Sri Sumangala College-Nuwara Eliya.

Sri Sumangala College-Nuwara Eliya. Sri Sumangala National College was founded in 1864 with Mr.A.D Izhed Siriwardana as the 1st principa

About

Sri Sumangala National College,Nildandahinna-Nuwara Eliya. www.facebook.com/sumangalanz
Mission
නොනැවතී ඉදිරියට….. …. … .. … .. . Description
ශ්‍රී සුමංගල ජාතික පාසල,නිල්දණ්ඩාහින්න-නුවර එළිය.

ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන වර්ථමාන ශ්‍රී සුමංගල ජාතික පාසල ක්‍රි.ව 1864 වර්ෂයේ දී ආරම්භ වූ අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ඒ.ඩි ඉෂෙඩ් සිරිවර්ධන මහතා ය.ආරම්භයේ දී ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ

මෙම විදුහල මිශ්‍ර පාසලක්ව පැවති මුල් යුගයේ “නිල්දණ්ඩාහින්න රජයේ පාසල” යනුවෙන් නම් කෙරුණු අතර,මෙම පාසල සතුව එවකට තිබුනේ එක් ගොඩනැගිල්ලක් පමණි.පසුකාලීනව මෙම විදුහල පිරිමි හා ගැහැණු වශයෙන් කොටස් දෙකකට වෙන්කර පවත්වාගෙන යන ලදී.පිරිමි පාසල වර්ථමාන මෙම විද්‍යාලයේ ආනන්ද ශාලාව පිහිටි ස්ථානයේ පවත්වාගෙන ගිය අතර ගැහණු පාසල නිල්දණ්ඩාහින්න නගරයේ සමූපකාර ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පවත්වාගෙන යන ලදි.ගැහණු පාසලේ ආරම්භක විදුහල්පතිනිය වූයේ මීගස්දෙණිය මහත්මිය වූ අතර,පසුකාලීනව වැරැල්ලගම මහත්මිය විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන ලදි.

ඉන් පසු නැවතත් මෙම විදුහල මිශ්‍ර පාසලක් බවට පත් කෙරුණු අතර ක්‍රමයෙන් දියුණුව කරා පිය නගන්නට විය.රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය මෙම පාසල සදහා එවකට පැවති රජයෙන් ගොඩනැගිලි කිහිපයක් හා විද්‍යාගාරයක් ලබා දෙන ලදි.ශ්‍රී සුමංගල යන නාමය මෙම පාසලට ලබා දීමට හේතු වූයේ එවකට මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය හෙබ වූ මෙම පාසලේ ආදි ශිෂ්‍යයකු වූ “අඹන් ඇල්ලේ ශ්‍රී සුමංගල” නායක ස්වාමින්වහන්සේට උපහාර පිදීම සදහා ය.මෙම කාර්‍යයේ දී පුරෝගාමී ව කටයුතු කරණ ලද්දේ එවකට වලපනේ පාර්ලිමේන්තුමා වශයෙන් කටයුතු කළ ටි.බි.එම් හේරත් මැතිතුමා ය.

රමික විකාශනයක් පෙන්නුම් කරන මෙම පාසල පසු කාලීනව ‘මහා විද්‍යාලයක් බවට පත් වූ අතර ’1982 දී මධ්‍ය මහා විද්‍යාලයක්’ බවට පත් කරණු ලැබීය. “1993 වර්ෂයේ දී මෙම පාසල ජාතික පාසලක්” දක්වා දියුණු වූ මෙම පාසලේ ප්‍රගතිය වෙනුවෙන් අතීතයේ සිට වර්ථමානය දක්වා උරදුන් විදුහල්පතිවරුන් ගණන 28ක් පමණ විය.

අතීතයේ සිට මේ දක්වා රටට දැයට විශාල සේවයක් කර ඇති විදුහල අප රටට අවශ්‍ය උගතුන් හා බුද්ධිමතුන් රාශියක් බිහිකර ඇත.ඒ අතර දොස්තරවරුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,පරිපාලන නිලධාරීන්,දක්ෂ කලා ශිල්පීන්,ගුරුවරුන්,ගෞරවණීය සංඝයා වහන්සේලා ආදීන් වේ.එදා මෙදා තුර විදුහල් පියසේ සෙවන ලැබූ සැමගේ ගෞරවයට පාත්‍ර වූ පැරණි පාසල් බුදු මැදුර ඉදිකරණ ලද්දේ එවකට විදුහල්පති තුමා වූ එදිරිසූරිය මහත්මා විසිනි.

වර්ථමානයේ භෞතික සම්පත් හා මානව සම්පත් වලින් පෝෂණය වූ ශ්‍රී සුමංගල ජාතික පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට 2500ක් පමණ වන අතර ආචාර්ය මණ්ඩලය වශයෙන් 85ක් පමණ කටයුතු කරණු ලැබේ.රටට දැයට උගතුන් බිහිකිරීමෙහිලා මුලික පරමාර්තය ඇති මෙම පාසල “නොනැවතී ඉදිරියට” යන තේමා පාඨය මුල් කරගෙන කලාපයේ මෙන්ම මුලු රටේ ම ඉතා කීර්තිමත් පාසලක් බවට ද පත්ව ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කර සිටින්නෙමු.

තොරතුරු සම්පාදනය: විශ්‍රාමලත් පාඨශාලාරිණී සුමනා නානායක්කාර මහත්මිය සමගින් උපුල බී දසනායක. Sri Sumangala National College was founded in 1864 with Mr.A.D Izhed Siriwardana as the 1st principal. This school was started with a very small amount of students as a mix school with only one building and named as Nildandahinna Royal School. Afterwards the school was divided into two parts with a separate school for girls with Mrs.Meegasdeniya as the 1st principal. As time passes the two girls and boys schools were reunited as one mix school and were named as Sri Sumangala School. As the school was in a rapid developing process it was named as a “Maha Vidyalaya” and in 1982 was named as a “Madya Maha Vidyalaya” and 1993 was raised to a National College which a historic milestone of this school. At present this school consists of approximately 3000 students in all grades and a well trained teaching staff led by the present principal Mr.Kapila Aththanayaka. English Translate by: Kesh hasaranga weerawarna from D.S Senanayake college,Colombo

www.facebook.com/sumangalanz
www.facebook.com/sumangala93
http://www.facebook.com/Sumangalans
https://twitter.com/Sumangala5
www.sumangalans.wordpress.com

13/04/2024
27/02/2024
17/10/2023

වසර 13 පාසල් ගොස් ජිවිතයේ විවිධ අත්දැකිම් ලබා ගනිමින් සුන්දර ළමා කාලයක් ගත කිරිමට ඔබ අප සියලුම දේනට අවස්ථාව ලැබුණු බව සත්‍යයි.ඒම කාල සිමව තුළදි විවිධ ආකාරයේ මිතුරන්,මිතුරියන් අප හව මුණගැසි ඇත.සමහර හමු විම් තුළින් ඔවුන් අපගේ ජිවිතයේ කිසි දිනක නොමැකේන සුන්දර මතකයන් එකතු කර ඇත.පාසලට සමුදුන් පසු හැගේන කරුණ නමි “අයේත් පාසල් යන්නට අත්නම් යන්නයි” එහෙත් මෙම ආත්ම භාවයේදි යලි පාසල් සිසුන් ලෙස පාසල් යාමට නොහැකි වේ එයයි ජිවන යථාර්තය .එමුත් අපට තවත් ඊට සමාන අවස්ථාවක් ඇත අපගේ පාසල් මිතුරන් හමු විමට ඔවුන් සමග සුහව කතා කිරිමට.අපගේ සම වයස් මිතුරන් විසින් 5වෙනි වරටත් සංවිධානය කරන්නට යෙදු “Batch party “ එක එයයි.මේම අවස්ථාවට සහභාගි විමට ඔබට අවස්ථාව කුමණ ආකාරයකින් හෝ ඇත්තම් එය මග හරින්නට එපා මෙය කිසිදු ආකාරයක බල කිරිමක් නොව ඔබගේ හදවටද කතා කිරිමකි.යලිත් හෝරා කිහිපයක් පාසල් මිතුරන් සමග ගත කිරිමට කරනු ලබන කාරුණික ඉල්ලාමයි.ජිවිතයේ යලි කිසි දවසක මේම සුන්දර හෝරා කිහිපය ඔබට නොඑන්නට පුඑවන.ඔබට පැමිණිමට හැකි නම් එය මහත් ගෞරවයක් ලෙස අප දකින්නේමු.ඔබ සැමට ජය...❤️❤️💃🏽🕺🏽

Request

Sri Sumangala College

#සුමංගල

කාලය මැව් අරුමක තරම... ❤️ඇය තවමත් එදා මෙන් අදත්, නිහඬ සේවයේ " නොනැවතී ඉදිරියටම..."     ❤️🧡SSri Sumangala College       #...
11/10/2023

කාලය මැව් අරුමක තරම... ❤️
ඇය තවමත් එදා මෙන් අදත්, නිහඬ සේවයේ
" නොනැවතී ඉදිරියටම..."
❤️🧡
SSri Sumangala College #සුමංගල

S.N.C ❤️✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяєSri Sumangala College,Nildandahinna.ග්‍රී සුමංගල ඡාතික පාසල,නිල්දණ්ඩාහින්න
30/05/2023

S.N.C ❤️
✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє
Sri Sumangala College,Nildandahinna.
ග්‍රී සුමංගල ඡාතික පාසල,නිල්දණ්ඩාහින්න

21/05/2023

Address

Sri Sumangala College
Nildandahinna
22280

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94522278172

Alerts

Be the first to know and let us send you an email when Sri Sumangala College-Nuwara Eliya. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Sumangala College-Nuwara Eliya.:

Share

Category