Hadabima Authority of Sri Lanka

Hadabima Authority of Sri Lanka Under the Ministry of Agriculture, Livestock, Land and Irrigation. 🌱🍃🪴

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2026 අලුත්  අවුරුද්දේ රාජකාරි කටයුතු ආරම්භ කිරිම 2026-04-20 වැනි දින  සභාපති ආර්.ඩි. සිරිපාල ම...
20/04/2026

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2026 අලුත් අවුරුද්දේ රාජකාරි කටයුතු ආරම්භ කිරිම 2026-04-20 වැනි දින සභාපති ආර්.ඩි. සිරිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරිම සිදු විය. මෙම අවස්ථාව සඳහා
ඒ.කේ. පේරුසිංහ මිය (විධායක අධ්‍යක්ෂ) ප්‍රමුඛ ඉහල කළමණාකරණයේ නිලධාරින් හා අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

02/04/2026
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය - නිරීක්ෂණ චාරිකාව කොත්මලේ ගොවිපල කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග  අමාත්‍යාංශය යටතේ ක්‍...
03/03/2026

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය - නිරීක්ෂණ චාරිකාව කොත්මලේ ගොවිපල

කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය යටතේ පාලනය වන කොත්මලේ ගොවිපලේ,
2026-02-27 වන දින හදබිම අධිකාරියේ සභාපතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය එහි නිරික්ෂණ චාරිකාවක් සිදු කරන ලදි.

වර්තමානයේ හදබිම අධිකාරිය සකස් කරුණු ලබන පැළ නිෂ්පාදනය සම්පුර්ණ වශයෙන් මෙම කොත්මලේ ගොවිපලෙහි සිදු කරනු ලැබේ. මෙම කටයුතු නිරික්ෂණය කර වඩා විධිමත් ලෙස
පැළ නිෂ්පාදනය වැඩිකිරිමේ අරමුණින් නිරික්ෂණ චාරිකාව සිදු කල අතර එ.කේ. පේරුසිංහ මිය (විධායක අධ්‍යක්ෂ), උපුල් ජයතිලක මහතා (සහකාර අධ්‍යක්ෂ - කෘෂිකර්ම),
සුනිල් වික්‍රමගේ මහතා (සහකාර අධ්‍යක්ෂ - සංවර්ධන), නිමල් තිලකරත්න මහතා (කෘෂිකර්ම සංවර්ධන නිලධාරි) හා වත්මලා රාජපක්ෂ මිය (පරිපාලන නිලධාරි) මෙම අවස්ථාවට සහභාගි වූහ.

මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවල ගාංඟා ද්‍රෝණි සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ යුතු ප්‍රමුඛ කාර්යය භාරයක් වන ජල හා පාංශු සම්පත සං...
25/02/2026

මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවල ගාංඟා ද්‍රෝණි සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ යුතු ප්‍රමුඛ කාර්යය භාරයක් වන ජල හා පාංශු සම්පත සංරක්ෂණය කිරිමටත්, එම ප්‍රදේශවල ජීවත්වන ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ඉඩම්වල භූමි ඵලදායිතාවය වර්ධනය කොට කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කරන ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2026 වර්ෂයට නියමිත තම සංවර්ධන වැඩසටහන් පිළිබඳව අදාල බල ප්‍රදේශවල හා විෂය සමගාමි රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩමුළුව 2026-02-25 වන දින කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිර්ග අමාත්‍ය ගරු කේ.ඩි. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව, පැළැටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සාර්ථත ලෙස පවත්වන ලදි.
රජයේ භාණ්ඩාගාරයෙන් ලැබී ඇති රුපියල් මිලියන 350 ක පමණ ප්‍රාග්ධන මුදල් යොදා ගනිමින් පස සංරක්ෂණය, ජල උල්පත් ආරක්ෂා කිරිමේ ව්‍යාපෘති, වාණිජ ගෙවතු සංවර්ධනය, කෘෂිකාර්මික බෝග ලබා දීම, පළතුරු ගම්මාන ඇති කිරිම, මී මැසි පාලනය, බිම්මල් වගාව, පාසැල් පාරිසරික ව්‍යාපෘති, කිකිළි පැටවුන් ලබාදීමආදි ව්‍යාපෘති රාශියක් ප්‍රජා සහභාගීත්ව ක්‍රමෝපායන් ඔස්සේ ක්‍රියාත්මක කර සෘජුව අදාල ප්‍රතිලාභි මහජනතාවටත් ඒ් ඔස්සේ පරිසර පද්ධතියටත් රටේ කෘෂි ආර්ථිකයටත් සැලකිය යුතු දායකත්වයක් ලබාදීමට අධිකාරිය විසින් සැලසුම් සකස් කර ඇත.
ඒ් අනුව අධිකාරිය විසින් මෙම වසරේ මධ්‍යම, සබරගමුව, ඌව හා බස්නාහිර පළාතට අයත් මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, බදුල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර සමස්ථ ව්‍යාපෘති සඳහා ගොවි පවුල් 15,000 ක් පමණ සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කර ඇත.
අදාල වැමුළුව වෙනුවෙන් යෝජිත දිස්ත්‍රික්ක 07 ක දේශපාලන අධිකාරිය,හදබිම අධ්‍යක්ෂ මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 50 ක ප්‍රාදේශීය ලේකම්වරු සහ ඔවුන් නියෝජනය කරමින් නිලධාරින්ද ඇතුළුව කෘෂිකර්ම, ඉඩම් පශුසම්පත් වාර්මාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් , විශ්ව විද්‍යාල විද්වතුන් ඇතුළු පාර්ශව කරුවන් සියයකට ආසන්න පිරිසකගේ සහභාගීත්වය ලැබුණ අතර වැඩමුළුව පිළිබඳ පුළුල් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ආවරණයන් ලබා දීමට හැකියාව ලැබුණි.

https://youtu.be/fDWVQPntHsY
25/02/2026

https://youtu.be/fDWVQPntHsY

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය පාංශු සංරක්ෂණය, ජල...

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය - පළතුරු  ගම්මාන  වැඩසටහනකෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍...
20/02/2026

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය - පළතුරු ගම්මාන වැඩසටහන

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් පලතුරු ගම්මාන ප්‍රචලිත කිරීමේ වැඩසටහන
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රතිලාභීන් 15 දෙනෙක් සදහා පටක රෝපිත ඇම්බන් කෙසෙල් පැල බෙදා දීම (2026/02/20 ) අද දින සහකාර අධ්‍යක්ෂ (කෘෂිකර්ම ) උපුල් ජයතිලක මහත්මාගේ සහ අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කෘෂිකර්ම අංශයේ නිලධාරීන්ගේ සහබාගීත්වයෙන් අද දින සිදු කරන ලදී.

කලාප නිලධාරී අතුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් යටතේ,
සංවිධානය -ඒකක කළමනාකරු තරංග සුරවීර මහතා

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය - පාසල් පාදක පාරිසරික වැඩසටහන කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්ම...
10/02/2026

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය - පාසල් පාදක පාරිසරික වැඩසටහන

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය 2025 වර්ෂයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් යටතේ,
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරදන උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් අධ්‍යාපනය ලබන ර/වෑවිල විද්‍යාලයට අවශ්‍යව තිබූ එළිමහන් පන්ති කාමරයක් සකස් කර විද්‍යාලයේ දුවා දරුවන් හට භාර දීම ඉකුත්දා සිදු කරන ලදී.

06/02/2026

පාංශු සංරක්ෂණ කටයුතු - කුට්ටි කාණු සකස් කර ගැනීම

මහනුවර වෛද්‍ය සුභ සාධක සංගමය මඟින් 2026-02-04 වන දින සංවිධානය කර පැවැත් වු වවද්‍ය වැමුළුව සඳහා කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හ...
05/02/2026

මහනුවර වෛද්‍ය සුභ සාධක සංගමය මඟින් 2026-02-04 වන දින සංවිධානය කර පැවැත් වු වවද්‍ය වැමුළුව සඳහා
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ස්වභාවික සම්පත්
කලමණාකරණය හා ගෙවතු සංවර්ධනය තේමා කරගනිමින් ප්‍රදර්ශන කුටියක් සකස් කර අධිකාරියේ
නිලධාරින් එ සඳහා සහභාගි විය .
එම අවස්ථාව සඳහා එ.කේ. පේරුසිංහ මිය (විධායක අධ්‍යක්ෂ) ප්‍රමුඛ උපුල් ජයතිලක මහතා, සුනිල් වික්‍රමගේ මහතා (සහකාර අධ්‍යක්ෂ- කෘෂිකර්ම),
ක්ෂේත්‍ර කලමණාකාරුවන් හා අධිකාරියේ නිලධාරින් සහභාගි වුහ.

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2025 වර්ෂයේ රත්නපුර දි...
03/02/2026

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2025 වර්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇඳිරියන් වෙල, බටතොට , වැලිහිඳ ගම්මානයනහි ක්‍රියාත්මක කරන ලද වාණිජ ගෙවතු, පාංශු සංරක්ෂණය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ ව්‍යාපෘති...
ඒකක කළමනාකරු මාධව ෆොන්සේකා මහතා

Address

P. O. Box 06, Gannoruwa Road
Peradeniya
20400

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94812388107

Alerts

Be the first to know and let us send you an email when Hadabima Authority of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hadabima Authority of Sri Lanka:

Share