රොෂාන් සමග මැදිරිගිරිය අපි - Roshan samaga Medirigiriya Api

  • Home
  • Sri Lanka
  • Polonnaruwa
  • රොෂාන් සමග මැදිරිගිරිය අපි - Roshan samaga Medirigiriya Api

රොෂාන් සමග මැදිරිගිරිය අපි - Roshan samaga Medirigiriya Api Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රොෂාන් සමග මැදිරිගිරිය අපි - Roshan samaga Medirigiriya Api, Government Organization, Polonnaruwa.

01/10/2022
10/09/2022

සැබෑ කාන්තා විමුක්තිය උදාකරමින් බුදු සසුනේ සිව්වනක් පිරිස සම්පූර්ණ කරමින් භික්ෂුනී ප්‍රවෘජ්‍යාව ඇරඹි පින්බර බිනර පුර පසොළොස්වක පොහොය දිනය අදයි !

කාන්තාව මාතෘත්වයේ සංකේතය යි. සිය ස්වාමියා මළ විට එම දර සෑයට පැන තම දිවි හානිකර ගැනීමට සිදු වූ කාන්තාවට විමුක්තිය උදාකරගැනීමට හැකියාව ලැබුණේ බිනර පෝය දිනයක පැවිද්ද හා උපසම්පදාව ලැබීමෙන් භික්ෂුණී ශාසනය ආරම්භ වීමෙනි.ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී ,භික්ෂුනී උපසම්පදාවට අවසරය ලැබුණේ පැනවූ අෂ්ට ගුරු ධර්ම වලට එකඟවීමේ පදනම මතය.
ඒ අනුව,සම්බුදු සසුනේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සුවිශේෂී සිදුවීමකි. කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව ලබා දීමට බුදුරජාණන් වහන්සේ ගත් උතුම් තීරණය මනුෂ්‍ය ඉතිහාසයේ අතිශය වැදගත්කමක් දරයි.

පොළොන්නරු යුගයේ අවසානය දක්වාම මෙරට භික්ෂුනී ප්‍රවෘජ්‍යාව පැවති අතර පරසතුරු ආක්‍රමණ නිසා එය අභාවයට ගිය අතර වත්මන් ථේරවාද සම්බුද්ධ සාසනය තුළ භික්ෂුනී පැවිද්ද නොමැත.එදාමහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟ විවෘත කළ බවත් , කාත්තාවන් පනිසියයක් එම බිනර පොහොය දින සසුන් ගතවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

ශ්‍රී ලාංකික බෞද්ධයනට බිනර පොහොය දිනය සුවිශේෂී වන තවත් හේතු සාධකයන් වන්නේ වන්නේ, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්,ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදු වීමය.
මේ අනුව බිනර පෝය දිනය කාන්තා විමුක්ති දිනයක් ලෙස සැළකීම යුක්ති සහගත වේ. එය සමස්ත කාන්තා පරපුරටම මානව අයිතිවාසිකම් තහවුරු කෙරෙන නිවනේ සැනසිල්ල ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසුන උත්කෘෂ්ට දිනයක් වන්නේය....


උතුම් තෙරුවන්සරණයි !!!
සැමට පින්බර බිනර පොහෝ දිනයක් වේවා!

30/08/2022
27/08/2022

ත්‍රීවීල් පදින්න නෙවෙයි මේවට එවන්න, අවුරුදු 5ක් මහන්සි උනොත් උන්ගේ හීන ගොඩ නගා ගන්න හරි පදනමක් වැටෙනවා ස්ථීරයි..

Address

Polonnaruwa

Telephone

+94741243304

Website

Alerts

Be the first to know and let us send you an email when රොෂාන් සමග මැදිරිගිරිය අපි - Roshan samaga Medirigiriya Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share