19/09/2023
🔴🔴🔴🔴
තිබුණොතින් මෝසමෙත් අවට ගැන විමසිල්ල…!
එය වේවි නිතැතින්ම ඔබෙත් අපගෙත් සැනසිල්ල…!
—————————————
පසුගිය වසරේ දැඩි වර්ෂාවත් සමග නිවාස අසල කණ්ඩි කඩා වැටීම නිසා ජීවිත අනතුරු සහ දේපල වලට හානි සිදු විය…
⭕️ මහනුවර අකුරණ (2022 දෙසැම්බර්) නායයෑමෙන් අහිමි වූ ජීවිත ගණන 02කි.
⭕️ වරකාපොල තුඹලියද්ද (2022 ඔක්තෝබර්) නායයෑමෙන් අහිමි වූ ජීවිත ගණන 03කි.
මෙම ජීවිත අහිමි වූයේ නිවාස අසල ඇති අනාරක්ෂිත කණ්ඩි නිවාස මතට කඩා වැටීම නිසාය…
මෙවැනි අකාරයේ ජීවිත අනතුරු නොවීමට නම්, තද වැසි සමයේ අනාරක්ෂිත කණ්ඩි ආසන්නයේ ඇති නිවාස වලින් තාවකාලිකව ඉවත් වන්න…🙏
⚠️⚠️⚠️ තද වැසි සමග කණ්ඩි කඩා වැටීම් සහ නායයෑම් වලින් සිදුවිය හැකි ජීවිත 🤕 සහ දේපල හානි 🏚️ අවම කර ගනිමු👷🙋♂️🚶♂️🏃♂️