27/03/2026
ලග්ගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (2026.03.27) දින ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ගරු කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමේදී, ලග්ගල නගර සංවර්ධනය, ග්‍රාමීය මාර්ග පද්ධතිය නවීකරණය කිරීම, වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කරන ලදී.
එමෙන්ම, ප්‍රදේශවාසීන් මුහුණ දෙන ගැටළු හඳුනාගෙන ඒවාට අදාල අංශ සම්බන්ධීකරණය කරමින් විසදුම් ලබා දීමද, ප්‍රජාශක්ති වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, සංචාරක සංවර්ධන ව්‍යාපෘති ඇතුළු යෝජනා සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ අනුමැතිය ලබා දීමද සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු මහජන නියෝජිතයින් ද, ලග්ගල ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නිලධාරීන් රැසක් සහභාගී විය.