Waruna Liyanage - SJB - Rathnapura

Waruna Liyanage - SJB - Rathnapura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Waruna Liyanage - SJB - Rathnapura, Political organisation, Nivitigala.

08/07/2021

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැම්ඩා (Lambda) නැමැති කොවිඩ් වෛරස ප්‍රභේදය, "තවදුරටත් ඇගයීමට ලක් කළ යුතු” (variant of Interest) ලෙස වර්ග කිරීමත් සමගම ලොව පුරා ඒ පිළිබඳ කතා බහක් ඇති වී තිබෙනවා. දකුණු ඇමරිකානු රටක් වන පේරූ රාජ්‍යයෙන් පළමුව හමුවූ බවට නිල වශයෙන් වාර්තා වන මෙම ප්‍රභේදය මේ වන විට එක්සත් රාජධානිය ඇතුළු රටවල් 30 කින් පමණ හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් - 19 ඇති කරන, විකෘති වෛරස ප්‍රභේද දෙකක් වන ඇල්ෆා සහ ඩෙල්ටා පිළිබඳව ශ්‍රී ලාංකික අපට අත්දැකීම් තිබුණත් තවමත් මෙම ලැම්ඩා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැහැ. එනමුත්, කල් වෙලා ඇතිව ම අප මේ සටහන තබන්නේ, ඒ සම්බන්ධව පැතිර යා හැකි ව්‍යාජ පුවත් සහ මිත්‍යා මත පහසුවෙන්ම හඳුනාගැනීමට හැකි වන පරිදි , පවත්නා තත්වය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තතු විත්ති ඔබ හා බෙදා හදා ගැනීමට යි.

පසුගිය 2020 වසරෙහි අගෝස්තුවේ මුලින්ම වාර්තා වී ඇති මෙම ප්‍රභේදය පිළිබඳව කතාබහ අළුත් වී ඇත්තේ පේරු දේශයෙන් වාර්තා වෙන අධික කොවිඩ් මරණ ප්‍රතිශතයට ලැම්ඩා ප්‍රභේදය මූලික හේතුවක් විය හැකි බවට එරට සෞඛ්‍ය බලධාරීන් විසින් සැක පළ කිරීමත් සමගයි. එනමුත්, මෙහිදී අප අවධාරණය කල යුතු කාරණාව වන්නේ මෙම දත්ත සහ ප්‍රතිශත පිළිබඳව අර්ථකතනය කිරීමේ දී ඒ ඒ රටෙහි රෝග හදුනා ගැනීමට ඇති පහසුකම්, රෝග හඳුනා ගැනීමට පරීක්ෂාවන් කරන ප්‍රතිශත සහ එම සෞඛ්‍ය පද්ධතියේ දරාගැනීමේ හැකියාවන් පිළිබඳ හොඳ දැනීමක් ඇතිව පමණක්, අදාළ තත්ත්වයන් අනෙක් රටවල් වලට සහ ලෝකයට බලපාන ආකාරය පුරෝකථනය කළ යුතු බවයි.

දැනට අප රටෙහි පැතිරෙමින් පවතින ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේද අයත් වන්නේ, ලැම්ඩා ප්‍රභේදය දැනට ගොනු කර තිබෙන කාණ්ඩයට වඩා වැඩි තිව්‍රතාවයකින් යුතු වෛරස ප්‍රභේද ගොනු කර ඇති, “දැඩි අවධානයක් යොමු කළ යුතු " (variant of concern) කාණ්ඩයටයි.

ලැම්ඩා ප්‍රභේදය තවමත් එලෙස වැඩි අවධානයට යොමු කල යුතු වූවක් ලෙස හඳුනාගෙන නොමැති අතර එය තවදුරටත් අධ්‍යයනය කළ යුතු ප්‍රභේදයක් ලෙස පමණක් නම් කර තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට වරින් වර, සමහර රටවල් සහ ප්‍රදේශ වල රෝගීන් පොකුරු ඇති වීම සඳහා හේතු වූ ලැම්ඩා ප්‍රභේදයෙහි සමස්ත බලපෑම කෙබඳුදැයි අනුමාන කිරීම සඳහා සම්පුර්ණ දත්ත තවමත් ලැබී නොමැති අතර ඊට අදාළ පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. දැනට පවතින තොරතුරු වලට අනුව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවට පමණක් තීරණය කර ඇති මොහොතක පවා, ලංකාව තුල ද මෙම වෛරස ප්‍රභේදය පිළිබඳව මෙලෙස කතා බහක් ආරම්භ වීම ඇත්ත වශයෙන්ම අපි සතුටට පත් විය යුතු කාරණාවක්. මෙවැනි, තමාගේ සෞඛ්‍යයට බලපාන සාධක පිළිබඳව තේරුම් ගැනීම සහ ඊට පිළියම් සෙවීමට උනන්දුවක් දැක්වීම පුද්ගල බලකරණයේ ලක්ෂණයක් .

මෙතෙක් නව කොවිඩ් වෛරස ප්‍රභේද වලින් ප්‍රවේශම් වීමට අප භාවිතා කල නිවැරදි මුහුණු ආවරණ භාවිතය, පුද්ගල දුරස්ථභාවය සහ නිතර දෑත් පිරිසිදු කර ගැනීම මෙම ලැම්ඩා ප්‍රභේදයෙනුත් අපට ආරක්ෂාව සලසනවා. විවිධ එන්නත් වර්ග වලට මෙම නව ප්‍රභේදයෙන් අපව ආරක්ෂා කිරීමේ හැකියාවෙහි වෙනසක් ඇති ද යන්න පිළිබඳව තවම පර්යේෂණ සිදුවෙමින් පැවතුනත්, එන්නත්කරණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකි බව දැනට පවත්නා තොරතුරු මඟින් වටහා ගන්න පුලුවන්.

අවසාන වශයෙන් කිව යුත්තේ , මෙම ප්‍රභේදය දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් “තව දුරටත් අධ්‍යනය කළ යුතු ප්‍රභේදයක්” ලෙස පමණක් නම් කර තිබුනත් ඉදිරියේ දී නව දැනුම එකතු වීමත් සමඟ, “ දැඩි අවධානයට යොමු කලයුතු ප්‍රභේදයක්” ලෙස හඳුනා ගැනීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව නවතම විද්‍යාත්මක තොරතුරු සමග ඔබව යථාවත් කිරිමට අප නිරතුරුව සූදානමින් සිටිනා බවයි.

27/06/2021
08/10/2020
07/10/2020
28/09/2020

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වැනි සංශෝධනයට සහය දීමට කිසිසේත් ඉදිරිපත් නොවන ලෙසත් , 20 සම්මත වුවහොත් පාර්ලිමේන්ත...

26/09/2020

තමන් යටතේ පාලනය වන ආයතන විගණනය කිරීමට ඉඩ නොදෙන වගන්ති ව්‍යවස්ථාවට ඇතුලත් කරන පාලකයා සැරසෙන්නේ ජනතා ධනය සූරාකෑමට නොවේද?
20වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් ජනාධිපති කාර්‍යාලය ඇතුළු ජනාධිපතිවරයා යටතේ පාලනය වන සහ අධික මුදල් ප්‍රමාණයක් සංසරණය වන ආයතන විගණනය කිරීමට ඇති අවස්ථාව අහිමි කෙරෙනු ඇත.
ජනාධිපති ගෝඨාභය ඇති තරම් මේ රට සූරාකෑමෙන් පසු රට හැර යන සැලැස්මක් ඇතිව මේ සංශෝධන ගෙන එන්නේදැයි සාධාරණ සැකයක් රටේ මේ වන විට ඇතිව තිබේ...
(බැසිල් රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසිභාවය දරණ අතර 2025 අප්‍රේල් මාසයෙන් පසු වත්මන් ජනාධිපතිවරයාගේ බිරිඳ තවමත් ඇමරිකන් පුරවැසි භාවය දරණ බැවින් ජනාධිපතිවරයාටද ඉතාම පහසුවෙන් නැවත ඇමරිකානු පුරවැසිභාවය හිමිවේ...)
තීරණය ඔබ සතුය..
- වරුණ ලියනගේ -

22/09/2020

අමනෝඥ රාජපක්ෂ පවුලේ මුදල් කෑදර කමට හසු වී රටට හිමි විය යුතුව තිබූ තවත් වටිනා ව්‍යාපෘතියක් වූ කොළඹ සැහැල්ලු දුම්රිය සේවය මේ අයුරින් රටට අහිමි වේ...
=========================================
ජපානයේ ජයිකා ආයතනය මගින් මේ ව්‍යාපෘතිය සඳහා 0.1%ක පොලී ප්‍රතිශතයක් සහිතව ණයක් පවා අනුමතව තිබූ අතර 8%-10% පොළියට ලැබෙන චීන ණයක් වෙනුවෙන් ඉහත ව්‍යාපෘතිය අතහැර දමා තිබේ.පසුගිය දින 52 ආණ්ඩුව සමයේද මෙම ව්‍යාපෘතිය නතර කිරීමට රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කල නමුත් නැවත යහපාලන රජය බලයට පැමිණි පසු එම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන ලදී.
කොළඹ නගරයේ අධික වාහන තදබදය අවම කරවනු වස් යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වූ ඉතා වැදගත් ව්‍යාපෘතියක් ලෙස එදිනෙදා මහමඟට විනාශ වන අතිවිශාල මුදලක් රටට ඉතුරු කර දෙමින් කොළඹ නගරයේ අලංකාරය හා කාර්‍යක්ශමතාව ඉහල නංවන ආකාරයට මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබින...
මේ තත්වය හමුවේ ජපන් ජයිකා ආයතනය,දකුණු කොරියානු කොයිකා ආයතනය,ආසියානු සංවර්ධන බැංකුව,ලෝක බැංකුව වැනි ආයතන මින් පසු ලංකාව හා ගණුදෙනු නොකරන තත්වයක් ඇති වී තිබෙන අතර ඉතා වැඩි පොළී ප්‍රතිශතයක් සහිතව චීනයෙන් ණය ගෙන මේ රට තවත් චීන කොළනියක් බවට පත් කෙරෙන මූලික අඩි තාලම මෙසේ සකස් වී තිබේ.
පවුලක ධන හා බල ලෝභය නිසාවෙන් අප රටට දැවැන්ත ඉදිරි පියවරක් තැබීමට තිබූ අවස්ථාවක් එසේ ගිලිහුණු බව දැඩි කළකිරීමකින් යුතුව මෙසේ සටහන් කර තබමි..
- වරුණ ලියනගේ -

20/09/2020

16 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී 2019 වසර සඳහා හොඳම පුවත් විකාශය ඇතුළු ප්‍රමුඛ පෙලේ සම්මාන පහක් දිනාගත් සිරස ටීවී නිවුස් ෆස්ට් කණ්ඩායමට අපගේ උණුසුම් සුභපැතුම්.!
#සිරසයි_පාර_කියන්නේ...

Address

Nivitigala
700400

Website

Alerts

Be the first to know and let us send you an email when Waruna Liyanage - SJB - Rathnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share