RDHS - Rathnapura

RDHS - Rathnapura Regional Director of Health Service in Rathnapura Belongs to Sabaragamuwa Province in Sri Lanka

08/07/2026
ඩෙංගු වසංගත තත්වයත් එක්ක වැඩිපුරම කාර්යබහුල පිරිසක් තමයි අපේ ඩෙංගු කාර්ය සහායක මහත්වරු ටික. ලොකු fogging machine එකත් කර...
03/07/2026

ඩෙංගු වසංගත තත්වයත් එක්ක වැඩිපුරම කාර්යබහුල පිරිසක් තමයි අපේ ඩෙංගු කාර්ය සහායක මහත්වරු ටික. ලොකු fogging machine එකත් කරේ එල්ලගෙන පැය ගානක් දුම් ගහන එක ලේසි වැඩක් නෙවෙයි. අනිත් එක කීට විද්‍යා නිලධාරීන්ටත් සහයෝගය දෙන්නෙ මෙයාල. උදේ ඉදන් රෑ වෙනකම් වැඩ. මදුරුවො බෝ වෙන තැන් විනාශ කරන්නෙ නැතුව මදුරුවො වැඩි උනාම දුම් ගහන්න කියල ඉල්ලන්න එපා. එකක් ඒක පරිසරයට හොද නෑ. අනික අපේ සෞඛ්‍ය සේවකයො අනවශ්‍ය විදිහට chemical වලට නිරාවරණය වෙනව.
සතියකට දෙපාරක් නිවස ඇතුලත සහ පිටත මදුරුවන් බෝ වෙන තැන් ඉවත් කරන්න. අවට පරිසරය පිරිසිදුව තබා ගන්න

ජාතික ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා වූ වැඩසටහන දෙවන දිනටත් (ජුනි 09...
09/06/2026

ජාතික ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා වූ වැඩසටහන දෙවන දිනටත් (ජුනි 09) සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. රත්නපුර දිස්ත්‍රික්කයේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 09 ක් තුළ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා අද දින ජාතික ඩෙංගු මර්දන ඒකකයද සහභාගි විය.

මෙහිදී නිවාස, රාජ්‍ය හා පුද්ගලික ආයතන, පාසල්, ආගමික ස්ථාන, ඉදිකිරීම් භූමි හා පොදු ස්ථාන නිරීක්ෂණයට ලක් වූ අතර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම හා මදුරුවන් බෝවන ස්ථාන සහිත නිවාස හා ආයතන වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද සිදු විය.

මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය අංශ වලට අමතරව ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශ වල නිලධාරීන්ගේ ඉතා ඉහල සහයෝගයක්ද ලැබුණි.

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන 2026 ජූනි 8, 9 සහ 10රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින...
08/06/2026

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන 2026 ජූනි 8, 9 සහ 10

රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ ඒකාබද්ධව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් 2026 ජූනි 8, 9 සහ 10 යන දිනවල ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන අයගම, කුරුවිට, රත්නපුර ප්‍රාදේශීය සභා බලප්‍රදේශය, රත්නපුර මහ නගර සභා බලප්‍රදේශය, පැල්මඩුල්ල, නිවිතිගල, කහවත්ත, කලවාන සහ ඇඹිලිපිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 9 තුළ ක්‍රියාත්මක වන අතර, සෞඛ්‍ය අංශ නිලධාරීන්ට අමතරව ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේද සහයෝගය මේ සඳහා ලැබේ.

මෙම කාලසීමාව තුළ ඔබේ නිවසට සහ ආයතනයට පැමිණෙන නිලධාරීන් වෙත පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරමින්, නිවසේ ඇතුළත හා අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරු බෝ නොවන සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ඔබ සැමගේ වගකීමකි.

ඩෙංගු උවදුරෙන් ඔබත්, ඔබේ පවුලත්, ඔබේ ප්‍රජාවත් ආරක්ෂා කරගනිමු.

රත්නපුර දිස්ත්‍රික්කය පුරා ඩෙංගු රෝගය අධි අවදානම් මට්ටමින් පැතිර යන අතර මේ වසරේ පමණක් දිස්ත්‍රික්කය පුරා ඩෙංගු රෝගීන් 19...
14/05/2026

රත්නපුර දිස්ත්‍රික්කය පුරා ඩෙංගු රෝගය අධි අවදානම් මට්ටමින් පැතිර යන අතර මේ වසරේ පමණක් දිස්ත්‍රික්කය පුරා ඩෙංගු රෝගීන් 1900ක් වාර්තා වන අතර රත්නපුර නගරය අවටින් පමණක් 250 දෙනෙකු වාර්තා වී ඇත.

සෞඛ්‍ය අංශ මගින් ඩෙංගු මර්දන කටයුතු අඛණ්ඩව සිදු කරමින් යන අතර අද දිනයේ ද රත්නපුර ශීක්ෂණ රෝහල අවට, සමන් පෙදෙස හා වෙරළුප ප්‍රදේශ ධූමායනය කරන ලදි.

ඩෙංගු මර්දනය අන් කිසිවෙකුටත් වඩා මහජනතාව වන අපගේ යුතුකමක් වන අතර, සතියකට අවම වශයෙන් විනාඩි 30ක් වෙන් කර තම නිවස හා අවට පරිසරය පරීක්ෂා කර මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමෙන් ඩෙංගු රෝගය පාලනය කිරීමට විශාල දායකත්වයක් ලබා දිය හැකිය.
ජලය එකතු වන භාජන, ටයර්, පොල්කටු, මල් පෝච්චි සහ අනෙකුත් අපද්‍රව්‍ය නිසි ලෙස ඉවත් කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ.
“පිරිසිදු පරිසරයක් – ඩෙංගුවෙන් තොර රත්නපුරයක්” ගොඩනැගීමට අපි සියලු දෙනා එක්වෙමු.

13/05/2026

ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය දින 7 -10 අතර සම්පූර්ණ වේ. මෙහි අවධි 03 ක්ම ජලජ අවධි වේ. වැඩිහිටි මදුරුවා විනාශ කිරීමට වඩා ජලජ අවධිවලින්ම මෙම ජීවන චක්‍රය විනාශ කිරීම පහසුවේ. එය සිදු කිරීමට නම් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කල යුතුයි. ඔබත් අවම සතියට එක් දිනක් විනාඩි 30 ක් මේ වෙනුවෙන් යොදවන්න. ඩෙංගු රෝගය වලක්වා ගැනීමට කටයුතු කරමු.

පසුගිය මස අප අතරින් අකාලයේ වියෝ වූ, රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සෞඛ්‍ය අධ්‍යාපන නිළධාරියෙකු ලෙස සේ...
13/05/2026

පසුගිය මස අප අතරින් අකාලයේ වියෝ වූ, රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සෞඛ්‍ය අධ්‍යාපන නිළධාරියෙකු ලෙස සේවය කළ මංජුල විජේසුන්දර මහතා වෙනුවෙන් සිදු කරන ලද දානමය පුණ්‍ය කර්මය ඊයේ මෙම කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.
අධ්‍යක්ෂ තුමා ඇතුළු සියලු කාර්යමණ්ඩල සාමාජිකයන් ගේ දායකත්වයෙන් සහ සහභාගිත්වයෙන් සිදු කරන ලද මෙම පුණ්‍ය කර්මය ට, මංජුල මහතාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම, පා. ම. ජනක සේනාරත්න මැතිතුමා සහ සබරගමුව ගරු ආණ්ඩුකාරතුමියද සහභාගී වූහ.

මියගිය මංජුල මහතා ට මෙවන් අකල් මරණයක් මතු කිසිදු භවයක නොලැබේවා..!

Address

New Town
Ratnapura
70000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94452222267

Website

Alerts

Be the first to know and let us send you an email when RDHS - Rathnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to RDHS - Rathnapura:

Shortcuts

Share