Nawakatha

Nawakatha නවකතා කෙටි කතා කියවන අලුත්ම විදිය ... නවකයන්ගේ අලුත්ම කතා එකතුව ... සයිබ‍ර් අවකාශයේ ඔබගේ කතා පුස්තක

27/02/2026
මේ පාර බුක් ෆෙයා එකෙන් ගන්න පුලුවන් ලමයී... 😘😘😘
25/09/2025

මේ පාර බුක් ෆෙයා එකෙන් ගන්න පුලුවන් ලමයී... 😘😘😘

18/08/2025
15/08/2025

💞Billionaire's Love 💞
26 කොටස

"එහෙමද .. මිනිහා හොයාගමු..."
රාහුල් සුසුම් වේගයෙන් ඉහල පහල දමමින් පොලව යට වූ ආරක්ෂිත නවාතැනේ එහෙට මෙහෙට යන්නට විය. අරුන් ආවේ ඒ මොහොතේය.

"සර් වාහනය ආවා"

"මුන් තුන් දෙනා දාන්න කියපන්..."

රාහුල් අරුන්ට කියද්දි ඔහු උස් හඩින් ආරක්ශකයන් දෙදෙනෙකුට කියන්නට විය.

"සර්.. සර්.. එනවද අපිත් එක්ක යන්න.."

"ඔව්..."

"සර්.. ඒ උනාට සනීප නැතුව මේ වැඩේට එන එක නම් එච්චර හොද මදි... මොකද අපි දන්නේ නෑ සර් මොනවගේ තත්වයක් එයිද කියලා.. එහෙම එකේ මෙහෙම යන එක එච්චර හොඳ මදි නේද.."

"යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන්නේ නෑ බන්... වරෙන් යන්න......"

"එහෙම කිව්වට බෑනේ සර්...
සර් බාරගත්ත වැඩක් තියෙනවා.. ..."

අරුන් කියන්නේ රාහුල් පසුපස එමින් ය. රාහුල් බැලුවේ ඔහු දෙසය.

"උඹත් ඒක හොදට දන්නවා නේද...?

"මිනිහා කියනවා සර්....පව්... හොද එකා..."

රාහුල් එකවරම නතර විය. ඔහු දෙස බැලුවේ කුතුහලයකින් ය. "

"නෑ එහෙම නෙමේ සර්.. මිනිහාට දුකයී.. ඒත් මිනිහා මේක අතාරින්න ලෑස්ති නෑ...මන් එදා බලාගෙන සර්..
මැරෙන්න හූල්ලනවා..."

රාහුල් නැවත ඇවිද යන්න විය.

"මන් කිව්වා මිනිහට .. ඕනම වෙලේක මේක අතාරින්න පුලුවන් කියලා.. "

"සර් ඔහොම කිව්වට එහෙම කලොත් සර් ට හිත හදාගන්න පුලුවන්ද...? "

රාහුල් අරුන් කීව දේ ගැන එතරම් නොසිතා තිබුණද ඔහුගේ කතාව නැවත සියල්ල මතක් කරන්නට පෙලබවීය.

'කිසිසේත්ම බෑ..'

ඔහු කීවේ තමන්ටමය. ඒ අතරම රාහුල් නතර වන්නට විය.

"හරි ... ඒක අතෑරපන්... වාහනය ආවද... "

"ඔව් සර්... එහෙනම්.. මුන් තුන් දෙනාව දාපන්... වෙනදා කරන විදියටම ඉතුරු වැඩ ටිකත් කරපන්...මන් එන්නම්.. "

"හරි සර්.. "

එසේ කියද්දී අරුන් අණ දුන් ආරක්ශකයන් දෙදෙනෙකු බිම දිගේ ඇදගෙන එන්නට වූයේ ලේ පෙරුනු බාගෙට පණ අදිනා මිනිසුන් තිදෙනාවය. හෙරොයින් ලංකාවට රැඟෙන කුඩා සන්ධි ගානේ බෙදාහරින්නට හිත් පිත් නැතුව කටයුතු කරනා ඔවුන් බිම දිගේ ඇදගෙන යන ඔවුන් දැක රාහුල්ට බිදක්වත් දුක සිතුනේ නැත.

"මේ ටික හෝදලා දාපන්..."

"බිම මත වූ ලේ පැල්ලම් දැක එයද ආරක්ශකයෙකුට බාරදී රාහුල් බංකරයෙන් පිටත් වන්නට එන විට අපහසුවෙන් අරුන් සමඟ තවත් දෙදෙනෙකු අපරාධකරුවන් තිදෙනාව ඉහලට ගනිමින් සිටියේය. රාහුල් ඔවුන් ව ඉහලට ගත් පසු ආ ලොරියට දමා ගන්නා තුරු හිඳ බෙන්ස් රථයට නැඟුනේ බොහෝ අවස්ථාවන්ට අනුව සිදුවන කාර්‍යයේ අවසාන අධියර නිමා කරන්නටය. එසැනින් දුරකථනය නාද වන්නට විය. රාහුල් දුරකථනය ගෙන බලද්දී එය ශාරධාගෙන් ය. ඒ සැනින් දුරකතන ඇමතුම් පිළිබද විස්තරයක්ද කෙටි පනිවිඩයකින් ලැබිණ. මෙතුවක් වේලා සිග්නල් නොතිබුණ නිසා ඇයට සම්බන්ධ වන්නට නොහැකි වෙන්නට ඇතිය. ඇයහේ සිත රිදවන්නට බැරිය. බොරු කියන්නටද බැරිය. ඒ නිසාම ඔහු දුරකතනය සයිලන්ට් කර දැමුවේ එක ක්‍රියා විරහිත කලහොත් මේ අවස්තාවෙදි වෙනත් දුරකතන ඇමතුම් වල අවශ්‍යතාවය එන බැවින් ය.

ඔහු සිතුවා හරිය. එසැනින් අරුන් ය. ඒ වන විටත් එන ශාරදාගේ ඇමතුම් කට් කරනවා හැර කරන්නට දෙයක් නැත.

"කියපන්... "

"එකෙක් මැරුණා සර්... "

අරුන් එහා පසින් කීවේය. බොහෝ පහර කෑම්වලට ලක්වී තිබුණ නිස එවන් දෙයක් සිදුවීම අරුමයක් නොවේ.

"බඩුටික කන්ෆර්ම් කරගත්තට පස්සේ ඔය දෙකත් ඉවර කරපන්... අර විදියට විනාස කරපන්.... "

රාහුල් එසේ කියමින් පසු පසින් එන්නට විය. රාත්‍රියේ කිසිදු එලියක් නැති පදෙසක යෑම් කෙතරම් බයානකද යත් අරුන් කිව්වා සේම බලාපොරොත්තු නොවූ ලෙස පහරදීමකට ලක් වුවහොත් ඒ තමාගේත් මිය යාම පමණක් බව ඔහුද දන්නේය. ඉදින් බොහෝ වේලාවක ආ කටුක මාර්ගයේ විසල් කර්මාන්තශාලාවක් ලඟ නතර බැලූ බැල්මට මෙය ටර්බයින් සහිත විසල් ගොඩනැඟිල්ලක් ය. අතහැර දැමූ එකක් මෙන් පෙනුනද කතාව මීට වඩා වෙනස් විය හැකිය.

"තැන මෙතන සර්..... "

"උන් තුන් දෙනා ගනින්.. මෙතනම ඉවරයක් කරලා දාපන්... ඉතුරු ටික උඹ දන්නවානේ.."

"හරි සර්..."

රාහුල් වාහනයේ සීටය යටින් ගත් රිවෝල්වරය කලිසම පිටුපස ගසා වාහනයෙන් බැස ගන්නට විය. වාහනයෙන් කෙදිරි ගාමින් උන් මිනිසුන් දෙදෙනෙකුත් වේදනාවෙන් මිය ගිය අනෙක් මිනිසාත් පහලට ගන්නට වූයේ දෙදෙනාගේ කෙදිරීම් මැදය.

"ම...ර...න්න...එ.....පා... ස.....ර්..."

එකෙකු අපැහැදිලි වචනයෙන් කියනු ඇසිණ.
හෙරොයින් යනු මිහිපිට අපායකි. ඇබ්බැහි වූවන් ද ජීවත් වන වාට වඩා මරණය සැපතක් යැයී සිතනා තරම් මනස විකෘති කරගත් මිනිසුන් ය. මද වේලාවක්ත් සිරුරට මත්ද්‍රව්‍යයක් නොමැතිව ඉන්නට බැරි කොට්ටාසයක් ය. ඒ වෙනුවෙන් හැකි සෑම දේම කරන්නට උත්සුක වන පිරිසක් ය. එවැනි මිනිසුන් කෙතරම් භයානකද යත් මුදල් අගහිඟ වීම නිසා මිනිමරා හෝ තම කාර්‍ය කරන්නට කැමති පිරිසක් බිහි වෙමින් යයි. මත්ද්‍රව්‍ය වැඩි වීම මිනිමැරුම් වැඩි වීම
මංකොල්ල කෑම් ද කාන්තා දූෂණද එකිනෙකට සම්බන්ධ සිදුවීම් වෙන්නේ ඒ නිසාය.

රාහුල් ඔවුන් තිදෙනා රැඟෙන ගිය පසු පසුපසින් ගොස් සිටගන්නට විය.මැරි වුන් මිනිසා හැර අනිත් දෙදෙනාවම පුටුවකට දමා ඉන්දවූයේ බැරි බැරි ගාතේය. කරන්නට දෙයක් නැත. ඔවුන් පුනුරුත්තාපනය හිතන්නටවත් බැරිය. රාහුල් ආපසු හැරී එහාපස ගොඩ ගසා තිබූ හෙරොයින් පැකට් සහිත ඒකක එකින් එක පිරික්සන්නට විය.

"එකක් වත් ඉතුරු වෙන්න බෑ.. දන්නවානේ ..අපේ එකෙක් හරි ළඟ තිබුනොත් ඌට වෙන දේ.."

"හරි සර්... මම වගකීම ගන්නවා සර්..."

අරුන් කීවේ ගෞරවාන්විතවය.

"කෝ මිනිහට එන්න කියපන්.. "

රාහුල් බලා සිටියේ ඔහුගේ පැමිණීම එනතුරුය.ඒ වන තුරුම ඔහු හෙරොයින් කුඩු පිරික්සන්නට විය.

"රාහු...ල්..."

රාහුල් හැරුණේ ඔහුගේ ගාම්බීර කටහඩටය.මුහුණ රෙදිකඩකින් බැඳ ඔහු ඉදිරියේ වූයේ ඔහු බලාපොරොත්තු වූ මිනිසාය. රාහුල් ඔහුගේ අත දිගු කර ඔහුට අතට අත දුන්නේ බොහෝ සුහදවය.

"උඹ වැඩේ නියමෙට කරා මචං..."

ඔහු යන්තම් සිනාසෙන්නට විය.

"උඹට මාව විශ්වාසත් නැද්ද මූණ වහගෙන ඉන්නේ..."

"නෑ රාහුල්... මෙහෙම හොදයි..."

රාහුල් තියුනුව ඔහු දෙස බැලීය.

"දන්නවානේ තත්වේ..ශාරධාව පොලීසියෙන් එවලා තිබුණා.. උඹ එච්චර ඉක්මනට වැඩේ කරපු එක හොදයි.."

"මන් දන්නවා මට කෙසේ වෙතත් ඒ වෙලාව කොච්ච්ර අමාරුද කියලා.. "

රාහුල් ඔහුගේ උරහිස මත අත් දෙක තැබීය. තදින් උරහිස තද කරන්නට විය.

"උඹට පුලුවන්ද බන් ඔහොම හිතන්න.. "

"මොකද බැරි බොසා.. උඹ මට වඩා මට විශ්වාසයී.. "

"අන්න.. උබ මට බොක්කෙන් කතා කලා..."

"ඒත් උඹ එදා කරපු දේට නම් මන් අකමැති බල්ලෝ..."

"ඒක මමත් හිතුවේ නෑ.. ඒත්..."

ඔහු දිගු සුසුමක් හෙලන්නට විය.

"උඹට තිබ්බා කරන එකක් අරුන් යවලා කරන්න.."

"ඒක එහෙම එකක් නෙමේ බොසා.."

"හරි... මට කියපන් දැන් ප්ලෑන් එක මොකද්ද.. "

"ඩුබායි ඉන්න පොර ලංකාවට එනවා.. ඌ අවම මේ වගේම ඉවරයක් කරන්න ඕන.. අනික මෙතන ඉන්න උන් දෙන්නම දැනට පාතාලේ හොල්ලපු එවුන් දෙන්නෙක්.. මේ එකක් වත් නිවුස් වල ගියොත් අපිට අවාසී මචං..."

රාහුල් අසා සිටියේ අවධාරණයෙන් ය.

"හරි... මට උඹව සීයට බර ගානක් විශ්වාසයී.. ගේම ගහපන්..."

"මචං...."

"මට එකපාරක් පෙන්නන්න පුලුවන් ද..."

රාහුල් එකවරම ඔහුගේ කම්මුලට ගැසුවේ තරමක් සෙමින් ය.

"බල්ලා... තොට බැරිනම් කියපන්..

ඔහු සිනාසෙන්නට විය. ඔහු දුරකතනය ගෙන ශාරධාගේ චායාරූප කීපයක් පෙන්වන්නට විය.

"ම්හ්... ශේන් කියන හාදයා හින්දා මේ ගෑනි නොමැරි ගොඩ ආපු එක ගැන මට සතුටුයි... බන්...මන් හිතුවෙ නෑ.. ලොකුකමයී හිතුවක්කාර කමයී...ඇට්ටරකමයී..."

ඉදිරියේ උන් මුහුණ වසාගත් මිනිසාට සිනහ යන්නට වූයේ රාහුල් එය කියනා විදියට ය.

"මට තේරෙන්නේ නැත්තේ උඹ ඔච්චර ඉදලත් ගෑනු ගැන තාම දන්නේ නැද්ද කියලා... මට ඉතින් කියන්න හිතෙනවා..."

"කියප....න්.."

")&@)&& ,උඹට ඒකවත් කරගන්න පුලුවන්ද කියලා සැකයී..."

"අඩෝ...හ්... මේ උඹ එහෙම හිතන්න එපා.. උඹ හිතුවද... මම...
නිකන් ඉදපන්.... "

රාහුල් කියන්නේ සියල්ලම විහිලුවට ගෙන වුවත් අනෙකාගේ මුහුණ බැරෑරුම්‍ ය. රාහුල් ඔහුගේ පිටට ගැසුවේ සිනහවෙන්‍ ය.

"මේක අපි නවත්තමුද..."

රාහුල් ඇසුවේ මද වේලාවක් ගෙනය.

"බෑ..."

"හරි... උබ ආය ඔය මූණ පෙන්නන එපා එහෙනම් කණ පැලෙන්න ගහනවා මම..."

"හරි... "

"මෙහ්... උඹ පලයන්... උඹටත් දැන් ගෑනියෙක් ඉන්නවානේ .. මෙහෙම අවලමේ යන්න එපා..."

"බල්ලෝ... උඹට මන් කිව්වා කියලා හිතාගනින්..."

රාහුල් එසේ කියමින් ඔහුව වැලඳගන්නට විය.

"උඹ ඉවරයක් කරපන්..."
රාහුල් වැලදන්නා ගමන් රහසින් කීවේය. ඒ සැනින් ඔහු සුවිසල් කර්මාන්තශාලාවෙන් පිටත් වනවාත් සමඟම වෙඩින වරුසාවක් නිකුත් වන්නට විය. රාහුල් ගේ මුහුණේ වූයේ කට කොනකින් පමණක් ආ සිනහවකි. එක් අතකින් අනෙක් අතේ ශර්ටයේ අත පිටුපසට කරමින් ආ ඔහු එක මාපට ඇඟිල්ලකින් ඔහුගේ නහය උඩු අතට පිසදමන්නට විය. මෙය ඔහුගේ හැසීරිමක එක කොටසක් ය. රාත්‍රිය ඉතා කෙටිය. ඔහුගේ රථයට නැඟුන ඔහු වේගයෙන්ම ධාවනය කරන්නට විය. කනින් ඇසෙනා වෙඩි වරුසාවේ හඩ ඉවරයක් නැත. ඔහු රේඩියෝව වැඩි කර දමන්නග වූයේ තරමක වෙනස් අවකාශයක් සාධාගන්නටය.
රාහුල් වාහනය ගේට්ටුවෙන් ඇතුලට දමන විට වෙලාව පාන්දර යාමය පහුවී තිබිණ. ඇඟට තරමක් මහන්සි දැනිණ. බොහෝ මහන්සි දැනෙන්නේ තවමත් සුවයක් නොළබා තිබු නිසා විය යුතුය.

'කොහෙද උඹට බෑනේ එක ජුන්ඩක් ගේ ඇතුලේ ඉන්න...'

ආච්චි අම්මා සිටියානම් කියන්නේ එසේය. රාහුල් නවතම යුගයේ ගීතයක් මුමුණමින් වාහනයෙන් බැස දොර බිම බලාගෙනම තාලය නිවස තුලට යන්නට හදනා මොහොතේ ඉදිරියේ සිටියේ ශාරධාය.
ඇයගේ දෑස් තියුනුය. මුහුණ සම්පූර්ණ වෙනස් ය.

"කොහෙද ගියේ.."

කවරදාකවත් නැතිව ... ඇයගේ වචන රළුය. ඇය හොදටම හඩා ඇති වග නම් ඇයගේ දොලිසෙන ඇස් ආලෝකයට දිලිසෙමින් කියන්නට විය. රාහුල් තමවත් හිඳියේ ගීතයේ කොටස ලා හඩින් මුමුණමින්‍ ය.

"කොහෙද ගියේ රාහුල්... "

"ඇයි අහන්නේ..."

"අහන්නේ..."

ශාරධාගේ අත එකවරම රාහුල්ගේ අත දවටා ගත්තේ වැලමිට ලගින් ය. එය බොහෝ කේන්තියෙන් වගරාහුල්ට දැනින. ඇයගේ දිගු නිය ඔහුට රිදවමින් තිබුණද ඔහුට එය දරන්නට හැකිය. රාහුල් ඔහුගේ දැස් වලින් රාත්‍රියේ වුවද ඇයගේ දෑස් මත පැටලෙන්නට විය. ආදරය දැනුණ පිරිමියෙකුට එම ගැහැණිය මොන තත්වයේ වුවද සරාඟීය.

"තමුසෙට මන් කෝල් කීයක් ගත්තද.. මට පපුවේ ගින්දරෙන් මැරෙන්නද කියන්නේ..."

රාහුල් කට කොණකින් සිනාසෙන්නට විය. ඒ ඇයගේ දැසින් ඔහුගේ දෑස මුදාගෙනය.

"ශාරධා ඔයාට මෙතන අඩන්නවත් දුක් වෙන්නවත් හේතුවක් නෑනේ මම පිට මනුස්සයා න්හ්.. "

රාහුල් එසේ කියමින් යන්නට හැදුවද ඔහුට යන්නට වූයේ නැත. ශාරධා කිසිසේත්ම පැරදෙන්නට කැමති නැත..

"නෑ.. ඔයා මට කොහෙද ගියේ කියලාමයී යන්න ඕන.. ."

"නතාලියා බලන්න.. ඇයි..."

ශාරධාගේ කම්මුල් ගැහෙන්නට විය. බලා හිඳිද්දී දෑස් වල කඳුලු පිරි ගලන්නට විය. එහෙත් ඇයගේ අත ඔහුගේ අත ලිහිල් කරනවා වෙනුවට දත් එකට එක යා කරමින් කේන්තියෙන් පැසවන්නට විය.

"තමුසේ ඒ ගෑනිත් එක්ක මොකද කලේ ෆෝන් එක ඕෆ් කරගෙන..."

ඇය වියරුය.

"ශාරධා පිස්සු නටන්න එපා.. ඔයා කියන්නේ මට මොකක් කරන්න කියලාද... "

"හරි... සොරි... "

ශාරධා පිටුපසට විය. රාහුල් මද වේලාවක් ඇය දෙස බලා එකවරම ඇතුලට යන්නට වූයේ වේගයෙන් ය. ශාරදා කිසි දිනක එවන් හැසිරීමක් ඔහු ඉදිරියේ පෙන්වා නැතිය. ඔහුට සිනහවක් නැඟිණ. කාමරටට අවුත් ඔහු කන්ණාඩිය ඉදිරිපසට ගොස් තමා දෙසම බලා ඉන්නට වූයේ ආඩම්බරවය. සිවුරුහන් බාමින් හරිම සැහැල්ලු තරුණයෙක් ලෙසය. ශාරධා.. තම හිත පැහැරගත් එකම කෙල්ලය. ඇය කිසිදිනක තමාට ආදරය නොකරනු ඇතැයි සිතුවේ ඇය තමා කොතෙකුත් දේවල් කලද ඇය එය ගණන් නොගත් නිසාය. ඊටත් හැමදාම රණ්ඩු වන්නට කුමක් හෝ ප්‍රශ්නයක් ඇදීම සාමාන්‍ය දෙයක් ය. ඇයගේ නපුරු හිතුවක්කාර ගති වලට රාහුල් බැදී තිබුණේ නිතැතින්මය. මේ අත් දෙකට තවමත් ගැහැණියෙක් හරි හැටි වැලඳගෙන නැතිය. නමුත් ශාරධා සිතනා දේ කුමක් දැයි කියන්නට අවශ්‍ය නැත. ඇය සිතන්නේ සිතිය හැකි උපරිමය. රාහුල්ට හීනියට සිනාවක් ඇදෙන්නට විය.

"මෝඩ ගෑනි...."

ඔහු කණ්ණාඩියේ කුඩාවට පසෙක තියා තිබූ ඇයගේ චායාරූපය ගෙන කීවේය. ඒ අතර තුර රාහුල් තම ඇද වුන් ශර්ටය ගලවා දමා..නාන කාමරයට වැදුනේ වෙලුම නොතෙමෙන්නට ඇඟ සෝදාගන්නටය.. මදක් හෝ සැහැල්ලු වන්නට නම් හිතේ හැටියට නාගන්නටවත් අවැසිය. මේ මගුලක් නිසා එය කරන්නටද බැරිය. නමුත් මේ මොහොතේ ඒයට කිසිදු කේන්තියක් නැත. ශාරධා ඔහුගේ ආ මුහුණ සම්පූරණයෙන් වෙනස් කර හිතේ සතුට පුරවා ඇතිය. රාහුල් නාන කාමරයේ කණ්ණාඩියෙන් ඔහු දෙසම බැලිය .

"මම එච්චර හොද මිනිහෙක් නෙමේ ශාරධා..
ඒත් මගේ ඒ පැත්ත ඔයාට කවදාවත් දකින්න ලැබෙන්න එපා කියලා මම හිතනවා..."

රාහුල් හිතුවේ ශාරධාගේ දෑස් මතක් කරගෙනය. එක අතකට ඇය කෙසේ හෝ දික්කසාදය ලබා ගත හොත් තමා මෙන් මිනී මරනා මිනිසෙකු ලඟ ආදරය සොයන්නට අවශ්‍ය නැතිය. ඔහු මද වේලාවක් ගෙන පිරිසිදු වන්නට වූයේ හැකි අයුරින් පව් සෝදාගන්නට ය.

ඉදින් ඔහු කාමරයට එද්දිත් පැයක් පමණ ගතවී ඇතිය. හොද නින්දක් දමන්නට සිතුවද තවමත් හරි හැටි නින්ද යන්නට නම් කාලයක් බලා සිටිය යුතුය.

"මචං... මිනිහා ලංකාවට එන්න ඕන.. දින ටික මට හොයාගන්න බැරි උනා.. "

"හරි."

"ඒක ගැස්සෙන එකක් නෑ...හොදට ප්ලෑන් කරලා තියෙන්නේ..."

"හරි... මචං.... උඹ වැඩ්ඩෙක්... මම ඒක දන්නවා... "

මචං... මට....

"ඒක මන් කරනවා.. විශ්වාස කරපන් මාව... "

"අවිශ්වාසයක් නෙමේ බන් ඒක මේ ... දන්නවානේ.. ."

"ඔව්... "

රාහුල්ට ඒ කතා මැවි මැවී නැවත ආය ආය ඇසෙන්නට විය. නින්දට බොහෝ උත්සහ කලද තවමත් නින්ද අසලකවත් නොමැත. දෑස් අතරින් පේනා ගිනිජාලා නිමක් නැතිය. රාහුල් එකවරම නැඟිට්ටේ සිගරට්ටුවක් බීමේ දැඩි අවශ්‍යතාවය දැනෙමින් තිබූ බැවින් ය. ඔහු නැඟිට ස්ටූලය මත වූ පැකට්ටුවෙන් එකක් ගෙන දල්වාගන්නට වැරෙන්ඩාවට යන්නට විය. අද තරමක පින්නක් ය. වැස්සවත් පායන දිනයන් ගැනවත් රාහුල් ට ගාණක් නැත. ඔහු සිඟරට්ටුව දල්වාගෙන කල්පනා කරන්නට වූයේ ශාරධාගේ හැසිරිම් ය. මෙලහට හඩමින් ඇය නිදි ඇතැයී සිතිණ.

'ඔච්චර එකක් හිතේ තියෙනවානම් ආදරෙයි කිව්වම හෙන ගහනවාද..'

සිගරට්ටුවේ උඟුරක් ඇද සිනහවෙමින් නැවත නැවත හිතන්නට විය. මේ රාත්‍රිය හිතුවෙවත් නැති ලෙස ඉවරවන්නට සූදානමින් තිබිණ. එලිවෙන්නට තව මද වේලාවකි. හෙට දිනයේවත් සතු කාර්‍යාල කීපයෙන් දෙකකට හෝ යායුතුය. පහු ගිය දින ගණනාවක ඒ වෙනුවෙන් කිසිදු සොයාබැලීමක් නොකලේ මේ කටයුතු නිසාත් තමා බලාපොරොත්තු නොවු ලෙස වෙඩි කා මරණය බලාපොරොත්තුව හිඳි නිසාත් ය.

රාහුල් නැවත සිගරට්ටුවෙන් උගුරක් ඇද.. බලා ඉන්නට වූයේ විසල් අහස දෙසය. නැවත ආලෝකයෙන් දිලෙනා උද්‍යානය දෙසය.

"ව්...ට්...."

රාහුල් දෑස් නැවත නැතත ගසා බැලුවේ ඇස් අදහා ගන්නට බැරිවය.

"ශා...ර...ධා.."

රාහුල්ට පුදුම සිතිණ.උද්‍යානයේ කෙලවරක තවමත් රැඳි ඉන්නා ඇයය. මෙතරම් වෙලාවක්...නෑ.. කිසීසේත්ම වෙන්නට බැරිය.
මේ පින්නේ... ඔහු බැලුවේ කාමරයේ හිමින් වැනෙනා රාජකීය බට්ටා ඔටලෝසුව දෙසය.

'ෆ්ක් මෙන්... මෙච්චර වෙලා...'

ඒ වන විටත් පැය දෙකහමාරක් ඉක්මවා තිබිණ. ඔහු දල්වා හිඳි සිගරට්ටුව නිවා දමා වැරෙන්ඩාව මතම තබා පහලට යන්නට වූයේ වේගයෙන් ය. ඔහු ඇය අසලට යද්දි ඇය ගැහෙමින් හඩමින් සිටියේ සුසුම් ලමින් ය.
රාහුල් ඇයගේ උරහිසට අතක් තැබුවද ඇය එකවරම ඔහුගේ අතට ගැසුවේ වේගයෙන් ය. එය රාහුල්ට හොදටම රිදිණ. ශාරධාට එතරම් ශක්තියක් ඔහු කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත.

"එපා... අල්ලන්න...ගිහින් ලගිනවා අර ගෑනී එක්කම.."

ශාරධා වියරුය. ඇයගේ දෑස් රාහුල්ගෙ මුහුණ පුච්චා අලුකරන්නට මෙන් ගිනි පුපුරු ගසමින් තිබිණ. සුසුම්ද වැඩි වූවා මිස අඩුවක් නැත. රාහුල්ට එන සිනහව නවත්වාගන්නට බැරි වුවද මෙතනදී සිනහවුවහොත් ශාරධාගේ ගින්නට හසුවන බවනම් නියතය.ඒ නිසාම ආයාසයෙන් තද කරගෙන ඉන්නට වූයේ වෙන කරන්නට දෙයක් නැතිවය.

"මොනාද ශාරධා මේ කියන්නේ..."

"කියන්නේ.. ගිහින් අහගන්නවා අර ගෑනිගෙන්...මගෙන් අහන්නේ මොන රෙද්දටද.."

කිසිදු දිනක ඇය මෙතරම් කේන්ති ගෙන නැතිය. ඇයට මෙලෙස කතා කරන්නට හැකි දැයි දන්නේද නැත. ගැහැනුන් හිතනවාට වඩා වියරුය. එය ඇත්තක් ය. ඔවුන්ගේ වියරු පැත්ත දකින්නට පිරිමියෙක් ට හැක්කේ මෙවන් වෙලාවටය.

"ශාරධා ..ඔයා කොහොමද ඔහොම කතා කරන්නේ....."

රාහුල් නැවට ඇයගේ බෙල්ල මත හෝ අත තබන්නට උත්සහ කරද්දී ශාරධා අත් දෙකම උස්සා ඔහුට එපා යැයි කීවේ මුහුණෙන්ද ඔහු ගැන දැනෙනා පිලිකුල පෙන්වමින් ය.

"හො...ද හිතින් කියන්නේ යනවා මට පාඩුවේ ඉන්න දීලා..."

රාහුල්ට එවරනම් සිහින් හිනාවක් ඇදෙන්නට විය. කේන්ති ගත්තාම ගැහැනුන් ලස්සන යැයි කිව්වාට ඔහු එය දුටුවේ අදය.

"යනවා ... ගිහින් ඒ ගෑනී එක්කම ලඟිනවා..
මගේ කෝල් කට් කර කර... ආන්සර් නොකර හිටියානේ.."

"ශාරධා.. කියන එක අහන්න..."

"එපා.. අල්ලන්න.. එපා ඒ ගැනී අල්ලපු අතින් මාව අල්ලන්න.. "

"මා වියරු වී කෑගසන්නට විමි. ඔහුගේ දෑස් අදුනාගන්නට බැරිය. මේ සියල්ලම පිරිමින්ගේ මායම් ය.
එක මිනිහෙකුත් මට කලේ එසේම නොවේද..?

"පිරිමි ඔක්කොම එකයී..."

මා කීවේ කේන්තියෙන් ය.

"පින්න.. සුදු.. "

ඔහුට ඇගේ හිස පොරවන්නට ඇදුමක්ද නැත. පහලට ආවේ ඇය දුටු විගසය. රාහුල් අතින් මගේ හිස ආවරණය කරන්නට හැදුවද මා ඔහුගේ අතට ගැසුවේ වියරුවෙන් ය.

"මට වෙන ගැනු ඕන නෑ ශාරධා.. "

"එහෙනම් මොකටද ඒ ගෑනි හම්බෙන්න ගියේ.."

"ඕන නිසා.. පිරිමියෙක් උනාම ඔයා කියන්නේ මට ඒවා දැනෙන්නේ නෑ කියලාද..."

"උඹ මහ තිරිසනෙක් මිනිහෝ... "

ශාරදා එකවරම අතුල්පාරක් අගසන්නට හදනවාත් සමඟම රාහුල් ඇගේ අත අල්ලාගෙන සිරකරගත්තේ ඇය දෙස බලාය. ඉදින් ඇය බලා සිටියදීම ඇයගේ අත තම මුව අසලට ගෙන හාදුවක් තැබීය. රාහුල් මා මෙල්ල කරන්නට දෝ මගේ දෑස් දෙස බලා මගේ බෙල්ල පිරිමදිද්දී මගේ කේන්තිය පහව යනු දැනිණ.

"ශා....රු......"

රාහුල් ගේ රලු හඩ මගේ කන්මත වැටුනේ ආදරණීයවද සරාගීවද දන්නේ නැත. නමුත් මෝඩ ගැහැනුන් උගත් ගැහැනුන් කියා වෙනසක් නැත. වචන වලට ඇන්දීම එක සේමය. තවමවත් මගේ අත ඔහුගේ තුරුලේය.

"නෑ .. බොරු... "

මම නැවත ඔහුගේ අත අයින් කරන්නට වෙහෙස උනෙමි.

"මට කියන්නේ මේ ඇස් වකින් පේන එක විශ්වාස කරන්න එපා කියලද..."

රාහුල් ඇසුවේ සිහින් වය. මට කෙල ගිලෙන්නේද නැත. සීතල පින්නේ මට තවත් ඉන්න බැරි තරම් සීතලය. ඔහු එක අතක් මගේ උරහිසට වාරු කර මාපට ඇඟිල්ලෙන් මගේ බෙල්ල යාන්තමින් පීරන්නට විය. පිරිමින්ගේ මායම් එකසිය විසිඅටක් කිව්වාට ඊට එකක් හෝ වැඩි ඇතිය.
මෙතුවක් වේලා මගේ හිතේ වූ කේන්තිය එකින් එක දිය කර දමන්නට ඔහුට හැකි වෙන්නට මා කෙතරම් මෝඩද..?

"මන් කියන්නේ ... නතාලියාගේ .. කම්මුල් මේ තරම් සිනිදු නෑ.. ශාරධා..."

රාහුල් හඩ බාලකර සරාඟීව මගේ දෑස් දෙස බලා කියද්දී මට ඉහිලුම් නැති විය. මා ඔහු අසනීපයෙන් වගද අමතක කර හඩමින් වේගයෙන් ඔහුගේ සිරුරට ගසන්නට වූයේ පපුවට නොවදින්නටය. ඔහුට එය දරන්නට අපහසුව කෙදිරියක් නැඟුණද මගේ වියරුව හමුවේ කිසිසේත්ම මට පරාද වෙන්නටවත් ඔහුගේ ස්පර්ශයක් ලබන්නටවත් සිතුනේ නැත.

ඒ සැනින් මා ඔහුගේ ගැලවී හඩමින්ම නිවස තුලට ආවේ මට වන්නට ඇත්තේ කුමක් වුවත් පාන්දර යාමයේම මහල් නිවාසය බලා යන්නට සිතමිනි.

"දොස්තර නෝනා.. .කොහෙද ගියේ... ඇයි මේ තෙමිලා... "

මා හඩමින් කාමරය තුලට යද්දි මා එන හඩ ඇසී ඇහැරුණු ආච්චි අම්මා බොර හඩින් ඇසුවේ ආදරණීයවය.

"අනේ... මේ... කෙ...ල්...ල... අඩනවා නේද...අනේ රත්තරනේ... "

"ආ...ච්චි අම්මා..."

ඇය මා බදාගන්නට වූවාය.

"රා...හු....ල් .. අර කෙල්ල එක්ක... මඟුල් නටලා... "

මා හඩමින් කීවේ දරාගන්න බැරිවය.

"කවුද මේ අපේ වසවර්තියා...."

"අනේ මගේ දොස්තර නෝනා.... මම අපේ එකා.. මිනීමැරුවා කිව්වොත් එකෙක්ට ගැහුවා කිව්වොත් විශ්වාස කරනවා.. ඒත් ඕකා ගෑනියෙක් එක්ක නිදාගත්තා කිව්වත් මම නෙමේ විශ්වාස කරන්නේ..."

ශාරධා එකවරම හිස ඔසවා බැලුවේ ආච්චි අම්මා දෙසය.

"ඔය ඇත්තමද..."

වයෝවෘද්ධ ගැහැණිය ඇයට හිසින් සන් කර කීවේ එය සනාථ කර වගය. මෙය දොර අසල හිඳ සිනහව සඟවාගෙන බලා හිඳියේ රාහුල් ය. ආච්චි අම්මා ඇයට නොපෙනෙන්නට දෑස් වලින් රාහුල්ට තරවටු කර කිවේ කාමරයට යන ලෙස වුවද ඔහු එතනම රැඳි බලා සිටියේය.

"එතකොට.. එයා ෆෝන් එක කට් කලේ ඒ නිසා නෙමේ ද..."

රාහුල් ඇස් වලින් ආච්චි අම්මාට සංඥා දෙමින් කියන්නට වූයේ විව්ධ දෑය.

"මේකයී.. දොස්තර නෝනා.. .අපේ කොල්ලා දොස්තර නෝනට ආදරෙයී තමයී... ඒත් රෙබේකා මොනා කරයිද දන්නේ නෑ..."

රාහුල් ආච්චි අම්මාට තම්සප් එකක් පෙන්වා ඇයව අගය කරන්නට විය. ආච්චි අම්මා ශාරධාට නෙපෙනෙන්නට දත්මිටි කමින් රාහුල්ට කාමරයෙන් පිටත් වන්නට පසෙක වූ කුඩා ක්‍රීම් බෝතලය ගෙන දමා ගසද්දී රාහුල් එය අල්ලාගෙන එතනින් නික්මෙන මොහොතේම ශාරධා හැරී බැලුවේ පිටුපසය.

"ඉන්න දොස්තර නෝනා... ඔහොම නිදාගන්න බෑනේ.. ඔලුව පිහලා දාන්න."

ඇයටත් මා නිසා නිදාගන්නට බැරිය. මා ඇයට නිතරම කරදර කරමින් මේ දෙන ගින්දර නම් හොදටම වැඩි යැයි මටම සිතිණ. ඉතින් මා හඩා ඉවර වූ පසු ඇය තුවායක් ගෙන ඇගේ හිස තෙත මාත්තු කරන්නට පටන් ගත්තේ මා තවත් සනසමින් ය.

මතුසම්බන්ධයී..
😍😍😍

ඔයාලට මේ ලියන විදිය අවුල් ද.. මන් ලියන විදියේ වෙනසක් කරලා තියෙන්නේ ඒක ඩිස්ටර්බ් වගේ නම් බය නැතුව කියන්න හොදද.. මන් ඒක වෙනස් කරන්නම් ... පුලුවන් නම් ශෙයා කරන්න.. මේ කතාව තමා අවුරුද්දකට වැඩි කාලෙකට පස්සේ (සහස් අරලියා එකට පස්සේ )ලියන්න ගත්තේ.. දැන් ටික ටික මුල ඉදන් කියවන අය වැඩි.. ඒ නිසා ශෙයා කරන්න.. කමෙන්ට් දාන්න ඒකෙන් තමයී අනිත් අයට පේන්නේ.. ...

මගේ පොත් ඕන අය .. කියන්න..

නපුරු නිළමේ නම් ශුවර් කරන්න එපා..
මන් ලග පොත් 2ක් තියෙනවා ඒක ගන්න පුලුවන්.. Ahas publisher එකේ ඇති ඒත් පොත් 5කට වඩා නම් නැතුව ඇති..
ඕන අය pre orders දාන්න.. Book fair එකට ඒක දෙන්නම්... කොහොමත් ඒකේ දෙවෙනි පොත book fair එකට දෙනවා.. ඉතින් ගත්ත අයට ඒක ඕන අය මට කලින් කිව්වොත් ලේසී..

Napuru nilame -1800/-
Sahas araliya -1850/- (මේක ගන්න පුලුවන්..)

0717891307 (මැසේජ් එකක් දාන්න)

එහෙනම් මතක ඇතුව ලයික් කරන්න..
කමෙන්ට් කරන්න..
ශෙයා කරන්න..

ඒකෙන් තමයී කතාව කියවන්න දකින් අය එන්නේ..
එක්සෑම් නිසා මට කොහොමත් සති දෙකකට වගේ එන්න බැරි වෙයී.. ඒකටත් හිත හදාගෙන ඉන්න.. 🤓🤓 එත් චුට්ට චුට්ට දෙන්නම් 😍😍😍

Piumi Prabodha Senadheera fans

13/08/2025

💞Billionaire's Love 💞
25 කොටස

මා ආච්චි අම්මා සමඟ ආවේ ඇගේ කාමරයට ය. ඇය මා වාඩි කරවා මගේ මුහුණ ඇය අතින් පිරිමදින්නට වූයේ ආදරයෙන් ය. මගේ පපුව තවමත් ගැහෙමින් තිබිණ. කිසිවිටකත් මට එසේ පොලීසියට යන්නට සිදු වේ යැයී මා සිතුවේ නැත. මෙතුවක් කල් පිරිමියෙක් තරම් හයියට සිටි මා පලවෙනි වතාවට බියෙන් ගැහෙමින් සිටියෙමි.

"ලාල් කාන්ත... ඔය මැඩම්ව යවනවා..."

"ඇයි සර්... "

"ප්‍රශ්න අහන්නේ නැතුව කිව්ව දේ කරනවා..."

"හරි සර්..."

ඉන්ස්පෙක්ටර් රවීන් කෑගසා පසෙක වූ සාජන්ට අණ කරන විට ඔහු ආවේ මා ලඟටය.

"මැඩම්ලත් දාගන්නේ ඕන නැති ප්‍රශ්නනේ... ඕවාට අපේ සර් ලේසී නෑ.. මට පුදුමයී..මෙහෙම මැඩම්ව සර් යවන එකත්.. එකත් එකට අර මහත්තයා නිසා වෙන්නැති..මැඩම් ඔහොම වැඩ කරන්න ඕන නෑනේ .. ඒ මහත්තයාට කොච්චර සල්ලි තියෙනවාද..."

මට ඔහුගේ කතාවට හැඩෙන්නට විය. මා සියල්ලන්ම ඉදිරියේ වරද කරුවෙකු වී අවසානය.

"ඔන්න දොස්තර නෝනා ආය අඩනවා... මොකද්ද කියලා කියන්නෙත් නෑ.. අපේ වසවර්තියත් එහෙමනේ.. "

මා හැරී බැලුවේ ඇයගේ කටහඩටය. කිසිසේත්ම මට ඇගේ හිතට කිසිදු ප්‍රශ්නයක් දමන්නට බැරිය. ඒ නිසාම මා නිහඩව උන්නෙමි..

"මම දන්නේ නෑ දොස්තර නෝනා..ප්‍රශ්නේ මොකද්ද කියලා.. ඒත් දොස්තර නෝනා තාම ආදරේ අපේ වසවර්තියා ට. නැත්නම් එහෙම අපේ කොල්ලා හොයාගෙන දුවන් එන්නේ නෑ කියලා මන් දන්නවා..අපේ වසවර්තියත් එහෙමම තමයී.. මන් බලන හැමවෙලේම ඕකා මගේ කෙල්ලගේ ෆොටෝ එකක් හරි බලන ගමන් තමයී ඉන්නේ.. මන් දන්නේ නෑ ඕකා වැඩ ටිකවත් බලනවාද කියලා.. හැබැයී හිතුවක්කාරයා.. "

ඇය කියන්නට විය. හඩමින් උන් මා ඇයගේ කතාවට පසු හඩා වැලපී අවසන් කලෙමි. දෑතින් පිසගත් කඳුලු වියලෙන්නට ඉඩහැරියෙමි. ඒ සැනින් ශ්‍රියා බීම වීදුරුවක් රැඟෙන අප වෙත පැමිණියාය.

"පුංචි මහත්තයාට දුන්නද..."

"ඔව් මැඩම්..."

"කාමරේ... ?"

"නෑ මැඩම් කොහේහරි යන්න හදන්නේ.. "

කොහෙද...?

ආච්චි අම්මා අසනා දෑට ශ්‍රියා උත්තට දෙන්නට වූයේ එසේය. මගේ හදවත ගැහෙන්නට විය. ඔහු මේ යන්නේ කාත් සාමඟ හෝ පැටලෙන්නට නම් එයට ඉඩ දෙන්නට බැරිය. මා අතින් කඳුලු පිස දමා කාමරයෙන් පිටත ආවේ රාහුල් සොයාගෙනය. සුදු පැහැති ලිනන් ශර්ටයටම දුඹුරු පැහැති කලිසමක් ඇද ඔහු ඉහල මාලයෙන් පහලට බහිමින් සිටියේය. සැබවින්ම කඩවසම් ය. තවමත් පපුව හරහා වෙලුම් සුදු පැහැති ශර්ටයෙන් හොද හැටි පෙනෙන්නට වූවේය. ඔහු මා දෙස බලා අතේ වූ ජංගම දුරකතනය සාක්කුවේ දමා ගෙන මා ගනන් නොගෙනම යන්නට වූයේය.

"රා....හු...ල්."

මම බොර වූ කටහඬින්ම ඔහුව ඇමතුවෙමි. ඒ සැණින් එළියට යමින් හිඳි ඔහු මගේ කටහඬ ඇසේදෝ නතර විය. නමුත් ඔහු ආපසුවත් හැරී බැලුවේ නැත. මා ළඟට ගොස් සිට ගත්තේ ඔහුගේ මුහුණ දෙස කෙලින් බලාගෙනය. පිලිවෙලට කපා ඇති රැවුල ඔහු කපන්නට ඇත්තේ උසාවි යන්නට විය යුතුය. නමුත් එයින් ඔහුගේ මුහුණේ වූ ස්ථිර බව නපුරු බව බොහෝ සේ කැපී පෙනෙන්නට විය.

"කොහෙද යන්න හදන්නේ?"

"පොඩි ගමනක් ඇයි ඔයාට ගෙදර යන්න ඕනද"

වෙනදාට මා යනවාට අකමැති වූ ඔහු මා නිවසින් එලවන්නට පොරයකය.

"නැහැ එහෙම නෙමෙයි. ඔයාට යන්න ඕන්නං ප්‍රකාශ් ඉන්නවා.ප්‍රකාශ් එක්ක ගෙදරට ගිහින් ඇරලා ගන්න"

ඔහු කීවේ මාව කිසිසේත්ම ගණන් නොගෙනය. මගේ පපුව පැලෙන්නට ඔන්න මෙන්න මෙන් දැවි දැවී රිදෙන්නට විය.මා ඇඬුව නිසාදෝ දෑස් වලට කඳුළු උණමින් තිබුණද මා එය පාලනය කරගත්තේ ඔහු ඉදිරියේ හඬා ගැලපෙන්නට තරම් දුර්වල ගැහැණියක් යැයි ඔහුට නොපෙන්වාය.

"එපා... යන්න.."

ඔහු මගේ වචනයටවත් නතර වෙන්න සූදානම් නැත. නැවත ඔහු යන්නට හදද්දි නිරායාසයෙන්ම ඔහුගේ අතේ දිදුලන රොලැක්ස් ඔරලෝසුව මතින් මා ඔහුව අල්ලා ගතිමි. ඔහු ඒ දෙස බලා මා දෙස බැලුවේ විනාඩියකටත් අඩු කාලයකිනි.

"කොහෙවත් යන්න එපා මට බයයි"

මම කීවෙමි

"මම ඉක්මනට එනවා. ගෙදරට වෙලා ඉන්න."

ඔහු කීවේ එපමණකි. එසැණින් ඔහු නිවසෙන් එළියට ගොස් ගරාජයේ වූ බෙන්ස් රථයට නැංගී නොපේනීම යන්නට විය.

"කොහෙද ඌ යනවා කියන්නේ"

"දන්නේ නෑ ආච්චි අම්මා"

මා පසුපස හිටියේ ආච්චි අම්මාය. බොහෝ විට මගේත් රාහුල්ගේත් කතා ටික ආච්චි අම්මාට ඇසෙන්නට ඇතිය.

"මොනා වෙලාද මන්දා ....මේ ඉන්නවා මේ ...නෑ ....මූට අසනීපයක් වෙලාවත් මූ ගෙදර එක දවසක්වත් ඉන්නේ නැහැනේ. අර ප්‍රකාශ් තමයි ඔක්කොටම මුල"

ඈ බැන වදින්නට විය.

"නෑ ආච්චි අම්මා එයා ප්‍රකාශ් එක්ක නෙමෙයි ගියේ..."

"මං දන්නෑ දරුවො මේ ළමයා මොනා කරන්න හදනවද කියලා...මං හරි බයේ ඉන්නේ රෙබේකටවත් ඕවගේ ගානක් නෑ නේ. ඒ ගෑනි හදන්නේ මේ ළමයව අර උඩක්කියට කසාද බන්දන්න. ඒක බැන්දොත් හොඳට තියෙයි. මම ඒකයි කොහොමහරි දොස්තර නෝනවයි අපේ කොල්ලවයි එකතු කරන්න හදන්නේ. කොහෙද ඉතින් මූ හරියට හැදෙන එකක්යෑ ..ඉතින් කොහොමද දොස්තර නෝනට රිදෙනව මම බලාගෙන ඉන්නේ. "

ඇය කියන්නට වූවේ මා ගැන සංවේදිවය.මට ඉබේටම දෑස් වලින් කඳුළු කැට වැටෙන්නට විය. ඔහු යන්නේ මා වෙනුවෙන් රණ්ඩු සරුවල් වන්න නම් අද දිනේද ඔහු කුමක් හෝ අයහපතක් කරගෙන පැමිණියහොත් නිසැකවම ඔහු බේරා ගැනීමට නොහැකි බව පමණක් මා දන්නා කරුණක් කරුණකි.

"දොස්තර නෝනා කිව්වට ගෙදරට වෙලා ඉන්න කියලා මේ මනුස්සයා ගෙදර හිටපු එක දවසක් නෑනේ. මුල් දවස් දෙකේ දොස්තර නෝනා හිටපු නිසා හොඳට හිටියා...ඊට පස්සේ හැමදාම මේකා ප්‍රකාශ් එක්ක එලියට යනවා. මං දන්නෑ මේ වසවර්තියා කොහොමද ගෙදර තියන්නේ කියලා. "

ඇය දොස් දෙවොල් තියන්නට විය

පිරිමින්ගේ හැටි එසේ කීවද රාහුල්ට නම් ඇත්තේ වෙනම ගායක්‍ ය. ආච්චි අම්මා කියනවා සේම රාහුල් නිතරම නිවසේ නොරැඳීම ඊට හේතුවක් ය. ඔහු රටම දන්නා ව්‍යාපාරිකයෙකු නිසා ඔහු අධික කාර්යබහුල පුද්ගලයෙකු ලෙස මා දුටුවද ඔහු රණ්ඩු සරුවල් වල පැටලීම පලවෙනි රාජකාරිය ලෙස මට පෙනෙන්නට විය.

"දොස්තර නෝනා ඕව ගැන හිතන්න එපා. වෙන්න තියෙනවා නම් දෙයක් වෙනවනේ. ඔය ළමයට කොච්චර කීවත් වැඩක් නෑ. මගේ හිත කොච්චර රිදෙව්වත් ඕකට ගානකුත් නැහැ. "

මා ගොස් සාලේ වූ සෝෆාවේ වාඩි වූයේ දිගු සුසුමක් පිට කරමිනි. මට වඩා සියල්ල දන්නේ ආච්චි අම්මාය.ඉතින් ඇයද ඔහු ගැන මෙසේ කියනවා නම් මට ඔහුව කිසිසේත්ම වෙනස් කරන්නට බැරිය.

"රාහුල් වෙනස් වෙන එකක් නෑ ආච්චි අම්මා.."

මා කීවේ මලානකවය.

"එහෙම හිතන්න එපා දොස්තර නෝනා. රාහුල් වෙනස් වෙන්න පුළුවන්. කවදාවත් වෙනස් උනාට දොස්තර නෝනා නිසා ඒක වෙන්න පුලුවන්. ඔය මනුස්සයා ඔච්චර දරදඬු මිනිහෙක් වුනාට දොස්තර නෝනට තියෙන ආදරේ මම මේ ජීවිතේ කාටවත් තියෙනවා දැකලා නෑ. මට උනත් ඔය මනුස්සයා එච්චර ආදරේ නැහැ දොස්තර නෝනට. තමයි පුළුවන් ඔය වසවර්තියා වෙනස් කරගන්න. මට විශ්වාසයි"

ඇය කියන්නට වූයේ එතරම් විශ්වාසයෙනි. මා ආච්චි අම්මා විශ්වාස කරද මට රාහුල් ගැණනම් විශ්වාසයක් නොතිබිණ. නමුත් මා කිසිවක් කීවේ නැත. මගේ හිතේ තවමත් උදේ වරුවේ වූ ඒ සිදුවීම නිසා කැළඹීමකින් සිටීම නිසාම රාහුල් ගැන වදවීම මගේ හිත තව තවත් රිදවමින් තිබිණ.

****

රාහුල් වේගයෙන්ම යන්නට වූවේ ඔහුට මද වේලාවකට කලින් ලබාදුන් ස්ථාන විස්තරය පසුපසය.

අරුන් විසින් එවා තිබූ එය එතරම් ළඟක නොවූයෙන්ම පැයක් පමණ් ඔහුට තනිවම බෙන්ස් රථය ධාවනය කරන්නට සිදුවිය. තවමත් සම්පූර්ණ සුවයක් නොලද නිසාම ඔහුට එය මදක් අපහසුවද ඔහු ජීවිතය ගැන නොසිතාම ඔහුගේ පරිශ්‍රමය කුඩු ගෙනෙනවුන් අල්ලා ගැනීම නිසාම මේ ගමන නොගිහින් බැරි විය.

"සර් එන්න එපා මේ ගමන අපිට පුළුවන් මෙතන වැඩ ටික බලාගන්න"

"ඉදපන්.."

"සර්... මැඩම් සේෆ් ද..."

"ඔව්...."

අරුන් එන්නට පෙරාතුව කියූ කාරණා ඔහුට වාහනය ධාවනය අතරතුරදී නැවත මතක් විය.

'මේ හැමදේම වෙන්නේ ශාරදාට නිදහසේ ජීවත් වෙන්න බැරිවෙන එක'

රාහුල් සිතුවේ වාහනය ඉදිරියේ උන් අරුන් දැක නවත්වන මොහොතේය. රාහුල් වාහනයෙන් බැස අරුන්ට වාහනය දුන්නේ එහා ලසින් නැඟගමින් ය.

"ඇට කැඩෙන්න ගැහුවා සර්... සක්කිලි හැත්ත... කොයි වෙලාවක හරි මේකට අපිට ඇටෑක් කරයී... "

අරුන් දෙපැත්ත බලා වාහනය පාරට දාන අතරේ කීවේය. රාහුල් එක අතකින් නලලත රැලි කරන්නට විය.

"ඕනම එකා ඉන්නවද...?"

"ඔව්... සර්... "

"සර්...පුලුවන් නම් මැඩම් ව රට යවන්න.. මේක මීට වඩා දරුණු වෙයී සර්..."

අරුන් කවදාවත් බිය නොවන පුද්ගලයෙකු ලෙස දැන සිටි රාහුල් ඔහු කියූ කතාව ගැන උපහසයෙන් මෙන් කට කොණකින් සිනහවිය.

"මට එහෙම කරලා මෙහෙ ඉන්න බෑ බන්..."

අරුන් යන්තම් සිනාසී කිසිවක් නොකියා වාහනයේ වේගය වැඩි කරන්නට වූවේය. රාහුල් අරුන් සමඟ අදාළ ස්ථානයට ළඟා වන විට පැය දෙකක් පමණ ආසන්න විය. එය තරමක් අඳුරු ස්ථානයක් වුවද ඉතා කෙටි පාරක් ඇතුළේ බොහෝ දුර යන්නට වූයේ ගුරු පාරක් මැදින්ය.

"උඹට හොදටම විශ්වාසයී නේද මෙතන හොයාගන්න එකක් නෑ කියලා..."

"සර් දන්නවනේ මෙතන අපිත් වැඩ කීයක් කරාද කියලා එකෙක්වත් අද වෙනකන් අහු උනෙත් නැහැ. ඇහුවෙන්න දෙන්නෙත් නෑ සර්.. අනික මේකට දාපු මිනිහා වැඩකාරයා කියලා සර්ට ශුවර් න්හ්..."

ඔහු කියන්නේ පෙර ලෙසම ස්තිරවය. රාහුල් ඔහුගේ පිටට තට්ටුවක් ගැසුවේ සිනහ වෙමින්‍ ය.

"වාහනය මෙතන දාමු"

අරුන් කියන්නට විය. රාහුල් බැස ගත්තේ ඉන්පසුවය. දුර තියා පෙනෙන තැනක කිසිවෙකුත් නැත. ඔවුන් මදක් දුර ගොස් බිම තිබු කොළ වැල් එහෙ මෙහෙ කර පාදන්නට විය. රාහුල් එහෙ මෙහෙ බලමින් සිටියේ කිසිවෙකුත් ඉන්නවාදැයී සෝදිසියෙන් ය. රයන් කොළ එහෙ මෙහෙ කල පසුව පස් තට්ටුවක් ද අතින් එහෙමෙහෙ යකඩ තට්ටුවක් පාදා එය උස්සන්නට වූවේය. පහලට වන තුරුම තිබුනේ පඩිපෙලක් ය. රාහුල් බැස ගත්තේ පලමුවය .ඇතුලේ ආලෝකය විය. සිමෙන්තියෙන් ඇතුලත සාදා තිබුනේ පිලිවෙලටය

"සර්... "

රාහුල් එන විටම ආරක්ශකයෙක් ඔහුත් සමඟ ඉදිරියට යන්නට විය.

"කීයටද අරන් යන්නේ.. "

"තව පැයකින් වගේ සර්...වාහනේ එනවා"

"මුන් තියෙන තැන කිව්වා ඒ කියන්නේ .."

"ඔව් සර්... ලේසි වුනේ නෑ.. යමු.. ඒ පැත්තට..."

රාහුල් ඔහුත් සමඟ කතා බහෙන් උමඟ දිගේ ආලෝකය හමුවේ ඉදිරියටම යන්නට විය.. ඉදින් ඔහු නතර වූයේ කෙලවරක වූ සිරකූඩුව අසලය. තිදෙනෙකු කකුල් වලින් එල්ලා තිබුණේ යට කලිසම පමණක් ඉතිරිව ය.

"මු...න්..ට.. මෙහෙම කරලා මදි..."

රාහුල්ට කිය වූයේ අත මිට මෙලවී කේන්තියෙන් සුසු
පිටවද්දීය. රාහුල් ඔවුන් දෙස බලා යකඩ කූරූ සහිත දොර ඔහුට අරින්න යැයි විධාන දෙන්නට විය.

"$@$$ පුතාලා..."

"අහ්...."

රාහුල් ඇතුල්වද්දිම එකෙකුට කම්මුල් පහරක් ගසද්දී ඔහුගේ කටින් ලේ පිටතට පනින්නට විය.

"උඹලා ජීවත් වෙන අන්තිම දවස ..."

රාහුල් එසේ කියා පසෙක තිබූ පුටුව ඇද අනෙක් පසට වාඩි වන්නට වූයේ ඔවුන් එල්ලී ඉන්නා සැටි බලමින් ය.
බිම ලේ පැල්ලම් බොහෝ විය. තම ආරක්ෂකයක් බොහෝ පහර දී තිබූ බව නම් අඩුවක් නැතිවය.
රාහුල් නැවත නැඟිට ඔවුන් තිදෙනා දෙසට යන්නට විය. කතා කරගන්නටවත් ඔවුන්ට පණක් තිබුනේ නැත.
රාහුල් එලියට ආවේ අනතුරුවය.

"ස...ර්... අපි මොකද කරන්නේ ඒ ටිකට... "

"බර්න් ඉට්..."

"සර් එතකොට... පොලීසියට...?"

" පිස්සුද මිනිහෝ... "

"ඉන්සිනරේටර් දාපන්...."
(සාමාන්‍යයෙන් ඉන්සිනරේටරයක උෂ්ණත්වය 1,000°C පමණ යටතේ මේවා විනාශ කරනවා.. )

"මුන් තුන් දෙනා.."

"අද ඊයේ වැඩ කලා වගේ හැම එකම අහන්න එපා බන්... උඹලට වැඩක් බාර දෙන්නවත් පුලුවන් ද... කෝ අපේ මිනි...හා..."

රාහුල් බනින්නට වූයේ වෙනදාටත් මෙවැනි වැඩ කර තිබු නිසා එකම ප්‍රශ්නය දෙතුන් වරක් ඇසීම ඔහු අප්‍රිය කරන නිසාය.

"ඌ උන් එක්ක වගේ සර්... මේ වැඩේ මිනිහා කලාට මිනිහා ආවේ නෑ සර්... "

ඊලඟ කොටසට 😍😍

හරිනේ... කතාව ගැන ගෙස් එකක් දෙන්න පුලුවන්ද බලන්න ..මන් ආයෙම එනකන්... ඉතුරු දවස් ටික නම් දෙන්නේ නෑමයී.. 😫😫😫 මට බෑ.. ඔයාලා ඉල්ලද්දී කොහොමද මන් නොලියා ඉන්නේ.. කන්දක් උසට නෝට් තියෙනවා ලමයීනේ 😫😫😫😫😫😫😫😫🤪🤪🤪

Piumi Prabodha Senadheera

21/09/2024

😍

22/03/2024

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Nawakatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nawakatha:

Share

Category

Nawakatha.com

දවසපුරා නවකතා කියවන්න දැන්ම අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න

ඔයාගෙත් කතා පලකරන්න දැන්ම රෙජිස්ටර් වෙන්න ..

ඔයාටම කතා පලකරන්න ලංකාවේ ලොකුම නවකතා ඇප් එකට එන්න

මේ ලින්ක් එකට යන්න ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න