NPP Polonnaruwa

NPP Polonnaruwa Official NPP Page of Polonnaruwa District

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ,"පුනරුදයට මග" මාර්ග සංවර්ධන වැඩපිළිවෙල යටතේ ලංකාපුර ජය පුර ග්‍රාම නිලධාරී වසමේ "මෝදිනාර් ...
02/06/2026

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ,"පුනරුදයට මග" මාර්ග සංවර්ධන වැඩපිළිවෙල යටතේ ලංකාපුර ජය පුර ග්‍රාම නිලධාරී වසමේ "මෝදිනාර් මාර්ගය" රුපියල් මිලියන 25ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කිරීම. මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති තුමන්, ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිය..

IMF වෙතින් ඩොලර් මිලියන 695 ක ණය මුදලක් .
28/05/2026

IMF වෙතින් ඩොලර් මිලියන 695 ක ණය මුදලක් .

28/05/2026

සීමාසහිත මැදිරිගිරිය සමූපකාර සමිතිය මගින් මැදිරිගිරිය නව නගරය ප්‍රදේශයේ සමූපකාර නව ග්‍රාමීය බැංකු ශාඛාවක් විවෘත කිරීම. මේ සඳහා ගරු කථානායක තුමන්, පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති අමල් දිසානායක, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ජයතිලක බණ්ඩා, මැදිරිගිරිය සමූපකාර සමිතියේ සභාපති අරුණ ශාන්ත ගලබඩගේ ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

27/05/2026

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සම්බන්ධව ප්‍රචාරය කරන ව්‍යාජ පුවතට නීතිමය ක්‍රියාමාර්ග

27/05/2026

විපක්ෂයෙන් කිසිවෙක් ආණ්ඩුවට ගන්නෙ නෑ

ඉන්ධන මිල සම්බන්ධයෙන් වන ප්‍රචාරයන් අසත්‍යයි.
26/05/2026

ඉන්ධන මිල සම්බන්ධයෙන් වන ප්‍රචාරයන් අසත්‍යයි.

ජාතික පුනරුදයට පෙරමග කියන වැලිකන්ද ප්‍රාදේශීය සංඝ සභාව පිහිටුවීම අද දින සිදු කෙරිණ.පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ වැලිකන්ද ප්...
26/05/2026

ජාතික පුනරුදයට පෙරමග කියන
වැලිකන්ද ප්‍රාදේශීය සංඝ සභාව පිහිටුවීම අද දින සිදු කෙරිණ.

පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ වැලිකන්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික භික්‍ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු වූහ.

මෙම අවස්තව සදහා දිඹුලාගල නායක ගෞරවනීය රාහුලාලංකාර ස්වාමීන්වහන්සේ, ජාතික භික්ෂු පෙරමුණ නියෝජනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, ප්‍රදේශයයේ විහාරස්ථානවල වැඩ වාසය කරන්නාවූ ගෞරවනීය ස්වාමීන්වහන්සේලාගේ සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි සහෝදරයා, වැලිකන්ද ප්‍රාදේශීය සභා සභාපති ඩි.ඩබ්. වසන්ත සහෝදරයා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහෝදරවරුන් ද, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් තුමා, මහවැලි ව්‍යාපාර නේවාසික කළමනාකාරතුමාද, ප්‍රදේශයේ ගිහි බවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

සීමාසහිත මැදිරිගිරිය සමූපකාර සමිතිය මගින් මැදිරිගිරිය නව නගරය  ප්‍රදේශයේ සමූපකාර නව ග්‍රාමීය බැංකු ශාඛාවක් විවෘත කිරීම. ...
26/05/2026

සීමාසහිත මැදිරිගිරිය සමූපකාර සමිතිය මගින් මැදිරිගිරිය නව නගරය ප්‍රදේශයේ සමූපකාර නව ග්‍රාමීය බැංකු ශාඛාවක් විවෘත කිරීම. මේ සඳහා ගරු කථානායක තුමන්, පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති අමල් දිසානායක, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ජයතිලක බණ්ඩා, මැදිරිගිරිය සමූපකාර සමිතියේ සභාපති අරුණ ශාන්ත ගලබඩගේ ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

💧🇱🇰 රත්මල් කණ්ඩිය ජල සම්පාදන යෝජනා ක්‍රමයේ වැඩ ආරම්භ කෙරේ 🇱🇰💧රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ, ජ...
24/05/2026

💧🇱🇰 රත්මල් කණ්ඩිය ජල සම්පාදන යෝජනා ක්‍රමයේ වැඩ ආරම්භ කෙරේ 🇱🇰💧

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමඟ ක්‍රියාත්මක කරන “නැගී එන කලාප වල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය (RIDEP)” යටතේ උතුරු මැද පළාතේ රත්මල් කණ්ඩිය ජල සම්පාදන යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු ආරම්භ කිරීම 2026.05.23 දින සිදු කෙරිණි. 💙

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ මුදුන්ගම උප ව්‍යාපෘති ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිත හා ප්‍රමිතියෙන් යුතු පානීය ජලය ලබාදීම මඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, ආර්ථිකය ශක්තිමත් කිරීම සහ දරිද්‍රතාවය අවම කිරීමයි.

📍 ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශය: මුදුන්ගම ග්‍රාම නිලධාරී කොට්ඨාශය (GND 298)
📍 ආවරණය වන ගම්මාන: රත්මල් කණ්ඩිය, මුදුන්ගම

🏠 2026 වන විට ගෘහ 787කටත්, 2035 වන විට ගෘහ 900කටත් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හිමිවීමට නියමිත අතර, ජනගහනය 2990 සිට 3419 දක්වා ප්‍රතිලාභ ලබනු ඇත.

💰 සංශෝධිත කොන්ත්‍රාත් වටිනාකම රු. 248,567,820.70ක් වන මෙම ව්‍යාපෘතිය 2027 අප්‍රේල් මාසය වන විට නිම කිරීමට සැලසුම් කර ඇත.

🔹 ව්‍යාපෘතියේ ප්‍රධාන සංවර්ධන කටයුතු:
✅ දිනකට ඝන මීටර් 1800ක ධාරිතාවයෙන් යුත් වායුකාරකයක් ඉදිකිරීම
✅ ඝන මීටර් 200ක ජල ගබඩා ටැංකියක් ඉදිකිරීම
✅ රළු පෙරහන් පද්ධති දෙකක් ඉදිකිරීම
✅ ජල පොම්ප හා ක්ලෝරිනේටර් පද්ධති සවි කිරීම
✅ කිලෝමීටර් 9.8කට ආසන්න HDPE හා uPVC ජල නල පද්ධතිය එලීම
✅ සූර්ය බලශක්ති පද්ධතියක් සවි කිරීම
✅ ආසන්න වශයෙන් ගෘහ 720කට නොමිලේ ජල සම්බන්ධතා ලබාදීම

💦 මෙම ව්‍යාපෘතිය මඟින්:
✔️ ආරක්ෂිත පානීය ජලය ලබාගැනීම පහසු වේ
✔️ පානීය ජලය සඳහා වැයවන අමතර වියදම් අඩුවේ
✔️ ජලයෙන් බෝවන රෝග අවම කිරීමට හැකිවේ
✔️ ප්‍රදේශවාසී ජනතාවගේ සෞඛ්‍ය හා ජීවන තත්ත්වය ඉහළ යයි

මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මැතිතුමන්, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් රත්නසිරි මැතිතුමන්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් චතුරංග මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන්, රජයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ. 🤝💧

24/05/2026

Address

No 888/1, 28Mile Post
Polonnaruwa

Telephone

+94719178866

Alerts

Be the first to know and let us send you an email when NPP Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Polonnaruwa:

Share