Negombo Public Library

Negombo Public Library Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Negombo Public Library, Library, Colombo Road, Negombo.

සියලු ජාතීන් අතර සර්ව ආගමික සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් , අප ජේසු සමිදාණන්ගේ, චතාරික සමය ගෙවමින් උන්වහන්සේගේ සිහිකරමින...
28/03/2026

සියලු ජාතීන් අතර සර්ව ආගමික සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් , අප ජේසු සමිදාණන්ගේ, චතාරික සමය ගෙවමින් උන්වහන්සේගේ සිහිකරමින් මීගමුව මහා නගරසභාව හා ප්‍රධාන පුස්තකාලය එක්ව සංවිධානය කල පාදනමස්කාර පූජාව -2026.03.27 -


#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

සියලු ජාතීන් අතර ආගමික සමානාත්මතාවය ඇති කිරීමේ අරමුණින් රාමසාන් උපවාස සමය සංකේතවත් කරමින්, මීගමුව මහා නගර සභාව හා ප්‍රධා...
28/03/2026

සියලු ජාතීන් අතර ආගමික සමානාත්මතාවය ඇති කිරීමේ අරමුණින් රාමසාන් උපවාස සමය සංකේතවත් කරමින්, මීගමුව මහා නගර සභාව හා ප්‍රධාන පුස්තකාලය එක්ව සංවිධානය කල රාමසාන් උපවාසය චාරිත්‍රානුකූලව සැමරීම - 2026.03.06


#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

ලෝ වාසී සියලු හින්දු බැතිමතුන්ට සුබ තෛපොංගල් දිනයක් වේවා. 🇱🇰Happy Thai Pongal Day. 🙏🌸🤩இனிய தைப் பொங்கல் தின வாழ்த்துக்கள...
17/01/2026

ලෝ වාසී සියලු හින්දු බැතිමතුන්ට සුබ තෛපොංගල් දිනයක් වේවා. 🇱🇰
Happy Thai Pongal Day. 🙏🌸🤩
இனிய தைப் பொங்கல் தின வாழ்த்துக்கள்.

"අස්වනු නෙලීමේ උත්සවය" යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලෝකවාසී සියලු දමිළ ජනතාව සෑම වසරකදීම සමරනු ලබයි. 🍃
පෝංගල් යන දමිළ වචනයේ අදහස "උතුරා යෑම යි" . 🌾☀️
මැටි කළයක කිරි උතුරා යෑම තම පවුලේ ඇතුළු සියලු දෙනාගේම ජීවිතවලට නව වසරේ සමෘද්ධිය ප්‍රාර්ථනය කිරීම මෙහි අරමුණයි.♥️✨


#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

07/12/2025

විපතට පත් දරුවන්ට නත්තලට පොතක් තෑගි කරමු 📖📚!!!!

Negombo Book Fair !!! 2025

👉 දෙසැම්බර් 12 සිට 21 දක්වා
📍 මීගමුව Glomark පරිශ්‍රයේදී
⏰උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා…

පොත් සහ පාසල් ලිපිද්‍රව්‍ය සදහා වසර අවසාන සුවිෙශ්ෂී වට්ටම් සමගින් දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශකයින් සහභාගීවන මීගමුවේ දැවැන්තම පොත් ප්‍රදර්ශනයට ඔබත් එන්න…

2025 වර්ෂයේ  ජාතික කියවීමේ මාසයට සමගාමීව මීගමුව ප්‍රධාන  පුස්තකාලයේ විමර්ශන අංශය මගින් , මීගමුව විද්‍යාලංකාර මහ විද්‍යාල...
31/10/2025

2025 වර්ෂයේ ජාතික කියවීමේ මාසයට සමගාමීව මීගමුව ප්‍රධාන පුස්තකාලයේ විමර්ශන අංශය මගින් , මීගමුව විද්‍යාලංකාර මහ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් සංවිධානය කල දැනුම මිනුම තරගය.- 2025.10.29

#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

2025 වර්ෂයේ ජාතික කියවීමේ මාසයට සමගාමීව  මීගමුව ප්‍රධාන පුස්තකාලය මගින්  ශාන්ත ජෝශප් කනිෂ්ඨ විද්‍යාලයට පොත් කබඩ් සහ පොත්...
31/10/2025

2025 වර්ෂයේ ජාතික කියවීමේ මාසයට සමගාමීව මීගමුව ප්‍රධාන පුස්තකාලය මගින් ශාන්ත ජෝශප් කනිෂ්ඨ විද්‍යාලයට පොත් කබඩ් සහ පොත් පරිත්‍යාග කිරීම.

#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

📚📖️ මීපුර සාහිත්‍ය සදෙස 2025 📚 📖️ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 25 වෙනි දින...
30/10/2025

📚📖️ මීපුර සාහිත්‍ය සදෙස 2025 📚 📖️

ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 25 වෙනි දින මීපුර සාහිත්‍ය සදෙසට සමගාමීව පැවැත් වූ මීපුර සාහිත්‍ය සංධ්වනිය හා ගී රස සැදෑවේ මතක සටහන් ..

#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

📚📖️ මීපුර සාහිත්‍ය සදෙස 2025 📚 📖️ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු නාගරික කොමසාරිස් නුවනි සුදු...
30/09/2025

📚📖️ මීපුර සාහිත්‍ය සදෙස 2025 📚 📖️

ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
ගරු නාගරික කොමසාරිස් නුවනි සුදුසිංහ මැතිණියගේ ආරාධනයෙන්
ප්‍රවීණ රංගවේදී රිචඩ් මානමුදලි රසවතාණන්ගේ දේශනයෙන් හරවත් වූ
සාහිත්‍යයෙන් සුපෝෂිත දිනයක ආනන්දනීය, අරුත්බර අත්දැකීම 2025 බිනර මස 25 වෙනි ගුරු දින පූර්වභාග නමවන හෝරාවට මීගමු පුරහලේ පවත්වන ලදි.

#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

28/09/2025

''ලෝකෙටම පාඩමක් ඉගැන්වූ යකඩ කෙල්ලෝ තුන්දෙනා''
හිතට දැනෙන කතාවක්....

දවසක් හැන්දෑවක් ගෙදරට කන්න මොනවා හරි ගේන්න කඩේට ගිය දිල්කිගේ තාත්තා, ගමේ මිනිස්සු පුවක්කොට දාලා යන්තමින් අටවාගෙන තිබුණු පාලමෙන් ඔයට වැටිලා මියයනවා.තමන්ගේ ආදරණිය පියාගේ මරණයෙන් පස්සෙවත් සිය දහස් ගණනක් මිනිස්සුන්ගේ ජිවිත අවධානමේ දමමින් තිබූ අබලන් පාලම ගැන නිසි බලධාරියෙක්ගේ අවධානය යොමු නොවීම පිළිබද දිල්කි වගේම ගමේ මිනිස්සු හැමෝම හුගාක් කම්පාවෙනවා.

කාලය ගෙවිලා ගිහින් වෙනසක් නොවෙන ඒ අබලම් පාලම තමන්ගේ අතින්ම හදන්න දිල්කි තමන්ගේ හොදම යාළුවො වෙච්ච සදුනි සහ නිලුෂිකාට කතා කරනවා. සදුනිත් නිලුක්ෂිත් දෙපාරක් නොහිතා දිල්කි එක්ක මේ දැවැන්ත අභියෝගෙට මුහුණ දෙන්න එකතුවෙනවා. නෙළුවේ මේ කෙල්ලෝ තුන්දෙනා එකතුවෙලා ගමේ තවත් කෙල්ලොත් එකතුකරගෙන 30 දෙනෙකුගේ කණ්ඩායමක් හදාගෙන ඒ කණ්ඩායම යෞවන සමාජයක් විදිහට ලියාපදිංචි කරගන්නේ පාලම හදන වැඩේට හයියක් වෙන්න.

යෞවන සමාජයකට ගමේ වැඩකට රු 75,000ක් ලැබෙන බව දැනගන්න සදුනි සහ ගමේ කෙල්ලෝ ටික ඒක ලබාගෙන අලුත් පාලමක් හදන්න හීන දකිනවා.ඔයට උඩින් පාලම හදන එක ගැන හරියටම සැළසුම් කරත්දී තමයි දැනගන්නේ පාලම හදන්න ලක්ෂ 30කට වැඩිය යනබව.ඒ ආරංචිය සදුනි ඇතුළු කෙල්ලෝ ටිකට තරමක් කණගාටුවක් ගෙනාවත් එයින් සදුනි ඇතුළු ගමේ කෙල්ලෝ පසුබට වෙන්නේ නෑ.

සදුනි කෙල්ලෝ ටිකත් එක්ක පාරට බැහැලා ට්කට් ගහලා හැමතැනම විකුණනවා, ගෙයක් ගෙයක් ගානේ ගිහින් සල්ලි එකතු කරනවා, තේ පැක්ටරි වලට ගිහින් සල්ලි එකතු කරනවා.සදුනිලා මෙහෙම කරත්දී ඒකට උදව් කරපු ගමේ අය වගේම ''ඕවා කරන්න පුලුවන්න,බොරු වැඩ කරන්නේ,කළුගලේ ඔලුව ගහගන්න යන්නේ'' කියපු ගමේ අයගේ වචන වලට මේ යකඩ හිත් තිබ්බ කෙල්ලො සැලෙන්නේ නෑ.

අනේකවිධ අභියෝග හමුවේ මේ යකඩ කෙල්ලෝ ටික දවස් අනූවක් යනකොට දෙගම් යා කරමින් අඩි 68දිග පාලම හදලා ඉවර කරනවා........!

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ දුෂ්කර ගමකට විදුලිය ලබාදෙන්න වෙහෙසෙන ඉන්ජිනේරුවෙකුගේ කතාව කියවෙන ''ස්වදේශ්'' චිත්‍රපටයත්, සිය බිරිද අනතුරට පත්වීමෙන් පසු ඉක්මනින රෝහලට ගෙනයාමට විශාල කන්දක් වටා යාමට සිදුවීම නිසා බිරිද මියයෑමේ වේදනාවෙන් වසර 25 පුරා තනිව කන්ද මැදින් පාරක් කැපු දිරිය මිනිසෙක් ගැන කතාව කියවෙන ''මන්ජිත්'' චිත්‍රපටයත්, පිළිකා රෝගයෙන් මියයන්නට මාස හයක් ඉතිරිව තිබියදී තනිව ළමා උයනක් සාදා නිමකම මිනිසෙක් ගැන නිමවූ ''ඉකුරු'' චිත්‍රපටියත් වගේ සදුනිලා ගැන චිත්‍රපට හැදෙන එකක් නෑ !
මේ යකඩ කෙල්ලෝ ටික කරපු මේ වැඩේ අපේ රටට වටේම ලෝකෙටම දුන්න ආදර්ශය කොහොමත් ඒ තරම් ලඝු කරන්න බැහැ.ඒ නිසා මේ ගැන චිත්‍රපට නොහැදුනාට කමක් නෑ..රටේම ස්තුතිය විතරක් උඹලට හොදටෝම ඇති....

දයාබර සොයුරියනි,
නුඹලාට සදාකල්
යෝධ බල යෝධ ශක්තියම
ලැබේවායි පතමි !

ස්තුතියි නුඹලාට
කළ නොහැකි දෙයක් නැතිවග
ලෝකෙටම කියා දුන්නාට !!!( අතීතයේ ලිපියක්)

උපුටාගැනීමකි

Address

Colombo Road
Negombo
11500

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

94312235430

Website

Alerts

Be the first to know and let us send you an email when Negombo Public Library posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Negombo Public Library:

Share

Category