02/04/2026
බොහෝ අයට එජාප පාක්ෂිකයෙක් වීමට කැමැත්ත ඇතිකල නායකයෙක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් ගාමිණී අතුකෝරල මැතිතුමා පෙන්වා දිය හැකිය. එතුමාගේ 75වන ජන්ම දිනය අදට යෙදී ඇත. එතුමාගෙන් නවකයකයෙකුට ඉගෙන ගත හැකි හොදම දේ නම් නිරහංකාර ගති පැවතුම් සහ හොද සාවදාන ඇහුම්කන්දෙන්නෙකු විය.
ඔනෑම අවස්ථාවක සිරිකොත පැමිණෙන කෙනෙකුට එතුමා තමන්ගේ කාලය වෙන්කරේ පාක්ෂිකයන්ට ඇති ලෙන්ගතුකම නිසාමය. දුර බැහැර සිට පැමිණි කිසිවෙකු කිසිදා අපසු හරවා යවා නැත. මේ සඳහා කලක් එජාප බදුල්ල දිස්ත්‍රික් කළමණාකාරධූරය හෙබ වූ වන්නිආරච්චි මහතා අපට නිදසුනක් පෙන්වා දෙන ලදී. එකල එතුමාගේ පියාණන් බදුල්ලේ සිට මහලේකම්තුමා හමුවීමට 2001 කොළඹ ඇවිත් සිට ඇත. පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයට පැමිණි පසු එතුමාට මුලින්ම කතා කොට ඇත්තේ දනපාල මාමාය. "මහත්තයා මහලේකම්තුමා හමුවෙන්න වෙලාවක් ගත්තද?" එවිට වන්නිආරච්චි මහතා පවසා ඇත්තේ "නෑ මට එහෙම ගන්න බැරිවුණා" එවිට දනපාල මාමා පවසා ඇත්තේ මහලේකම්තුමා එනකොට පේන්න ඉන්න. එවිට වන්නිආරච්චි මහතා දුන් උපදෙස අනුව එනවිට පෙනෙන්ට සිට තමන් බදුල්ලේ සිට පැමිණි බව පවසා ඇත. ඉතා සුහදව කතා කල ගාමිණි අතුකෝරල මහතා ඔහුව තම කාර්යාලය වෙත කැදවාගෙන ගොස් සියලු තොරතුරු විමසා දිස්ත්‍රික්කයේ වතුකරයේ ප්‍රධාන වගකීමක්ද පවරා ඇත. ඉන්පසු අභාවය සිදුවන තුරුම දෙදෙනා අතර ඉතා ලඟ මිත්‍ර සම්බන්ධතාවයක් තිබී ඇත. මනුස්සයෙකුගේ දක්ෂතා, හැකියාවන් හදුනාගැනීමේ අපූරු හැකියාවක් සහ සෑම මනුස්සයෙකුටම ගෞරවයක් දැක්වීමට වටිනාකමක් දීමට ගාමිණී අතුකෝරල චරිතය අමතක කලේ නැත.
පක්ෂය සමග අමනාපකමකින් පෙලෙන ක්‍රියාකාරිකයෙකු වේ නම් පුද්ගලිකව ඔහුට නැවත විශ්වාසයක් ඇතිකර පක්ෂය සමග කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සදන්නට ඔහු දක්ෂයෙක් විය. බොහෝ වෘත්තිකයන්ට අවශ්‍ය නිසි තැන ලබාදෙමින් වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට එතුමා කල මෙහෙවර අපමණය. ඒ කරන ලද මෙහෙවර නිසාවෙන්ම 2002දී එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකිවිය. එය එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් තැනීමට තනි පක්ෂයක් ලෙස ලද අවසන් ජයග්‍රහණය විය. ගමින් ගමට රනිල් වික්‍රමසිංහ නායකතුමා සමග ගමන් කරමින් පක්ෂය සංවිධානය කලේය. රජය ලැබුණු පසුවද ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ඉතා නිහතමානීව ඒ කටයුතු එතුමා විසින් සිදුකරන ලදී. එතුමාගේ හදිසි වියෝව එක්සත් ජාතික පක්ෂයට අදටත් දරාගත නොහැකි පාඩුවකි. එවැනි නායකයන් තව තවත් බිහිවේවා යන ප්‍රාර්ථනය එජාප පාක්ෂිකයන් තුල ඇති පැතුමකි.
එජාපයේ අපට අලියා ලකුණ වැදගත් වන්නේ යම්සේද,ඒ වගේම ගාමිණී කියන නමත් වැදගත් දෙයක් වෙනවා.එවකට පක්ශයේ අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය සහ බුද්ධශාසන අමාත්‍ය තුමා මෙන්ම සභානායක තුමාද වන ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තුව හමුවේ කල සිය ශෝකප්‍රකාශයේ සඳහන් කලේ.
කවර දේශපාලන පක්ෂයකට වුනත් ආදර්ශයට ගත හැකි චර්යාවක් ගාමිණී අතුකෝරල මහතා තුල තිබුනා.එතුමාගේ කැපවීම ඉතාමත්ම ඉහලයි.අංශක ගණනක් තිබුනේ නැහැ.සියයට සීයයි.එය අඩුවක් නැහැ!
වරක් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, ගාමිණීගේ කාර් එක ජංගම කාර්යාලයක් වගෙයි. යනුවෙනි.එම ප්‍රකාශයෙන් ගාමිණී අතුකෝරල මහතාගේ කැපවීම මැනවින් විදහා දක්වනවා.
ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමා මෙසේ සඳහන් කර තිබෙනවා. දුරකථනයට තමන්ම උත්තර දෙන ගතියක් එතුමා ලඟ තිබුනා.එය ඉතාම ආදර්ශ සම්පන්න දෙයක්.අර නිළධාරියා මේ නිළධාරියා නෙමෙයි උත්තර දුන්නේ.ජංගම දුරකථන රාශියක් එතුමා අතේ තියෙනවා.සමහර තැන් වලට සංඥා නැතිවෙන කොට ඊලඟ එකෙන් හරි අමතන්න පුලුවන්.සංඥා නැතිවීම බොහෝවිට දේශපාලනඥයන්ට වාසියක්.ඒත් එතුමා එය වාසියක් විදිහට සැලකුවේ නෑ.යුතුකමක් වශයෙන් එතුමා හැමවිටම සම්බන්ධතාව ඇතිකරගන්න කටයුතු කල කෙනෙක්.ඒ කැපවීම සුලුපටු නැහ, නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. එතුමාගේ දේශපාලන දිවියේ කූටප්‍රාප්තිය විදියට මා සළකන්නේ එතුමා ඇමතිවරයෙකු වශයෙන් පත්වීම හෝ, අප පක්ෂයේ උප නායකයා වීම හෝ, පක්ෂයේ ලේකම් වීම හෝ නොවෙයි.ජන බල මෙහෙයුම සංවිධානය කල ආකාරයයි.ඒ සඳහා එතුමා දුන් නායකත්වය එක්සත් ජාතික පක්ෂයට නම් කවදාවත් අමතක කරන්න බෑ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් කී දෙයින් මදක් විමසා සිටිමු.
අපි දැකලා තියෙනවා,සමහර මන්ත්‍රීවරු, ඇමතිවරු වුනාම ඔවුන් එකපාරටම වෙනසක් ඇති කරගන්න බව. නමුත් ගාමිණී අතුකෝරල එහෙම ආරෝපණය කරගත්ත බලයක් පෙන්වූ ඇමතියෙක් නෙමෙයි. ගාමිණී අතුකෝරල මැතිතුමා ඔහුගේ පක්ෂය බලයට පත් කිරීම සඳහා කටයුතු කලාය කියන එක අප අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්.
එවන් අවංක දේශපාලනඥයෙකු මෙන්ම සොඳුරු මිනිසෙකු අහිමි වීම එක්සත් ජාතික පාක්ෂික අපගේ අභාග්‍යකි.
මැතිදුණි ඔබට නිවන් සුව.