UNP Nikaweratiya - නැගිටිමු නිකවැරටිය

UNP Nikaweratiya - නැගිටිමු නිකවැරටිය .

20/04/2020

මේ තරම් ජනතාවගේ ආරක්ශාව තුට්ටුවකටවත් මායිම් නොකෙරූ රජයක් ලොව කිසිදු රටක ආණ්ඩුකර තිබේදැයි නොදනිමි.
මේතරම් දරුණු ව්‍යසනයකින් රට ගිනිගෙන දැවෙත්දීත් තම බලය තහවුරු කරගැණීම සදහා මැතිවරණය පැවැත්වීමට උත්සහ කිරීම මෙරටේ ප්‍රජාතාන්ත්‍රවාදය අගායන සියළුම දෙනාගේම දැඩි අප්‍රසාදයට හේතුවී තිබෙන බවනම් සැබෑවකි.



#රැකෙමුGampaha

14/02/2020

අප්පච්චිමලා කිව්වට ඇත්තටම නම් සනත් මලා තමයි... OXYGEN නැතිව.

10/02/2020

ලක්ෂ 69 ට බඩු බනිස් වෙලා

දහසක් බලාපොරොත්තු පොඳිබැඳගෙන සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ඡන්දය දුන් ලක්ෂ 69 ටම වෙළඳපලෙන් අත්‍යවශ්‍ය බඩු වත් ගන්නට නොහැකිව බඩු බනිස් වී ඇති බවත් රාජපක්ෂ වරු සරණ ගිය ඒ අයගෙන් දැන් අසන්නට ඇත්තේ 'දැන් සැපද...' කියලා පමණක් බවත් එකසත් ජාතික පක්ෂ කටාන ප්‍රධාන සංවිධායක විජිත් විජයමුණි සොයිසා මැතිතුමන් පවසයි. මිනුවන්ගොඩ දී මාධ්‍ය වේදීන් නැගූ පැනයකට පිලිතුරු දෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

තවද තමා කුඩා කල හැදුනේ වැඩුනේ සීදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේ බවත් ගම්පහ දිස්ත්‍රික්කය, විශේෂයෙන් කටාන, මීගමුව, වත්තල ප්‍රදේශයේ විශාල පිරිසක් තම නෑදෑයින් බවත් ප්‍රකාශ කල ඒ මහතා මෙවර මහ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ජනතාව තමාව ඉහලින්ම ඔසවා තබනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

09/11/2018

හිටපු කතානායක ප්‍රකාශය රාජ්‍ය මාද්‍ය විකෘති කරයි....

වර්ධනය.
09/04/2018

වර්ධනය.

06/10/2017

අන්තරේ නිරුවත හෙළි කල කැළණියේ පහර දීම.

පසුගියදා කැළණිය විශ්ව විද්‍යාලයේ සංවිධානය කර තිබූ විද්‍යා ප්‍රදර්ශනයට අන්තරයෙන් බාධාකරන්නට විය. අවසානයේ එය සංවිධානය කල සිසුන්ට පහරදී එය කඩාකප්පල් කරන තැනට පත් කලහ. අවසානයයේ සිදු වූයේ විශ්වවිද්‍යාලයේ සියළු කටයුතු ඇණහිටීම ය. අද විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා ඇත. දේශපාලනය කල නොකල සියළු ළමුන්ගේ අධ්‍යාපන කටයුතු මෙනිසා අවුල් වී ඇති මුත් අන්තරේ අවශ්‍යතාවය ඉටු විය.

විශ්ව විද්‍යාල තුලට නව දැනුම ගෙනෙනවාට මොවුන් අකැමැති ය. විද්‍යා ප්‍රදර්ශනය කඩාකප්පල් කලේ එබැවිනි. එසේ වුවහොත් ඔවුන්ගේ බල අධිකාරිය බිද වැටෙනු ඇත. තමන්ගේ දේශපාලන බලය රැකගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට අන්තරය පසුබට වෙන්නේ නැත. මන්ද ඒසේ කරන්නට අන්තරයේ වෙසින් සිටින දේශපාලන පක්ෂ වලින් ඔව්න්ට උපදෙස් සහ ආරක්ෂාව ලැබෙන හෙයිනි.
විශ්වවිද්‍යාලය තුල පැවැත්වූ අධයාපනික ප්‍රදර්ශනයක් පවා කඩාකප්පල් කිරීමට මොවුන් යොමු වන්නේ එ නිසාය. තමන්ගේ සහෝදර සිසුන්ට පොළු මුගුරු වලින් පහරදී මාරාන්තික තුවාල සිදු කිරීමට පෙළෙඹෙන්නේ ද එ නිසාය. මෙය මෙසේ වූ පළමු අවස්තාව නොව. විශ්වවිද්‍යාලයක් වැනි විශාල ආයතනයක් වසා දැමීමට සලස්වන්නේ ද දේශපාලන වූවමනාවන් අධයාපනික නිදහසට වඩා වැදගත් නිසාය. ්‍

අන්තරය හසුරුවන දේශපාලන ව්‍යාපාරය විශ්ව විද්‍යාල පද්ධතිය වෙත කරනු ලබන බලපෑම කතෙරම් දැයි මෙම සිදුවීමෙන් අවබෝධකරගත හැකිය.
මෙහි ඇති භයානක තත්වය වන්නේ මෙම දේශපාලන ක්‍රියාකාරීන් විශ්වවිද්‍යාල තුල හැසිරෙන ආකාරය දෙස බලන විට මොවුන්ට රට තුල බලපෑම් කිරීමේ හැකියාවක් ලැබුනහොත් රටට කුමක් වෙයිද? කියා සිතෙන විටය.

රට වෙනුවෙන් අපි වෙනස් වෙමු. අනෙකාට පෙර.....
මම Prabath Niroshana Bandara Dissanayake

22/09/2017

පළාත් සභා පමණක් නොව සියළු මැතිවරණ එකම දවසක පවත්වනවානම් වඩාත් ම සුදුසුයි

පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීමේ උත්සාහයක ආණ්ඩුව මේ දිනවල නිරතවේ. පළාත් සභා ඡන්දය පමනක් නොව සියළුම මැතිවරණ එකම දවසක පවත්වනවානම් ජනතාව විදහට අපි කැමති ය.

• ප්‍රාදේශීය සභා,
• පළාත් සභා,
• මහ මැතිවරණය,
• ජනාධිපතිවරණය

යන ප්‍රධාන මැතිවරණ හතරම එකම දිනයක සිදුකල හැකිනම් එය ජනතාවට කරන මහගු සෙතකි. පත්වන ආණ්ඩුවටත්, රටේ ආර්ථිකයටත් සිදු වන්නේ සෙතකි. එ මගින් ශක්තිමත් ආණ්ඩුවක් බිහිවෙනු ඇත. මැතිවරණ සඳහා වාර්ශිකව යන බිලියන ගණනක මුදල් ඉතිරි වෙනු ඇත.

මහින්ද රාජපක්ෂගේ ලණු කාපු බයියන් සිතනවා හැමදාම ඡන්ද තිබ්බහම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙනව කියල. ඒ නිසාලු මහින්ද මහත්තයා පළාත් සභා 9 දවස් 9කදි තියන්න උත්සාහ ගත්තේ කියල. ඒ කාලේ හැමදාම මැතිවරණ තිබුන කියන බයියෝ කියන්නේ මහ උජාරුවෙන්. තව ටික කාලයක් මහින්දම හිටියනම් මහ මැතිවරණය තියන්නේත් දිස්ත්‍රීක්කයෙන් දිස්ත්‍රීක්කය විදියට, සමහර විට මැතිවරණ කොට්ඨාසයෙන් කොට්ඨාසයට නොකර ඉදීවි කියල හිතන්නත් බෑ. ඒ විදියට තමයි මහින්ද රටේ ජනමතය විකෘති කලේ.

ජනතාවට මෙහෙම අවස්ථාවක් ලැබුනොත් කොහොමද?
එකම දවසේ, එකම ඡන්ද පත්‍රිකාවක

1. තමගේ රටේ ජනාධිපතිවරයා,
2. තමන්ගේ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරන පාර්ලීමේන්තු මන්ත්‍රීවරයා,
3. පළාත් සභාවට යවන්න ඕන මන්ත්‍රී වරයා,
4. ගම නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා,
කවුද කියල ඡන්දය ප්‍රකාශකරන්න අවස්ථාවක්.

අනික එකම දවසක ඡන්ද ටික ඔක්කොම තිබුනහම ඡන්ද දායකයොන්ට වගේම දේශපාලඥයාගේ පර්ස් එකටත් වාසිය.

පක්ෂ පාට වලට බෙදී ගහ මරා ගැනීම වැනි පහත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් රට මුදවා ගැනීම සඳහා ඇති හොඳම විසදුම මෙය විය හැකි ය. සිතන්න.

රට වෙනුවෙන් අපි වෙනස් වෙමු. අනෙකාට පෙර......
මම
Prabath Dissanayake

ඒකාලේ මෙහෙම නෑ......කතාව ඇත්ත.......
17/09/2017

ඒකාලේ මෙහෙම නෑ......
කතාව ඇත්ත.......

26/06/2017

Address

Nikaweratiya

Website

Alerts

Be the first to know and let us send you an email when UNP Nikaweratiya - නැගිටිමු නිකවැරටිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share