Polonnaruwa District Secretariat

Polonnaruwa District Secretariat District Secretariat, Polonnaruwa

14/04/2026

සුභ සිංහල දමිළ අලුත් අවුරුද්දක් වේවා .... !!!

පුලතිසිපුර අලුත් සහල් මංගල්‍යය - 2026
06/04/2026

පුලතිසිපුර අලුත් සහල් මංගල්‍යය - 2026

78 වන නිදහස් දිනය ශ්‍රී ලංකා ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 78 වන නිදහස් දිනය, ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව ප...
05/02/2026

78 වන නිදහස් දිනය

ශ්‍රී ලංකා ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 78 වන නිදහස් දිනය, ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිවාස හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි සහ පද්මසිරි බණ්ඩාර යන මහත්වරුන් ද, දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, ප්‍රදේශවාසීන් ද සහභාගී විය.
ජාතික අභිමානය පිළිබිඹු කරන නර්තනාංගයන්, ආචාර පෙළපාලි, ගායනයන්ගෙන් සමන්විත වූ මෙම උළෙල පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රමුඛ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් සංවිධානය කර තිබුණි.

තෛපොංගල් සැමරීමේ උත්සවයක් 2026 ජනවාරි 30 සිකුරාදා දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි....
03/02/2026

තෛපොංගල් සැමරීමේ උත්සවයක් 2026 ජනවාරි 30 සිකුරාදා දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට නිවාස හාා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි සහ පද්මසිරි බණ්ඩාර යන මහත්වරුන්ද, දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.
සාම්ප්‍රදායක හින්දු ආගමික චාරිත්‍රානුකූලව සංවිධානය කර තිබූ මෙම උත්සවයේ හින්දු සංස්කෘතික අංග නිරූපණය කරන විවිධ අංගයන් මෙන්ම කෝලම් රටා නිර්මාණ තරඟයක් ද පැවැත්විණි.

2026 නව වර්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරී ආරම්භ කිරීම2026 නව වර්ෂයේ රාජකාරී ආරම්භය අද පොළොන්නරුව දිස...
01/01/2026

2026 නව වර්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරී ආරම්භ කිරීම

2026 නව වර්ෂයේ රාජකාරී ආරම්භය අද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කර, සර්ව ආගමික වතාවක් සිදුකිරීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීම දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් මාණ්ඩලික නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි.

01/01/2026
ජාතික සුරක්ෂිතතා දින සැමරුම 2025.12.26අද දිනට යෙදී ඇති ජාතික සුරක්ෂිතතා දිනයට සමාගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පො...
26/12/2025

ජාතික සුරක්ෂිතතා දින සැමරුම 2025.12.26

අද දිනට යෙදී ඇති ජාතික සුරක්ෂිතතා දිනයට සමාගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව පූජා නගරය ආශ්‍රිතව පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පැවතුණු අතර, මෙම අවස්ථාවට නිවාස හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

රාජ්‍ය සේවාවල සේවා සැපයීම් සම්බන්ධයෙන් විමසීම්, නොවිසඳුණු පැමිණිලි,  අල්ලස් ඉල්ලීම් අභ්‍යන්තර කටයුතු ඒකකයට (IAU) දැනුම් ...
10/11/2025

රාජ්‍ය සේවාවල සේවා සැපයීම් සම්බන්ධයෙන් විමසීම්, නොවිසඳුණු පැමිණිලි, අල්ලස් ඉල්ලීම් අභ්‍යන්තර කටයුතු ඒකකයට (IAU) දැනුම් දෙන්න.

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලිය - 2025පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ මඟපෙන්වීම අනුව ආයතනයේ සේවක නිලධාරීන්...
04/11/2025

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලිය - 2025

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ මඟපෙන්වීම අනුව ආයතනයේ සේවක නිලධාරීන්ගේ සුහදතාවය හා කණ්ඩායම් හැඟීම වර්ධනය කරනු පිණිස පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩා කාර්යාලය විසින් සංවිධානය කරන ලද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිවාසාන්තර ක්‍රීඩා තරගාවලිය 2025.11.02 ඉරු දින දවස පුරා පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගන සංකීර්ණයේදී පැවැත්විණ.
මෙහිදී Fighters , Challengers, සහ Hunters ලෙස නිවාස තුනක් ලෙස සහෝදර නිලධාරීන් තරග වැදුණු අතර Fighters නිවාසය ශූරතාවය දිනාගන්නා ලද අතර අනුශූරතාවය Challengers නිවාසය විසින් හිමි කර ගනු ලැබිණි.
කොට තිබුණි.
ජය සංකේත ප්‍රදානය නිවාස හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍යය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර පාර්ලිමේන්තු මන්ත්රී පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව දිස්ත්රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් පිරිසක් එක් වූහ.

නගරවලම් හින්දු සංස්කෘතික පෙරහැර මංගල්‍යයසිංහල හා දමිළ ජනතාවගේ අන්තර් ආගමික සංහිඳියාව ඇතිකරලමින් මෙවර ප්‍රථම වතාවට පොළොන්...
17/06/2025

නගරවලම් හින්දු සංස්කෘතික පෙරහැර මංගල්‍යය

සිංහල හා දමිළ ජනතාවගේ අන්තර් ආගමික සංහිඳියාව ඇතිකරලමින් මෙවර ප්‍රථම වතාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2025.06.13 දින නගරවලම් හින්දු සංස්කෘතික පෙරහැර මංගල්‍යය පොළොන්නරුව නගරය කේන්ද්‍ර කොටගනිමින් වීදි සංචාරය කෙරුණි.

තේරු දේව රථයේ වැඩමවීමෙන් හා විවිධ නර්තනාංගයන්ගෙන් සමන්විත වූ මෙම පෙරහැර ඉතා අලංකාරවත් හා විචිත්‍රවත් විය. පොළොන්නරුව ජනතාවට නැවුම් අත්දැකීමක් ගෙනදෙමින් පැවැත්වුණු මෙහි සමාරම්භක අවස්ථාවට පොළොන්නරුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්ය කඳුරුවෙල ධම්මපාල නාහිමිපාණන් ඇතුළුව මහා සංඝරත්නයද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම හින්දු ආගමික නායකයින්, නිවාස නියෝජ්‍ය අමාතය ටී.බී සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, පොළොන්නරුව නගරාධිපති ලලිත් තිස්ස කුමාර, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.

Address

New Town
Polonnaruwa
51000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94272222233

Alerts

Be the first to know and let us send you an email when Polonnaruwa District Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Polonnaruwa District Secretariat:

Share