Socialist Students' Union - Sri Lanka

Socialist Students' Union - Sri Lanka Student Union of Peoples liberation Front (Janatha Vimukthi Peramuna - JVP) - Sri Lanka

අද (01) ජනපති අනුර දිසානායක  සහෝදරයාගේ සහභාගිත්වයෙන් පැවැති නුවරඑළිය දිස්ත්‍රික් රතු මැයි රැලිය...✊✊✊
01/05/2026

අද (01) ජනපති අනුර දිසානායක සහෝදරයාගේ සහභාගිත්වයෙන් පැවැති
නුවරඑළිය දිස්ත්‍රික් රතු මැයි රැලිය...✊✊✊

இலவசக் கல்விக்கும், கல்விக்கான சுதந்திரத்திற்கும் போராடும்திசைகாட்டியின் மே தின கூட்டதிற்குஇணைந்திடுவோம்!சோசலிச மாணவர் ச...
27/04/2026

இலவசக் கல்விக்கும், கல்விக்கான சுதந்திரத்திற்கும் போராடும்
திசைகாட்டியின் மே தின கூட்டதிற்கு
இணைந்திடுவோம்!

சோசலிச மாணவர் சங்கம் (SSU)

නිදහස් අධ්‍යාපනයත්,අධ්‍යාපනයේ නිදහසත්වෙනුවෙන් සටන් වදිනමාලිමාවේ මැයි රැලියටඅපිත් එක්වෙමු!සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSU
25/04/2026

නිදහස් අධ්‍යාපනයත්,
අධ්‍යාපනයේ නිදහසත්
වෙනුවෙන් සටන් වදින

මාලිමාවේ මැයි රැලියට
අපිත් එක්වෙමු!

සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSU

කියුබාවට මානුෂීය ආධාර..!දශක හයකට අධික කාලයක් පුරා කියුබාවට එරෙහිව පවත්වාගෙන යන ආර්ථික සම්බාධක හේතුවෙන් එම රට මේ වන විට ද...
25/04/2026

කියුබාවට මානුෂීය ආධාර..!

දශක හයකට අධික කාලයක් පුරා කියුබාවට එරෙහිව පවත්වාගෙන යන ආර්ථික සම්බාධක හේතුවෙන් එම රට මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයකට මුහුණ දී සිටී. විශේෂයෙන්ම මෑත කාලීනව එක්සත් ජනපදය විසින් කියුබාව වෙත තෙල් සැපයීම සීමා කිරීම සම්බන්ධයෙන් සම්බාධක තවදුරටත් තීව්‍ර කිරීම නිසා කියුබානු ජන ජීවිතය දැඩි පීඩනයකට ලක්ව ඇත.

වර්තමානයේදී දිනකට පැය 15 සිට 20 දක්වා විදුලි බලය නොමැතිවීම, ප්‍රවාහන පද්ධතිය බිඳවැටීම, ආහාර හිඟය සහ සෞඛ්‍ය සේවා දැඩි අර්බුදයකට ලක්වීම යනාදී කරුණු හේතුවෙන් කියුබානු ජනතාව ඉතා දුෂ්කර ජීවන තත්ත්වයකට මුහුණ දී ඇත.

මෙම අසාධාරණ, අයුක්ති සහගත සහ අමානුෂික සම්බාධක ක්‍රියාමාර්ගවලට අප දැඩි විරෝධය පළ කරන අතර, එය වහාම ඉවත් කරන ලෙස අප ඉල්ලා සිටිමු. ලෝකය පුරා වෙසෙන ප්‍රගතිශීලී සහ වාමාංශික ජනතාව සමඟ එක්වමින්, කියුබානු ජනතාවට සාධාරණය ඉටුකරන ලෙස අප අඛණ්ඩව හඬ නගන්නෙමු.

සමාජවාදී තරුණ සංගමයත් කියුබානු කොමියුනිට් පක්ෂයත් කියුබානු කොමියුනිට්ස් පක්ෂයේ තරුණ සංගමයත් අතර ගොඩ නැගී ඇති වසර ගණනාවක මිත්‍රත්වය මත පදනම්ව ටොන් 60කට වැඩි රුපියල් කෝටි 3 ට ආසන්න වටිනාකමකින් යුත් වියලි ආහාර කියුබානු ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් නැව්ගත කිරීමේ වැඩසටහන ඊයේ දින සිදුවිය.

මෙම අවස්ථාවට කියුබානු තනාපතිනි පැට්‍රීශීයා ලසාරා පේගෝ ගුවේරා මහත්මිය, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, WFDY හි ආසියා පැසිපික් කලාපයේ හිටපු උප සභාපතිනිය කල්පනා මධුභාෂිනී, ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ ආසියා පැසිපික් කලාපයේ වත්මන් උප සභාපති මහේල අමරසූරිය ඇතුලු සමාජවාදී තරුණ සංගමයේ සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක්ව සිටිය හ.

සදා සමරමු සොහොයුරෝ1971-2026
04/04/2026

සදා සමරමු සොහොයුරෝ
1971-2026

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම්,සමන්ත කෝරලේආරච්චිසහෝදරයඔබට අපගේවිප්ලවීය ආචාරය!සමාජවාදී ශිෂ්‍ය සංගමය
15/02/2026

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම්,
සමන්ත කෝරලේආරච්චි
සහෝදරය
ඔබට අපගේ
විප්ලවීය ආචාරය!

සමාජවාදී ශිෂ්‍ය සංගමය

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය ජනවාරි 23 දින හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී (National Convent...
23/01/2026

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය ජනවාරි 23 දින හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී (National Convention Center - Hanoi) අති සාර්ථක ලෙස පැවැත්විණි. අගමැති ෆම් මින් චින් (Pham Minh Chinh) මෙම සමුළුවේ මුලසුන දැරීය.

මෙහිදී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සභිකයින් 19 දෙනෙකු තේරී පත් වූ අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් තනතුරට ටෝ ලැම් (To Lam) සහෝදරයා නැවතත් නිතරඟයෙන් තේරී පත්වී තිබේ.

මෙම සමුළුවට ආරාධිතයින් ලෙස පක්ෂයේ හිටපු නායකයින්, වියට්නාම් පියවරුන්ගේ පෙරමුණේ හිටපු නායකයින්, වියට්නාම් වීර මාතාවන්ගේ නියෝජිතයින්, පක්ෂ මධ්‍යමකාරක සභාවේ හිටපු නායකයින්, විද්වතුන්, කලාකරුවන්, ආගමික නායකයින්, තරුණ සංවිධාන නායකයින්, තානාපතිවරුන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින්, විදේශ රටවල ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් සහභාගි විය.

මෙම සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 58ක්, ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන 11ක්, පුද්ගලයින් 62ක්, විදේශීය සහ දේශීය සංවිධාන 120ක් සහ විදේශීය වියට්නාම සංගම් 88ක් ඇතුළුව සුබ පැතුම් පණිවිඩ 339ක් ලැබී තිබිණි.

05/01/2026
එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද හමුදාමය ආක්‍රමණියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින...
04/01/2026

එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද හමුදාමය ආක්‍රමණියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් යොමු කරන ලද ලිපිය.

ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපති, නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින්, එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද හමුදාමය ආක්‍රමණික මැදිහත්වීම අපි තරයේ හෙළා දකිමු.
ලොව ඕනෑම නිදහස්, ස්වෛරී රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේද අනාගතය තීරණය කිරීමේ සහ පාලකයන් කවුරුන් දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ, එරට ජනතාවටය. එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නැත.
නූතන සමාජයත්, රාජ්‍ය පාලනයත්, වඩාත් ශිෂ්ටසම්පන්න විය යුතු බව පොදු පිළිගැනීමය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, රාජ්‍යයන්ගේ නිදහස සහ ස්වාධීනත්වය ලොවම පිළිගන්නා මූලධර්මයන්ය. කුමන හේතුවක් මත හෝ ඒවා උල්ලංඝනය කරමින්, රටවලට හමුදාමය මැදිහත්වීම් හෝ ආක්‍රමණ සිදු කිරීම නූතන සභ්‍ය ලෝකය තුළ සාධාරණ වන්නේ නැත.
එවැනි තත්වයක් තුළ එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කළ බලහත්කාරී හමුදාමය මැදිහත්වීම ලොව කිසිවෙකුත් අනුමත නොකරන බව අපි දැඩිව විශ්වාස කරමු.
එබැවින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද මෙම හමුදාමය ආක්‍රමණය හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණේ අපි වෙනිසියුලාවේ ස්වෛරී පැවැත්ම හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2026.01.04

No progressive movement can approve of military interventions against the sovereignty of a country!Socialist Students' U...
03/01/2026

No progressive movement can approve of military interventions against the sovereignty of a country!

Socialist Students' Union - Sri Lanka (SSU)

Address

Pelawatta

Alerts

Be the first to know and let us send you an email when Socialist Students' Union - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Socialist Students' Union - Sri Lanka:

Share