Polonnaruwa Municipal Council

Polonnaruwa Municipal Council Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Polonnaruwa Municipal Council, Government Official, Municipal Council, New Town, Polonnaruwa.

2016.12.19 දින අංක 1998/2 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් මෙම නව මහා නගර සභාව සංස්ථාපනය කර ඇත.

එම ගැසට් පත්‍රය ප්‍රකාරව 2018.03.18 වන දින පොළොන්නරුව මහා නගර සභාව ස්ථාපිත කරන ලදී.

මෙහි නගරාධිපති,නියෝජ්‍ය නගරාධිපති ඇතුළුව සභිකයින් 11 දෙනෙකුගෙන් නාගරික මන්ත්‍රී මණ්ඩලය සමන්විත වේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොළොන්නරුව මහා නගර සභාව ග්‍රාම නිලධාරි වසම් 18 කින් යුක්ත වේ.

🪔☸️🌕 සම්බුදු තෙමගුල සිහිකරන වෙසක් පොහොය දා සියලු සිත් 💖 මෙත්තා, 🤲 කරුණා, 🌷 මුදිතා, 🕊️ උපේක්ඛාවෙන් පිරී සැනසීම, සතුට හා ය...
30/05/2026

🪔☸️🌕 සම්බුදු තෙමගුල සිහිකරන වෙසක් පොහොය දා සියලු සිත් 💖 මෙත්තා, 🤲 කරුණා, 🌷 මුදිතා, 🕊️ උපේක්ඛාවෙන් පිරී සැනසීම, සතුට හා යහපත උදා වේවා ෴! ✨🙏🌸🪔🌕☸️

29/05/2026

දෑසකට නව පණක් දී ලෝකයක් ආලෝකමත් කිරීමේ උතුම් සත් ක්‍රියාව උර දෙමින්, දෙවන වරටත් සංවිධානය කළ අක්ෂි සායනය සහ කාච ලබාදීමේ වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වීමට හැකිවිය.

මෙම උතුම් සත්කාර්යය මගින් දෘෂ්ටි දුර්වලතා ඇති ජනතාවට නව ආලෝකයක් ලබාදීමට හැකිවීම සමාජයට මහත් ආශිර්වාදයකි. 🙏✨


“විෂ මත්ද්‍රව්‍ය එපා” යන තේමාව යටතේ, රටම එකට ජාතික සංකල්පය යථාවත් කිරීමේ අරමුණින් පොළොන්නරුව මහා නගර සභාව මගින් සංවිධානය...
29/05/2026

“විෂ මත්ද්‍රව්‍ය එපා” යන තේමාව යටතේ, රටම එකට ජාතික සංකල්පය යථාවත් කිරීමේ අරමුණින් පොළොන්නරුව මහා නගර සභාව මගින් සංවිධානය කළ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වීමට හැකිවිය.

මෙම වැඩසටහනට පාසල් සිසුන්, Britishway English Academy හි සිසුන් සහ NITA ආයතනයේ සිසුන් විශාල පිරිසක් සහභාගී වූහ.

විෂ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇතිවන සමාජ පරිහානිය, පුද්ගල ජීවිත විනාශය, ආර්ථික අස්ථාවරත්වය ඇතුළු ගැටලු පිළිබඳව ප්‍රායෝගික උදාහරණ සහ න්‍යායමය දැනුම භාවිතා කරමින් සිදු කළ මෙම වැඩසටහන ඉතා ඵලදායි සහ සාර්ථක අවස්ථාවක් විය.

මෙවැනි වැඩසටහන් මගින් නව පරපුරට නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම සතුටට කරුණකි. 🙏


🌸 *සඳහම් කාව්‍ය ප්‍රදීප * 🌸සඳහම් සිසිලෙන් සහසක් සිත් ආලෝකමත් කරමින්, සිවුපසක් ස්වාමින් වහන්සේලාගේ වැඩමවීමෙන් පොළොන්නරුව ...
29/05/2026

🌸 *සඳහම් කාව්‍ය ප්‍රදීප * 🌸

සඳහම් සිසිලෙන් සහසක් සිත් ආලෝකමත් කරමින්, සිවුපසක් ස්වාමින් වහන්සේලාගේ වැඩමවීමෙන් පොළොන්නරුව මහා නගර සභාව විසින් සංවිධානය කළ “සඳහම් කාව්‍ය ප්‍රදීප” කාව්‍යමය ධර්ම දේශනාව සාර්ථක ලෙස නිමාවට පත්විය.

වෙසක් සතියට සමගාමීව පැවැත්වූ මෙම උතුම් වැඩසටහනට ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වූ අතර, දේශපාලන වේදිකාව නියෝජනය කළ මහතුන් සහ ව්‍යාපාරික ප්‍රජාවද එක්ව සිටියහ.

සව්දන්සල්, කඩල දන්සල් ඇතුළු විවිධ දන්සල් වලින් සමන්විත වූ මෙම උත්සවය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය ලබාදුන් සියලු දෙනාටත්, සහභාගී වූ ආදරණීය ජනතාවටත් ගෞරවනීය කෘතඥතාව පුද කර සිටිමු. 🙏✨

---


🏦✨ පලුගස්දමන ග්‍රාමීය බැංකු නව ගොඩනැගිල්ලට මුල්ගල තැබේ… ✨🏦සී/ස පලුගස්දමන විවිධ සේවා සමුපකාර සමිති බල ප්‍රදේශයේ ගණුදෙනුකා...
29/05/2026

🏦✨ පලුගස්දමන ග්‍රාමීය බැංකු නව ගොඩනැගිල්ලට මුල්ගල තැබේ… ✨🏦

සී/ස පලුගස්දමන විවිධ සේවා සමුපකාර සමිති බල ප්‍රදේශයේ ගණුදෙනුකාර භවතුන්ට වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය හා ජනතා හිතකාමී සේවාවක් ලබාදීමේ අරමුණින්, අංග සම්පූර්ණ නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත ග්‍රාමීය බැංකු නව ගොඩනැගිල්ලක් සේවාගම අග නගරයේ ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය ගෞරවාන්විත අයුරින් පැවැත්විණි. 🌿

ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික ශක්තිමත්භාවය වර්ධනය කරමින්, ග්‍රාමීය බැංකු සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැකි අතර, අනාගත පරපුරටත් ප්‍රතිලාභ රැසක් උදාකර දෙන සංවර්ධන කාර්යයක් ලෙසද මෙය සැලකේ. 🤝

🏅🌟 *ක්‍රීඩා කෞශල්යෙන් හෙබි ග්‍රාමීය තාරුණ්‍ය සොයා යමින්...* 🌟🏅 36 වන ජාතික යෞවන මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන තමන්...
28/05/2026

🏅🌟 *ක්‍රීඩා කෞශල්යෙන් හෙබි ග්‍රාමීය තාරුණ්‍ය සොයා යමින්...* 🌟🏅 36 වන ජාතික යෞවන මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල අද දින 🏟️ ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. ✨

🏃‍♂️🤾‍♀️ ග්‍රාමීය දරු දැරියන් සතු ක්‍රීඩා කෞශල්‍යයන් හඳුනාගෙන ඒවා ජාතික තලයට රැගෙන යාමේ අරමුණින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන් මාලාව, අනාගතයේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට මහඟු පිටිවහලක් වේ. 🇱🇰💪

🌱 ගමේ දරුවන්ගේ සිහිනවලට ශක්තියක් වෙමින්,
🌟 දක්ෂතා හඳුනාගෙන,
🏆 ජයග්‍රහණ කරා රැගෙන යන
මෙවැනි වැඩසටහන් තවත් ශක්තිමත්ව ඉදිරියටත් පැවැත්වේවායි ප්‍රාර්ථනා කරමු. 🙌✨

#ජාතිකයෞවනක්‍රීඩාඋළෙල

අල්ලාහ්ගේ කරුණාවෙන් හදවත් පිරිසිදු වී 🤲, සහෝදරත්වය වැඩිදියුණු වී ❤️, සාමය හා සතුට ලොව පුරා පැතිර යන ආශීර්වාදමත් දිනයක් ව...
28/05/2026

අල්ලාහ්ගේ කරුණාවෙන් හදවත් පිරිසිදු වී 🤲, සහෝදරත්වය වැඩිදියුණු වී ❤️, සාමය හා සතුට ලොව පුරා පැතිර යන ආශීර්වාදමත් දිනයක් වේවා ✨

සියලුම මුස්ලිම් බැතිමතුන්ට සමාදානයෙන් පිරුණු සුභ හජ්ජි උත්සවයක් වේවා! 🌙🕊️”

🤲✨ அள்ளாஹ்வின் அருளால் இதயங்கள் தூய்மையடைந்து, ❤️ சகோதரத்துவம் மேம்பட்டு, 🌍 அமைதி மற்றும் மகிழ்ச்சி உலகம் முழுவதும் பரவுகின்ற ஆசீர்வாதமிக்க நாளாக அமையட்டும் ✨

🌙🕊️ அனைத்து முஸ்லிம் சகோதர சகோதரிகளுக்கும் அமைதியுடன் நிறைந்த இனிய ஹஜ் திருநாள் நல்வாழ்த்துக்கள்!

🤲✨ May hearts be purified by the mercy of Allah, brotherhood strengthened ❤️, and peace and happiness spread throughout the world on this blessed day ✨

🌙🕊️ Wishing all Muslim devotees a peaceful and blessed Eid al-Adha (Hajj Festival)!

🎭✨ “දහඅට සන්නිය” — ශ්‍රී ලාංකීය ජනකලා උරුමයේ අද්භූත හා අගනා සංස්කෘතික අංගයකි 🇱🇰 වෙස්මුහුණු 🎭, නර්තන 💃 හා ශාන්තිකර්ම 🙏 එක...
27/05/2026

🎭✨ “දහඅට සන්නිය” — ශ්‍රී ලාංකීය ජනකලා උරුමයේ අද්භූත හා අගනා සංස්කෘතික අංගයකි 🇱🇰 වෙස්මුහුණු 🎭, නර්තන 💃 හා ශාන්තිකර්ම 🙏 එක්ව නිර්මාණය කරන අපේ පාරම්පරික කලා සෞන්දර්යය, පොළොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේදී අතිශය වර්ණවත් අයුරින් පැවැත්විණි ✨

උතුරුමැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම පාරම්පරික පහතරට දහඅට සන්නි ශාන්තිකර්ම සංස්කෘතික ප්‍රසංගය, පාරම්පරික පහතරට නර්තන ශිල්පීන්ගේ 🎶 හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගේ 👨‍🏫 මෙහෙයවීමෙන් ඉතා ආකර්ෂණීය ලෙස පැවැත්වුණි 🌟

අපේ සංස්කෘතිය… අපේ උරුමය… ❤️🇱🇰

#18සන්නිය #සන්නියකුම #ශ්‍රීලංකීයසංස්කෘතිය #ජනකලා #පහතරටනර්තනය #අපේඋරුමය

🪔📖 *සඳහම් කාව්‍ය ප්‍රදීප* 📖🪔සිවු ආසන කාව්‍යමය ධර්ම දේශනයට සමගාමීව පැවැත්වෙන🍚🙏 *මහා සව් දන්සල* 🙏🍚📅 මැයි 28🕔 සවස 05.00 සිට...
27/05/2026

🪔📖 *සඳහම් කාව්‍ය ප්‍රදීප* 📖🪔

සිවු ආසන කාව්‍යමය ධර්ම දේශනයට සමගාමීව පැවැත්වෙන

🍚🙏 *මහා සව් දන්සල* 🙏🍚

📅 මැයි 28
🕔 සවස 05.00 සිට
📍 දීප උයන පරිශ්‍රයේදී පැවැත්වේ.

සදාහම් රසයෙන් සිත් සැනසෙන මේ පින්බර අවස්ථාවට ✨
පිං කැමති ඔබ සැමට බැතිසිතින් ආරාධනා… 🙏🌸

#සඳහම්කාව්‍යප්‍රදීප #ධර්මදේශනය #මහාසව්දන්සල #පින්කම #බැතිබරසිත්

🚧💧 බැඳිවැව ගණදෙවි කෝවිල අසල මාර්ගයේ ජලය බැස යන කාණු පද්ධතිය විධිමත් කිරීමේ සංවර්ධන කටයුතු සාර්ථකව සිදුකරනු ලැබීය.මාර්ගය ...
27/05/2026

🚧💧 බැඳිවැව ගණදෙවි කෝවිල අසල මාර්ගයේ ජලය බැස යන කාණු පද්ධතිය විධිමත් කිරීමේ සංවර්ධන කටයුතු සාර්ථකව සිදුකරනු ලැබීය.

මාර්ගය හරහා හියුම් පයිප්ප 🛠️ යොදා ගනිමින් ජලය නිසි ආකාරයෙන් බැස යාමට පහසුකම් සලසා ඇති අතර, නියමිත තාක්ෂණික ක්‍රමවේද අනුව සිදුකරන මෙම සංවර්ධන කටයුතු මගින් ඉදිරියේදී ඇතිවිය හැකි ජල ගැලීම් හා ජනතා අපහසුතා අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත 🌱✨

සුරක්ෂිත හා විධිමත් මාර්ග පද්ධතියක් සඳහා පුනරුදයට මග වැඩසටහනේ තවත් එක් පියවරක් 🚜🛣️

#මාර්ගසංවර්ධනය #කාණුපද්ධතිය #පොළොන්නරුව #සංවර්ධනය

Address

Municipal Council, New Town
Polonnaruwa
51000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94272222275

Alerts

Be the first to know and let us send you an email when Polonnaruwa Municipal Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Polonnaruwa Municipal Council:

Share