AKD Anura Kumara Dissanayake - President of Sri Lanka.

AKD Anura Kumara Dissanayake - President of Sri Lanka. AKD | Anura Kumara Dissanayake - President of Sri Lanka.

28/02/2026
03/09/2024
02/05/2024

"දේශපාලනයේ වෙනස්කම් වෙන්නේ පිමිවලින් මිස අනුක්‍රමික පිළිවෙළට නොවේ"

දේශපාලනයේ වෙනස්කම් සිදුවන්නේ පිමිවලින් මිස අනුක්‍රමික පිළිවෙළින් නොවන බවත් එම පිම්මට ජාතික ජන බලවේගය සැදී පැහැදී සිටින බවත් එහි නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ (1දා) කොළඹ පැවැති මැයි රැලිය අමතමින් පැවැසීය. රටේ පුරුද්දට ඇබ්බැහි වූ ජනතාව වෙනස් කළ යුතු අභියෝගය ජාතික ජන බලවේගය ඉදිරියේ පැමිණ ඇති අතර මහජනයාගේ සුවිශාල කැමැත්තක් ඇති පාලනයක් ගොඩනැඟීම තම පක්ෂයේ අභියෝගය වී තිබෙන බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය. “මේ දේශපාලනය ගහගෙන යන ගඟක් වගේ,

ඒ ගඟේ කඩදාසි බෝට්ටු හැරීම හැර සජිත්ට කරන්න පුළුවන් දෙයක් නෑ, කප්පම් දීම හැර රනිල්ට කරන්න දේකුත් නෑ” යැයිද ඔහු කීය. ඔහු මෙසේද පැවැසීය. “අද ආණ්ඩුවේම අය හතර පොළක මැයි රැලි 4ක්. අපිත් හතර පොළක. ඒකමතිකව එක්සත්ව ජාතික ජන බලවේගය ලෙස මැයි රැලිය සමරනවා. මොකක්ද මේ දේශපාලනයේ සිද්ධ වී තිබෙන්නේ. පළමු වතාවට ලංකාවේ පොදු ජනතාව අතට බලය මාරුවීම සඳහා කටයුතු යෙදවීමක්

පාලක පන්තිය, දූෂිත ප්‍රභූ තන්ත්‍රය ක්‍රියාත්මක වී තිබෙනවා. මොකද වෙලා තිබෙන්නේ? අන්ද මන්ද වී සිටිනවා. රෑට රෑට එකට එක්වෙන්න කටයුතු කරනවා. වේදිකාවේ දෙපැත්තට බැනගන්නවා. ආයෙ රෑට පාටි දානවා. වේදිකාවේ පළමු වතාවට දූෂිත ප්‍රභූ පන්තිය නියෝජනය කරන ව්‍යාපාර සියල්ල අන්දමන්දවී තිබෙනවා. මේකට හේතුව ජාතික ජන බලවේගයේ මේ වර්ධනය සහ ඉදිරි නැඟීමයි.

සජබෙ කියන දේශපාලන කඳවුර කියන්නේ හරිම අපරිණත ළදරු කණ්ඩායමක්. බලාගෙන ඉන්න බෑ උදේ හවස අඬවැඩියාව. මුලින් කියනවා මැයි රැලියට ඉල්ලපු පාර දුන්නේ නෑලු. මේ මොන අඬවැඩියාවක්ද? අපි මෙතැන ඉල්ලුවා. ඒගොල්ලෝ මෙතැන ඉල්ලලා නෑ. ඊට පස්සෙ කියනවා ආණ්ඩුවයි, ජවිපෙයි අතර ඩීල් කියලා. ඔක්කොම අඳෝනා. මාසයක් තිස්සේ විවාදයක් අල්ලගෙන දඟලනවා. අපි මොකද කළේ. අපි විවාදයට විධිමත්ව දින හතරක් ලබා දුන්නා. නලින්ද ජයතිස්ස එහි සම්බන්ධීකාරක ලෙස පත්කළා. මෙන්න දින කියලා මහලේකම්ට ලියුමකුත් දුන්නා දින හතරක්. ඊට පස්සේ කියනවා ඒ දිනවල වැඩලු.

සජිත් දැන් මොනරාගල පාසල් ළමයින් වට කරගෙන නන්‍ෙදාඩවනවා. අපි විවාදවලට බය නෑ. ඕනම මොහොතක ලෑස්තියි කියලා. අර කනත්ත ගාවින් යනකොට හයියෙන් කෑගහන්නෙත් වැඩිම බය කෙනා කියලා, ඔබ අහල ඇති. මම මේ විවාදය ගැන කතා කරන පළමු අවස්ථාව. මීට පෙර කතා කරලා නැහැ. මේක ලෙඩක්. ඉවර කළ යුතුයි. ඉතින් දින හතරම බෑ කියලා. පහුගිය 24දා නලින්ද සහෝදරයා කියලා හරි අපේ දින හතර බැරි නම් ඕගොල්ලන්ගේ දිනයක් දෙන්න මැයි 20ට පෙර අපි මොන වැඩේ තිබුණත් මේ වැඩේ ඉවර කරන්නම් කියලා.

අද උසාවි සියයට අසූවකට වැඩි ප්‍රමාණයක නීතිඥයන් අපි සමඟ එක්ව සිටිනවා. අපි කාන්තාවන්ට ලබා දිය යුතු තැන ලබාදී තිබෙනවා. කාන්තා සමුළුවලින් ඒ බව අපි පෙන්වා තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් සියලු සංවිධාන අපි සංවිධානය කර තිබෙනවා. අපි විශාල රැලි මේ වන විටත් පවත්වා තිබෙනවා. ඒ වගේම රටේ දේශපාලනයේදී ජනතාවට ආමන්ත්‍රණය කිරීමේදී ඔවුන් තුළ විශ්වාසය ගොඩනැඟීමේදී දැවැන්ත කාර්යභාරයක් කරනවා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්. අපි ඔවුන්ට සැලසුමක් හැදුවා. දැවැන්ත සඟ සමුළුවක් අපි පවත්වනවා.

ජාතික ජන බලවේගය කියන්නේ පක්ෂයකට හෝ පුද්ගලයකුට එරෙහිව ගොඩනඟන ව්‍යාපාරයක් නොවේ. අපි රනිල්ට හෝ සජිත්ට විරුද්ධ අය නොවෙයි. මේක පුළුල් මහජන ව්‍යපාරයක්. මේ රට වෙනස් කරන මහජන ව්‍යපාරයක්. එය සියලු ජන කණ්ඩායම් නියෝජනය කරනවා. පක්ෂ කෝන්තර, පරණ අදහස්, පරණ පක්ෂ අතර තිබූ මතිමතාන්තර පැත්තකින් තබමු. කුරුවල් මත කරේ තියාගෙන යන මත අපි තවදුරටත් තබාගත යුතු නැහැ.

දේශපාලනය යනු වීජ ගණිතයක් නොවෙයි. ගණන් ෆේල් අය දැන් ගණන් හදනවා. සියයට තුනක් තියෙන අපි කොහොමද සියයට පනහ පන්නන්නෙ කියලා. සජිත්ට නම් යන්තමින් හරි පුළුවන් කියලා ඔවුන් ගණන් හදමින් සිටිනවා. මහින්ද රාජපක්ෂලා අද වේදිකාවේ කියන්නේ පස්වන විධායක ජනාධිපති කියලා. කවුරුත් පස් වෙනවා. කිව යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි කියලා.

තුනෙන් දෙකක් බලය තිබූ අගමැති අද පා.ම. දේශපාලනයේ පිමි ලෙස මිස අනුක්‍රමිකව වෙනස් වෙන්නේ නැහැ. යම් අවස්ථාවක් එනවා ඒ අවස්ථාවේ දේශපාලනයේ පිම්මක් පනිනවා. අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පැනීමටයි. ඒ ගති ලක්ෂණ නැද්ද? ඕනෑම සංවිධානයක් සමීක්ෂණයක් කළොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටිනවා, ඔබ මඟකට යද්දී පොදු තැනක සිටිද්දී ඔවුන් මොකක්ද කියන්නේ? සියයට අසූවක්ම කියන්නේ ජාතික ජන බලවේගය තමයි ඊළඟට එන්නෙ කියලා.”

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත.

“අපි හැමෝටම ලස්සන චිත්‍රයක් මේ රට ගැන මැවිලා තිබුණා. ඒක අපිට ආච්චිලා සීයලා විසින් මවලා දුන්න චිත්‍රයක්. නමුත් ඒක බොඳ වී නැහැ. ඒ විඤ්ඤාණය අපි තුළ තවම තිබෙනවා.

අපිට ඕනෑ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක්. ලස්සන දේශපාලනයක් කරන්න පුළුවන් රටක් තියෙන්න ඕනෑ. ඔබ අපි පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවට පත් කරනවා. දැන් තියෙන ‍ප්‍රජාතන්ත්‍රවාදය කළුම කළුයි. ගඳම ගඳයි. කැතම කැතයි. අපි පාර්ලිමේන්තුවට යැව්වම පාර්ලිමේන්තුව තුළින් ඕනෑම මොහොතක ඒ නියෝජිතයා ආපහු කැඳවන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් සැකසිය යුතුයි. මාලිමාවේ අපි ඔක්කොම එකතු වෙලා ඒ ලස්සන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රට හදමු. අවුරුදු හැත්තෑ හයක් ඒක කළේ නෑ. අපිට ඕනෑ අලුත් රටක්. අලුත් ව්‍යවස්ථාවක්. එළැඹෙන ජනාධිපතිවරණයට මාලිමාව දිනවා පාර්ලිමේන්තුව විසුරුවා ලස්සන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක්, හදන්නට සියලු දෙනාට ආරාධනා කරනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික “අයිතීන් උදෙසා කාන්තාවෝ” සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ.

“මාලිමාවට අද උතුර දකුණ යා කරන්න හැකියාව තිබෙනවා. අද මුළු රටම මාලිමාව වටා කේන්ද්‍ර වී තිබෙනවා. අපේ රටේ නිලමැස්සෝ නමැති වසර හැත්තෑ පහක් රට පාලනය කළ දූෂිත පාලකයන් ජනතාවට රට තුළ අවම වශයෙන් සතුටින් ජීවත් වෙන්න හෝ ඉඩක් වෙන්කර නෑ. මේක අමු සොහොනක් කරලා නිලමැස්සො ටිකක් වගේ මේ රටම දූෂණයෙන් වහගෙන ඉන්නේ.

දුප්පතුන් ලක්ෂ පනස් අටකට වැඩියි කියලා වාර්තා වෙනවා. දැන් පොරකනවා ජනතාවට වැඩ කරන්න. සමහරුන්ට ඔබට නායකත්වය දෙන්න පුළුවන් වෙයි, නමුත් ජනතා විශ්වාසය සහිත රටක් හදන්න හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි.”

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය වසන්තා සුභසිංහ.

“මෙවර මැයි රැලිය වෙනස්ම රැලියක්. අපි දැක්කා මෙතුවක් කල් අයිතිවාසිකම් ඉල්ලපු ජනතාවක්. ධනපති පන්තියෙන් හෝ දූෂිත දේශපාලනඥයන්ගෙන් ඔවුන්ට කිසිදු සැලසුමක්,හව්හරණක් ලැබුණේ නැහැ. ඉල්ලීම් පමණක් මුල් කොටගත් මැයි රැලි පමණයි අපි දුටුවෙ. සියලුම වැඩ කරන ජනතාව මෙවර ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීමේ සූදානමකයි සිටින්නේ.”

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මුනිර් මුලෆ්ලර්

“මීට පෙර සිංහල, දෙමළ, මුස්ලිම් කියලා අපි සියල්ල බෙදී වෙන් වී වසර ගණනක් අසමඟියෙන් ජීවත් වුණා. ඒ හිටියා වගේම තවදුරටත් ඒ ගමන යනවද නැතිනම් සියලු භේද පසෙකලා එක් ශ්‍රී ලංකාවක් ලෙස එකමුතුව යනවාද කියන තීරණය ගැනීම අප සතුව තිබෙනවා. “

- අනුරාධා හේරත් (මව්බිම)

Address

464/20, Pannipitiya Road
Pelawatta
10120

Alerts

Be the first to know and let us send you an email when AKD Anura Kumara Dissanayake - President of Sri Lanka. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to AKD Anura Kumara Dissanayake - President of Sri Lanka.:

Share