එක්සත් ලක් වනිතා පෙරමුණ

එක්සත් ලක් වනිතා පෙරමුණ එක්සත් ජාතික පක්ෂයෙහි ව්‍යවස්ථාපිත අනුබද්ද සංවිධානයකි

22/03/2020

"වටිනාතම මැණික් පවා නුපුරුදු අත්වලින් කපා ඔප දැමීමට යාමෙන් විනාශව අපතේ යා හැකිය."

🇱🇰
ඕනෑම රටක් පාලනය කිරීමේදී ,
අධ්‍යාපන සංවර්ධනය
ආර්ථික වර්ධනය
අපනයන වර්ධනය
නෛතික ප්‍රතිසංස්කරණ
රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති
රාජ්‍ය මුල්‍ය කටයුතු
‍රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතාව
ප්‍රාග්ධන ගිනුමේ විවෘතභාවය
යනූ ඉතා තීරණාත්මක කරුණුය.
උක්ත තීරණාත්මක ජාතික අවශ්‍යතාවයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට පුර්ණකාලීන වෘත්තීය දේශපාලනඥ්යෙකු යනු සර්වකාලීන විසඳුමයී.

දේශප්‍රිය නානායක්කාර .

එක්සත් ජාතික පක්ෂය පරම්පරාවෙන් පරම්පරාවට අනාගතයට. 🐘
15/03/2020

එක්සත් ජාතික පක්ෂය පරම්පරාවෙන් පරම්පරාවට අනාගතයට. 🐘

11/11/2019

ගෝඨා සමග තාක්ෂණික යුගයක්

10/11/2019

දූශණයෙන් තොර රටක් ගෝඨා සමග

10/11/2019

රටම ගිනි ගත් ගෑස් කතාව

30/10/2018
පළාත් පාලන ඡන්දයෙන් පසු පළාත් සභාවට හා පාර්ලිමේන්තුවටත් කාන්තා නියෝජනය ඉහළ නංවාගැනීම අරමුණයි...ලක් වනිතා සභාපති නි. අමා...
24/10/2016

පළාත් පාලන ඡන්දයෙන් පසු පළාත් සභාවට හා පාර්ලිමේන්තුවටත් කාන්තා නියෝජනය ඉහළ නංවාගැනීම අරමුණයි...
ලක් වනිතා සභාපති නි. අමාත්‍ය අනෝමා ගමගේ මතුගම දී කියයි.

ඉදිරි පළාත් පාලන ඡන්දයෙන් පසු එළඹෙන පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ සදහා ද කාන්තාවන්ගේ නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කිරීම එක්සත් ලක් වනිතා පෙරමුණේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණිය පැවසුවාය.

ඊයේ (23) මතුගම දී පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රුස්වීම අමතමින් එතුමිය කියා සිටියේ, කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් අගමැතිතුමාගේ ද විශේෂ අවධානය යොමුව ඇති බවයි. මේ වන විටත් එතුමන් ඊට නායකත්වය ලබා දී ඇති බව ද එතුමිය කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යතුමිය

“පහුගිය කාලේ එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල වශයෙන් දුක් කම්කටොළු වලට මුහුණ දුන්නා. මම හිතන්නේ, මෙතනදි පිරිමි අයට වඩා කාන්තාවන් තමයි වැඩියෙන් දුක් වින්දේ. රටේ ප්‍රශ්න වගේම, ඒ නිසා නිවසේ ඇතිවන ප්‍රශ්නත් දරාගෙන ඉන්න සිද්ධ වුණේ කාන්තාවන්ටයි.

මං අපේ මහලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා අපේ කාන්තාවන්ට විශේෂයක් කරන්න කියලා. කාන්තාවන් තමයි කැන්වසින් යන්නේ. කාන්තාවන් තමයි පෙළපාලි යන්නේ. කාන්තාවන් තමයි සමිති හදන්නේ. කාන්තාවන් තමයි ගෙදර මතය වෙනස් කරන්නේ. මේ නිසා කාන්තාවන්ට විශේෂ සැලකීමක් දක්වන්න අවශයයි.

මේ ගම් මට්ටමේ ඉන්න කාන්තාවෝ හැම වෙලාවෙම මහන්සි වෙනවා. ඉහළට යන අය පක්ෂ මාරු කළාට, බිම් මට්ටමේ ඉන්න කිසිම කෙනෙක් එහෙම පක්ෂය මාරු කරන්නේ නෑ. ඔබ සියලු දෙනා තමයි පක්ෂයේ හයිය. ඉතිහාසයේ තිබුණු කරදර මැඩගෙන ඉස්සරහට එන්න පුළුවන් නායකත්වයක් ලැබිලා තියනවා.

රටේ දේශපාලනය වෙනස් කරන්න කාන්තාවෝ විශාල මෙහෙයක් කළා. ඊට කෙළෙහිගුණ දැක්වීමක් හැටියට අගමැතිතුමා කාන්තාවන්ට විශේෂ වරමක් ලබා දුන්නා. සියයට 25ක කාන්තා නියෝජනයක් මෙවර සිට පළාත් පාලන ආයතන වල නියෝජනයේ අපිට ලැඛෙනවා.

අපි පළාත් පාලන ආයතන දිනවන්න ඔ්නි. පළාත් පාලන ආයතන දිනුවම තමයි, අපිට ලයිස්තුවෙන් වැඩි අවස්ථාවක් ලැඛෙන්නේ. මම දන්නෑ කාන්තාවෝ එනවට අනිත් අය කැමතිද කියලා. කොහොම වුණත් කාන්තාවන් පාලනයට ආපුවහම කාන්තාවෝ අතින් දූෂණ අක්‍රමිකතා වෙනවා අඩුයි. ඒ නිසා කාන්තා නියෝජනය වැඩි කරන එක වැදගත්.

මේ යෝජනාව පළාත් සභාව දක්වාත් ඉන් පස්සේ පාර්ලිමේන්තුව දක්වාත් වැඩිදියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට කාන්තාවන්ගේ වගේම පිරිමි අයගේත් ශක්තිය අවශ්‍යයි.

ඔබ සියලු දෙනාම මතක තියාගන්න, කාන්තාවන්ට පුළුවන් අභියෝග වලට මුහුණ දෙන්න. ආතතිය පීඩනය දරාගන්න කාන්තාව දක්ෂයි. ඒ කාන්තාව දේශපාලනයට පැමිණියාම ගොඩාක් ප්‍රශ්න කෙරෙහි සංවේදී වෙනවා.”

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්, ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේ දී පැවති කාන්තා නායක...
10/10/2016

එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේ දී පැවති කාන්තා නායකත්ව පුහුණු වැඩසටහන

Address

No 400 Kotte Road
Pita Kotte

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when එක්සත් ලක් වනිතා පෙරමුණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share