Jaathika Sanwidana Ekamuthuwa

Jaathika Sanwidana Ekamuthuwa ජාතිය නිදහස් කර ගැනීම සඳහා

https://www.youtube.com/watch?v=WDdfZM7YDjwපාස්කු ප්‍රහාරයේදී සහරාන්ලාගේ අරමුණ වූයේ කුමක්ද? - ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ වි...
24/04/2026

https://www.youtube.com/watch?v=WDdfZM7YDjw
පාස්කු ප්‍රහාරයේදී සහරාන්ලාගේ අරමුණ වූයේ කුමක්ද? - ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාසගෙන් අනාවරණයක්..
පාස්කු ප්‍රහාරය සිදුවී කාලයක් ගතවන විට ප්‍රහාරකයා පවා වින්දිතයකු වූ බවත්, සහරාන්ලා ප්‍රහාරයට පැමිණීමට පෙර සිදුකළ දිවුරුමක් දැක්වෙන වීඩියෝවක් පාස්කු ප්‍රහාරයට පසු මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කිරීමේ දී එම ප්‍රහාරයට හේතුව ඔවුන් හෙළිකර ඇති බවත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පවසන්නේ නවසීලන්තයේ ප්‍රහාරයක් එල්ලවීම සිදු නොවුනේ නම් ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කිරීමට තිබුනේ පාස්කු ඉරිදා නොවන බව මේ සම්බන්ධ විමර්ශනවලදී අනාවරණය වී තිබූ බවත් ය.

මෙහි මහ මොළකරුවකු සිටින බවට කතා නිර්මාණය වූයේ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යාමේදී මෙහි කුමන්ත්‍රණයක් ඇති බවට සිදුකළ ප්‍රකාශයත් සමග බවත්, එහිදී ඔහු පවසන්න ඇත්තේ ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදී එවකට ආණ්ඩුව එම ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකර සිටීම සමිබන්ධයෙන් විය හැකි බවද යසස් ධර්මදාස මහතා මෙහිදී කරුණු අනාවරණය කළේය.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..

1 like. "මැල්කම් රංජිත් කාඩිනල්තුමාගේ ප්‍රකාශය පාස්කු ප්‍රහාරය හා සමානයි. ගෝලීය සංසදය නිහඬ බව බිඳීයි"

https://www.youtube.com/watch?v=na8qqZsLTbkරුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබාදීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන හේතුව වහා ජනතාවට හෙළි...
24/04/2026

https://www.youtube.com/watch?v=na8qqZsLTbk
රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබාදීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන හේතුව වහා ජනතාවට හෙළිකරනු! - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ලංකාවට අඩු මිලට ඛනිජ තෙල් සැපයීම සඳහා රුසියාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු මෙරටට පැමිණ සාකච්ඡා කිරීම සිදුවූ බවත්, ආණ්ඩුව මේ වන විට ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොමැති බව පැහැදිලි වන බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ආණ්ඩුව මෙය කල් දමමින් මග හරිමින් ක්‍රියාත්මක නොකර සිටීමේ උත්සාහයක නිරතවී සිටින බවත් පවසන ඒ මහතා මෙයට හේතු ලෙස මහජන සංවාදය තුළ හේතු තුනක් දැකගත හැකි බවත් සඳහන් කරයි.
ඉන් එකක් වන්නේ රුසියාවෙන් අඩු මිලට තෙල් ලැබුනොත් රජයන් දෙකක් අතර ගනුදෙනුවක් ලෙස කොමිස් ගැසීමට, හොරකම් කිරීමට බැරිවීම බවත්, එනිසා හොරකම්වලට සම්බන්ධ පිරිස් මෙයට අකමැති බවත් වසන්ත බණ්ඩාර මහතා හෙළි කරයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡාවක දී ඒ මහතා පවසන්නේ රුසියාවෙන් ඩීසල් ගතහොත් ඩොලර් 150ත් 160ත් අතර මිලකට බරලයක් ගත හැකි බවත්, එසේ තිබියදී ඉන්දියාවෙන් ඩීසල් බැරලයකට ඩොලර් 286ක් ගෙවා මිලදී ගෙන ඇති බවට මේවන විට හෙළිදරව් වී ඇති බවත් ය.
මෙම ක්‍රියාවලිය ඉදිරියට යනවිට ගල් අඟුරු වංචාවටත්, බැඳුම්කර වංචාවටත් වඩා එහා ගිය වංචාවක් බවට මෙය පත්වන බවත් ඒ මහතා සඳහන් කරයි.
මෙම දූෂිතයන් කිහිප දෙනෙකුගේ උවමනාව මත ජනතාවට විශාල බරක් දැරීමට සිදුවන බවත් පැහැදිලි කරන ඒ මහතා, එම දූෂිතයන් ගැන ඉදිරියේදී හෙළිදරව් කිරීම සිදුකළ යුතුව ඇති බවත් සඳහන් කරයි.
රුසියාවෙන් ලාබෙට තෙල් ලබාදෙන විට එපා කියන දෙවෙනි කාරණය වන්නේ භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ සිටින යම් යම් නිලධාරීන් ජාත්‍යන්තර ණය දෙන ආයතවල ඒජන්තයින් ලෙස කටයුතු කරමින් මෙයට එරෙහි වීම බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
රුසියාව මීට පෙර 2016 දී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අන්තර් ආණ්ඩු සහයෝගීතා කොමිසමක් පිහිටුවා ඉතා සහන පොලියට දීර්ඝකාලීනව භාවිත කළ හැකි ලෙස යූරෝ මිලියන 500ක ණයක් මෙරටට ලබාදුන් බවත්, එහෙත් ඉන් එක යූරෝවක්වත් මෙම භාණ්ඩාගාර නිලධාරීන් වියදම් නොකළ බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී හෙළිකළේය.
මෙවරත් යම් ආර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් මෙයට අකුල් හෙලන බවට මතයක් ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
තුන්වන කාරණය වන්නේ ආණ්ඩුවේ නායකයන් ඉන්දියාවටත් අමෙරිකාවටත් ඇති බිය නිසා මෙයට එකඟ නොවන බව යැයි පෙනෙන්නට ඇති බවත්, මහා ජනවරමක් ලබා දී පත්කරගත් ජනාධිපතිවරයා ගරු කරන්නේ ජනතා පරමාධිපත්‍යට ද නැතිනම් ඉන්දියාවේ සහ අමෙරිකාවේ යටත් කිරීම් වලට දැයි ප්‍රශ්නයක් ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
මෙය ආණ්ඩුවටත් සියදිවි නසාගැනීමේ ක්‍රියාවලියක් බවට පත්වන බවත් පෙන්වා දෙන ඒ මහතා ඛනිජ තෙල් අර්බුදය නිසා ජීවන මිල වැඩිවී ආර්ථිකය කඩා වැටී ආණ්ඩුවට විශාල වන්දියක් ගෙවීමට සිදුවන බවත් සඳහන් කරයි.
රුසියානු අමාත්‍යවරුන් දෙදෙනෙකු පැමිණ අඩු මිලට ඉන්ධන ලබාදීම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන හේතුව වහා ජනතාවට හෙළිකළ යුතු බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

1 like. "රුසියාවෙන් ලාබෙට ලැබෙන තෙල් එපා කියන හේතුව රටට කියන්න. ඉන්දියාවට ඇමෙරිකාවට යටත් වී ඇති නිසාද?"

රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබාදීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන හේතුව වහා ජනතාවට හෙළිකරනු! - වෛද්‍ය වසන්ත බණ්ඩාරලංකාවට අඩු මිලට ...
22/04/2026

https://www.youtube.com/watch?v=1Q575jCAE7o

ආරාධනයයි "දකිමු, විනිවිද අදුර"
22/04/2026

ආරාධනයයි
"දකිමු, විනිවිද අදුර"

"ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?" ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල අප්‍රේල් 23 දා≠=================================>බ්‍රිතාන්...
16/04/2026

"ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?" ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල අප්‍රේල් 23 දා
≠=================================>
බ්‍රිතාන්‍ය පාලන සමය තුළ "ඊළාම්" සංකල්පය නිර්මාණය වූ ආකාරය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කරමින් සම්පාදනය කරන ලද "ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?" ග්‍රන්ථය එළිදැක්වීමේ මහෝත්සවය එළඹෙන අප්‍රේල් මස 23 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මහාචාර්ය ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන මහතාට පිදෙන උපහාරයක් ලෙස එළිදක්වන මෙම ග්‍රන්ථය, එදින පස්වරු 3:00 ට කොළඹ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වේ.
මෙම අවස්ථාවට ප්‍රධාන දේශකයන් ලෙස පහත විද්වතුන් සහභාගී වීමට නියමිතය:
*මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ
*මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ
*නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා
*ග්‍රන්ථ කර්තෘ පියසිරි අමරකෝන් මහතා
කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදකින මෙම ග්‍රන්ථය බෙදාහරිනු ලබන්නේ කොළඹ 10, මරදාන, එස්. මහින්ද මාවතේ අංක 114 හි පිහිටි "සූරිය ප්‍රකාශකයෝ" ආයතනය මඟිනි.
ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ඓතිහාසික කරුණු පිළිබඳ උනන්දුවක් දක්වන සැමට මෙදින මෙම විද්වත් කථිකාව සමඟ එක්වන ලෙස සිංහල සංවිධාන එකමුතුව ඇරයුම් කර සිටියි.

පසුගිය ආණ්ඩුවල කොට අදින මාලිමා ආණ්ඩුව.. - සාක්ෂි සහිතව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම අනාවරණය කරයි.අද ලෝකය පාලනය කරන්...
09/04/2026

පසුගිය ආණ්ඩුවල කොට අදින මාලිමා ආණ්ඩුව.. - සාක්ෂි සහිතව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම අනාවරණය කරයි.

අද ලෝකය පාලනය කරන්නේ මූල්‍ය අධිරාජ්‍යවාදය විසින් බවත්, මූල්‍ය අධිරාජ්‍යවාදය විසින් ජනතාව සතු සම්පත් කොල්ලකෑම සඳහා ආයතන ගණනාවක් පිහිටුවා ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ලෝකයේ ජීවත්වන ජනතාවට නැතුවම බැරි සේවා දෙකක් වන ජලය සහ විදුලිය කොල්ලකෑම සඳහා ජාත්‍යන්තර බලවේග ක්‍රියාකරමින් සිටින බවත් පවසන ඒ මහතා, ජල සම්පත විකුණා දැමීම හා විදුලි බලය විකිණීම අධික ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවත් පෙන්වා දෙයි.

මෙරට බලයට පත්වූ ආණ්ඩු ලවා මෙය ක්‍රියාත්මක කරගැනීමට උත්සාහ දැරූ බවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව අසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන දිගින් දිගටම මෙරට ආණ්ඩුවලට මේ සඳහා බලපෑම් කළ බවද ඒ මහතා පවසයි.

පසුගිය වසර 30ක පමණ කාලයක් තිස්සේ මෙරට පත්වූ ආණ්ඩු ලවා කරගැනීමට නොහැකි වූ මෙවැනි දේ අවාසනාවකට අද මාලිමා ආණ්ඩුව ලවා කරගැනීමට හැකියාවක් ලැබී ඇති බව පෙනෙන්නට ඇති බවත් ඒ මහතා පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..

පසුගිය ආණ්ඩුවල කොට අදින මාලිමා ආණ්ඩුව -මෙන්න සාක්ෂි - kalyananda thiranagama

ටෙලිකොම්, එයාර් ලංකා, රක්ෂණ සහ ලංකා හොස්පිටල් විකුණන්නේ නෑ - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි.ඉකුත් රජය සමයේ ශ්‍රී ලං...
03/04/2026

ටෙලිකොම්, එයාර් ලංකා, රක්ෂණ සහ ලංකා හොස්පිටල් විකුණන්නේ නෑ - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි.

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් , එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 8 ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඉකුත් රජය සමයේ අදාළ ආයතන විකිණීම අභියෝගයට ලක් කරමින් වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ පිළිබඳ දැනුම් දී ඇති බව සඳහන්ය.

අදාළ පෙත්සම අචල වෙංගප්පුලි , මහින්ද සමය වර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සමේ වග උත්තරකරු වශයෙන් ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩලය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කරනු ලැබ ඇති බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසීය.

අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කරුණු දක්වමින් සඳහන් කළේ ඉකුත් රජය සමයේ ගනු ලැබූ අදාළ තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇති බවත් මෙම සමාගම් ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සිදුකිරීම සඳහා පමණක් කමිටුවක් පත් කර ඇති බවය.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥ කනිෂ්ක විතාරණ මහතා කියා සිටියේ අදාල රාජ්‍ය ආයතන විකිණීම සඳහා රජය ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව දැනුම් දීම නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කර තිබේ.

22/03/2026

ඇමෙරිකාවට අපහසු ඉරානයට පහසු යුද්ධය අස්සෙ ලංකා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග - Dr Wasantha Bandara

සම්බුද්ධ සාසනයටත්, රටටත් ,ජාතියටත් රටේ ජනතාවටත් අති මහත් සේවාවන් රැසක් ඉටුකරන කැළණිය විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා අධ්‍යනය...
11/03/2026

සම්බුද්ධ සාසනයටත්, රටටත් ,ජාතියටත් රටේ ජනතාවටත් අති මහත් සේවාවන් රැසක් ඉටුකරන
කැළණිය විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා අධ්‍යනය අංශ⁣යේ ජේෂ්ඨ මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගි තිරජිවනය ලැබේන පින්බර ජන්ම සංවත්සරය දිනයක් වේවා. දීර්ඝායු ලැබේවා!

සංචාරක සභාපති අධිකරණය හමුවේ දණගසයි - සමලිංගික සංචාරක ව්‍යාපෘතිය හකුළාගනියි..අද දින අභියාචනාධිකරණය හමුවේ CA/Writ/1044/202...
04/03/2026

සංචාරක සභාපති අධිකරණය හමුවේ දණගසයි - සමලිංගික සංචාරක ව්‍යාපෘතිය හකුළාගනියි..

අද දින අභියාචනාධිකරණය හමුවේ CA/Writ/1044/2025 නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති වෙනුවෙන් පෙනීසිටි නීතිපති දෙපාර්තමේන්තුව අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල තීන්දුවක පිටපතක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ සමලිංගික සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීම සඳහා කිසිඳු ආකාරයකින් ක්‍රියා නොකරන බවය.

එසේ විභාගයට ගනු ලැබුවේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, ජාතික සංවිධාන එකමුතුව, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ දේශප්‍රේමී ජාතික පෙරමුණ ආදී වශයෙන් වන සංවිධාන කිහිපයක නායකයින් විසින් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් සමලිංගික සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීම අනුමත කරමින් නිකුත් කරන ලද ලිපියකට අදාළව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉදිරිපත් කරන ලද පෙත්සමකි.

ඒ අනුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවක් අනුව සමලිංගික සංචාරක ව්‍යාපෘතිය ප්‍රචලිත නොකරන බවට පිළිගැනීම ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස පිළිගන්නා බවයි. එහිදී නඩුව තවදුරටත් විභාග කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව සහ අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රකාශිත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවුව හොත් නැවත අධිකරණයට පැමිණිලි කිරීම සඳහා පත්සම්කරුවන්ට හැකියාව ඇති බව අධිකරණය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ සමතා සඳහන් කළේ සංචාරක අධිකාරියේ ලියාපදිංචි ආයතන සමලිංගික සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කරනවාද යන්න සොයා බලා ඉදිරි පියවර ගන්නා බවය. මේ වන විට යම් ආයතනයක් ශ්‍රී ලංකාව සමලිංගික ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කරමින් වෙබ් අඩවිවල දැන්වීම් පළ කර ඇතත් ඒවා අධිකාරියේ ලියාපදිංචි වී ඇත්ද යන්න පැහැදිලි නැත.

මෙම නඩුවේ පෙත්සම්කරුවන් වූයේ අචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ මනෝ උපදේශක ශ්‍යාමේන්ද්‍ර වික්‍රමාරච්චි යන මහත්වරුන්ය.

LGBTQ promotion banned in Sri Lanka - අද සිට ලංකාවේ LGBTQ ප්‍රවර්ධනය තහනම්, අධිකරණ නියෝගයක් - Dr Wasantha Bandara

පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් පසුව දෙමළ ඊළාම් බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම අභියස ආණ්ඩුව සහ මහජනයා මුහුණ දෙන අභියෝගය' - ...
19/02/2026

පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් පසුව දෙමළ ඊළාම් බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම අභියස ආණ්ඩුව සහ මහජනයා මුහුණ දෙන අභියෝගය' - මහජන පෙත්සම අත්සන් තැබිම.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් පසුව දෙමළ ඊළාම් බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම අභියස ආණ්ඩුව සහ මහජනයා මුහුණ දෙන අභියෝග පිළිබඳව මහජන පෙත්සමක් අත්සන් කිරීම අද(19) දින සුනේත්‍රාදේවි මහ පිරිවෙනේ දී සිදුවිය.

මේ සඳහා ජාතික සංවිධාන නියෝජිතයන් එක්ව සිටි අතර, මෙහිදී ප්‍රධාන අනුශාසනය සිදුකරන ලද්දේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසිනි.

එමෙන්ම මෙහිදී විශේෂ අනුශාසනයක් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පවත්වන ලදී.

එහි විශේෂ අවස්ථා සහ ජාතික සංවිධාන විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරෙන මහජන සංදේශය පහළින්.

Address

544A, Nawala Road
Rajagiriya

Telephone

+94717258665

Alerts

Be the first to know and let us send you an email when Jaathika Sanwidana Ekamuthuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jaathika Sanwidana Ekamuthuwa:

Share