23/05/2024
බෞද්ධ ආගමිකයන්වන් අපට වැදගත්ම පොහොය දිනයක් ලෙස වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හැඳින්විය හැක.
"බුදු තෙමඟුල සිහි කිරීම" වෙසක් පොහොය දිනය බෞද්ධයන් හට වැදගත් වන හේතූන් අතුරින් ප්‍රධාන වේ.
තවද,
• සුමේධ තාපසයා දීපංකර බුදුරාජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම.
• සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය දැකීම.
• බුදුන් වහන්සේ යමා මහා පෙළහර පෑම.
• ආනන්ද හිමියන් පිරිනිවන් පෑම.
• බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවීම.
සහ තවත් සුවිශේෂීත්වයන් රැසක් වෙසක් පොහොය දිනයේ දී සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
ඔබ සියලු දෙනාට ම පින්බර වෛශාක්‍ය මංගල්‍යයක් වේවා...!! 🙏