කේශර මෝටර්ස් - අම්පාර / Keshara motors -Ampara

කේශර මෝටර්ස් - අම්පාර / Keshara motors -Ampara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කේශර මෝටර්ස් - අම්පාර / Keshara motors -Ampara, Polonnaruwa.

Safari partsඅඩුම මිල අම්පාර
10/08/2025

Safari parts
අඩුම මිල
අම්පාර

10/03/2025

ඉස්සර ආසාවෙන් බලන් ගිය ඒ බිල්ඩින් එකේ දැන් මොනවද තියෙන්නේ?

මෝටර් සයිකල් අමතර කොටස්..වෙන කොහේවත් නැති අඩුම මිලට Original Parts  දැං අම්පාරේ ...කේෂර මෝටර්ස්,කල්මුණේ පාර.අම්පාර
13/02/2025

මෝටර් සයිකල් අමතර කොටස්..
වෙන කොහේවත් නැති අඩුම මිලට Original Parts දැං අම්පාරේ ...

කේෂර මෝටර්ස්,
කල්මුණේ පාර.
අම්පාර

02/02/2025
ආච්චිගෙ සාක්ෂි 😀විත්තිකරු ලබා දෙන පිළිතුරට පෙර සූදානම් නොවී ප්‍රශ්න කිරීම හේතුවෙන්, නීතිඥවරු වුවත්  අමාරුවේ වැටුණු අවස්ථ...
04/09/2022

ආච්චිගෙ සාක්ෂි 😀

විත්තිකරු ලබා දෙන පිළිතුරට පෙර සූදානම් නොවී ප්‍රශ්න කිරීම හේතුවෙන්, නීතිඥවරු වුවත් අමාරුවේ වැටුණු අවස්ථා එමට ඇත.

විදේශ රටක එක්තරා ප්‍රාදේශීය නගරයක උසාවියකි. පළමු සාක්කිකරු ලෙසින් සිටියේ වයස අවුරුදු 75ක් පමණ වූ කාන්තාවකි . ඇය වෙත ළං වූ පැමිණිල්ලේ නීතිඥවරයා මෙසේ ඇසුවේය.

" මිසිස් ජෙනිෆර් ... ඔබ මාව හඳුනනවද..? "

" අපොයි ඔව්... ඇයි විළියම් මහත්තයා, මම මොකද ඔහේ නොදන්නේ...! මම ඔහේව දන්නේ ඔහේ පුංචි කාලේ ඉඳලම. ඇත්තම කියනවනං.. ඔයා මහ පච මෝලක්...ඔයා ඔයාගේ බිරිඳව රැවැට්ටුවා. ගොඩාක් මිනිස්සු ඔයා නොමග යැව්වා... විතරක් නෙමෙයි... එයාලගේ පිටිපස්සෙන් ගිහින් පිහියෙන් අනින ජාතියේ මිනිහෙක් ඔයා. ඒ උනාට ඔයා හිතාගෙන ඉන්නේ, ඔයා තද පොරක් කියලා ..! ගමේම මිනිස්සු දන්නවා ඔයා කවුද කියලා . ඔව් මම ඔයාව හඳුනනවා හොඳට..! "

මේ අපහාසය හේතුවෙන් පැමිනිල්ලේ නීතිඥයාට කර කියා ගන්නට දෙයක් නැති විය.

කුමක් කරන්නදැයි සිතා ගත නොහැකි වූ ඔහු විත්තියේ නීතිඥ දෙසට ඇඟිල්ල දිගු කර,

" හොඳයි ජෙනිෆර් මහත්මිය. දැන් මට කියන්න ඔබතුමී.. මේ විත්ති පාර්ශවයේ නීතිඥතුමා ව හඳුනනවා දැයි..? " ඇසුවේය.

ජෙනිෆර් මහත්මිය නැවත පිළිතුරු දෙන්නට පටන් ගත්තේය.

" ඔව් ඇයි මොකද මම නොදන්නෙ..! ඔය ජොන්සන් මහත්තයත් , මම පුංචි කාලේ ඉඳලම දන්නවා. මහා කම්මැලියා . ආත්මාර්ථකාමී මහා කුහක මිනිහෙක්. අරක්කු පෙරේතයා. එයාට බෑ.. කා එක්කවත් සාමාන්‍ය සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න. මේ පළාතේම ඉන්න ජරාම නීතිඥයා තමා එයා. මම ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එයා එයාගේ නෝනා රැවැට්ටුවා. හොර ගෑණු තුන්දෙනෙක් ඉන්නවා එයාට. එක්කෙනෙක් ඔහේගේ නෝනා. "

පැමිනිල්ලේ නීතිඥයාට උන්හිටි තැන් අමතක විය.

මේ දෙස බලාසිටි විනිශ්චකාරතුමා, විත්තියේ හා පැමිණිල්ලේ නීතිඥවරුන් දෙදෙනාම තමන් අසලට කැඳවූයේය.

අනතුරුව පහත් හඬින් ඔවුන් දෙදෙනාට මෙසේ කීවේය.

" මදැයි කෙරුවා. තොපි දෙන්න ගෙන් කවුරුහරි එකෙක්, ඔය නාකි ගෑනිගෙන් ඇහුවොත් එහෙම, මාව අදුරනවද..? කියලා ආයෙ දෙකක් නෑ , මම තොපි දෙන්නම එල්ලනවා. " යැයි කීවේය.

# GGS රත්නායක .
2022/09/03*TKE

ෆොටෝ එක නිකමට දැම්මේ 😀

22/08/2022

නංගි ගොවිගමද?

නෑ..අය්යේ මම අටළුගම

නෑ අනේ ඔයාලගේ කුලේ ගැන ඇහුවේ

කුලේ අපේ කෙනෙක් නෙවෙයි අය්යේ ගෙවල් ලඟ කෙනෙක් නෑයෙක් නෙවෙයි අපේ අය්ය⁣ගෙනම් යාළුවෙක් ,මම එයාලා එක්ක කිසිම කතාවක් නෑ අය්යේ ,ඇයි කවුරුත් මොනවත් කිව්වද අපි ගැන,ඌ මගෙ පස්සෙන් ආවා තමයි,මම කැමතිවුනේ නෑ..සත්තයි..

අය්යෝ නංගි ,එහෙම නෙවෙයි අපේ ගෙවල් වලින් කුලේ හොයනවා

අය්යලගෙ ගෙදරින් එන දවසට කියන්න ,මම අපේ අය්යට කියන්නම් කුලේ අය්යව එදාට අපේ ගෙදරට එක්කල් එන්න කියලා

අනේ මන්දා නංගි ඔයත්,මම කියන්නෙ අපි කසාඳ බඳින්න නම් අපේ කුලවල් දෙක ගැලපෙන්න ඕන කියලා අම්මලා කියන්නෙ

අපේ ගෙදර තියෙන්නේ වේවැල් කුල්ලක් අය්යේ,අය්යලහ මොකක්ද තියෙන්නේ අපිත් එයින් එකක් ගන්නම්,එතකොට හරිනේ..

අපි ගොවිගම මිනිස්සු නංගි ,තේරුම් ගන්න කිව්වම

ආ.. අය්යලා ගොවිතැන් කරන අයද ඒකට කමක්නෑ අය්යේ මොන රස්සාව කරත් අය්යගෙ මනුස්සකමටනෙ මම කැමති වුනේ,ගමේම අය ගොවිතැන්ද කරන්නේ අය්යේ ..?

එහෙම එකක් නෙවෙයි නංගි මිනිස්සුන්ට කුල තියෙනවා ඒකවත් දන්නෙ නැද්ද?

දන්නවා අය්යේ

එහෙනම් කියනවා බලන්න ඔයාලගෙ කුල තියෙන්නේ මොනවද කියලා විකාර නැතුව..

කකුල තියෙනවා තව උකුල තියෙනවා අය්යේ ,එච්චරයිනේ ඉතින් ,මට එහෙම ආබාධිත තත්වයක් නෑ අය්යේ ,ආවම බලන්න මම ඇවිදිනකොට වෙනසක් තියෙනවාද කියලා ,එහෙම නෑ අය්යේ ...

අය්යෝ නංගි එහෙම නෙවෙයි..

එහෙනම් අය්යේ..

ඔයාලගෙ වාසගම මොකද්ද ?

මම කීවේ අය්යේ අපි අටළුගම

අටළුගම ආරච්චිගේද ,අටළුගම අන්තෝනිගේද එහෙම නැද්ද...

නෑ අය්යේ අටළුගම හංදියට ඇවිත් තැපැල් කන්තෝරුවෙ වැඩකරන පියදාසලාගේ ගේ කොහෙද කියලා අහන්න,ඕන කෙනෙක් පෙන්නයි අපේ ගෙදර

අය්යෝ..නංගිලා බෙර ගහන අයද,වළං හදන අයද,රෙදි සෝදන අයද

දහම් පාසලේ පෙරහැරේ බෙර ගහලා තියෙනවා අය්යේ ඒ දවස්වල,අනේ වලං ගේන්නේ ඉතින් කඩෙන් ගෙදර හදන්න තේරෙන්නෑ අපට,රෙදිනම් සෝදනවා ඉතින් අය්යේ හැමදාම...

අනේ අය්යේ මම බෙර ගගහා සද්ද කරන කෙනෙක් නෙවෙයි,මම කැමති නෑ එහෙම සද්ද බද්ද දාගෙන ගෙදර ඉන්න,හෙමීට සිංදුවක් නම් අහනවා රේඩියෝ එකෙන්,,වලං අපි කඩෙන් ගමුකෝ ඔච්චරටම සල්ලි ඉතිරි කරගන්න හිතන්න එපා දැන්මම,වොෂින් මැෂින් එකක් ඕන නෑ මම අය්යගෙ රෙදිත් හෝදලා දෙන්නම්කෝ හැමදාම,ඒවා මට පුරුදු දේවල්...අනවශ්‍ය වියදම් ඕන නෑ අපට..

දැන් ගොඩාක් වෙලා කතාකරානේ එහෙනම් මම තියන්නම්,පරිස්සමෙන් අය්යේ, ගොවිගම කට්ටිය ඔක්කොම ආවත් එදාට කමක් නෑ කියලා අපේ තාත්තා කියන්න කිව්වා..තාත්තා ඔය කි

"අයිසේ ජයමහ මෙහෙ එනවා" කෝටිපති ව්‍යාපාරික ජෙෆ්රි ඇන්ඩෘස් ඊයේ දිනයේ සිය සුපරි වෙළදසැලේ සේවයට බඳවාගත් ශ්‍රී ලාංකික ...
15/08/2022

"අයිසේ ජයමහ මෙහෙ එනවා"

කෝටිපති ව්‍යාපාරික ජෙෆ්රි ඇන්ඩෘස් ඊයේ දිනයේ සිය සුපරි වෙළදසැලේ සේවයට බඳවාගත් ශ්‍රී ලාංකික සේවකයා සිය කාර්යාලයට කැදෙව්වේය.

ශ්‍රී ලංකාවේ සිය රැකියාවට සමුදී හා හා පුරා කියා ඕස්ට්‍රේලියාවේ රැකියාවට ආ දෙවෙනි දවසේ දී ම තමාට ලැබුණු කැදවීම පිළිබඳ විමතියට පත්වූවත් දැඩි ආත්ම විශ්වාසයකින් ජයමහ සිය ප්‍රධානියා වෙතට ගියේය.

"කියනව බලන්න තමුන් ඊයේ දවසේ කී දෙනෙක්ට බඩු වික්කද?" ජෙෆ්රි ඇසුවේය.
"සර්, එක්කෙනෙක්ට" ජයමහ කීවේය.

"ඔන්න ඕකයි අයිසේ මං ලංකාවේ ඉදලා එන එවුන්ව ජොබ් වලට ගන්නේ නැත්තේ, තමුසෙලා මහ කම්මැලි..ඒකයි තමුසෙලාගේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ..

බලනව මෙතන ඉන්න අනිත් උන් ඔක්කොම දවසට කස්ටමර්ස්ල විස්සකට තිහකට වඩා බඩු විකුණනවා.. තමුසෙ එකයි.. හොඳ වෙලාවට මං තමුසෙ මගේ වෙන කොම්පැණිවලට දාන්නේ නැතුව මෙතන තියා ගත්තේ.. යනවා යනවා.. සතියක් වැඩ කරල තොලොන්චි වෙලාම යනවා.. කම්මැලි යක්කු.." ජෙෆ්රි බැන වැදී ජයමහ ව පිටත් කළේය.

නමුත් ජයමහගේ මුහූණේ තිබූ විශ්වාසය දුටු ජෙෆ්රි නැවත ජයමහගෙන්
"ඉලන්දාරියා.. කියනවා තමුන් කීයක සේල් එකක් ද කලේ?" ඇසුවේය.

"සර් ඩොලර් 37855 යි (ආසන්න වශයෙන් පනස් ලක්ෂ අසූ හය දහස් නවසිය පනස් පහක්)" ජයමහ කියද්දි ජෙෆ්රි කටට දාගත් වතුර ස්වල්පය බුකාස් ගා එලියට පැන්නේය.

"මොකක්.. ඔච්චර ගාණකට තමුන් මොනවද වික්කේ!?" ජෙෆ්රි ඇසුවේය.

"සර් මං බිලී කොක්කක් වික්කා" ජයමහ සතුටින් කීවේය.

"එක බිලී කොක්කක්?" ජෙෆ්රි ඇසුවේය.
"නෑ සර් එක බිලී කොක්කක් මදි නේද කියලා මම බිලී කොකූ පෙට්ටියකුයි, බිලී පිත්තකුයි, මාලු අල්ලන්න යන්න හොඳ ඇදුමකුයි වික්කා..

ඊට පස්සේ මං ඇහුවා දැන් කොහෙද යන්නේ මාලු අල්ලන්න කියලා, කස්ටමර් කිව්වා මොකක්ද මංදා ජලාශයක්.. මං කිව්වා එහෙම මාලු අල්ලන්න යන්න නම් බෝට්ටුවක් ඕන කියලා.. ඊට පස්සේ මං මිනිහව එක්කන් ගියා එහා පැත්තේ සර්ගෙම බෝට්ටු ෂොප් එකට.. එතනින් එක බෝට්ටුවක් වික්කා..

ඊට පස්සේ මං ඇහුවා දැන් කොහොමද මේක අරං යන්නේ.. කෝ කාර් එක කියල.. මිනිහට තිබ්බේ පොඩි කාර් එකක් සර්.. මං කිව්වා මේකේ පුලුවන්ද බෝට්ටු අරං යන්න කියල.. එක්කන් ගියා සර්ගේ කාර් සේල් එකට.. ගිහින් මිනිහගේ පොඩි වාහනේ දීල ලොකු SUV මොඩල් කාර් එකක් වික්කා..

ඊට පස්සේ මං ඇහුවා දැන් කොහෙද මාලු අල්ලන්න ගිහින් නවතින්

නිවසේ බළලෙකු සිටිනවාද ? 🚫🚫🚫🚫🚫බළලෙකුගේ සම්බන්ධතාවය...🚫🚫🚫🚫🚫බොහෝ මිනිසුන් සිතන්නේ බළලුන් කිසිවක් නොකරනවා කියායි. කම්මැලියන්...
14/08/2022

නිවසේ බළලෙකු සිටිනවාද ? 🚫🚫🚫🚫🚫

බළලෙකුගේ සම්බන්ධතාවය...🚫🚫🚫🚫🚫

බොහෝ මිනිසුන් සිතන්නේ බළලුන් කිසිවක් නොකරනවා කියායි. කම්මැලියන් කියාය. කෑම සහ නින්ද හැර වෙන කිසිවක් නොකරන බවයි...

එය එසේ නොවේ !!!
බළලෙකුගේ මෙහෙවර කුමක්දැයි ඔබ දන්නවාද?

සෑම බළලෙකුටම දිනපතාම අපේ ශරීරයේ එකතු වී ඇති සෘණ ශක්තිය ඉවත් කිරීමේ බලයක් ඇත.
අප නින්දට ගිය විගස එම ශක්තිය ඔවුන් උරා ගනී.

පවුල තුළ එක් අයෙකුට වඩා සිටී නම් සහ එක් බළලෙකු පමණක් සිටී නම්, බොහෝ පුද්ගලයින්ගෙන් ශක්තිය අවශෝෂණය කර ගැනීමෙන් එයට අධික නිශේධාත්මක ප්‍රමාණයක් රැස් කර ගත හැකිය.

ඔවුන් නිදා සිටින විට බළලාගේ ශරීරය අපෙන් ඉවත් කරන නිශේධාත්මක බව මුදා හරියි.
අප දැඩි ආතතියට පත් වුවහොත් එම සියලු නිශේධන ශක්තිය මුදා හැරීමට ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් නොතිබිය හැකි අතර, එම නිසා එය මුදා හැරීමට හැකි වන තුරු එය මේදය ලෙස එකතු වේ.

ඉතින්, ඔවුන් තරබාරු වන අතර ඔබ සිතන්නේ ඔබ ඔවුන්ට පෝෂණය කළේ ආහාරය කියායි. නැතහොත් ඒවා ප්‍රමාණවත් ලෙස චලනය නොවීම නිසා කියායි. සත්‍යය නම් ඔවුන් එසේ නොකරයි.

නිවසේ බළලුන් එකකට වඩා සිටීම සතුටක් වන අතර එමඟින් බර ඔවුන් අතර බෙදී යයි.

අපි නිදා සිටියදී අනවශ්‍ය ආත්මයන් අපේ නිවසට හෝ කාමරයට ඇතුළු නොවන පරිදි රාත්‍රියේදී ඔවුන් අපව ආරක්ෂා කරයි.
ඒ නිසා ඔවුන් අපේ ඇඳේ නිදා ගැනීමට කැමතියි. අපි හොඳින් ඉන්නවා යැයි ඔවුන් සිතනවා නම් ඔවුන් අප සමඟ නිදා ගන්නේ නැත.
අප වටා අමුතු දෙයක් තිබුනේ නම්, ඔවුන් අපේ ඇඳට පැන අපව ආරක්ෂා කරයි.

පුද්ගලයෙකු අපේ නිවසට ආවොත්, බළලුන්ට හැඟෙන්නේ එම පුද්ගලයා අපට හානි කිරීමට හෝ ඔහු නරක යැයි කියා නම්, බළලුන් අපව වට කර ගනී අපව "ආරක්ෂා කරන්න"

ඔබට බළලුන් නොමැති නම්, අයාලේ යන බළලෙකු ඔබේ නිවසට පැමිණ නිවසේ හදා වඩා ගන්නේ නම්, ඒ ඒ වේලාවට ඔබට බළලෙකු අවශ්‍ය නිසා එසේ සිදුවේ.

එනම් අයාලේ යන පූසා ඔබට උදව් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. එම රැකියාව සඳහා ඔබේ නිවස තෝරා ගැනීම ගැන පූසාට ස්තූති කරන්න.

ඔබට වෙනත් බළලුන් සිටී නම් සහ අතරමං වූ බළලා තබා ගැනීමට නොහැකි නම්, ඔහු සඳහා ස්ථානයක් සොයා ගන්න.

බළලා පැමිණියේ ශාරීරික මට්ටමින් අප නොදන්නා හේතුවක් නිසා වන අතර, එම මොහොතේ බළලාගේ පෙනුමට හේතුව සිහිනයෙන් ඔබට දැක ගත හැකිය. ණයක් තිබිය හැකිය, ඔහුට ගෙවීමට යම් කර්මයක් තිබේ. "එබැවින් බළලාට බිය නොවන්න" හොඳයි, මෙම වගකීම ඉටු කිරීම සඳහා "

දිනක් ප්‍රයිවට් මෙඩිකල් සෙන්ටර් එකක් තුලට ඇතුල් වු පුද්ගලයෙක් දුටු රිසෙප්ශන් නිලදාරිනිය..සර් ඇයි ඔයා..මිසී ගල්..ආ හරි..න...
13/08/2022

දිනක් ප්‍රයිවට් මෙඩිකල් සෙන්ටර් එකක් තුලට ඇතුල් වු පුද්ගලයෙක් දුටු රිසෙප්ශන් නිලදාරිනිය..

සර් ඇයි ඔයා..

මිසී ගල්..

ආ හරි..
නම වයස ඇඩ්‍රස් එක කියන්න සර්..

විනාඩි 5ක් ඇතුලෙන් වාඩි වෙලා ඉන්න..
අනිත් මිස් ඔයාට කතා කරයි..

විනාඩි පහලොවකට පසු දෙවෙනි මිසී..

සර් ඔයාගෙ උස කීයද..
බර කීයද...
ලේ වර්ගෙ මොකක්ද..

ඒ සියල්ල සටහන් කරගත් ඇය..

"ඔහොම ටිකක් වාඩි වෙලා ඉන්න සර්"

පැය බාගෙකට පසු ඊලග මිසී..

සර් ඔයාට මේ ටෙස්ට් කීපය කරගන්න වෙනවා..
ඊලග දවසෙ එද්දි මේ ටික කරල රිපෝට් අරගෙන එන්න..

දැන් ඇඳුම් සේරම අයින් කරල ඩොක්ටර් එනකම් රූම් එක අතුලෙන් වාඩිවෙලා ඉන්න..

පැයකට පසු ඩොක්ටර්..

කියන්න මහත්මයා මොකද..

ඩොක්ටර් ගල්..

කොහෙද..

ලොරිය එලියෙ..
ලෝඩ් එක කොහෙන්ද බාන්ඩ ඕන

(උපුටා ගැනීමකි)

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when කේශර මෝටර්ස් - අම්පාර / Keshara motors -Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to කේශර මෝටර්ස් - අම්පාර / Keshara motors -Ampara:

Share