22/06/2022
ආහාර සුරක්ෂිතතාවය උදෙසා ගොවිජන මෙහෙවර අරඹමු බීජ හා රෝපණ ද්‍රව්‍ය බෙදා දීමේ දන්සලක් පල්ලෙබැද්ද ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පවැත්විණි.මේ සඳහා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී තුමිය ඇතුළු සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගේ නොමසුරු දායකත්වය ලැබුණි. මෙම අවස්ථාව සඳහා පල්ලෙබැද්ද නන්දාරාම විහාරාධිපති මහගම සෝරත හිමිපාණන්, රත්නපුර ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් තුමිය, ගොඩකවල සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. ප්‍රදේශයේ හා අවට නිලධාරීන් හා ගොවීන් නවසියයකට අධික පිරිසක් දන්සැල සඳහා සහභාගි විය. මේ සඳහා ගම්මිරිස් පැල පැළ, පුවක් පැළ, මිරිස් පැළ, කෝපි පැළ, කරාබුනැටි පැළ, කහ පැළ, බතල දඬු, මඤ්ඤොක්කා දඬු කැබලි, මුරුංගා දඬු, බටු බීජ පැකට්, ලබු ඇට පැකට්, නියං වැටකොළු පැකට්, මිරිස් බීජ පැකට්, දඹල බීජ පැකට් සහ මෑ ඇට බීජ පැකට් දන්සැලේ දී බෙදා දෙන ලදී.
තිස්ස පැල තවාන - පල්ලෙබැද්ද
මාවතලන්ද පැල තවාන
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විශේෂ ස්තුතිය පුද කර සිටිමි.❤❤❤