සුරකිමු මහඔය • මහ ඔය සුරැකීමේ ජාතික යුතුකම

  • Home
  • Sri Lanka
  • Pinnawala
  • සුරකිමු මහඔය • මහ ඔය සුරැකීමේ ජාතික යුතුකම

සුරකිමු මහඔය • මහ ඔය සුරැකීමේ ජාතික යුතුකම පළාත් හතරක් දියෙන් පෝෂණය කර ගලාවිත් සාගරයට එක්වන සබරගමුවේ මහ ඔය 🇱🇰 ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජල දහරකි.

📌 මධ්‍යම පළාතේ නාවලපිටියෙන් පැන නැග , සබරගමුවේ මාවනැල්ලෙන් කෑගල්ලෙන් රඹුක්කනින් පෝෂණය වී , වයඹ පොල්ගහවෙල අලව්ව , බස්නාහිර හා වයඹ පළාත් සීමාවෙන් අඹේපුස්ස , ගිරිඋල්ල හරහා ලතාවට ගලා විත් , මීගමුව කොච්චිකඩෙන් සාගරයට ගලා බසිනා මහ ඔයේ උප්පත්ති ජීවන කතාව මෙලෙසින් දිග හරිමු ...

කියුබික් මීටර් මිලියන 3644ක වාර්ෂික වර්ෂා ජල පෝෂණයක් ලබන , නාවලපිටිය අරනායක අසුපිණි ඇල්ලෙන් සුදු සේලයක් සේ ගලා හැලී අරනායක , ද

ිප්පිටිය , උස්සාපිටිය , මාවනැල්ල ඓතිහාසික ගඩොල් පාලම හරහා විත් බෝ ඇල්ල වී මනමාලියකගේ වේලයක් සේ ඇදී ගොස් .
ඉහළ කෝට්ටේ ඇලි හතෙන් හා මීයන් ඇල්ලෙන් ගලන දොළ පහරින්ද පෝෂණය වී ,

සුන්දර කිරිවන්දෙණිය කොටගම ගම් හරහා ගලා විත් හිරිවඩුන්නේදී කෑගල්ලේ කරඬුපන හරහා ගලන කුඩා ඔයෙන්ද පෝෂණය වී , රඹුක්කන මාවතගම මාර්ගයේ සුන්දර පරපේ ගම හරහා අඬන ඇල්ල වී ගලා එන රඹුක්කන් ඔයද රඹුක්කන තුන් තොට ගං සන්ධියේදී මහ ඔයට එක්වී වැඩිම ජල පෝෂණය ලබා දී ,

මහ ඔය නිම්නය තෙත් කරමින් , හරිත පැහැ ගන්වමින් , ජල පවිත්‍රාගාර හරහා මිලියනයකට වැඩි ජනතාවකගේ පැන් පවස හා ගිණිය නොහැකි තරමක් වන සතුන්ගේ සාගිනි නිවමින් , සනීපාරක්ෂාවද සපයමින් ,
මාවනැල්ල අරනායකදී ජල විදුලියද නිපයමින් ,
මාවනැල්ල , කෑගල්ල රඹුක්කන පින්නවල හා මීගමුවේ සංචාරක කර්මාන්තයද ,
ගලන මග දිගට විවිධ ව්‍යාපාර , කර්මාන්තයන් හා ජන ජීවිත නගා සිටුවමින්
පළාත් 4ක් දිස්ත්‍රික්ක 5ක් හරහා කිලෝ මීටර 134ක් ගලා ගොස් තමා රැගෙන එන ජලයෙන් හැකි උපරිම මෙහෙයක් සලසා , දළ වශයෙන් සමස්ථ ජල පරිමාවෙන් 34% ක් පමණක් මහ සාගරයට එක් කරයි !

📌 පිණි වැස්සක ආශිර්වාදය මැද පසුගිය ඉරිදා පැවති මහ ඔයේ දෑල දෙපස පවිත්‍ර කිරීමේ ⚒️ශ්‍රමදානය ✓[ පළමු ¹ අදියරය : Phase ¹  - ...
19/02/2022

📌 පිණි වැස්සක ආශිර්වාදය මැද පසුගිය ඉරිදා පැවති මහ ඔයේ දෑල දෙපස පවිත්‍ර කිරීමේ ⚒️ශ්‍රමදානය ✓
[ පළමු ¹ අදියරය : Phase ¹ - 📌 කිරිවන්දෙණිය ~ බොලගම පාලම අසල සිට කිරිවන්දෙණිය ~ කොටගම ~ දොඩම්කොහේ වන රක්ෂිත කලාපය දක්වා මහ ඔය දෑල දෙපස පවිත්‍ර කිරීම ✓ ]
📌 මුලික අදියරයට අපි රඹුක්කනින් වැඩේට බහිනවා ✓
📌 මහ ඔය සුරැකීමේ ඊළඟ අදියරයන්ට ඒ ඒ පැති වලින් ඔයාලත් එකතු වෙන්න 🤜🏻🤛🏻

☎️ කතා කරන්න - 0777889978 , අප සමඟ එක් වන්න ,
WhatsApp වලින් SET වෙන්න , පහත Link එක Touch කරන්න :
👇🏻🌐 Touch the below Link to WhatsApp ✓
[ https://wa.me/+94777889978 ]

👇🏻🌐 පිවිසෙන්න , මහ ඔය ගැන දත් ඔබ නොදත් වැඩි විස්තර සඳහා ,
[ https://fb.me/SurakimuMahaOyaOrg.Rambukkana.Mawanella.Kegalle ]

🇻🇳 සහෝදරයා 💙 සමහරු ⚒️අරගල⛏️ කරේ නෑ ,
තනියම වෙනස් වුණා ✓
✊🏻 එන්න ••• අපි රැල්ල බිඳිමු ⚔️❗
✊🏻 තනිව වෙනස් වෙමු ~> 🌐 ලොවක් වෙනස් වේවි ✓
ජාලිය කළුආරච්චි • 👑ΛJ
⚔️ The TREND BRΞΛKΞR ⚔️





#ජාලියකළුආරච්චි

Address

Pinnawala

Telephone

+94777889978

Website

Alerts

Be the first to know and let us send you an email when සුරකිමු මහඔය • මහ ඔය සුරැකීමේ ජාතික යුතුකම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share