Sri Lanka Police College Nikaweratiya Wing

Sri Lanka Police College Nikaweratiya Wing To create a people friendly, professional, dignified and proud police officer

09/06/2025
13/01/2025
2024.12.15 වන දින ප්‍රවීනයන්ගේ දිගුදුර පිහිණුම් තරගාවලිය රත්මලාන ගුවන් හමුදා පිහිණුම් තටාකයේදී පවත්වන ලදි. ඒ සදහා ත්‍රිව...
17/12/2024

2024.12.15 වන දින ප්‍රවීනයන්ගේ දිගුදුර පිහිණුම් තරගාවලිය රත්මලාන ගුවන් හමුදා පිහිණුම් තටාකයේදී පවත්වන ලදි. ඒ සදහා ත්‍රිවිද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය ඇතුලුව ප්‍රබල ජල ක්‍රීඩා සමාජ 10ක් මෙම තරගාවලිය සදහා සහභාගීවූ අතර පොලිස් ක්‍රිඩා සමාජය නියෝජනය කල පොලිස් පිහිණුම් කණ්ඩායම ලකුණු 421 ක් ලබා විශිෂ්ඨ ලෙස තරගාවලියේ ගූරතාවය ලබාගත් අතර පොලිස් විද්‍යාලය නිකවැරටිය ඒකකය නියෝජනය කරමින් තරග වැදුනු පො.සැ 38863 ධම්මික පුෂ්පකුමාර නිලධාරීයා සහ පො.කො.95664 පස්මින් යන නිලධාරීන් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් පොලිස් ක්‍රිඩා සමාජය එක්කරදුන් ජයග්‍රහණ වෙනුවෙන් සුභපැතුම්...

පසුගිය 2023.12.18 දින පොලිස් සේවයේ අනාගතය වෙනුවෙන් පරිවාස නිලධාරීන් 241 දෙනෙකු මූලික පොලිස් පුහුණුව සදහා නිකවැරටිය පොලිස...
04/01/2024

පසුගිය 2023.12.18 දින පොලිස් සේවයේ අනාගතය වෙනුවෙන් පරිවාස නිලධාරීන් 241 දෙනෙකු මූලික පොලිස් පුහුණුව සදහා නිකවැරටිය පොලිස් විද්‍යාලය වෙත බඳවාගන්නා ලදි.......

පරිවාස නිලධාරීන් සහ පැමිණි දෙමාපිය හිතමිතුරන් ඉතාමත් සාදරයෙන් පිළිගනිම්න් පරිවාස නිලධාරින් පුහුණු ස්ථාන වෙත යොමුකිරීම එදින සිදුවිය..

එමෙන්ම 2023.12.21 දින පොලිස් නිලධාරීයෙකු ලෙස දිවුරුම් ප්‍රතිඥාලබා දිමේ අවස්ථාවද නිකවැරටිය පොලිස් විද්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ සහකාර පොලිස් අධීකාරී ආරියරත්න බංඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය..

හොදම ආදර්ශ පෙලිස් ස්ථානය ලෙස නිකවැරටිය පොලිස් විද්‍යාලයේ මහසෙන් පුහුණු ස්ථානය තේරීපත්වෙයි-------------------------------...
03/10/2023

හොදම ආදර්ශ පෙලිස් ස්ථානය ලෙස නිකවැරටිය පොලිස් විද්‍යාලයේ මහසෙන් පුහුණු ස්ථානය තේරීපත්වෙයි
--------------------------------------------------------------------------
ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ 75 වන සංවත්සරයට සමගාමීව පොලිස් විද්‍යාල කොට්ඨාශයේ කළුතර පොලිස් විද්‍යාලය සහ එයට අනුබද්ධිත අනෙකුත් පොලිස් විද්‍යාල අතරින් පැවැත්වූ හොදම ආදර්ශ පෙලිස් ස්ථානය තේරීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නිකවැරටිය පොලිස් විද්‍යාලයේ මහසෙන් පුහුණුස්ථානය සමත් විය.

2023.09.29 වන දින කළුතර පොලිස් විද්‍යාලයේ මගුල්මඩුවේ පැවති 75 වන සංවත්සර උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහයක සේවා) රන්මල් කොඩිතුවක්කු මැතිතුමාගේ සුරතින් ප්‍රථමස්ථානයට හිමි කුසලානය නිකවැරටිය පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. අබේරත්න මහතා විසින් ලබාගත් මොහොත...

Sri Lanka Police College

29/09/2023
සේවයට උපහාර----------------තිස් හත් වසක දිගු කාලයක්කැප කළා දිවි මගේ හරි අඩක්යොමුකලා හරි මගට නිල දරුවන් සුවහසක්ඉසිඹු දිවි...
07/09/2023

සේවයට උපහාර
----------------
තිස් හත් වසක දිගු කාලයක්
කැප කළා දිවි මගේ හරි අඩක්
යොමුකලා හරි මගට නිල දරුවන් සුවහසක්
ඉසිඹු දිවියට සුභ පතමු අපි සැවොම මහ මෙරක්

1986 වසරේ පොලිස් සේවයට එකතුවී තිස් හත් වසක් නිතියත් සාමයත් සුරැකි ඔබ පොලිසියේ මහ ගෙදරට එකතුවී දේශයේ උන්නතිය උදෙසා ජනතාව වෙනුවෙන් නිති ගරුක නිල දරුවන් බිහි කිරිමේ උත්තුංග කාර්යය සදහා වෙහෙස වී නිහතමානිව හා අවංකව තම වගකීම ඉටු කළා පොලිස් පරීක්‍ෂක ආර්.එම්.යු.එන්.රත්නායක මහතාණෙනි,
2023.09.07 වන දින ඉසිඹු දිවියට එළබීම වෙනුවෙන් ගෞරව භක්ත්‍යාදරයෙන් ඔබට පිදෙන උපහාරයයි

නිකවැරටිය පොලිස් කොට්ඨාශය මගින් සංවිධානය කල පොසොන් කලාපය වෙනුවෙන් ශ්‍රි ලංකා පොලිස් විද්‍යාලය නිකවැරටිය කාර්ය මණ්ඩලය විස...
05/06/2023

නිකවැරටිය පොලිස් කොට්ඨාශය මගින් සංවිධානය කල පොසොන් කලාපය වෙනුවෙන් ශ්‍රි ලංකා පොලිස් විද්‍යාලය නිකවැරටිය කාර්ය මණ්ඩලය විසින් නිර්මාණය කල අලංකාරවත් පහන් කූඩුව සහ නිකවැරටිය පොලිස් කොට්ඨාශයට අයත් අනෙකුත් පොලිස්ථාන නියෝජනය කරමින් නිර්මාණය කල පොසොන් කලාපයේ නිර්මාණ කිහිපයක ජායාරූප..

Address

Nikaweratiya

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Police College Nikaweratiya Wing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category