11/10/2021
වසර 32 ක මාගේ පොලිස් සේවා කාළය තුළ වසර 9 ක් උපසේවා උප පොලිස් පරීක්ෂක වරයෙකු වශයෙන්ද,වසර 4 ක් උපසේවා පොලිස් පරීක්ෂක වරයෙකු වශයෙන් හා වසර 19 ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන්ද රාජකාරි කළ මා සහකාර පොලිස් අධ්කාරී තනතුරට උසස්වීම් ලබන මේ මොහොතේ මගේ සේවා කාළය පුරාවට මා හට ගුරුහරුකම් ලබාදුන් පොලිස්පතිතුමන්ලා,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ලා ප්‍රධාන කොටගත් සියලුම රාජ්‍ය නිවේදිත නිලධාරීන් මෙන්ම සියලුම පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් හා අනෙකුත් සියලුම ශ්‍රේණි වල නිලධාරීන් මේ අවස්ථාවේදී හෘදයාංගමව සිහිපත් කරමි.
මා පොළොන්නරු කොට්ඨාශයේ උපසේවා අනුඛණ්ඩ 669 භාර නිලධාරියා වශයෙන් සිටි කාළයේදී මාගේ අනුඛණ්ඩයේ නිලධාරීන් වශයෙන් සිටි සියලු නිලධාරීන් ගෞරවාන්විත ලෙස මේ අවස්ථාවේදී සිහිපත් කරමි.
පල්ලියගොඩැල්ල ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේදී මියගිය මාගේ අනුඛණ්ඩයේ නිලධාරීන්ද මා උසස්වීම් ලබන මේ අවස්ථාවේදී සිහිපත් කරන්නේ ඔවුන්ට පුද කරනු ලබන උත්තමාචාරයක් ලෙසටයි.
පොලිස් සංදේශ කොට්ඨාශයේදී මා භාරගත් නිත්‍ය සේවා අනුඛණ්ඩ 225 නිලධාරීන්ද රාජකාරී ජීවිතයේ මා සමග සිටිමින් දැක්වූ සහය නොවන්නට මෙවැනි උසස්වීමක් කරා මා හට යාමට නොහැකි වනු ඇත.එමෙන්ම වසර 23 ක පොලිස් සංදේශ කොට්ඨාශ රාජකාරි ජීවිතය තුළ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ලා 6 දෙනෙකු යටතේ මෙන්ම අධ්‍යක්ෂක සංදේශ තුමන්ලා 6 දෙනෙකු යටතේද රාජකාරී කිරීමට වාසනාවන්ත විය.ඒ සියලු නියෝජ්‍ය පොලිස්පති තුමන්ලා,අධ්‍යක්ෂක තුමන්ලාද,පරීක්ෂක ශ්‍රේණියේ සියලු නිලධාරී නිලධාරිනියන්ද,පොලිස් සැරයන් ශ්‍රේණියේ නිලධාරීන්,පොලිස් කොස්තාපල් ශ්‍රේණියේ නිලධාරීන්,පොලිස් ආරක්ෂක සහයක සේවා නිලධාරීන්,සිවිල් ආරක්ෂක නිලධාරීන්,කාර්‍යාල කාර්‍ය සහයක නිලධාරීන් හා කම්කරු නිලධාරීන් වසර 7 ක ස්ථානාධිපති සංදේශ ලෙස රාජකාරී කිරීමේදී මා වෙත දක්වන ලද සහයෝගය මා උසස්වීම් ලබන මේ අවස්ථාවේදී ඉතා හෘදයාංගමව සිහිපත් කිරීම මාගේ යුතුකමක් මෙන්ම ගෞරවාන්විත වගකීමක් වශයෙන් මා සිතමි.
1989 වසරේදී ශ්‍රී ලංකා පොලීසියට උපසේවා උප පොලිස් පරීක්ෂක වරයෙකු වශයෙන් බැඳීමට මා යොමුකළ මගේ සහෝදර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරී Upali Jayawardena සහෝදරයාද සිහිපත් කිරීම ඔහුට කරනු ලබන ගෞරවයක් ලෙස මා සලකමි.
කුඩා කළ සිට මගේ කළණ මිතුරා වූ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල ප්‍රියදේවයන් තනි මග නොයා මා කැටිව ගිය ගමනෙහි ප්‍රතිඵලය පිළිබඳව ඔහු අවංකව සතුටු වන බව මා දනිමි.ඔහුද මා මේ අවස්ථාවේ සිහිපත් කරන්නේ ගෞරව සෙනෙහසින් යුක්තවයි.
මේ උසස්වීම ලබන අද දිනයේ දිවංගත මාගේ පියාණන් වූ ආයුර්වේද වෛද්‍ය ලයනල් ජයවර්ධන පියාණන් හා දිවංගත විශ්‍රාමික පාඨශාලාරිනී H.W.D.J ජයවර්ධන මෑණියන්ද මා සිහිපත් කරන්නේ පුණ්‍යානුමෝදනා පෙරදැරිවය.මාගේ මෑණියන්ගේ එකම සහෝදරයා වූ ශ්‍රී ලංකා මහබැංකුවේ අධ්‍යක්ෂක ධූරය හෙබවූ H.W ගුණසේකර මාමාත්,කුමාරි නැන්දාත් සහකාර පොලිස් අධිකාරී තනතුරේ වැඩ භාර ගැනීමට පෙර මට කළ ආශිර්වාදය මුළු පරපුරේම හෘදයංගම ආශිර්වාදය වූ බව මා දනිමි.ඒ සදහා වන එකම සුදුස්සාද "මදුරාවල මාමා" බව මට කියා දුන්නේ මගේ වැඩිමහල් සහෝදරියයි.
මාගේ වැඩිමහල් සහෝදරිය වන විශ්‍රාමික ආයුර්වේද වෛද්‍ය ධම්මිකා ජයවර්ධන සහෝදරිය මෙන්ම තම රැකියාව මා නිසාම කල්තබා විශ්‍රාමයට හැරවූ විශ්‍රාමික ගණකාධිකාරිනී ජිතා ජයවර්ධන සහෝදරීය නොවන්නට මෙවැනි රාජකාරි ජීවිතයක් මා හට ගත කරන්නට නොහැකි වනු ඇත.ඔවුන් දෙදෙනාද මා ගෞරවාන්විතව සිහිපත් කරන අතර අනෙක් සහෝදරියන් තිදෙනාද මා සිහිපත් කරන්නේ ඔවුන් මා නිබඳව දිරිමත් කරමින් පරපුරේ කුල ගෞරවය නිරතුරුව මට කියා දී මා ධෛර්යමත් කළ නිසාමය.
මෙම කාළය තුල මගේ රාජකාරී කටයුතු නිසිපරිදි කරගෙන යාමට කාළය ලබාදෙමින් මා නිතර දිරිගැන්වූ මගේ බිරිද සමන්ති මා ආදරයෙන් සිහිපත් කරන අතර මාගේ පුතුන් තිදෙනාද මා සිහිපත් කරන්නේ ඔවුන් මගේ රාජකාරි ජීවිතය මනා ලෙස හදුනාගෙන ඒ සදහා ඔවුනට පියෙකු වශයෙන් මා ලබා දිය යුතු සෙනෙහස,ආදරය අඩු වූවද එය අඩුවක් ලෙස නොසලකමින් මා නිතර දිරිගැන්වූ නිසාමය.
මාගේ බිරිඳගේ දෙමාපියන් මෙන්ම සහෝදරියන් දෙදෙනාද නිරතුරුව මා වෙනුවෙන් සිදු කළ දිරිගැන්වීම් මෙම උසස්වීම ලබන්නට මට මනා පිටුවහලක් විය.
පාසල් කාළයේ සිට මා ඇසුරු කළ සියලු මිතුරන් හෘදයාංගමව මා සිහිපත් කරන්නේ ඔවුන් නියම "කළණ මිතුරන්" ලෙස දශක 5 කට අධික කාළයක් දුකේදීත්,සැපේදීත් මා සමග සිටි නිසාවෙන්මය.
මා නැගි රාජකාරී පියගැටපෙළේ අවසන් පියගැටපෙළ මෙය බවද මා හට ඉදිරියට ඇති වසර හතරක කාළය රාජකාරීමය වශයෙනුත්,වෘත්තීමය වශයෙනුත් අවංකව ඉටුකරන බව සපථ කරන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.
අවසාන වශයෙන් මාගේ උසස්වීම සම්බන්ධව මුහුණුපොත හරහා සුභපැතුම් එක්කළ ඔබ සියලුදෙනාට මගේ හදපිරි ස්තූතිය පුද කරන්නට මා මෙය අවස්ථාවක් කර ගනිමි.
ඉන්දු ජයවර්ධන
සහකාර පොලිස් අධිකාරී