20/04/2026
්නය_සඳහා_මංගල_දියවර_නිකුත්_කිරීම
පොළොන්නරුව වාරි මාර්ග කලාපයේ පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ 2026 වර්ෂයේ යල කන්නය සඳහා දියවර නිකුත් කිරීමේ මංගල්‍යය, පොළොන්නරුව වාරි මාර්ග අධ්‍යක්ෂතුමාගේ මඟ පෙන්වීමෙන්, පොළොන්නරුව ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයේ මෙහෙයවීමෙන්, ව්‍යාපාර කළමණාකරන කාර්යාලයේ සහ ඒකාබද්ධ ගොවි සංවිධාන වල සංවිධානයෙන්, අප්‍රේල් මස 20 වන දින උදෑසන 9.14 ට යෙදී තිබුන සුබ නැකතෙන් D1 ප්‍රධාන ඇලෙහි ප්‍රධාන සොරොව්වත් අනතුරුව D2 ප්‍රධාන ඇලෙහි ප්‍රධාන සොරොව්වත් විවෘත කරමින් පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය
කිසිඳු හිඟයකින්, අඩු පාඩුවකින් තොරව ගොවි බිම් වලට නිසි පරිදි ජලය ලැබී, නියඟයෙන්, උණුසුම් කාළගුණයෙන්, අනපේක්ෂිත වර්ෂාපතනයෙන්, වන අලින්ගෙන් සහ වගාවන්ට සිදු විය හැකි වෙනත් අනතුරු හෝ වෙනත් ආපදා තත්ත්වයන්ගෙන් තොරව, ඉතා සාර්ථකව මේ යල කන්නයේ වගා කටයුතු සිදු කිරීමට සියලුම ගොවි මහතුන්ට ඉඩ හසර උදා වේවායි ප්‍රාර්ථනා කර සිටින්නෙමු
පොළොන්නරුව ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය - 0272222330