MOH Office Piliyandala

MOH Office Piliyandala We do cater following Services to Public in MOH Area Piliyandala. Maternal and child Health, Dengue

*ජූනි මාසය ජාතික පෝෂණ මාසයයි*, අවුරුදු 5ට අඩු ඔබේ දරුවාත් සමග ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් පවත්වනු ...
29/05/2026

*ජූනි මාසය ජාතික පෝෂණ මාසයයි*, අවුරුදු 5ට අඩු ඔබේ දරුවාත් සමග ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් පවත්වනු ලබන වර්ධනය ඇගයීමේ සැසියට සහභාගිවී දරුවාගේ වර්ධන රටාව ක්‍රමවත්ව සිදුවෙනවා දැයි දැන ගන්න.

මෙවර සැසියේදි පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දරුවාගේ දිග/උස සහ බර මැන ප්‍රස්තාර වල සටහන් කර, ඒ අනුව ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කළහැකි මන්දපෝෂණ තත්ත්ව හෝ අධිපෝෂණ තත්ව වගේම අනෙකුත් සංකූලතා පිළිබඳව ද ඔබ දැනුවත් කරයි.

ඔබේ දරුවාගේ වර්ධනය ඇගයීම නිසිපරිදි, නිසි කාලසටහනකට සිදුකිරීම මගින් දරුවාට සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත්, ජවසම්පන්න දරුවකු වන්නට මග සලසයි.

අද ඔබ ගන්නා කුඩා පියවර ඔබේ දරුවාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට තබන පළවෙනි පියවරකි.

ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි දිනය මැයි 05 රටේ අනාගත පරපුර නිරෝගීමත් කිරීමට කැපවුණු අපේ ආදරණිය පවුල් සෞඛ්‍ය සේවා ...
06/05/2026

ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි දිනය මැයි 05 රටේ අනාගත පරපුර නිරෝගීමත් කිරීමට කැපවුණු අපේ ආදරණිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ට උපහාර වේවා....

11/04/2026

කරදියානේ කසල අන්ගනයේ ගින්න බොහෝදුරට පාලනය කරගෙන ඇතිබව දැනුම් දී ඇති අතර, ඒ දුම නිසා ඔබට හුස්ම ගැනීමේ හෝ අපහසුවක් ඇතැයි හැගේනම් ප්‍රතිකාර සදහා රෝහලකට යොමු වෙන්න.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මව් සෞඛ්‍ය  සමාජ සංසදය මගින් දෙවැනි වරට සංවිධානය කල අවුරුදු පොල අප්‍රේල් මස 06...
11/04/2026

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මව් සෞඛ්‍ය සමාජ සංසදය මගින් දෙවැනි වරට සංවිධානය කල අවුරුදු පොල අප්‍රේල් මස 06,07 දෙදින පුරා පිළියන්දල නගර මධ්‍යස්ථානයේ සාර්ථකව පැවැත්වීය.

10/04/2026

කරදියාන කසල අන්ගනයේ හදිසි ගින්නක් මේ වනවිට මැඩපැවත්වීමට උත්සාහ කරමින් පවතිනවා. දුම නිසා ස්වසන අපහසුතා ඇති විය හැකි බැවින් අවට සිටින අය පරීක්ශාකාරී වෙන්න. විශේශයෙන් කුඩා දරුවන් ගර්භනි මව්වරුන් , වයස්ගත හා දැනටත් ස්වසන ආබාද වලට ප්‍රතිකාර ගන්න අය.

මකුළුදුව මරණාධාර සමිතිය එක්ව මකුළුදුව පුරාණ මහා  විහාරයේ සංවිධානය කර පවත්වන්නට යෙදුණු බෝනොවන රෝග සායනය - 2026.04.09
10/04/2026

මකුළුදුව මරණාධාර සමිතිය එක්ව මකුළුදුව පුරාණ මහා විහාරයේ සංවිධානය කර පවත්වන්නට යෙදුණු බෝනොවන රෝග සායනය - 2026.04.09

බෝකුන්දර දිලෙන තරු මව් සමාජය මගින් එහි සාමාජිකයන් හා ප්‍රදේශවාසීන් වෙනුවෙන් පැවැත් වු බෝ නොවන රෝග හදුනාගැනීමේ සායනය........
06/04/2026

බෝකුන්දර දිලෙන තරු මව් සමාජය මගින් එහි සාමාජිකයන් හා ප්‍රදේශවාසීන් වෙනුවෙන් පැවැත් වු බෝ නොවන රෝග හදුනාගැනීමේ සායනය...................

පිළියන්දල රෝහල් සායනය විසින් සංවිධානය කල පෝෂණ ප්‍රදර්ශනය 30/03/2026 දින පිළියන්දල මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානයේදී පැවැත්...
06/04/2026

පිළියන්දල රෝහල් සායනය විසින් සංවිධානය කල පෝෂණ ප්‍රදර්ශනය 30/03/2026 දින පිළියන්දල මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානයේදී පැවැත්වීය.

Address

Makuluduwa Road, Bokundara
Piliyandala
10300

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 13:30

Telephone

+94112708553

Alerts

Be the first to know and let us send you an email when MOH Office Piliyandala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MOH Office Piliyandala:

Share