දෙකක් ඇතුළත රනිල් වැටුණු රට ආයෙ හරි පාරට ගන්නවා.
ඔන්න එතකොට මේ රටේ අකෘතඥ මුග්ධ මිනිස්සුන්ට රනිල් රට භාරගන්නකොට රට තිබුණු තැන අමතක වෙනවා.

රට වැටෙනවා. කරගන්න කෙනෙක් නැති වෙනවා. රනිල් එනවා. වැටුණු රට කෙටිකාලයකින් හරි පාරට ගන්නවා.මිනිස්සුන්ට ඒක අමතක වෙනවා. රනික් ගෙදර යවනවා. ආයෙ රට වැටෙනව. ආයෙ රනිල් එනවා. ආයෙ ගොඩ දානවා. ආයෙ ගෙදර යවනවා

මේක දුෂ්ඨ චක්‍රයක්.
මේ වතාවේ ඒ දුෂ්ඨ චක්‍රය බිඳිමු..!!!

- United National Party - Ratnapura District

ආර්ථිකය බිඳ වට්ටපු සෑම වෙලාවකම නැවත ඒ ආර්ථිකය ගොඩ නැඟුවේ එක්සත් ජාතික පක්ෂයයි.2001 දි සෘණ කරලා භාර දීපු ආර්ථිකයක් වසර දෙ...
01/02/2023

ආර්ථිකය බිඳ වට්ටපු සෑම වෙලාවකම නැවත ඒ ආර්ථිකය ගොඩ නැඟුවේ එක්සත් ජාතික පක්ෂයයි.

2001 දි සෘණ කරලා භාර දීපු ආර්ථිකයක් වසර දෙකකින් ධන කරලා පෙන්නුවේ රනිල් වික්‍රමසිංහයන්මය.

මෙවරත් ශ්‍රී ලංකාව එදා මෙදාතුර ඉතිහාසයේ මුහුණ දුන් බරපතලම ආර්ථික ව්‍යසනය වෙලාවෙ රටේ සුක්කානම භාර ගත්තේද රනිල් වික්‍රමසිංහයන්‍ ය.

ඔහු වගකීම සාර්ථකව ඉටු කරමින් සිටින බව දකිමින් සිටින බංකොලොත් විපක්ෂය එම වැඩසටහන කඩාකප්පල් කිරීමට උත්සහ දරමින් සිටියි.

කඩාකප්පල්කාරීන්ට හසු වෙන්න එපා.

බංකොලොත්භාවයේ ශාපය අවසන් කරන්නට එක්සත් ජාත පක්ෂය වටා එක්වෙමු..!!!

United National Party - Ratnapura District

මේ රටේ පොදු මහජනතාව විඳපු මේ දුක අවසන් කරේ ජනාධිපති රනිල්..!!! 💚United National Party - Ratnapura District
01/02/2023

මේ රටේ පොදු මහජනතාව විඳපු මේ දුක අවසන් කරේ ජනාධිපති රනිල්..!!! 💚

United National Party - Ratnapura District

05/07/2022

IMF අරමුදල විසින් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා නොදෙන බවට සමාජ මාධ්‍යයයේ ඇතැමුන් පළ කරමින් සිටින පුවත් මුළුමනින්ම අසත්‍ය ය.
ඔවුන් අපට සහයෝගය ලබා නොදෙනවා යැයි කිසිම අවස්ථාවක නිළ වශයෙන් දැනුම් දී නොමැත.
මේ මොහොතේත් අපගේ ඩොලර් අර්බුදය තාවකාලිකව මඟහරවා ගැනීමට අප මිත්‍ර රටවල් සමඟ පුද්ගලිකවම සාකච්ඡා කරමින් සිටින අතර පසුගිය කාලයේ විනාශ කරන ලද විදේශ සබඳතා යළි ගොඩ නැඟීම එක රැයකින් කළ හැකි නොවේ.

ලෝකයම ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින මොහොතක් බැවින් අප බලාපොරොත්තු වන තරම් අපට ජාත්‍යන්තර සහය ලැබුණද නොලැබුණද නිසි ආර්ථික කළමනාකරණයක් මඟින් සහ තීරණාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා මා භාරගත් වගකීම නොපිරිහෙලා ඉටු කරමි.!!!

Ranil Wickremesinghe - The Leader With A Vision

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when United National Party - Ratnapura District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Ratapura District

United National Party