Divisional Secretariat Polgahawela

Divisional Secretariat Polgahawela Vision - Excellent service to Polgahawela

01/06/2026
01/06/2026

🚨රථවාහන වැරදි CCTV මඟින් හඳුනාගෙන ඇති බව පවසමින්, SMS සහ WhatsApp හරහා ව්‍යාජ පණිවිඩ යොමු කරමින් ජනතාව ඉලක්ක කරන වංචාකරුවන් පිළිබඳව වාර්තා වී ඇත.

මෙහිදී නිල Gov Pay සේවාවට සමාන ව්‍යාජ වෙබ් අඩවි භාවිත කරමින්, ඔබගේ වාහන තොරතුරු සහ බැංකු කාඩ්පත් විස්තර ලබාගෙන මුදල් සොරකම් කිරීම සිදු කරයි.

⚠️ සැලකිලිමත් වන්න:

📍නොදන්නා Links මත ක්ලික් නොකරන්න.
📍OTP, PIN, CVV කිසිවෙකුට ලබා නොදෙන්න.
📍නිල .gov.lk වෙබ් අඩවි පමණක් භාවිතා කරන්න.
📍විදේශීය අංකවලින් ලැබෙන දඩ/ගෙවීම් පණිවිඩ විශ්වාස නොකරන්න.

ඔබේ දත්ත ආරක්ෂා කරගැනීම ඔබේ වගකීමකි. දැනුවත් වන්න. ප්‍රවේශම් වන්න. සුරක්ෂිතව සිටින්න.

பொதுப் பாதுகாப்பு எச்சரிக்கை - போலி போக்குவரத்து அபராத அறிவிப்புகள்

சிசிடிவி (CCTV) கண்காணிப்பு மூலம் போக்குவரத்து விதிமீறல்கள் கண்டறியப்பட்டுள்ளதாகக் கூறி, மோசடி செய்பவர்கள் SMS மற்றும் வாட்ஸ்அப் (WhatsApp) மூலம் தனிநபர்களை இலக்கு வைத்து ஏமாற்றி வருவது எங்கள் கவனத்திற்கு வந்துள்ளது.

இந்த மோசடி எவ்வாறு செயல்படுகிறது:

குற்றவாளிகள் உத்தியோகபூர்வ 'GovPay' தளத்தை அப்படியே பிரதிபலிக்கும் வகையில் வடிவமைக்கப்பட்ட போலி வலைத்தளங்களைப் பயன்படுத்துகின்றனர். பாதிக்கப்பட்டவர்கள் அபராதம் செலுத்துவதாக நினைத்து, தங்களது வாகன விபரங்கள் மற்றும் வங்கி அட்டை விபரங்களை உள்ளிடுமாறு தூண்டப்படுகிறார்கள். இதன் மூலம் மோசடி செய்பவர்கள் அவர்களின் கணக்குகளிலிருந்து சட்டவிரோதமாகப் பணத்தைப் பெற்றுக் கொள்கின்றனர்.

⚠️ முக்கிய பாதுகாப்பு வழிகாட்டுதல்கள்
லிங்குகளை கிளிக் செய்ய வேண்டாம்: குறுஞ்செய்திகள் அல்லது செய்திப் பரிமாற்ற செயலிகள் மூலம் வரும் தேவையற்ற, அறிமுகமில்லாத எந்தவொரு லிங்கையும் கிளிக் செய்வதைத் தவிர்க்கவும்.

ரகசிய விபரங்களைப் பாதுகாக்கவும்: உங்களது ஒருமுறை பயன்படுத்தும் கடவுச்சொல் (OTP), பின் (PIN) எண்கள் அல்லது அட்டை பாதுகாப்பு குறியீடுகளை (CVV) யாருடனும் பகிர்ந்து கொள்ள வேண்டாம். உத்தியோகபூர்வ நிறுவனங்கள் ஒருபோதும் இந்த விபரங்களைக் கோர மாட்டா.

இணைய முகவரியை (URL) சரிபார்க்கவும்: நீங்கள் பயன்படுத்துவது .gov.lk என்ற உத்தியோகபூர்வ அரச இணையத்தள முகவரியைக் கொண்ட பகுதிதானா என்பதை எப்போதும் உறுதிப்படுத்திக் கொள்ளுங்கள்.

மூலத்தை சரிபார்க்கவும்: சர்வதேச தொலைபேசி எண்களிலிருந்து வரும் உள்நாட்டுப் போக்குவரத்து அபராதங்கள் அல்லது அரசாங்கக் கொடுப்பனவுகள் தொடர்பான எந்தவொரு அறிவிப்புகளையும் புறக்கணிக்கவும்.

உங்களது டிஜிட்டல் சொத்துக்களையும் தனிப்பட்ட விபரங்களையும் பாதுகாப்பது நம் அனைவரினதும் கூட்டுப் பொறுப்பாகும். தகவல்களை அறிந்திடுங்கள். விழிப்புடன் இருங்கள். பாதுகாப்பாக இருங்கள்.

PUBLIC SECURITY ADVISORY - FRAUDULENT TRAFFIC FINE NOTIFICATIONS
It has been brought to our attention that scammers are actively targeting individuals via SMS and WhatsApp, falsely claiming that traffic violations have been detected through CCTV surveillance.

How the Scam Works,
Perpetrators are using fraudulent websites designed to closely mimic the official GovPay platform. Victims are prompted to enter their vehicle credentials and banking card details under the guise of paying a fine, allowing scammers to illicitly withdraw funds from their accounts.

⚠️ Critical Security Guidelines

Do Not Click - Avoid clicking on any unsolicited links received via text messages or messaging apps.

Protect Sensitive Data - Never share your One-Time Passwords (OTP), PINs, or CVV numbers with anyone. Official entities will never request this information.

Verify the URL - Always ensure you are interacting with official government portals carrying the .gov.lk domain suffix.

Check the Source - Disregard any notifications regarding domestic traffic fines or government payments originating from international phone numbers.

Protecting your digital assets and personal data remains a shared responsibility. Stay informed. Stay vigilant. Stay secure.

31/05/2026

2570 වන වෙසක් මහෝත්සවය වෙනුවෙන් පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මගින් 2026.05.27 වන දින සංවිධානය කරනු ලැබු පිණ්ඩපාත දානමය වැඩසටහන

29/05/2026

⚡ බලශක්තිය කළමනාකරණය කරමු - රටම දිනවමු! 🇱🇰

28/05/2026

ඩේටා දන්සල් හරහා නොමිලයේ ඩේටා ලබා ගන්නා ලෙස සදහන් පණිවිඩ මෙවර වෙසක් සමයේද අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. පසුගිය වෙසක් සමයේද මෙවැනිම පණිවිඩයක් හරහා වංචාකරුවන් විසින් බොහෝ පිරිසකගේ පුද්ගලික දත්ත සොරා ගෙන තිබුණි. එබැවින් මෙවර එම වංචාවන්ට හසු නොවන ලෙස Sri Lanka CERT ආයතනය සැමදෙනාගෙන් ඉල්ලා සිටී.

28/05/2026

ස්වභාවදහමට හිතකාමී උතුම් දානයක්
මෙවර වෙසක් දන්සල - ප්ලාස්ටික්වලින් තොරව🙏💚

🛑කැන්ද කොළ / නෙළුම් කොළ – කෙටි ආහාර සඳහා 🍽️
🛑කෙසෙල් කොළ – ප්‍රධාන ආහාර බෙදීම සඳහා 🍌
🛑කඩදාසි කෝප්ප – පාන වර්ග බෙදීම සඳහා ☕

පින් පුරවාගන්නා දන්සල, පරිසරය වනසන තැනක් වීමට ඉඩ නොදෙමු!

28/05/2026

Press release : ජන මාධ්‍ය නිවේදනය
වැඩිහිටි දිමනාව 29 වන දා සිට !

🟢 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා වැඩසටහනට කැබිනට් අනුමැතිය 🟢ජනාධිපති ලේකම් කාර්යාලය,  බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා...
28/05/2026

🟢 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා වැඩසටහනට කැබිනට් අනුමැතිය 🟢

ජනාධිපති ලේකම් කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම සියලූම සියලූම රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශය සහ මහජනතාව සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

පොසිල ඉන්ධන මත අධික ලෙස රඳා පැවතීම, අහිතකර කාලගුණය, භූ දේශපාලනික අස්ථාවරත්වය සහ ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව ඇති අතර, පාරිභෝගිකයන්ගේ අවිධිමත් විදුලි භාවිතය නිසා ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල කරයි. මෙම තත්ත්වය කළමනාකරණය කරමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා, පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර ජනනය වන කාලසීමාවන් තුළ විදුලිය පරිභෝජනය කිරීමට මහජනතාව යොමු කිරීම සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය චර්යාත්මක වෙනස්කම් ඇති කිරීම අරමුණු කරගනිමින් ඉදිරියේදී වඩාත් ත්‍රීව ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

28/05/2026

ශ්‍රී ලංකා CERT ආයතනයෙන් මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්
මාර්ග වල සවි කර ඇති CCTV කැමරා පද්ධති මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින්, ශ්‍රී ලංකා පොලීසිය ලෙස හැගෙන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) සහ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ හරහා රියදුරන් මුලාකර මුදල් සහ පෞද්ගලික දත්ත වංචා කිරීමේ සයිබර් ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා CERT ආයතනය මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර සිටී.
මෙම ව්‍යාජ පණිවුඩ ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද නිල දැනුම්දීම් ලෙස පෙනී යන අයුරින් සකස් කර ඇති අතර, ව්‍යාජ දුරකථන අංක සහ සබැඳි (Links) භාවිත කරමින් ජනතාව වෙත යොමු කරනු ලබන බවට නිරීක්ෂණය වී ඇත.
අදාළ පණිවුඩ මඟින් පරිශීලකයින් ව්‍යාජ වෙබ් අඩවියක් වෙත යොමු කරමින්, රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවන ලෙස උපදෙස් ලබා දේ. මෙම වෙබ් අඩවි‍ය රජයේ නිල ‘GovPay’ ගෙවීම් පද්ධතියට බෙහෙවින් සමාන වන අයුරින් නිර්මාණය කර ඇති බැවින්, සාමාන්‍ය ජනතාව නොමඟ යාමේ දැඩි අවදානමක් පවතී.
මෙවැනි ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස ගෙවීම් සිදු කරන අවස්ථාවලදී, ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ්පත් තොරතුරු, OTP කේත, ජාතික හැඳුනුම්පත් තොරතුරු සහ අනෙකුත් සංවේදී පෞද්ගලික දත්ත වංචාකරුවන් සතු විය හැකි බව ශ්‍රී ලංකා CERT ආයතනය අවධාරණය කරයි.
ඒ අනුව, මහජනතාව පහත කරුණු පිළිබඳ විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතුය.
• SMS හෝ WhatsApp මඟින් ලැබෙන සැකකටයුතු සබැඳි මත ක්ලික් කිරීමෙන් වළකින්න.
• දඩ මුදල් ගෙවීමට පෙර වෙබ් අඩවියේ නිලභාවය තහවුරු කරගන්න.
• නොදන්නා හෝ සැකසහිත වෙබ් අඩවිවලට බැංකු හෝ කාඩ්පත් තොරතුරු ලබා නොදෙන්න.
• OTP කේත හෝ පුද්ගලික තොරතුරු කිසිදු තෙවන පාර්ශවයකට ලබා නොදෙන්න.
• සැකකටයුතු පණිවුඩ හෝ වෙබ් අඩවි පිළිබඳව වහාම ශ්‍රී ලංකා CERT ආයතනය හෝ ශ්‍රී ලංකා පොලිසිය වෙත දැනුම් දෙන්න.
තවද, ‘GovPay’ පද්ධතිය හරහා රථවාහන දඩ මුදල් ගෙවීම සිදු කළ යුත්තේ පොලිස් නිලධාරියෙකු විසින් නිල වශයෙන් වරදක් දැනුම් දීමෙන් සහ නිල දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමෙන් පසුව පමණක් බව ද ශ්‍රී ලංකා CERT ආයතනය මහජනතාවට සිහිපත් කරයි.
ශ්‍රී ලංකා CERT ආයතනය සියලුම අන්තර්ජාල සහ ඩිජිටල් සේවා භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි සයිබර් වංචා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසයි.

Address

Sri Sumangala Road
Polgahawela
60300

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Polgahawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share