රත්නපුර මහා නගර සභාව - Ratnapura Municipal Council

  • Home
  • Sri Lanka
  • Ratnapura
  • රත්නපුර මහා නගර සභාව - Ratnapura Municipal Council

රත්නපුර මහා නගර සභාව - Ratnapura Municipal Council Local Government

24/04/2026
ඊයේ දින (22) රත්නපුර මහා නගර සභාවට අයත් ප්‍රධාන බස් නැවතුම්පොල පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආපන ශාලා සහ ආහාර පාන අලෙව් කරන...
23/04/2026

ඊයේ දින (22) රත්නපුර මහා නගර සභාවට අයත් ප්‍රධාන බස් නැවතුම්පොල පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආපන ශාලා සහ ආහාර පාන අලෙව් කරන ස්ථාණ හදිසි සොදිස්සියකදි
ජනතාවගේ පරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර පාන අලෙවි කළ හෝටල් හතරකට නඩු පැවරිමට රත්නපුර මහා නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කළේය. ප්‍රසිද්ධ එක් ආපන ශාලාවක්ද ඒ අතර තිබේ.

රත්නපුර මහා නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි අරෝෂා ශ්‍රිපාලි ගුණරත්න මහත්මියගේ මූලිකත්වයෙන් මහජන සෞඛ්‍ය පරිසකවරුන් ද කැදවා මෙම හදිසි වැටලිම සිදු කළේය.

සෞඛ්‍ය ආරක්ෂිත නොවන අන්දමින් පවත්වාගෙන ගිය ආහාර වැටලීම් මෙහිදි සිදුකළ අතර. ආහාර වර්ගවල ලේබල් සම්බන්ධව ගැටලු මතුවු ස්ථාණ වලටද නීතිමය පියවර ගනු ලැබිය.රස කාරක යොදා ආහාර පිලියෙල කරන එක් ආපන ශාලාවක රසකාරක පැකට්ටු විශාල ප්‍රමාණයක ලේබල් නොමැතිව තිඹුණි.

රත්නපුර මහා නගර සභාවේ නගරාධිපතිවරයාගේ සහ නාගරික කොමසාරිස්වරයාගේ උපදෙස් අනුව ඉදිරියටත් මෙවැනි වැටලිම් සිදු කරමින් ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් ලබා ගැනිම වෙනුවෙන් කටයුතු සිදු කිරිමට මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය ඒකකයේ අපේක්ෂාව වෙනු ඇත.

14/04/2026
අද දින (10)සිකුරාදා පෙරවරුවේ රත්නපුර මහා නගර සභාවේ සේවක හිගයට පිලියමක් වශයෙන් ✨සෞඛ්‍ය අංශය ✨වැඩ අංශය සදහා සේවක මහතුන් 17...
10/04/2026

අද දින (10)සිකුරාදා පෙරවරුවේ රත්නපුර මහා නගර සභාවේ සේවක හිගයට පිලියමක් වශයෙන්
✨සෞඛ්‍ය අංශය
✨වැඩ අංශය සදහා
සේවක මහතුන් 17 දෙනෙකු තත්කාර්ය පදනම මත බදවා ගැනීම සදහා වන පත්වීම් ලිපි ලබාදීම රත්නපුර මහා නගර සභා පරිශ්‍රයේදි සිදුවිය.

මේ සදහා ගරු නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පල ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්ද, නාගරික කොමසාරිස් තුමා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමිය ඉංජිනේරු තුමන් ඇතුළු නිළධාරින් එක්ව සිටිහ.

20/03/2026

හෙට දින (21) සෙනසුරාදා උදෑසන 6:45ට ස්වාධීන රූපවාහිනී සති අන්ත 'weekend press' වැඩ සටහන සමග එක්විමට නියමිතය.

Address

Ratnapura Municipal Council
Ratnapura
72000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when රත්නපුර මහා නගර සභාව - Ratnapura Municipal Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share