NPP තුඩුවේගෙදර/හීන්කෙන්ද

NPP තුඩුවේගෙදර/හීන්කෙන්ද Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP තුඩුවේගෙදර/හීන්කෙන්ද, Political organisation, Heenkenda, Ragama.

ඔබත් එන්න
16/02/2023

ඔබත් එන්න

06/02/2023

ජගා, විසා,
මිනිසුන් වෙනුවෙන් කැපවූ නුඹලාගේ හදවත්
දිනූ සම්මාන වගේම බොහෝ බරය...
සුබපැතුම්!

06/02/2023

අනුර දිසානායක
12 සවස 3ට හොරණට

06/02/2023

Join hands with victory !!!!!

06/02/2023
අපේ ගමෙන් වත්තල ප්‍රාදේශිය සබාවට🥰
06/02/2023

අපේ ගමෙන් වත්තල ප්‍රාදේශිය සබාවට🥰

03/02/2023

මේ පාර මුලු ගමම මාලිමාවට චන්දය දෙමු

03/02/2023

Revolutionary Victory !!!!!!!!

03/02/2023

ජනතාවගේ බලාපොරොත්තුව වෙනුවෙන් ධෛර්ය සම්පන්න ව වෙහෙසෙන මාලිමාවේ අපේක්ෂකයින් යනු නව දේශපාලන සංස්කෘතියක නියෝජිතයන් බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසන්නේ.

“ජනතාවගේ අවධානය යොමු වුණු, මේ තරම් සැකයක් හදපු, දෙගිඩියාවක් ඇතිවුණු පළාත් පාලන මැතිවරණයක් මීට පෙර තිබුණේ නැහැ. මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ සරල වෙනසක් නොවෙයි, ගැඹුරු සමාජ වෙනසක්. පාලන බලය වෙනස් වෙන්න ඕනෑ කියන මනෝභාවයක් මුළුමහත් සමාජය තුළම ඇති වී තිබෙනවා. ජනතාවට අවශ්‍යයි පාලන බලයේ ගැඹුරු, පැතිරුණු, පුළුල් වෙනසක් කරන්න. මීට කලින් බලය මාරු වුණේ වලව්වකින් වලව්වකට. ප්‍රභූ කණ්ඩායමකින් තවත් ප්‍රභූ කණ්ඩායමක් අතට. බෝතලේ වලව්වෙන් හොරගොල්ල වලව්වට, හොරගොල්ල වලව්වෙන් බෝතලේ වලව්වට, රොස්මිඩ් එකෙන් කොල්ලුපිටියට, රොස්මිඩ් ඒකෙන් මැදමුලනට මාරුවෙවී ගියා. ඉතිහාසයේ පළමුවෙනි වතාවට වලව්වලට තිබුණු බලය එයින් ගලවලා පොදු ජනතාව අතට ගන්න ජනතාව ලැහැස්තිවෙලා තිබෙනවා. දැන් බලයේ හිටි කට්ටිය බයවෙලා තිබෙනවා. මේ ඡන්දෙට රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සහ සජිතුත් බයවෙලා. මේ පළාත් පාලන ඡන්දයෙන් පටන් ගන්නා ගමන නතර වෙන්නේ මහ මැතිවරණයකින් බරපතල ආකාරයෙන් ආණ්ඩු බලය පෙරළලා.

මේ අය සමාජය ඇතුලේ සැකයක් හදන්න උත්සාහ ගනිමින් ඉන්නවා. ඡන්දෙ තියෙයිද දන්නේ නෑ කියලා. ඒක අපි පැරදවිය යුතුයි. ඡන්දය නොපවත්වන්න කිසිදු හේතුවක් නැහැ. ඡන්දෙ වළක්වන්නත් කිසිදු හේතුවක් නැහැ. පුළුවන් කමක්ද ඇත්තේත් නැහැ. මැතිවරණය වළක්වන්න නොයෙක් උත්සාහයන් දැරුවා. ඒ සියල්ල අසාර්ථක වුණා. දැන් තැපැල් ඡන්දයටත් දින නියම කළා. තවදුරටත් ඉතිරිවෙලා තිබෙන්නේ අධිකරණ තීන්දුව. මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාදීම තමයි අධිකරණයෙන් සිදුකෙරෙන්නේ. ඒ නිසා එම තීන්දුව ජනතාවට අහිතකර වෙන්නේ නැහැ.

මේ වන විටත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරමින් තිබෙනවා. ආණ්ඩුව ඡන්දෙට බය වුණේ සල්ලි නැති නිසාද? ඒ ගොල්ලන්ට නැත්තේ ඡන්ද. ඒ නිසා සල්ලි නෑ යයි පවසමින් මේ මැතිවරණය නවත්වන්න උත්සාහ කරනවා. බලයේ සිටින රාජපක්ෂලාට රට පුරාම නාමයෝජනා බාරදීමට නොහැකිව තිබෙනවා. කොළඹ මහ නගර සභාවට, දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවට, මොරටුව මහ නගර සභාවට පොහොට්ටුව ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. මේ නගර සභාවලට අලියාගෙන් තරග කරනවා. ඒ අස්සේ පොහොට්ටුකාරයෝ ටිකක් රිංගලා ඉන්නවා. බේරුවල නගර සභාවට අලියාගෙන්වත් පොහොට්ටුවෙන් වත් තරග කරන්නේ නැහැ. ප්‍රධාන පළාත් පාලන ආයතනවලට පොහොට්ටුවෙන් තරග වදින්න බැරි තැනට ඒ ගොල්ලෝ බංකොලොත් වෙලා. ඒ නිසාම මේ මැතිවරණය කඩාකප්පල් කරන්න ආණ්ඩුව විවිධ කුමන්ත්‍රණ කරමින් ඉන්නවා. ඒ සියල්ල පරද්දලා මැතිවරණයට සූදානම් විය යුතුව තිබෙනවා. මෙය අපේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂය බවට පත්කර ගත යුතුව තිබෙනවා.

අපි මහජනතාව මත විශ්වාසය තබන දේශපාලන ව්‍යාපාරයක් විදිහට විශාල වගකීමක් පවරාගෙන තිබෙනවා. වසර 75ක් පාලනය කළ ආණ්ඩු මේ රට විනාශ කළ බව අපි ජනතාවට කිවුවා. මේ රට හදන්න වැඩපිළිවෙළක් තිබෙන්නේ අපට. ඒ නිසා අපිට මේ රටේ බලය දෙන්න කියලා කිවුවා. මේ රට ගොඩනැගීමේ වගකීම අපි බාරගෙන තිබෙනවා. මේක මේ රටේ මහා පෙරළියක ආරම්භක අවස්ථාවක්.

රුසියානු කියමනක් තිබෙනවා “හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න හැමෝටම පුළුවන්, එහෙත් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න පුළුවන් වන්නේ ධෛර්ය සම්පන්න මිනිසුන්ට පමණයි” කියලා. අපට තිබෙන්නේ ඔය අභියෝගය. අපට තිබෙන්නේ නරකම රටක්; විනාශ කරපු රටක්; වට්ටපු රටක්. මේ රට හොඳ රටක් කළ හැක්කේ ධෛර්ය සම්පන්න මිනිසුන්ට පමණයි. ඒ ධෛර්ය සම්පන්න මිනිසුන් ඉන්න එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. මාලිමාව අතින් ගත්ත විශ්වාසවන්ත මිනිස්සුන්ට විතරයි ඒ ධෛර්ය තියෙන්නේ. මාලිමාවේ අපි තමයි ධෛර්ය සම්පන්න අය. ඒ ධෛර්ය සම්පන්න මිනිස් සමූහයේ ජයග්‍රහණයේ යෝධ පියවර මේ ඡන්දෙන් අපි පෙන්වමූ” යි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියනවා.
#මාලිමාව #විසඳුම

75 නිදහස කලින්ම භුක්තිවිදින රාගම ශික්ෂන රෝහල
01/02/2023

75 නිදහස කලින්ම භුක්තිවිදින රාගම ශික්ෂන රෝහල

31/01/2023
31/01/2023

Address

Heenkenda
Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when NPP තුඩුවේගෙදර/හීන්කෙන්ද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share