Divisional Secretariat Sri Jayawardanapura Kotte

Divisional Secretariat Sri Jayawardanapura Kotte Sri Jayawardenepura Kotte Divisional Secretariat
Serving the administrative needs of the capital region with efficiency, transparency, and dedication.

Committed to empowering communities and enhancing public service delivery.

" මතින්  තොර හෙටක්          සුවබර රටක් " ජාත්‍යන්තර  දුම්වැටි  හා මත් ව්රෝධි  දිනය ආර්ථික  සංවර්ධන   ක්‍රියාවලිය ප්‍රවර්...
04/06/2026

" මතින් තොර හෙටක්
සුවබර රටක් "
ජාත්‍යන්තර දුම්වැටි හා මත් ව්රෝධි දිනය

ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමෙහිලා දිලිදු බව තුරන් කිරීමේ සහ සමාජ සාධාරනත්වය සහතික කිරීමේ ජාතික ප්‍රතිපත්තිය බලාත්මක කිරීමේහිලා පුද්ගල .පවුල.කණ්ඩායම සහ ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ජීවනෝපාය සංවර්ධන ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වේ.

දිලිදුබව තුරන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කරනු ලබන සවිබල ගැන්වූ සමාජයක් බිහිකිරීම සදහා අත්‍යවශ්‍ය සංවිධාන කටයුතු සිදුකිරීමේදි ඊට ප්‍රබල ප්‍රතිරෝධකයක්ව පවතින මත්ද්‍රව්‍ය . දුම්වැටි . භාවිතයෙන් ප්‍රජාව මුදා ගැනීම සදහා ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනයට සමගාමීව සමෘද්ධි් කොඩි වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි .

2026 වර්ෂයේ පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ සමාජීය .මානසික. සෞඛ්‍ය .පාරිසරික හා උපදේශනය තුලින් පවුල් සවිබල ගැන්වීමේ අරමුණ කර ගනිමින් සමෘද්ධි් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය මගින් ඉහත තේමාවට අනුව ක්‍රියාත්මක කරනු ලබයි .

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක දිනය 514 වැලිකඩ බටහිර වසමේ සමෘද්ධි් සංවර්ධන නිලධාරි රවීන්ද්‍ර මහතා සහ එම වසමේ සමිති ගරු සභාපති.ගරු ලේකම් සහ භාණ්ඩාගාරික වරුන් ඇතුලු සාමාජික යින් විසින් සංවිධානය කරන ලදි

ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එම්. විරාජී මහත්මියගේ උපදෙස් පරිදි සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති කළමණාකරු සුනිල් සුබසිංහ මහතාගේ අධීක්ෂණයෙන් සහ සමාජ සංවර්ධන නිලධාරි ඉන්දු ගමගේ මහත්මියගේ මැදිහත් වීමෙන් 2026/06/02 වන දින රාජගිරිය මොරගස්මුල්ල කියවීම් ශාලාවේ දී වැඩ්හිටියන්ගේ නාට්‍ය සහ ළමා සමාජ දරුවන්ගේ ඉදිරිපත් කිරීම් සමගින් ඉතා සාර්ථකව සාමාරම්භය සනිටුහන් කරන ලදි.

මේ හා සමගාමීව කොට්ඨාසයේ සියලුම වසම් වල වැඩසටහන ආරම්භ කරන ලදි.

“ප්‍රජාශක්ති” දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය “ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක්”ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශී...
02/06/2026

“ප්‍රජාශක්ති” දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය
“ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක්”

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක වැඩසටහන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.06.02 දින සාර්ථකව පැවැත්විණි.
දෙල්කඳ බෝධිමළු විහාරය ආසන්නයේ පිහිටි ගංගොඩවිල උතුර ග්‍රාම සංවර්ධන සමිති ගොඩනැගිලි පරිශ්‍ර‍යේ ගංගොඩවිල උතුර ග්‍රාම සංවර්ධන සමිතිය හෙළ බොජුන් හළක් ලෙස සංවර්ධනය කර 519 නුගේගොඩ හා 526 ගංගොඩවිල උතුර ආහාර නිෂ්පාදනයේ යෙදෙන ව්‍යවසායකයින් සඳහා ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ පැවැත්වූ මෙම වැඩසටහන සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ ගරු නගරාධිපති අරෝෂ අතපත්තු මහතා, ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න, සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එන්. වී. ශෂිනි මධුෂිකා, 526 ගංගොඩවිල උතුර ප්‍රජා සංවර්ධන සභාවේ ගරු සභාපති හේනේගම බටුබැද්දගේ ශමින්ද රුවන් සම්පත් මයා, 519 නුගේගොඩ ප්‍රජා සංවර්ධන සභාවේ ගරු සභාපති චින්තක උඩුවෙල මයා , ප්‍රජා සංවර්ධන සභාවල කාරක සභා නිලධාරීන් සහ එම සභාවල සමාජිකයන්, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් සහභාගී විය.

ස්වරාභිවන්දනා බොදු බැති ගී සරණියශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බස්නාහිර පළාතේ අධ්‍යාපන, සංස්කෘතික ...
02/06/2026

ස්වරාභිවන්දනා බොදු බැති ගී සරණිය

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බස්නාහිර පළාතේ අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය එක්ව සංවිධානය කළ ස්වරාභිවන්දනා බොදු බැති ගී සරණිය 2026.05.31 වන දින පස්වරු 6.00 සිට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය,ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති චතුරංග අබේසිංහ මැතිතුමා, ගරු නගරාධිපති අරෝෂ අතපත්තු මැතිතුමා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එම්.විරාජි මිය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) ශශිනි මධුෂිකා මිය ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන් සහභාගී විය.

මෙහිදී බොදු ගීත ගායනා කරමින් වැඩසටහන රසවත් කිරීමට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දහම් පාසල් වන ධර්ම දිප්ති දහම් පාසල, විජය දහම් පාසල, රාහුල දහම් පාසල, මහින්ද දහම් පාසල, සුමනසාර දහම් පාසල, ප්‍රඥා ප්‍රදිප දහම් පාසල, බෝසත් දහම් පාසල, ධර්මදුත දහම් පාසල, පඤ්ඤාසේන දහම් පාසල, සිරි නිවාස දහම් පාසල ද, සෙවණ ළමා නිවාසයේ විෂේශ අවශ්‍යතා සහිත දරුවන්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කලා බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කලා කරුවන් තම දායකත්වය දක්වන ලදී.

එසේම නුගේගොඩ ව්‍යාපාරික හා වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ නිලධාරී මණ්ඩලය, LOLC ආයතනය, ජයමාන්න සහ පුත්‍රයෝ ආයතනය හා
ප්‍රදේශයේ අනුග්‍රහක භවතුන් ද දායකත්වය දක්වන ලදී.

#ස්වරාභිවන්දනා #බොදුබැතිගීසරණිය #ශ්‍රීජයවර්ධනපුරකෝට්ටේ #කෝට්ටේප්‍රාදේශීයලේකම්කාර්යාලය #නුගේගොඩආනන්දසමරකෝන්එළිමහන්රංගපීඨය #දහම්පාසල්බැතිගී #කෝට්ටේදහම්පාසල් #සෙවණළමානිවාසය (විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දායකත්වය වෙනුවෙන්) #කෝට්ටේකලාබලමණ්ඩලය JayawardenapuraKotte

අළෙවිකරුවන්ගේ කමිටු පළමු සභාවාරය හා කුඩා ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මානසික ලිහිලන අභ්‍යාස සහිත වැඩසටහන ශ්‍රී ජයවර්ධ...
29/05/2026

අළෙවිකරුවන්ගේ කමිටු පළමු සභාවාරය හා කුඩා ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මානසික ලිහිලන අභ්‍යාස සහිත වැඩසටහන

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එම්. විරාජි මහත්මියගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, 2026/05/26 දින ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැත්විය .

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී ප්‍රියන්ත විජේසිංහ මහත්මයාගේ සංවිධානයෙන් හා මෙහෙයවීමෙන් ද, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී මධුවන්ති ගමගේ මහත්මියගේ සම්පත් දායකත්වයෙන් යුක්තව හා ආපදා සහන සේවා නිලධාරී සුජීවා දමයන්ති මහත්මියගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශ...
29/05/2026

ප්‍රාදේශීය ලේකම්තුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවන් වෙනුවෙන් ස්වයංරැකියා පුහුණු වැඩමුළු සදහා බදවා ගැනීමට ප්‍රථම අදියර පවත්වන ලදි.

ඒ සදහා පළාත් සභා ප්‍රතිපාදන මත, සංවර්ධන සම්බන්ධිකරණ නිලධාරි ප්‍රියංකා මහත්මිය සම්පත් දායකත්වය ලබා දුන් අතර විදාතා සම්පත් නිලධාරි අනුෂා මහත්මිය විසින් ව්‍යවසායික ආකල්ප සංවර්ධනය පිලිබද දැනුවත් කිරිමේ වැඩසටහන් සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදි.

මෙම වැඩසටහන වනිතා සංවර්ධන දිල්හානි මිය විසින් සංවිධානය කරන ලදී.

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය මගින් කාර්යාලයිය න...
27/05/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය මගින් කාර්යාලයිය නිලධාරීන් සඳහා පවත්වනු ලැබු සීල භාවනා වැඩ සටහන 2026.05.27 දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී බැති සිතින් පවත්වන ලදි.

මේ සඳහා පූජ්‍ය ඌරුගමුවේ ධම්මධස්සී ස්වාමීන් වහන්සේ විසින් අටසිල් සමාදන් කර තෙරුවන් වන්දනා කර උදෑසන බුද්ධ පූජාව සිදුකරන ලද අතර ධර්ම දේශනාවන් සඳහා
උඩහමුල්ල සිරි පඤ්ඤෝදයාරාම මහ විහාරාධිකාරි මහරගම බුවනෙකබා විද්‍යාලයයේ ධමාචාය අධ්‍යාපනපති පූජ්‍ය. සූරිය වැවේ විජිතනන්ද ස්වාමීන් වහන්සේ ද, ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය රත්මල් වල සෝරත ස්වාමින් වහන්සේ ද වැඩම කරන ලදි.

යොවුන් වසන්තයට අරුත් බර හෙටක් සමඟින් ව්‍යාවසයකත්වය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා, ස...
26/05/2026

යොවුන් වසන්තයට අරුත් බර හෙටක් සමඟින් ව්‍යාවසයකත්වය

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එම්. විරාජි මහත්මියගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, 2026/05/21 දින රාජගිරිය ජාතික යොවුන් සේනාංකයේදී මෙම වැඩසටහන පවත්වන ලදී.

මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී ප්‍රියන්ත විජේසිංහ මහත්මයාගේ සංවිධානයෙන් හා මෙහෙයවීමෙන්,“ව්‍යවසයකයකු වන්නේ කෙසේද? “යන්න පිළිබඳව දැනුවත් කරන ලදි.

මේ සදහා සම්පත් දායකත්වය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී මධුවන්ති ගමගේ මහත්මිය ලබාදුන් අතර මෙහිදී දරුවන් හට Mind Relaxation හා Mirroring Theropy පිළිබඳව ප්‍රයෝගික ක්‍රියාකාරකම් කරන ලදි.

එමෙන්ම ආපදා සහන සේවා නිලධාරී සුජීවා දමයන්ති මහත්මිය විසින් DMC, NDRSC යන ආයතන දෙකේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීමක්‌ සිදු කරන ලදි.
එසේම බණ්ඩාරනායකපුර වසම භාර සංවර්ධන නිලධාරීනී තමාලි නානායක්කාර මහත්මියද මේ සදහා සහභාගි විය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවල වික්‍රමසිංහාරාමයේදි 2026.05.21 දින ප.ව.2.30ට පුබුදු කාන්තා කාර්ය...
24/05/2026

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවල වික්‍රමසිංහාරාමයේදි 2026.05.21 දින ප.ව.2.30ට පුබුදු කාන්තා කාර්ය සංවිධානය සදහා සේදුම් කාරක (ඩිටර්ජන් - රින්සෝ, කාර් වොෂ් , ග්ලාස් ක්ලීනර්, ) සාදා ගැනීමේ පුහුණු වැඩමුළුවකට පවත්වන ලදි.
ඒ සදහා විදාතා සම්පත් නිලධාරි අනුෂා මහත්මිය සම්පත් දායකත්වය දැක්වු අතර ප්‍රාදේශීය ලේකම් තුමා හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්විම උපදේශක තත්වය මත වනිතා සංවර්ධන දිල්හානි මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම අනුව දරුවන්ගේ සුරක්ෂිතතාවය  අරමුණු ක...
24/05/2026

ප්‍රාදේශීය ලේකම්තුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම අනුව දරුවන්ගේ සුරක්ෂිතතාවය අරමුණු කර ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය පිලිබඳ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026.05.22 දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මේ සදහා සම්පත් දායකත්වය දක්වන ලද්දේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනී ධම්මිකා උඩවත්ත මිය විසිනි.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම අනුව කාන්තා බල මණ්ඩලය සක්‍රීය කිරීමේ...
24/05/2026

ප්‍රාදේශීය ලේකම්තුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම අනුව කාන්තා බල මණ්ඩලය සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය යටතේ 2026.05.21 දින කාන්තා කාර්ය සංවිධාන බල මණ්ඩල රැස්වීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
කාන්තා බල මණ්ඩල නිලවරණය පැවැත්වීමට ගම් මට්ටමේ සමිතිවල නිලවරණ හා ප්‍රතිසංවිධාන අවසන් කල යුතු බැවින් ඒ පිළිබඳව හා කාන්තා සංවිධාන සක්‍රීයව පවත්වා ගෙන යාමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරන ලදි.
අදාළ ග්‍රාම නිලධාරි වසමේ අවු. 18 ට වැඩි සියලු කාන්තාවන්ට ගමේ කාන්තා සංවිධානයේ සාමාජිකත්වය සදහා ආරාධනා කල යුතු බවත් ඔවුන් සදහා සුදුසු වැඩසටහන් සංවිධානය කල යුතු බවත් නිලධාරින්ව දැනුවත් කරන ලදි.
පසුව ජනශක්ති ඉන්ෂුවරන්ස් ආයතනය මගින් කාන්තාවන් ආර්ථිකව සවිබල ගැන්වීමට ඔවුන් සතුව පවතින රැකියා අවස්ථා පිළිබඳව ද දැනුවත් කරන ලදි.

Address

341/3, Kotte Road
Rajagiriya
10100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

0112863056

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Sri Jayawardanapura Kotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Sri Jayawardanapura Kotte:

Share