Giritalegama National College - Official

Giritalegama National College - Official Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Giritalegama National College - Official, Public School, Polonnaruwa.

6 ශ්‍රේණිය සිසුන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 15 වෙනිදා.. 2026 වර්ෂය සදහා ගිරිතලේගම විද්‍යාලය සදහා 06 ශ්‍රේණියට...
17/12/2025

6 ශ්‍රේණිය සිසුන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 15 වෙනිදා..

2026 වර්ෂය සදහා ගිරිතලේගම විද්‍යාලය සදහා 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2025.12.19 දින පෙරවරු 09.00 ට විද්‍යාලයීය සූර්‍ය මණ්ඩපයේදී පැවැත්වේ.

එදිනට පවත්වනු ලබණ සම්මුඛ පරීක්ෂනයෙන් ලබා ගනු ලබන ලකුණු අනුව සිසුන් ඇතුලත් කර ගැනීම සිදුවන අතර ගිරිතලේගම විද්‍යාලයේ 06 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන සියලූම දෙමාපියන් (මව හා පියා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු වේ) ඔබගේ සුදුසුකම් තහවුරු කළ හැකි ලිපි ලේඛන සමගින් ඒ සදහා සහභාගී විය යුතුවේ.

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ දෙමාපිය දැනුවත් කිරීම සිදු කෙරේ..2026 වර්ෂය සදහා ගිරිතලේගම විදුහල් මව් තුරුලට ගැනීමට...
15/12/2025

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ දෙමාපිය දැනුවත් කිරීම සිදු කෙරේ..

2026 වර්ෂය සදහා ගිරිතලේගම විදුහල් මව් තුරුලට ගැනීමට නියමිත 6 ශ්‍රේණියේ සිසුන්ගේ දෙමාපිය හමුව අද දින විද්‍යාලයීය සූර්‍ය මණ්ඩපයේදී සිදු කෙරිණි.

එදිදී ඔවුන්ගේ දූ දරුවන් විද්‍යාලයට බදවා ගැනීමේ ක්‍රමවේදය පිළිබදව දැනුවත් කිරීම හා ඉදිරි වර්ෂය තුළ සිදුවන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව අවබෝධය ලබාදීම සිදු කෙරිණි.

විද්‍යාලාධිපතිනී පද්මා රාජමන්ත්‍රී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවූ මේ සදහා දෙමාපියන් විශාල ප්‍රමාණයක් උනන්දුවෙන් සහභාගී වී සිටීම විශේෂත්වයකි.

ව්

2026 වර්ෂය සදහා 6 ශ්‍රේණියට සිසුන් බදවාගැනීම ඇරඹේ.. ගිරිතලේගම විද්‍යාලය, 6 ශ්‍රේණිය සදහා නව සිසුන් බදවා ගැනීම මෙම මස 15 ...
09/12/2025

2026 වර්ෂය සදහා 6 ශ්‍රේණියට සිසුන් බදවාගැනීම ඇරඹේ..

ගිරිතලේගම විද්‍යාලය, 6 ශ්‍රේණිය සදහා නව සිසුන් බදවා ගැනීම මෙම මස 15 දින උදේ 9 ට විද්‍යාලයීය සූර්‍ය මණ්ඩපයේදී ආරම්භ වීමට නියමිත වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් 6 ශ්‍රේණියේ විෂය මාලාව හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමයේ සිදුවන වෙනස්වීම් හා ගිරිතලේගම විද්‍යාලයේ 6 ශ්‍රේණිය සදහා සිසුන් බදවා ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබදව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන එදින පැවැත්වේ.

ඒ සදහා 2026 වර්ෂයට 6 ශ්‍රේණිය සදහා ගිරිතලේගම විද්‍යාලයට දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන් හට සහභාගීවන ලෙසට ඇරයුම් කර සිටිමු.



නිරන්තරව යාවත්කාලීන වන විද්‍යාලයීය තොරතුරු දැනගැනීමට පහත ලින්ක් එකෙන් ගිරිතලේගම නිළ වට්ස්අප් පිටුව Fallow කරන්න.
https://whatsapp.com/channel/0029VaJtDoK8aKvSMT2QyP09

නව විද්‍යාලාධිපතිනිය රාජකාරී අරඹයි.. හිටපු විදුහල්පති ගරු උපාලි ඉලංගකෝන් මැතිතුමාන්ගේ විශ්‍රාම යාමත් සමග පුරප්පාඩු වූ ගි...
14/08/2025

නව විද්‍යාලාධිපතිනිය රාජකාරී අරඹයි..

හිටපු විදුහල්පති ගරු උපාලි ඉලංගකෝන් මැතිතුමාන්ගේ විශ්‍රාම යාමත් සමග පුරප්පාඩු වූ ගිරිතලේගම විද්‍යාලයේ නව විද්‍යාලාධිපති ලෙස ගරු පද්මා රාජමන්ත්‍රී මැතිනිය සිය රාජකාරී කටයුතු අද පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් ආරම්භ කරන ලදී.

ඒ සදහා හිටපු විද්‍යාලාධිපතිතුමන් හා විද්‍යාලයේ අධ්‍යන හා අනධ්‍යන කාර්‍යමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් එකතු විය.

2002 වර්ෂයේ උපාධිදාරී ගුරුවරයෙකු වශයෙන් අධ්‍යාපන පද්ධතියට එකතුවන රාජමන්ත්‍රී මැතිනිය 2013 වර්ෂයේ සිට ගුරුවරියක ලෙස සිය සේවය ගිරිතලා දූ දරුවන් හට ලබා දෙනු ලැබීය.
පසුව 2016 වර්ෂයේදී ශ්‍රේණිධාරී විදුහල්පතිනියක ලෙසින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයට එක්වන ඇය එතැන් පටන් ගිරිතලේගම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙසින් සිය සේවාව මේතාක් කාලයක් ලබාදෙනු ලැබ අද දින සිට විදුහල්පතිනිය ලෙසින් සිය රාජකාරී කටයුතු ගිරිතලා විදු පියසේ ඉටුකරනු ඇත.

කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිදාරිණියක වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපනවේදී ඩිප්ලෝමා ධාරිණියක වේ.

නව තනතුරේ වැඩ ආරම්භ කරනලද ගිරිතලා විදුබිමේ අභිනව නියමුවරියනි, ඔබට උණුසුම් සුබපැතුම්.!!

ගිරිතලාවෙන් බැස යන පුරාවෘත්තය..1965 වර්ෂයේ අගෝස්තු මස 14 නම් අදවන් දිනක ඒච්. ඒ. කොඩිකාර මැතිණියට සහ පී. ඩී ඉලංගකෝන් මැති...
13/08/2025

ගිරිතලාවෙන් බැස යන පුරාවෘත්තය..

1965 වර්ෂයේ අගෝස්තු මස 14 නම් අදවන් දිනක ඒච්. ඒ. කොඩිකාර මැතිණියට සහ පී. ඩී ඉලංගකෝන් මැතිදුන්ට දාව උපන් උපාලි ඉලංගකෝන් නම් සොදුරු මිනිසා, දරුවන් සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා විය.

කවුඩුල්ල මහා විද්‍යාලයෙන් හා හල්ලොලුව මහා විද්‍යාලයෙන් මූලික හා ද්වීතීක අධ්‍යාපන ද පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් සිය තෘතීක අධ්‍යාපනයත් නිමාකර විවිධ වෘත්තීන්ගේ නියලී අවසානයේ ගුරුවෘත්තියට සම්බන්ධ වී පසුව විදුහල්පති විභාගය සමත්ව ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක් ලෙස යෝධඇල සහ යටියල්පතාන විද්‍යාලවල සේවයේ නිරතව 2015 මැයි මස 15 දින ගිරිතලේගම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වැඩ ආරම්භ කරනු ලැබූ අප විද්‍යාලයේ කීර්තිමත් විද්‍යාලාධිපතිවරයා අද දින සිය දිවියේ වර්ෂ හැට සම්පූර්ණ වීම නිසාවෙන් විශ්‍රාම දිවියට එලබෙනු ලබනවා.

දශකයක් පුරාවට සිය ශ්‍රමය, ධනය වැය කරමින් අමිල මෙහෙවරක් ගිරිතලා විදුපියස වෙනුවෙන් ඉටුකර බැස යන උපාලි ඉලංගකෝන් ගරු විදුහල්පතිතුමණි, ඔබට නිදුක් නිරෝගී සුව විශ්‍රාම දිවියක් හා සුභ උපන්දිනයක් වේවා.!!!

අ. පො. ස. උසස් පෙළ 2027 සදහා විෂයන් තෝරාගැනීම පිළිබදව සිසුන් දැනුවත් කිරීමේ විශේෂ දේශණය සහ නව සිසුන් බදවා ගැනීමේ සම්මුඛ ...
20/07/2025

අ. පො. ස. උසස් පෙළ 2027 සදහා විෂයන් තෝරාගැනීම පිළිබදව සිසුන් දැනුවත් කිරීමේ විශේෂ දේශණය සහ නව සිසුන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2025.07.22 දින උදේ 9 ට විද්‍යාලයීය සූරිය මණ්ඩපයේදී පැවැත්වේ.

ඔබ විසින් සකස් කරගත් අයදුම්පත්‍රයක් ද රැගෙන ඒ සදහා සහභාගී වන්න.

වසර ගණනක් අකණ්ඩව දිස්ත්‍රික්කයේ ප්‍රථමයන් බිහිකළ අභිමාණවත් ගිරිතලා මවුන් ඔබගේ සරසවි සිහිනය සැබෑකිරීමට සූදානමින් සිටි..

ඒ සිහිනය සැබෑවක් කර ගන්න ඔබත් එන්න..

උතුරු මැද පාසල් හෙට දිනයේ වැසේ.. පවතින අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් හෙට (2025.01.20) දින උතුරුමැද පළාතේ සියලූම පාසල් සදහ...
19/01/2025

උතුරු මැද පාසල් හෙට දිනයේ වැසේ..

පවතින අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් හෙට (2025.01.20) දින උතුරුමැද පළාතේ සියලූම පාසල් සදහා නිවාඩු ලබාදීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.

උතුරුමැද පළාත් ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ලිඛිත නිවේදනයක් මගින් මෙලෙස නිවාඩු ලබාදීමට කටයුතු කර තිබෙනවා.

අදාල නිවේදනය පහළින්..

ගිරිතලා විදුබිමට වසර 75යි.. සියලූම දෙනාට ආරාධනා..
28/12/2024

ගිරිතලා විදුබිමට වසර 75යි..

සියලූම දෙනාට ආරාධනා..

ටෙන්ඩර කැදවීමයි..!! ගිරිතලේගම විද්‍යාලයේ ආපන ශාලාව සදහා 2025 වර්ෂයට ටෙන්ඩර කැදවනු ලැබේ. දිනකට අනිවාර්‍ය අවම ගාස්තුව රු.1...
22/12/2024

ටෙන්ඩර කැදවීමයි..!!

ගිරිතලේගම විද්‍යාලයේ ආපන ශාලාව සදහා 2025 වර්ෂයට ටෙන්ඩර කැදවනු ලැබේ.

දිනකට අනිවාර්‍ය අවම ගාස්තුව රු.1500.00

අයදුම්පත් 2024.12.31 දිනට පෙර
විදුහල්පති, ගිරිතලේගම විද්‍යාලය, ගිරිතලේ ලිපිනයට ලැබීමට සලස්වන්න.

අයදුම් කිරීමේදී ලියුම් කවරයේ වම්පස ඉහළ කෙලවරේ "ආපනශාලාව සදහා අයදුම් කිරීම - 2025" ලෙස ලියා එවීමට කටයුතු කරන්න.

වැඩි විස්තර සදහා අමතන්න විදුහල්පති (071) 368 6931
*කොන්දේසී සහිතයි.

ශිෂ්‍ය නායක පුහුණු කදවුර 20242024 හා 2025 වර්ෂ සදහා තෝරාපත්කර ගන්නා ලද ගිරිතලේගම විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය සදහා වූ ...
30/11/2024

ශිෂ්‍ය නායක පුහුණු කදවුර 2024

2024 හා 2025 වර්ෂ සදහා තෝරාපත්කර ගන්නා ලද ගිරිතලේගම විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය සදහා වූ නායකතව පුහුණු කදවුර පසුගියදා පොලොන්නරුව මෛත්‍රී සෙවන නිවාඩු නිකේතනයේදී පැවැත්විණි.

දෙදින නේවාසික පුහුණු කදවුරක් ලෙස පැවැත්වූ මෙම වැඩසටහන සදහා කණිශ්ඨ හා ජේෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් 213 දෙනෙක් සහභාගී විය. ඔවුන්ව කණ්ඩායම් 8 ක් ලෙස වෙන් කර හා එම කණ්ඩායම් නායකයින් ලෙස ගුරු මහත්මියක් හා මහත්මියකගේ මෙහෙයවීම මත මෙම වැඩසටහන සිදුකරණ ලදී.

ගෘහස්ත, එළිමහන් හා ජල ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම දෙදින පුහුණු වැඩසටහන විද්‍යාලාදිපති ගරු උපාලි ඉලංගකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුවූ අතර සමස්ථ වැඩසටහන පුරාවට තරුණ සේවා නිළධාරියෙක් ලෙස ඔහු විසින් ලබාගත් දැනුම ක්‍රියාකාරකම් හරහා ශිෂ්‍ය නායක නායිකාවන් වෙත බෙදාදීම විශේෂත්වයකි.

පාලමු දින ආරාධිත දේශක ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබදව හා පුහුණු වැඩසටහන් පිළිබදව ප්‍රවීනත්වයක් උසුලන ගිරිතලේගම විද්‍යාලය සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කරමින් සිය දැනුම හා අත්දැකීම් විද්‍යාලයීය දූ දරුවන් වෙත බෙදාදීමට නිර්ලෝභීව ඉදිරිපත්වන ගරු පාලිත බද්දේගම මහතා සහභාගී විය.

දෙවන දින ආරාධිත දේශනය සදහා පොළොන්නරුව ප්‍රාදේශීය ඉතිහාසය පිළිබදව පර්‍යේෂක හා සම්මානනීය ලේඛක ගරු ආරියවංස අබේසේකර මහතා සහභාගී විය.

බැහැරගත ක්‍රියාශීලී ක්‍රියාකාරකම් වලින් පමණක් නොව, ශිෂ්‍ය නායක නායිකාවන්ගේ රැගුම්, ගැයුම්, නැටුම් විචිත්‍රාංග රැසකින් මෙම වැඩසටහන වර්ණවත්වූ අතර අවසන් දින රාත්‍රීයේ අලංකාර ගිණිකෙළි හා සෞන්දර්‍යාතමක අංග තුලින් විචිත්‍රවත් වූ ගිණිමැළ සංදර්ශනයකින් පසු සමස්ථ වැඩසටහන නිමා විය.

මේ සදහා සහයෝගය දැක්වූ සියලූම පාර්ශවයන් හට ගිරිතලේගම ශිෂ්‍ය නායකයින් සදහා වූ නායකත්ව මණ්ඩලය සිය ගෞරව පූර්වක ස්තූතිය මෙසේ පුදකරන සිටී.

දෙදින සමස්ථ පුහුණු වැඩසටහනේ ඡායාරූප කිහිපයක් පමණක් මෙහි දක්වා ඇති අතර
විද්‍යාලයීය මාධ්‍ය ඒකකය මගින් ආවරණය කළ පළමු දින සමස්ථ ඡායාරූප එකතුව පහත ලින් එකෙන් පිවිස නැරබිය හැක.

https://www.facebook.com/share/19j2zgAqjK/?

එමෙන්ම දෙවන දින සමස්ත ඡායාරූප එකතුව පහත ලින්ක් එකෙන් පිවිස නැරබිය හැක.

https://www.facebook.com/share/17w3uPQc7j/?

විද්‍යාලයීය වට්ස්ඇප් චැනලය සමග පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.

https://whatsapp.com/channel/0029VaJtDoK8aKvSMT2QyP09

30/11/2024

Address

Polonnaruwa
51026

Telephone

+94272246202

Website

Alerts

Be the first to know and let us send you an email when Giritalegama National College - Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Giritalegama National College - Official:

Share

Category