කඳුරට පුංචි සරසවිය

කඳුරට පුංචි සරසවිය ​"Poramadulla Central College 🎓 | කඳුරට පුංචි සරසවිය

"පඤ්ඤාහි රතනං සෙට්ඨං!
(1)

19/09/2026
ඉස්කෝලේ කියනකොට මගේ මතකෙට එන පළවෙනි කෙනා තමා සුමන සර්....අදත් සර්ගෙ ගෙදර ලඟින් එනකොට වෙනදා වගේ ම පුරුද්දට බැලුනා ඒ පැත්ත...
19/09/2026

ඉස්කෝලේ කියනකොට මගේ මතකෙට එන පළවෙනි කෙනා තමා සුමන සර්....

අදත් සර්ගෙ ගෙදර ලඟින් එනකොට වෙනදා වගේ ම පුරුද්දට බැලුනා ඒ පැත්ත. සර් ඉන්නවද කියලා. එදා සර්ගෙ කොළ පාට කාර් එක නවත්තල තිබුන තැන පාලුවට ගිහින්. සර් ඉස්සරහට වෙලා හිටපු තැන පාලුවට ගිහින්. වෙනද වගේම ලොකු හුස්මක් පහළට දාලා "අනේ සර් හිටියනම් කියලා" හිතලා එතන පහු කරගන ආවා.

ආදරණීය සුමන සර්,
හැමදාම කියනවා වගේ සර් අපිට ඉතුරු කරලා ගියපු, කවදාවත් අමතක කරන්න බැරි ලස්සන මතක ගොඩක් හිතේ තියාගන සර්ගෙ "අයිසෙලා" ටික ආදරෙන් සර්ව මතක් කලා අදත් වෙනදා වගේම... 🥺💔

Bimba Hellarawa

#කඳුරටපුංචිසරසවිය ゚

Madullan’s Classic Night 2026 #කඳුරටපුංචිසරසවිය
19/09/2026

Madullan’s Classic Night 2026

#කඳුරටපුංචිසරසවිය

අපිව ගොඩදාපූ රත්තරන් ගුරුවරු..මෙතන තව ගොඩක් අය අඩුයි..ආදරෙයි හැමෝටම❤️ #කඳුරටපුංචිසරසවිය
19/09/2026

අපිව ගොඩදාපූ රත්තරන් ගුරුවරු..මෙතන තව ගොඩක් අය අඩුයි..ආදරෙයි හැමෝටම❤️

#කඳුරටපුංචිසරසවිය

Back to school,Back to where it all began..🥹♥️Photos - Hasitha nissanka #කඳුරටපුංචිසරසවිය
19/09/2026

Back to school,
Back to where it all began..🥹♥️

Photos - Hasitha nissanka

#කඳුරටපුංචිසරසවිය

19/09/2026

මාත් ගියා ඉස්කෝලෙට...

පදියපැලැල්ලෙ කණිෂ්ටෙන් ශිෂ්‍යත්වෙ පාස් වෙලා, කිසිම දෙයක් නොදැන, ලොකු පොත් බෑග් එකකුත් උස්සගන 2006 පොරමඩුල්ලට 13113 අංකෙත් අරගන ගියපු මම 2026 අද පොරමඩුල්ලට ගියේ ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට.

ජීවිතේ ලස්සන පැත්තකට හැරෙව්වට ස්තූතී මඩුලු අම්මේ..

නංවා කෙහෙළි ලොවේ
විදුහල වැජඹේවා...❤️

ස්තූතියි Bimba Hellarawa

#කඳුරටපුංචිසරසවිය

ඕනම කෙනෙකුට තමන් ඉගෙන ගත්ත පාසල කියන්නෙ ජිවිතෙ කොටසක්වන්දනීය මතකයක්....🙏ඉතින්නු/පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය මාධ්‍ය මහා...
19/09/2026

ඕනම කෙනෙකුට
තමන් ඉගෙන ගත්ත පාසල කියන්නෙ
ජිවිතෙ කොටසක්
වන්දනීය මතකයක්....🙏
ඉතින්
නු/පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය
මාධ්‍ය මහා විද්‍යාල වංශ කතාවේ
සන්ධිස්ථානයක් .
කඳු පන්තියක් මැඳ එදා වගෙම අදත්
විරාජමානව වැජඹෙන
" කඳුරට පුංචි සරසවිය "ලෙසින් විරුදාවලිය ලත්
ඒ අභිමානවත් විදුමාතාව
අසුඑක් (81) වසරක මතකයන්
අද දින සමරන්නේ තම ඇකයේ
හැදුන වැඩුන දසදහස් ගණනක
දරුවන්ගෙ උණුසුම දෝතින්ම
බදාගෙනයි........♥️

නුඹේ ආදරණිය තුරුලෙ හැදුණු වැඩුණු
මගේ තාත්තාත්,අයියාත්,,මමත්
හදවතින්ම ප්‍රාර්ථනය කරන්නෙ
සුබ උපන් දිනයක් වේවා අම්මේ...
🙏♥️🙏♥️
"නංවා කෙහෙලි ලොවේ විදුහල වැජඹෙවා...🙏"

ස්තූතියි Dilrukshi raajamantree

#කඳුරටපුංචිසරසවිය

එයාලත් එනගමන්😍පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයීය 81 වන සංවත්සර වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගම් ගොඩනැගිල්ලට ආධාර පිණිස සංවිධානය කරනු ල...
19/09/2026

එයාලත් එනගමන්😍

පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයීය 81 වන සංවත්සර වෙනුවෙන්
ආදි ශිෂ්‍ය සංගම් ගොඩනැගිල්ලට ආධාර පිණිස සංවිධානය කරනු ලබන

🎶🪗Madullans Classic Night 2026🎺🎻

📅2026 සැප්තැම්බර් 19 වන දින එනම් අද දින
🕖ප.ව.06.30 සිට
📍රිකිල්ලගස්කඩ Opel හොටෙල් පරිශ්‍රයේදී පැවැත්වේ.

🔴සීමිත ටිකට්පත් සංඛ්‍යාවක් ඇති බැවින් 077 554 9948 මෙම දුරකථන අංකය අමතා හෝ Whatsapp මගින්
ඔබගේ ටිකට්පත් ඉක්මනින් වෙන් කරවා ගන්න.🔖

#කඳුරටපුංචිසරසවිය

Address

Poramadulla Central College, Poramadulla, Rikillagaskada
Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when කඳුරට පුංචි සරසවිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share