06/03/2023
පානම මහා විද්‍යාලයේ ඉපැදුන
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
ගීතය
" අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ "
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ
රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
1980 දශකයේ මුලට යන කතාවක්
ස්ථානය : අම්පාර පානම මහා විද්‍යාලය
කතා නායක. : මහින්ද චන්ද්‍රසේකර
/****/***/
දවසක් සවස් වරුවෙ පානම මහ විද්‍යාලෙ බුදු මැදුර ලග වාඩිවෙලා කයියක් ගහන ගමං මං දැක්කෙ තෙල්බෙහෙත් වෙලෙන්දෙක් ඉස්කෝලෙ වත්තට එනවා .....
පොඩි වෙලාවකට පස්සෙයි දැන ගත්තෙ ඒ අලුත් ගුරුවරයෙක් බව . එතුමගේ වයස අනුව මොන හේතුවක් නිසා මේ දුෂ්කර පලාතට ආවද කියලා කාලයක් ගතවනතෙක්ම කිසිවෙක් දන්නෙ නෑ .... එතුමා ඒ කතාව නොකී නිසා . ඇවිදින පුස්තකාලයක් වුනු එතුමට මං සමීප වුනේ සෑහෙන කලකට පස්සෙ .... දවසක් හවසක එතුමයි මායි පානම මුහුදු වෙරළේ ඇවිදින ගමං එතුමා ජීවිත කතාවෙ කොටසක් කිව්වා.
::::::::: මට එක්වරම ඔලුවට ආවේ
" සිප් කිරි පෙවූ මූසිලයින් උඩ - අපි බිම "
කියන වචන ටික , හේතුව එතුමා මේ පාසලට මාරුවී ඇත්තේ "දඬුවම් " මාරුවක් නිසා - හැබැයි මේ ගුරුතුමාගේ හොඳම ගෝලයෙක් ඒ කාලේ ඇමතිවරයෙක් .
************
මෙන්න මේ කතාවයි ඒ සුන්දර ගීතයේ උත්පත්තිය.
මහින්ද චන්ද්‍රසේකරයන් ලියලා රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ගායනා කලේ සුනිල් එදිරිසිංහයන්.
( මහින්ද චන්ද්‍රසේකරයන් හා පැවති සාකච්ඡාවකදි එතුමන්ගේ හඩින්ම කියවුනු එ් කතාව ලිව්වේ මම - Lak u. Melagoda) 2021
#අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை