24/12/2023
අද කතාව ඔයාලා හැමෝම බලන්නම ඕනේ කියලා හිතෙන ලස්සනම ලස්සන චිත්‍රපටයක් ගැන. විනාඩි 121ක් පුරා දිවෙන මෙම චිත්‍රපටිය දමිළ එකක්. Triller යටතේ වර්ගීකරණය වූ ආදර කතාවක්. ආදර කතාවක් තමයි හැබැයි ඔයා ආදරේ කරන්නේ මට කියලා මං දන්නේ නෑ. මොකද මං ආදරේ වෙන කෙනෙක්ටනේ. එයා දන්නවාද මං එයාට ආදරෙයි කියලා. දැනගන්නේ කොහොමද අනේ.
මෙහෙම ගියොත් මං කතාව ඔයාලට කියයි වගේ. ඒක නිසා ඔයාලාම බලන්නකෝ. Netflix Notification 1 දැක්කාම නිළියට කැමති නිසා බැලුවේ. ඊට පස්සේ ඉතිං මං ආසම චිත්‍රපටයක් වෙලා ඒක. එහෙම කියලා ආයෙත් බලන්න නම් කොහොමටවත් හිතක් නෑ.
මේකේ රඟපාන අපි ගොඩක් අය කැමතිම නිළිය තමයි
...Trisha Krishnan...
ඒ වගේම Bekzod Abdumalikov සහ Anaswara Rajan යන අයත් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. ශ්‍රී ලංකාවේ Netflix Trending ලැයිස්තුවේත් තිබුන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරේ Mr. M. Saravanan.
එහෙනම් ඔයාලත් නිදහස් වෙලාවක බලන්න.
චිත්‍රපටියේ නම තමයි - RAANGI -