25/05/2026
" සිරිපා අඩවියේ චිත්ත සමාධි සංසාරණ්‍ය වන සෙනසුනේදී සිදුකළ දානමය පිංකම හා වියළි සළාක පූජාව "
≿━━━━༺❀༻━━━━≾
❧──❀*̥˚──◌──◌──❀*̥˚─☙
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා,
එතෙසු දින්නානි මහප්ඵලානි
❧───❀*̥˚─◌──◌──❀*̥˚─☙
❝ සුගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ ආර්‍ය පුද්ගලයෝ දක්ෂිණාව සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත් ඵල ඇත්තාහුය. ❞
(රතන සූත්‍රය ☞ https://pitaka.lk/main?n=37150)
උතුම් නිර්වාණබෝධය පිණිස පිළිවෙත් පුරණ ගරුතර මහා සඝරුවන වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව අප විසින්ම සකස් කොට දානය පූජා කිරීමට හැකි වීම මොන තරම් පිනක් ද, ඒ මහත්ඵල මහානිසංස ඇති සාංඝික දානමය පිංකමක් 2026.05.12 වන දින අපට සිදුකර ගැනීමට හැකි වූ අතර ශ්‍රී පාද අඩවියේ කුරුවිට-එරත්න මාර්ගයේ අඩවිකන්ද චිත්ත සමාධි සංසාරණ්‍ය වන සෙනසුනේදී මහා සංඝරත්නය අරමුණු කරගනිමින් දහවල් දානය හා වියළි සළාක ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව පූජා කිරීමට හැකි විය.
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ, අග්‍ර ශ්‍රාවක සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලාගෙන් පටන් උතුම් ආර්ය මහා සංඝරත්නය උදෙසා පිදූවක් සේ පූජා කල මේ උතුම් සාංඝික දානමය පුන්‍යකර්මයෙන්, වියළි සළාක පූජාවෙන් හා ධර්මශ්‍රවනය කරමින් රැස්කරගත් සියළුම කුසල් මේ උතුම් පුන්‍යකර්මය සදහා මූල්‍යමය වශයෙන් දායක වූ සියළුම කළණ මිතුරන්ටත් නන් අයුරින් දායක වූ සැමටත් එදින පැමිණ පිංකම සඳහා සම්බන්ධ වූ ලංකාදීශ්වර සංසදයේ අප කළණ මිතුරන් සියළු දෙනාටත් අඩවිකන්දෙහි වැඩවසන සියළු ස්වාමීන් වහන්සේලාටත් වචනයකින් හෝ සිතුවිලි මාත්‍රයකින් පවා උපකාර කල සියළු දෙනාටත් පිං කැමති සියල්ලන්ටමත් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණයෙන්, සුඛසහගත ප්‍රතිපදාවෙන්, උතුම් ධර්මාවබෝධය කොට නිවනින් නිවී සැනසීම පිණිසම හේතු වේවා...!!!🙏🙏🙏
සාංඝික දානයේ ආනිසංස
☆✼★━━━━━━━━━━━━★✼☆。
සාන්දෘෂ්ටික(මෙලොවම තමා විසින් දැක් ගත හැකි)දානානිසංස හතරක් පෙන්වා දී ඇත.
🌹 දායක තෙමේ බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙකු වේ
🌹 දායක තුමා පිළිබඳව යහපත් කීර්තිරාවයක් පැතිරේ
🌹 ඕනෑම පිරිසක් කරා විශරදව එළබීමේ ශක්තියක් ලැබේ.මකු වීමකට තෙද රහිත වීමකට පත් නොවේ.
🌹 යහපත් කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබේ.
එසේම දානානිසංස සූත්‍රයට අනුව,
- ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇත.අකණ්ඩව සිල් ආදී ගුණ,පන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය.
- තවද මරණින් මතු සුගති ලෝකයක ඉපදීමටද මෙම දානමය පිංකම හේතු වන බව පෙන්වා දී ඇත.
පින්වතුනි, තවද සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූත්‍රයට අනුව මෙසේය.
🌺 සත්පුරුෂ දාන ආනිසංස පහ
1. ශ්‍රද්ධාවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ.එබැවින් ශ්‍රද්ධාවෙන්ම දන් දෙත්වා.!
2.සකස් කොට දන්දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹුදරුවන් ස්වාමිපුත්‍රයන් දැසි දැස්සන් ලැබේ.(එබැවින් දෙන දෑ සකස් කොට දීමට පුරුදු වන්න.)
3.ආගන්තුක දාන,ගමික දාන,දුර්භික්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේදී බොහෝ සැප සම්පත් ලැබේ.
4.ලෝභය්කින් තොරව දන් දීම හේතුවෙන් හොද ආහාර පාන,යාන වාහන,ගේ දොර ආදිය පරිභෝජනය කිරීමට සිත් නැමෙනු ඇත.ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත් නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.
5.තමාද අන් අයද වෙහෙසට පත් නොකොට ධාර්මික වස්තුවෙන් දන් දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන්,ජලයෙන්,සොර සතුරන්ගෙන්,අකීකරු දූ දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නොවේ.ලැබෙන සම්පත් සුරක්ෂිත වේ.
🌸 🌸 සාධු සාධු සාධු 🌸 🌸
තෙරුවන් සරණයි🙏🙏🙏
❛❛ලංකාදීශ්වර සංසදය❜❜ මගින් සිදුකරන ඉදිරි පිංකම් මාලාවන් සදහා සම්බන්ධ වීමට පිං කැමති ඔබ සැමටත් ආරාධනා...
📞0762847640 - අසංක නාමල්
»»»»»————- ⚜ ————-«««««
©Lankadheeshwara Sansadaya®
█ ║ ▌║ █║▌│█│║▌││█║▌║