National Youth Front - United National Party

National Youth Front - United National Party Official page of the National Youth Front, of the United National Party.
(221)

ජාතික යොවුන් පෙරමුණ -එක්සත් ජාතික පක්ෂය.

එක්සත් ජාතික පක්ෂයේ පළමු අනුබද්ධ සංවිධානය ලෙස සමස්ත ලංකා තරුණ පෙරමුණ ගොඩනගාගත් බවටයි පක්ෂ ඉතිහාසයේ සඳහන් වන්නේ.
පක්ෂයේ ප්‍රථම වාර්ෂික සම්මේලන වාරය පැවැත්වීමට සූදානම්වන අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මැතිතුමාට අයත් රත්මලානේ කඳවල වත්තේ පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයට තරුණ පිහිටුවිය යුතුය යන අදහස යෝජනාවී ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප

ළමු තරුණ පෙරමුණේ සභාපතිවරයා ලෙස ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා පත්විය. එසේ ඉදිරියට ගමන්කල සමස්ත ලංකා තරුණ පෙරමුණ වඩාත් සංවිධානාත්මක ලෙස කටයුතු අරඹන්නේ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් පක්ෂ නායකත්වයට පත්වීමත් සමගිනි.

එදා එම සමස්ත ලංකා තරුණ පෙරමුණ සමග එක්ව කටයුතු කල තරුණ නීතීඥවරයෙකුවූ රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මෙරට පළමු යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වීමත් එමෙන්ම දෙවරක්ම අග්‍රාමාත්‍යධූරයට මෙන්ම පක්ෂ නායකත්වයට පත්වීමත් එක්සත් ජාතික පක්ෂය තුළ තරුණයින්ට ඇති ඉඩ ප්‍රස්ථාව පෙන්වීමට කදිම උදාහරණ බව නොකිවමනාය.

1994 දී පක්ෂ නායකත්වයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්වීමත් සමග ජාතික යොවුන් පෙරමුණ නමින් ප්‍රතිසංවිධානය වන එක්සත් ජාතික පක්ෂයේ තරුණ ව්‍යාපාරය අද මෙරට ඇති ප්‍රබලතම තරුණ දේශපාලන ව්‍යාපාරයකි. 1995 වසරේදී හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න ජාතික යොවුන් පෙරමුණේ පළමු සභාපතිවරවයා ලෙස පත්වන අතර ප්‍රධාන ලේකම්වරයා ලෙස පා.ම අකිල විරාජ් කාරියවසම් මහතාද තේරීපත්විය.

ඉන්පසු ජාතික යොවුන් පෙරමුණේ සභාපතිවරුන් ලෙස සුනිල් ජයවීර, අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද කටයුතු කොට ඇති අතර වර්තමානයේ පා.ම රුවන් විජේවර්ධන මහතා ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධූරය හොබවයි.

ශ්‍රී ලාංකික තරුණයා නවීන ලෝකයට ඔබින ලෙස දැනුමෙන් සවිබල ගැන්වීමත් නිදහස්කාමී අදහස් ඇති පරිපූර්ණ පුරවැසියෙකු ලෙස බිහිකිරීමත් ජාතික යොවුන් පෙරමුණේ මූලික පරමාර්ථයකි.

ජාතික යොවුන් පෙරමුණේ ප්‍රධානත්වයෙන් සිදු කරන,"සිරිකොත කරුණා මෙහෙවර"සිදුවූ ව්‍යසනය හමුවේ විපතට පත් ජනතාවට සහන සැපයීමෙ වැඩ...
29/11/2025

ජාතික යොවුන් පෙරමුණේ ප්‍රධානත්වයෙන් සිදු කරන,

"සිරිකොත කරුණා මෙහෙවර"

සිදුවූ ව්‍යසනය හමුවේ විපතට පත් ජනතාවට සහන සැපයීමෙ වැඩසටහන වෙනුවෙන් ඔබත් හැකි අයුරින් වියලි ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අප වෙත භාරදෙන්න.

ස්ථානය - සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය, පිටකෝට්ටේ

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්”  එක්සත් ජනරජ පෙරමුණේ යෝජනාවලිය ජනපතිට “දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ ප...
27/02/2024

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” එක්සත් ජනරජ පෙරමුණේ යෝජනාවලිය ජනපතිට

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24) පෙරවරුවේ සිදු විය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවයි. ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද පැවසීය.

දේශපාලන බේදයකින් තොරව රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස තමා සෑම අවස්ථාවකදීම සියලු දේශපාලන පක්ෂ වෙත සිදු කරන විවෘත ආරාධනය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අනෙකුත් දේශපාලන පක්ෂවල ද සියලු සාධනීය යෝජනා රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක් කර ගැනීමට තමා පසුබට නොවන බවයි.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී කළ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ලැබීය.

මැතිවරණ පැවැත්වීම පිළිබඳව ද මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් කරූ පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-02-24

ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ජනපති ප්‍රධානත්වයෙන් වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා ...
26/02/2024

ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ජනපති ප්‍රධානත්වයෙන්

වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මේ වන විට නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් බවට පත්කර ගැනීමට බැතිමත් ජනතාවගේ එකමුතුව ඉවහල් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (23) එක්වෙමිනි.

කොළඹ නවම් මහා පෙරහර 45 වන වරටත් ඊයේ (23)රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහරේ සමාරම්භය සනිටුහන් කළේය.

ගංගාරාම විහාරස්ථානයේ ඩිජිටල් වෙබ් අඩවිය විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

පෙරහර සංස්කෘතික මංගල්‍යයට නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නරඹන ජනතාවට නවමු අත්දැකීමක් එක් කිරීමට මෙවර ගංගාරාම විහාරස්ථානය කටයුතු කිරීම අගය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ගංගාරාම විහාරස්ථානය විසින් මෙවර කොළඹ නවම් පෙරහර පවත්වනු ලබන්නේ හතළිස් පස්වෙනි වරටයි. ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා වෙතින් ගංගාරාම පොඩි හාමුදුරුවන් කළ ඉල්ලීමකට අනුව මෙම පෙරහර ආරම්භ කරනු ලැබුවා. ඉන්පසුව රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙම පෙරහර මංගල්‍ය ඉදිරියට කරගෙන එනු ලැබුවා.

මෙම වසර 45ක කාලය සැලකීමේදී අද වන විට විශාල තාක්ෂණික දියුණුවක් ඇති වී තිබෙනවා. ඩිජිටල් වෙබ් අඩවිය ඔස්සේ පෙරහර නැරඹීමටත් මේ වන විට අවස්ථාව සැලසී තිබෙනවා.

රජයේ සහ රාජ්‍ය නොවන ආයතන විශාල සංඛ්‍යාවකගේ උදව් උපකාර මෙම පෙරහර මංගල්‍යයට හිමි වෙනවා. මීට වසර හතළිස් පහකට පෙර තිබුණ පෙරහර සහ අද පෙරහර සංසන්දනය කර බැලූ විට අද පෙරහරේ තාක්ෂණික දියුණුව ඉතා ඉහළයි.

බැතිමතුන්ගේ ශක්තිය එමඟින් පෙන්නුම් කරනවා. බැතිමතුන්ගේ එකතුවීම මත ගොඩනැඟුණු මෙම පෙරහර අද විචිත්‍රවත් වී තිබෙනවා. මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම මා ස්තූතිවන්ත වෙනවා.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

2024-02-24

හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක්  ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි  බස්නාහිර සහ නැගෙනහිර ක්‍රමෝ...
26/02/2024

හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

 බස්නාහිර සහ නැගෙනහිර ක්‍රමෝපායික සංවර්ධන සැලසුම් පිළිබඳවද අනාවරණය කරයි

හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට හම්බන්තොට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පෙන්වා දුන්නේ බස්නාහිර, නැගෙනහිර සහ හම්බන්තොට නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාතේ, නැගෙනහිර පළාතේ මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ සංචාරක කලාප ආශ්‍රිත ක්‍රමෝපායික සංවර්ධන සැලසුම් සහ නාගරික සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරුණු අතර ඊට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව ද විමසා බැලිණි.

මොණරාගල ප්‍රදේශයේ පවතින අමතර ඉඩම් අක්කර දහස් ගණනක් ප්‍රයෝජනයට ගනිමින් නව ආයෝජන කලාප ඇති කිරීමේ සැලසුම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

එපමණක් නොව, නාගරික තදබදය අවම කිරීම වෙනුවෙන් අවිස්සාවේල්ල සහ ඇහැළියගොඩ ඇතුළු ප්‍රදේශ සතු උපායමාර්ගික හැකියාවන් භාවිතයට ගනිමින් නව නගර සංවර්ධනය කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම ඉලක්ක කර ගනිමින් උතුරු කොළඹ වරාය පුළුල් කිරීම සහ කාර්මික හා තොරතුරු තාක්ෂණ උද්‍යාන ඉදිකිරීමේ සැලසුම් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ප්‍රධාන ආයෝජන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. ත්‍රිකුණාමල නගර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ කණ්ඩායමක් පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ආර්ථික වර්ධනය සහ කලාපීය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම උදෙසා ඉන්දු - ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කළේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා සහ අදාළ දිස්ත්‍රික් ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

2024-02-25

02/11/2023

එක්සත් ජාතික පක්ෂයේ  මැයි දින රැලිය මැයි මස  පළමු වෙනිදා උදෑසන 9.00 ට සුගතදාස ගෘහස්ථ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී.
28/04/2023

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය මැයි මස පළමු වෙනිදා උදෑසන 9.00 ට සුගතදාස ගෘහස්ථ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී.

27/04/2023

ඔබ සැමට ආරාධනා !

එක්සත් ජාතික පක්ෂ මැයි දින සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ උදෑසන 9.00 සිට.
27/04/2023

එක්සත් ජාතික පක්ෂ මැයි දින සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ උදෑසන 9.00 සිට.

26/04/2023

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය මැයි මස පළමු වෙනිදා උදෑසන 9.00 ට සුගතදාස ගෘහස්ථ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

09/04/2023

👇

අභාවප්‍රාප්ත හිටපු කතානායක ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ ශෝක පණිවුඩය
30/03/2023

අභාවප්‍රාප්ත හිටපු කතානායක ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ ශෝක පණිවුඩය

Address

NO 400
Pita Kotte
10100

Website

Alerts

Be the first to know and let us send you an email when National Youth Front - United National Party posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share