NPP Poruthota - பலகத்துறை / පෝරුතොට

NPP Poruthota - பலகத்துறை / පෝරුතොට Getting forward for a better future �

 #நமதுஅரசாங்கம்
01/09/2026

#நமதுஅரசாங்கம்

🏫✨ *அல் ஹிலால், அல்-ஃபலாஹ், கல்எலிய உள்ளிட்ட பாடசாலை மாணவர்களின் திறமைகள் வெளிப்பட்டன.*42-ஆவது தேசிய மீலாதுன் நபி விழாவை...
30/08/2026

🏫✨ *அல் ஹிலால், அல்-ஃபலாஹ், கல்எலிய உள்ளிட்ட பாடசாலை மாணவர்களின் திறமைகள் வெளிப்பட்டன.*

42-ஆவது தேசிய மீலாதுன் நபி விழாவை முன்னிட்டு, *நீர்கொழும்பு* அல்-ஹிலால் கல்லூரி, போருத்தோட்டை அல் ஃபலாஹ் கல்லூரி, அலி ஜன்னா விசேட மாணவர் பாடசாலை, கல்எலிய உள்ளிட்ட பாடசாலைகளின் மாணவர் படைப்புகள் கண்காட்சி கடந்த வாரம் (24, 25) நடைபெற்றது. 🎨🔬💻

கண்காட்சியைத் திறந்து வைத்து, பிரதி சபாநாயகர் ரிஸ்வி சாலி, விஞ்ஞான மற்றும் தொழில்நுட்ப அமைச்சர் கிரிஷாந்த அபேசேன, பிரதி அமைச்சர் முனீர் முலாபர், பிரதி அமைச்சர் சுகத் திலகரத்ன, *நீர்கொழும்பு* பிரதி மேயர் சட்டத்தரணி ஃபஸீர் முகம்மது ஆகியோர் உட்பட அரசியல் பிரமுகர்களும் அரச அதிகாரிகளும் மாணவர்களின் திறமைகளைப் பாராட்டினர்.

விஞ்ஞானம், தொழில்நுட்பம், வரலாறு, கலை, இசை உள்ளிட்ட பல்வேறு பாடத்துறைகளை உள்ளடக்கியதாக மாணவர்கள் சமர்பித்த பல படைப்புகளால் கண்காட்சி அமைந்திருந்தது. குறிப்பாக பல்வேறு முஸ்லிம் வழிபாட்டுத் தலங்களின் மாதிரிகளும், "தாஜ்மஹாலின் மாதிரி"யும் அனைவரின் கவனத்தையும் ஈர்தன.

அந்த நிகழ்வுடன் இணைந்து, கல்லூரியின் புதிய மூன்று மாடி வகுப்பறைக் கட்டிடமும் மாணவர்களின் பயன்பாட்டிற்காகக் கையளிக்கப்பட்டது. 🏫❤️@

27/08/2026

❤️🫂🚩❤️🫂🚩

42 වන ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව රුක් රෝපණ වැඩසටහන කාමච්චෝඩ මස්ජිදයේදී අභිමානවත් ලෙස පැවැත්වෙයි.23-08...
23/08/2026

42 වන ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව රුක් රෝපණ වැඩසටහන කාමච්චෝඩ මස්ජිදයේදී අභිමානවත් ලෙස පැවැත්වෙයි.

23-08-2026

42 වන ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධානය කරනු ලබන දෙවන දින වැඩසටහන ලෙස රුක් රෝපණ වැඩසටහන අද (අගෝස්තු 23) මීගමුව, කාමච්චෝඩ ප්‍රධාන ජුම්මා මස්ජිද පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
ඊයේ දින (අගෝස්තු 22) පෝරුතොට ප්‍රධාන ජුම්මා දේවස්ථානයේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව ලේ දන්දීමේ සාර්ථක කඳවුරකින් ආරම්භ වූ මෙම සමගාමී සැමරුම් මාලාවේ දෙවන අදියර ලෙස මෙය ක්‍රියාත්මක විය.

ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුළෆ්ෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා කතෝලික, හින්දු සහ ඉස්ලාම් යන සියලු ආගම් නියෝජනය කරමින් මව්ලවිතුමන්ලා, කතෝලික පූජකතුමන් සහ කුරුක්කල්තුමන් ඇතුළු ආගමික නායකයින් රැසක් සහභාගී විය.

මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා, මීගමුව නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා, නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆසීර් මහතා, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ අෆ්රූස් අහමඩ් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, කාමච්චෝඩ පල්ලියේ දායක සභාව, ප්‍රදේශවාසීන් සහ සියලු ආගමික සහෝදරවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

වැඩසටහනේ අවසාන අංගය ලෙස අනාගත පරපුර වෙනුවෙන් සංකේතාත්මකව රුක් රෝපණය කිරීම පැමිණ සිටි සියලු ආගමික නායකයින්ගේ හා ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදි පල්ලියේ දායක සබාව මගින් අරාදිතයින්‍ට සමරු තිළිනයක්ද ලබා දෙන ලදි..

මෙරට විධිමත් හා කාර්යක්ෂම ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැංවීමේ අරමුණින් රට පුරා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති මාලාව යටතේ ඉදික...
15/08/2026

මෙරට විධිමත් හා කාර්යක්ෂම ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැංවීමේ අරමුණින් රට පුරා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති මාලාව යටතේ ඉදිකළ කෑගල්ල නව ඩිපෝ සංකීර්ණය ඊයේ (13) ජනතා අයිතියට පත් කෙරුණා.

රුපියල් මිලියන 835ක වියදමින් ඉදිකර ඇති මෙම නව ඩිපෝ සංකීර්ණය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලය (සබරගමුව), ශ්‍රී ලංගම රියදුරු අභ්‍යාස විද්‍යාලය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කෑගල්ල ශාඛාව ඇතුළු ආයතනික හා පරිපාලන පහසුකම් රැසකින් සමන්විතයි.

එමෙන්ම ශ්‍රවණාගාරයක්, ධාවන අංශයක්, නවීන පහසුකම් සහිත සේවක විවේකාගාරයක්, ගිණුම් කාර්යාලයක් ඇතුළු පරිපාලන සංකීර්ණයක් ද ඩිපෝවට ඇතුළත්.

වැඩි සේවක පිරිසකට පහසුකම් සැලසෙන පරිදි ඉදිකළ ඉඩකඩ සහිත ආපන ශාලාවක් මෙන්ම බස් රථ වැඩි සංඛ්‍යාවක් ගාල් කළ හැකි සුවිශාල රථගාලක් ද නව ඩිපෝ සංකීර්ණයේ ස්ථාපිත කර තිබෙනවා.

ශ්‍රී ලංගම බස් රථ සඳහා ඉන්ධන සැපයීම වෙනුවෙන් ඉන්ධන පිරවුම්හලක් ද මෙහි ස්ථාපිත කර ඇති අතර, නවීන පහසුකම් සහ උපකරණවලින් සමන්විත බස් රථ අලුත්වැඩියා කිරීමේ කාර්මික අංගනයක් ද ඩිපෝ සංකීර්ණයට ඇතුළත්.

මෙම නව පහසුකම් හරහා කෑගල්ල ප්‍රදේශයේ බස් රථ සේවා වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට මෙන්ම මගී ජනතාවට වඩාත් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

தினக்குறள் மற்றும் விடிவெள்ளியின் பதிவுகள். ❤️🤝
14/08/2026

தினக்குறள் மற்றும் விடிவெள்ளியின் பதிவுகள். ❤️🤝

♦️මීගමුව මහ නගර සභාවේ නව නියෝජ්‍ය නගරාධිපති ෆසීර්  මොහොමඩ් සහෝදරයාට උණුසුම් සුබ පැතුම් 🧭🚩💐 පුරප්පාඩු වූ මීගමුව මහ නගර සභ...
07/08/2026

♦️මීගමුව මහ නගර සභාවේ නව නියෝජ්‍ය නගරාධිපති ෆසීර් මොහොමඩ් සහෝදරයාට උණුසුම් සුබ පැතුම් 🧭🚩💐

පුරප්පාඩු වූ මීගමුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය සඳහා නීතිඥ ෆසීර් මොහොමඩ් මහතා අද උදෑසන මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා නගරාධිපති දුලිප් චාමර මහතා ඉදිරියේ දිවුරුම් දී වැඩ භාරගන්නා ලදී.
දළුවකොටුව ශාන්ත ආනා විදුහලේ හා වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ෆසීර් මොහොමඩ් සහෝදරයා හිටපු පාසල් ශිෂ්‍ය නායකයෙකි.උසස් පෙළින් පසු විශ්වවිද්‍යාල වරම් ලබා කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨයට ඇතුල් වී ශාස්ත්‍රවේදී(ජන මාධ්‍ය) විශේෂ උපාධිය ලබා ගනී.ඉන්පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වන ෆසීර් සහෝදරයා එම කාල සීමාව තුල කලා ක්ෂේත්‍රය ඇතුළු විවිධ තරගාවලියන්හිදි සම්මානයන් ලැබූ කීර්තිමත් තරුණයෙකි.නීති ශිෂ්‍ය සිංහල සංගමයේ උප සභාපතිකමද ෆසීර් සහෝදරයා දරා ඇත.
මීගමුව සෙත් fm ගුවන් විදුලි නාලිකාවේ සහ ශ්‍රී tv නාලිකාවේ නිවේදකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙසද ස්වාධීන රූපවාහිනියේ සහ ලක්හඩ ගුවන් විදුලියේ වසර ගණනාවක් මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කර ඇත.2020 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම ගුවන් විදුලි සම්බන්ධතා මැදිරි නිවේදක සම්මානය සඳහාද නිර්දේශ විය.

ජනතා නීතිඥයෝ සංවිධානයේ විධායක සභිකයකු සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පූර්ණ කාලීන සාමාජිකයකු වන ෆසීර් සහෝදරයා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකි.2025 වර්ෂයේදී ජාතික ජන බලවේගයේ පෝරුතොට කොට්ඨාස මන්ත්‍රීවරයා ලෙස ජයග්‍රහණය කරමින් නගර සභාවට තේරී පත්වන ෆසීර් සභා දේපළ පිළිබඳ ස්ථාවර කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරයි.ජාතික ජන බලවේගයේ මීගමුව ආසන විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද ජාතික විද්වත් සංවිධානයේ මීගමු ආසන විධායක කමිටු සාමාජිකයකු ලෙසද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ මීගමුව ආසන සම්බන්ධීකාරක ලෙසද කටයුතු කරමින් සිටී.

26/07/2026
26/07/2026

පළර්‍ගතුරය ශාන්ත ආනා දේවස්ථාන මංගල්‍යයට සමගාමීව ප්‍රදේශයේ මාර්ග දෙපස පිරිසිදු කිරීම් සහ බාධක ඉවත්කිරීම් නාගරික මන්ත්‍රී නීතිඥ ෆසීර් සහෝදරයාගේ සහ ජාතික ජන බලවේග පෝරුතොට කොට්ඨාස සභාවේ මැදිහත්වීමෙන් පුරා දින කිහිපයක් සිදුවිය.

ශාන්ත ආනා පාර,තක්කියා පාර ,ශාන්ත රීටා පාර සහ මඩම පාර ඇතුළු පළර්‍ගතුර මීසමේ විශාල ප්‍රදේශයක් තුළ මෙම වැඩ කටයුතු සාර්ථකව සිදුවිය.. නාගරික මන්ත්‍රී ෆසීර් සහෝදරයාට මෙන්ම ,මහජන ආරක්ෂක කමිටු සභාපති නිහාල් අප්පුහාමි සහෝදරයා,පලර්‍ගතුර ප්‍රජා ශක්ති කමිටු සභාපති දිනේෂ් සුලෝචන සහෝදරයා ඇතුළු සියළුදෙනාට අපගේ ස්තූතිය…

♦️මීගමුව පළගතුරය සිංහල මිශ්‍ර කනිෂ්ට විදුහලේ ප්‍රාථමික අංශ ගොඩනැගිල්ල අනාරක්ෂිත බැවින්, එම විදුහලේ ප්‍රාථමික සිසුන් අධ්‍...
21/07/2026

♦️මීගමුව පළගතුරය සිංහල මිශ්‍ර කනිෂ්ට විදුහලේ ප්‍රාථමික අංශ ගොඩනැගිල්ල අනාරක්ෂිත බැවින්, එම විදුහලේ ප්‍රාථමික සිසුන් අධ්‍යාපන කටයුතු සඳහා මීගමුව කොට්ඨාසයේ හොඳම ප්‍රාථමික පාසලක් වන දළුවකොටුව ප්‍රාථමික විදුහල වෙත යොමු කිරීමට අධ්‍යාපන ව්‍යුහ කමිටුව තීරණය කළේය.

ඒ අනුව අද දින මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යය සුගත් තිලකරත්න මහතාගේ මූලිකත්වයෙන් දෙමාපියන් සමග සාර්ථක සාකච්ඡාවක් පැවති අතර දළුවකොටුව ප්‍රාථමික විදුහලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය."හොඳම දේ දරුවන්ට" යන සංකල්පය යටතේ අධ්‍යාපන බලධාරීන් සහ දෙමාපියන් එක්ව ගත් මෙම තීරණය දරුවන්ගේ අනාගතයට ආශිර්වාදයක් වනු ඇත.

මෙම අවස්ථාවට කතෝලික පාසල් අධ්‍යක්ෂක ගරු ගැමුණු ඩයස් පියතුමා, මීගමු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කඹුරුගමුව මහතා, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුරේකා තුෂාරි මහත්මිය,පළගතුරේ ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති දිනේෂ් සුලෝචන මහතා සහ විදුහල්පතිවරුන් සහභාගී වූහ.

Address

Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Poruthota - பலகத்துறை / පෝරුතොට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share